සමහර දේවල් ලියල තියෙන එක එක එක අතකට මහම මහා කරදරයක්!
මොකද, ඒවා පස්සේ දවසක කියෝනකොට ඒ හිටපු කුඩුවෙච්ච මුඩ් එකෙන් සහමුලින්ම රිකවර් වෙලා හිටියත්, ආයෙත් ඒවාට සම්බන්ධ සිතුවිලි, සිද්ධි අතර පටලවෙන්න පටන් ගන්නවා. ඊට වඩා හොඳයි විසිකරන්න ගන්න කොලේක ලියල, හති වැටෙනකල් ඒකෙ ලියල, විසිකරලා දාන එක...
හපොයි.. එහෙම කරන්නේ කොහොමද? කවුරුහරි ඒක අහුලාගෙන කියෙව්වොත්? එතකොට මට විෂුවල් වෙන්නේ අර 'ළමාතැනී' සින්දුවේ අඹ විකුණනකොට ඔතල දීපු කොලේ රස කර කර කියෝන ගමන්, රස අඹ ගෙඩිය විසි කරන කෙනාව....
හෑ ?? එහෙම වෙයිද? මම කියන, හිතන දේවල් තව කෙනෙක්ට මී අඹ වගේ රසවත් වෙයිද? මගේ පිස්සු පරිකල්පන...??? හීනෙන් තමයි! හි.. හි...
මම එහෙම පරිකල්පනය කරපු දේවල්, අහසේ ලියල මැකෙන්න දීල බලාගෙන ඉඳල තියෙනවා... ඒ හැඟීම හරිම අමුතුයි...මැකිලා ගියාට පස්සේ හරි සැහැල්ලුවක් දැනෙනවා...
මොකද කොහොමහරි මම මගේ හිත ඇතුලේ තෙරපුණ දෙයක්, කොහොමහරි විදියකින් එලියට දාගත්ත කියල. ගොඩක් එහෙම වෙන්නේ මගේ ඒ පරිකල්පන විතරයි. හිතේ තියෙන දේවල් ලියන්න නම් නැහැ ලොවෙත්... ලියපු හැම වෙලේම වෙන්නේ කුඩුවෙන්න! මොකද මගේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක ඒ පරිකල්පන සපුරා වෙනස් හින්ද මිනිස්සු මම ගැන පුදුම හිතනවා..
මම කියලත් ඇති මගේ ලියවිලි කියෝපු අක්කලාගේ, මාව දැක්කම මුලින්ම කටින් පිටවෙන අදහස්... ඔව්.. මම හිතන්නේ ඔය පිස්සු මෝල් ගතිය මට මගේ පොඩි කාලේ ඉඳන් තිබුන... මොකද්ද කියනවා නම්, පිටින් පේන කෙනාට වඩා අමුතු වෙනස් මනුස්සයෙක් ඇතුලේ ජිවත් වෙලා ඉන්න එක?
දැන් ඉතින් දොස්තර නෝනලා, මහත්තුරු මට කියයි 'පර්සනලිටි ඩිසෝඩර්' එකක්, හනික දුවපන් දොස්තර ගාවට කියල.... හුහ්.. මෙතෙක් කල් නොගත්ත බේතක් දැන් මොකටද මට?
අනිත් එක මට දෙකක් නෙවෙයි, එහෙම පර්සනලිටි තුනක්, සමහර වෙලාවට හතරක් තියෙනවා... උන් ඔක්කොම මගේ... මම ආසයි උන්ට. උන් මට හරියට උදව් කරනවා. පාර්ටියක් වෙලාවට උඩපනින කෙනෙක් වගේම, ස්ටේජ් ඩ්‍රාමා වලට; අමරසිරි පීරිස් ඇතුළු ගායකයින්ගේ ටෙරටරි එකට රිංගලා ඒවගේ ගිලිලා කිමිදිලා නිවෙන්නත් පුළුවන් කෙනෙක් වෙන්න මට උන් ඕනේ! ඉස්සර දේශපාලන සත්වයෙක් විදියට මාව මෙහෙයවෙව්වෙත් , දැන් මුවි රිවිව් කරන පොරක් විදියට (තනියෙන්..) මාව හසුරුවන්නෙත් වෙන කෙනෙක්.. මගේ රස්සාව එක්ක ඉන්නේ එකෙක්, ගෙදර ගියාම අම්මගේ අස්සේ රිංගන්නේ තව එකෙක්... ඔන්න ඔහොම... දැන් මුන් ඔක්කොම මාව ගැන අන්ගොඩට රපෝර්තු කරයි.... මට කලින් අර රවියව අල්ලාගෙන ගියොත් මමත් එනවා... ඕ යේස්!!
දැන් මගේ පරිකල්පන... ඔව් අමුතු නැහැ... අපි හැමෝටම ඒවා තියෙනවා.. මම බ්ලොග් කියෝගෙන යනකොට මගේ බෝට්ටුවේ ඉන්න කට්ටිය හම්බුනා.. ඔව් මම තනිවෙලා නැහැ නොවැ ! හි... හි...
අද මම කියාගෙන කියාගෙන යන්නේ.... (තාම ගතයුත්තක් කිව්වෙත් නැහැ...)
මගේ ඉස්සර පරිකල්පන ගැන... ඒ වගේම එව්වා හොරකම් කරපු, දැන් ලොකු ලොකු තැන්වල ඉන්න මහා ලොකු උන් ගැන! හෑ .... ඔව් ඔව්... ඇරුණු කටවල් වහගෙන වාඩිවෙන්නකෝ කියන්න....
පොඩිම පොඩි බට්ට කාලේ, (තුන වසරේදී) ලොකු උනහම කවුරු වෙන්නද ආස කියල ඇහුවම මම පැනපු ගමන් කිව්වේ...... හිතන්න පුලුවන්ද? හි.. හි... මම හිතන්නේ නැහැ... මම කිව්වේ මට 'විද්‍යාඥයෙක්' වෙන්න ඕනේ කියල!!
හෑ ???? ආයෙම කියමු..
ඔව් ඔව්... එහෙම වචනයක් මම ඉස්සර ලියන්නවත් දන්නේ නැහැ... ඒත් මම ඕක කොහෙන් අහුලගත්තද මම දන්නේ නැහැ... ඔය උත්තරේ මම මට අවුරුදු 10ක් වෙනකල්ම කිව්වා. මගේ පුංචි කාලේ හිටපු කිසි කෙනෙක් මට පේන්න , මගේ මුණට ඔය උත්තරේට හිනා වෙලා නැහැ, මගේ අක්කයි, අය්යයි ඇරුණුකොට! හිනා උනේ නැත්තම් නේ පුදුමේ...?? උන් දෙන්න මක් කරන්නද මගේ ජෝක් වලට... මගේ පුංචි කාලේ ගුරුවරු එක්කෝ තේරුම් ගන්න ඇති, මේකි මෙහෙම කිව්වට... කවදාහරි උනොත් එහෙම? කියල සද්දේ වහගන්න ඇති.. නැත්තම් ඇත්තටම හිතන්න ඇති... මේකිට කොහොමත් පිස්සු නේ... පව්.. ඕනේ දෙයක් කියාපු දෙන් කියල... ඔව්.. එහෙම වෙන්න ඇති!
මට නම් දැන් හිතෙන්නේ, පොඩි එකෙක්ගෙන් අහන්න පුළුවන් පල්ම පල් මෝඩ ප්‍රශ්නයක් තමයි ඕක.... මම නම් අහන්නේ නැහැ දැන් ඉන්න පොඩි උන්ගෙන්... දැන් ඉන්න උන් නම් කියයි හොඳ හොඳ උත්තර...
එකම ප්‍රශ්නේ උනත්, දැන් ඔය උත්තරේ, වෙනස් වෙනවා මම 8 වසරට එනකොට... එතකොට මම කලාකාමියෙක් වෙලා, ඉගෙන ගන්න විදියත් වෙනස් වෙලා.. අමුතු වෙලා... ඒ හැමදේටම වඩා මම පොත් 'ලියන්නෙක්' කෙනෙක් වෙලා.
ඔන්න අර උත්තරේ දැන් වෙනස් වෙනවා 'ජර්නලිස්ට්' කෙනෙක් විදියට. පලවෙනි වතාවට අමුතු ඉස්කෝලේ කියෝනකොට 'ටෝට්ටෝ චාන්' ගැන මට දැනුනෙත් එහෙම. එයත් එයා දකින දකින අමුතු කෙනා විදිය වෙන්න සකස් වෙනවා. ඕක තමයි ලෙඩේ... මමත් ජර්නලිස්ට් ගෙන් ඒ හා සමාන වෙන වෙන ඒවාට නිතර වෙනස් උනා. හැබැයි... අර බට්ටා කියපු බරපතල පොස්ට් එකට තමයි ඉගෙන ගත්තේ... බතල-පැටිස් නේද? බතලත් නැහැ.. පැටිසුත් නැහැ... ඔව්.. ඒ මගේ හැටි! මොනවා කරන්නද?
ඔහොම යනකොට මගේ පරිකල්පනේ ඔය අතරේ යනවා..... මුලින්ම ඕක වැඩකරන්න ගත්තේ සින්දු වලට.. මම ඒ කාලේ සින්දු වලට විෂුවල්ස් හැදුව.. හි.. හි... හැබෑවට නෙවෙයි අනේ.. හිතින්.. වැඩිපුරම ඔය මියුසික් වීඩියෝස් වලට පාදක උනේ සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් වගේ අයගේ සින්දු. අදටත් ඒ විශුවලස් ඇත්තටම මගේ ඔළුගෙඩියේ ඇතුලේ ප්ලේ වෙනවා..
රුවල් ඉරීගිය නව්කාවේ - නන්දා මාලිනි
සොඳුරිය - අමරසිරි පිරිස්
වෙඬරු සොරා - නන්දා මාලිනි සහ රෝහණ බැද්දගේ
ඔය වගේ ලිස්ට් එකක් කියන්න පුළුවන්... ඔය අතරේ මට චිත්‍රපටි, නාට්‍ය පිස්සුවක් වැටුන... විශේෂයෙන් අධ්‍යක්ෂණය කරන්න.. හෑ !! ?? ඔව් ඔව්... පිස්සු එකේ වැදගත් එක.. හොඳම එක කිව්වේ මේ වෙනකොට මම තාමත් පාසල් ශිෂ්‍යාවක්... මම කියලත් ඇතිනේ මගේ ඔය පිස්සුව හින්ද ඇඩික් එකේ නාට්‍යක් කරන්න ගිහින් උන නවනින්ගිරාවක් ගැන එහෙම... මේ වෙනකොට මම ලියපු පොත්වල, ඇත්තම කියනවා නම් මගේ හිත ඇතුලේ ඉඳල නියම සින් එක අධ්‍යක්ෂණය කරපු එකෙක් හිටිය... පසුබිම, නළු නිළියෝ ඔක්කොම මම තදට මවනවා. මම හිතන්නේ පොතට ඒවා එනවද කියල මට ෂුවර් නැහැ....
එහෙම හිතනකොට තමයි මට හරියට ලියවෙන්නේ.... මට මැවෙන නළු නිලියෝ මම කවදාවත් දැකලත් නැහැ.... සිද්දි, තැන් උනත් එහෙමයි. පුදුමේ කියන්නේ එකමත් එක දවසක්, මම අපේ අම්මත් එක්ක නුවරඑළි යනකොට, ඇත්තටම මම එහෙම මවපු තැනක්, ඒ විදියටම දැක්ක.. පුදුමයි.. ඒ විදියමයි...
සමහර කතා වලට වස්තු බීජය මට එක .පාරටම එනවා, මම කරන්නේ ඒකට මුලට, මැදට එක එක එව්වා දාල ලියනවා. සමහර වෙලාවට කිසිම අරමුණක් නැතුව ලියන්නන පටන් ගත්තම, මෙන්න බොලේ එකපාරටම සිද්දියක් වෙනවා අරකට සම්බන්ධ වෙන... ඔහොම සිද්දියක් උන වෙලාවක.. මට හිතුන...
බඩේ බෝම්බයක් බැඳගෙන කෙනෙක් මරන්න එන කොටි කෙල්ලෙක් අහම්බෙන් වෙන කෙනෙක්ගේ ඇහැට වැටිලා ප්‍රේමෙක වෙළුනොත් ??
පුදුම වෙන්න . .එත් පුදුමේ කියන්නේ මට ඒකට අදාළ විෂුවල්ස් තිබ්බ... හරියටම සෙට් උන තැන් , සිද්දි දාමයක් එක්ක. මම හිතන්නේ අර කන්සෙප්ට් එක දැන් පොදුයි.. ඉස්සර එහෙම පොදු වෙලා තිබ්බේ නැහැ...
ඕක ගැන මම හිතුව මිසක්, යුද්දේ ගැන හරිහැටි නොදැන කතාව ගොඩනගන්න බැරි පසුබිමක මම ලතවෙලා, අන්තිමට මට ඒක මතක් උනේ... 'දිල්සේ' මුවි එක දැක්කම... මෙන්න බොලේ මගේ විෂුවල්ස් මනිරත්නම් හොරකම් කරලා!!!!!!! හරියටම මම හිතපු දර්ශන තලයන්වල මම හිතපු කැමරා ඈන්ගල්ස් වලින්? මෙව්වා අමු අමුවේ සොරා ගැනීම්!! වැඩේ කියන්නේ මනිරත්නම් මගේ මේ විෂුවල් විතරක් නෙවෙයි... 'රාවන්' එකේදිත් සමහර දර්ශන කොපි කරලා තියෙන්නේ! දැන් දන්නේ නැහැ වගේ ඉන්නේ...
ඔය ඉන්ටනැෂනල් මිනිස්සු...
ලංකාවේ?? ඔව් ඔව්....
මම හිතුව.. නැති වර්ණපාල තියරියක් දාගත්තොත්, බැරිද දේශපාලකයෙක්ට මහා නස්පැත්තියක් කරන්න? ඔහොම හිතල, හැදුව විෂුවල් එකක්... මෙන්න බොලේ බලනකොට ජයන්ත චන්ද්‍රසිරි ඒ විෂුවල් එක මම බස් එකේ නිදාගෙන යනකොටද කොහෙද හොරකම් කරලා!!!! හැදුවනේ 'ගරිල්ලා මාකටිං'
ඔය ජයන්ත චන්ද්‍රසිරි ඔහොම මගෙන් කොතරම් හොරකම් කරලද කියනවද නම් , මට අන්තිමට හිතිලත් තිබ්බ මම ඇත්තටම ජයන්ත චන්ද්‍රසිරිමයි කියලත්!
තව තියෙනවා... කියල වැඩක් නැහැ අප්පා... මම දැන් ඉල්ලනවා පේටන්ට්... ඔව්... උන් ලොකු මිනිස්සු කියල මට කරන්න දෙයක් නැහැ... වන්දියට ඉල්ලන්න ඕනේ.. උන්ගේම චිත්‍රපටියක ප්‍රධාන නිළියගේ චරිතේ!! නියම දඩුවම නැද්ද?
එහෙම කරාට පස්සේ, උන් ඊට පස්සේ හදන මුවි එක මුස්ලිම් රටක අර කළු බුර්කාවක් ඇඳගත්ත කෙනෙක් ගැන කරන එකක් වෙයි ෂුවර්!

ඉතින් ඒ හැදෙන ෆිල්ම් එකේ තිර පිටපත මෙතන ලියලා පේටන්ට් එක ගත්තහම ඉවරනේ. එතකොට අපිටත් ලොක්කෝ වගේ කියන්න පුළුවනේ මේ යකෝ අපෙ උපේක්ෂාගේ තිර පිටපතේ ෆොටෝ කොපියක්නේ කියලා. බොරු කියන්නේ මොකටද මටත් තියෙනවා ඔය ලෙඩේ..
ReplyDeleteකම්මැලි වැඩ අනේ.... කොතරම් ලේසිද අරූ හොරා කියල කියන එක..! අරූ කිව්වේ අපේ 'අරූ' එකේම නෙවෙයි හොඳේ.... හොඳ වැඩේ ඔය වගේ නමක් දාගත්තට! බනිනකොට නිකම්ම තොප්පිය වැටෙනවා...
Deleteලෙඩේ තියෙනවා කිව්වා? ගන්න ඩොට් ටොෆි එක්ක තුන් වේලක්.........නයි මිරිස් !
අරූ හොරා නෙමෙයි නම් මූ ද හොරා...මූ කිව්වේ මාතලන්ට නෙමේ :D
Deleteඅරූ .... අරූ .... මේ අරූ නෙවෙයි අර අරූ ......... ;-)
Deleteහැක් වැඩි දෙනෙක්ට තියෙනවා ඔය ලෙඩේ ....එක වෙන්නෙ කොහොමද ??
ReplyDeleteකෝකද? විෂුවල් වෙන එකද? නැත්තම් එකම දේ දෙන්නෙක් හිතන එකද?
Deleteපේන්නේ නැද්ද... පොකුරු පිටින් ඉන්නේ ඒ ජාතියේ උන්! එක්කෝ අපි ඔක්කොම හිත හිත ඉන්නේ එකම ජාතිද කොහෙද... සැක්! මගේ ආතල් එක ගියා බොලේ සුළි සුළඟට !!!
ඔව් ඔව් හුගක් අය ඔය වගේ පිස්සු මරගාත තමා. සමහර වෙලාවට මටත් හිතෙනවා යකෝ මං හිත හිත හිටිය එක නේ මූ කරන්නේ කියලා.. හැක්...
ReplyDeleteහිත හිත ඉන්නේ නැතුව දෙසන්න එපෑ
Deleteමට දෙකක් නෙවෙයි, එහෙම පර්සනලිටි තුනක්, සමහර වෙලාවට හතරක් තියෙනවා... උන් ඔක්කොම මගේ///
ReplyDeleteෆිල්ම් එකක් තියේ මේ වගේ වික්‍රම් ඉන්නෙ...
ඔව් ඔව් දෙමළ තමා....
නම නං මතක නෑ... ඒත් බලන්න ඕනම කියල හිතෙනව නං මං සිංහල සබ් එක්ක හොයල දෙන්නං මට මතකයි සූම් එකේ තිබ්බ.
ඒකෙත් එකෙක් දවල්ට අනික රෑට තව එකෙක් හැම වෙලාවටම..
එක මනුස්සයයි
චරිත භාව තුනයි
ඔව්..... ඉංග්ලිෂ් ඒවා තියෙනවා ඊට වඩා හොඳ...
Deleteමේ... මම ගැන කියන්න බැරිද ඒ අධ්‍යක්ෂකට? චරිතෙකට ගන්න කියල...
දැන් බලපුවම මේක බොහොම කොමන් ලෙඩක් නොවැ.
ReplyDeleteඒකනේ ....
Deleteස්ප්ලිට් පර්සනැලටි මටත් තියෙනවා. නමුත් ඔය උපේක්ෂා කියන genre එකේ සින්දු සහ ෆිල්ම් කවදාවත් මගේ ලැයිස්තුවේ තිබුනේ බෑ. තිබුනේ වෙන ඒවා.
ReplyDeleteමම කවුරු වෙන්නද ආසා කියන ප්‍රශ්ණෙට මම පෝස්ට් එකක්ම ලියලා තියෙනවා.
ගොං ප්‍රශ්ණයක් තමයි. ඕක ගොංකම අතින් දෙවෙනි වෙන්නේ ඔයා අම්මටද තාත්තටද වැඩිය ආසා කියන ප්‍රශ්ණෙට විතරයි.
හැබෑට? මට හිතා ගන්න පුළුවන් ඒක නම්.. නැත්තම් ඔය ගුරුකම කරන එකත් ලේසි වැඩක් නෙවෙයිනේ...
Deleteකියන්න බලන්න ඔයාගේ ලිස්ට් එක?
මට හිතෙනවා ඔය කැටගරියේ තව ප්‍රශ්න තියෙනවා කියල
වැඩසටහනක් අවසානයේ නිවේදකයා සාකච්චාවට ආපු කෙනා/කට්ටිය ගෙන් 'අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ' කියල අහන ප්‍රශ්නෙත් මට හිතෙන්න මහා ගොන් කියල - ඇයි හත්වලාමේ මෙච්චර වෙලා සාකච්චා කරේ මොකටද ඔය වාක්‍ය කිව්වා නම් ඉවරයි නේ මුලටම?
උපේක්ෂා ලියලා තියෙන්නේ මගේ ඔළුවේ තියෙන ඒවාද කොහෙද..මටයි පේටන්ට් ඕන : D බලාගෙන ගියාම මේ කාටත් තියෙන ලෙඩක් ද කොහෙද..මේ සිතුවිලි ටික එක තැනකට ගෙනාපු එක ලොකු දෙයක්. මටත් කියාගන්න බැරිව ,ලියාගන්න බැරිව හිටිය ටිකක්.
ReplyDeleteරුවල් ඉරීගිය නව්කාවේ - නන්දා මාලිනි
සොඳුරිය - අමරසිරි පිරිස්
වෙඬරු සොරා - නන්දා මාලිනි සහ රෝහණ බැද්දගේ
මේ ගීතවලට මම කොච්චර හීන විෂුවල්ස් හදලා ඇතිද....ඒවා ඔක්කොටම වුනේ උපෙක්ෂාගේ වචනවලින්ම කියනවානම්....../////මම එහෙම පරිකල්පනය කරපු දේවල්, අහසේ ලියල මැකෙන්න දීල බලාගෙන ඉඳල තියෙනවා... ඒ හැඟීම හරිම අමුතුයි...මැකිලා ගියාට පස්සේ හරි සැහැල්ලුවක් දැනෙනවා.../////
ඇත්තටම? මම කියන්නේ අර සින්දු ගැන..... ඒවා මම අඩුවෙන් අහන ගීත , මොකද අහන පරක්කුවෙන් මම අධ්‍යක්ෂණය පටන් ගන්නවා.. කර කර හිටිපු සියලු වැඩ හබක්! ආයෙත් නියම පියවි සිහියට එන්න හෙන වෙලාවක් ගත වෙනවා...
Deleteතව රොමැන්ටික් සින්දු වගයක් තියෙනවා
මාරම්බරී / මුව මුක්තා ලතා - එඩ්වඩ්
සදදිය උතුරා - නිරෝෂා
මා ළඟටම තව ලං වෙලා - ඩබ්.ඩී. ආරියසිංහ
මහා වැස්සක් / අලුත් වැස්සක් - සුනිල්
සුවඳයි මල් සුවඳ සේ - සමන්ත , ශෂිකා
තව තියෙනවා... ලියන්න බැහැ.. විකාරයක් වෙයි
මේ පෝස්ට් එක කියවනකොට මම පුදුමයෙන් පුදුමයට පත් වුනා මම ලියපු ආර්ටිකල් එකක් ඔයා හොරකම් කරාද කියලා.මමත් නිතරම ඉන්නේ ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරමින්,ලොකේශන් හොයමින්,කැමරා කෝන විශ්ලේශනය කරමි සහ දෙබස් ලියමින්.මේවයෙ ඉන්නෙ සෞම්‍ය ලියනගේ,එච්.ඒ පෙරේරා,දමිතා,උද්දික ප්‍රේමරත්න,කමල්,ජෝ වගේ සර්වකාලීන ශිල්පියො.ටික කලකට ඉහත මම රත්නපුර අවිස්සවේල්ල පාරෙ ගෙදර යද්දි එක තැනක වාහනය නවත්තල සිරාවට ඒ ලොකේශන් එක ස්ටඩි කරා.මට ටිකක් වෙලාවකින් තමයි තේරුනේ ඇයි යකෝ මගේ මොලේ හොඳ නැද්ද,ගැහැනියකට තනියම මේ වගේ තැනක මේ වගේ වෙලාවක ඉන්න හොඳද සහ මගේ ඇත්ත රස්සාව මොකද්ද කියලා.අද වෙනකම් මේ පිස්සුව මම කාටවත් කියලා නැහැ.
ReplyDeleteදෙය්යනේ..... මෙහෙමත් සමානකමක්!
Deleteඔව්... මම ඔහොම මගේම ලෝකවල ඉඳන් ලොකේෂන් වලදී ක්ලෝසප් , ෆුල් විව් එහෙම ගන්නේ වටේ පිටේ සිහියක් නැතුව... හය්යෝ... එතකොට මම අපේ අය්යට කිච වෙලා තියෙනවා... වැඩක් නැහැ කියල, වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැහැ... වෙලාවට ඔයාට සිහිය ආවේ.... මම උන්නා නම්, ලඟින් යන කෙනෙක් අනින කල්, ඔහොමම ඉදී....
මට හරි බයයි මම බස් එකේ යද්දී ඕක වෙයි කියල... සින්දුවක් එහෙම යනකොට මගේ කැටගරියේ එකක් ගියොත් මම කරන්නේ කොනිත්තගන්නවා විනාඩියෙන් විනාඩිය... නැත්තම් මට සුවර් නැහැ මාව...
ඒකනේ නේද? මගේ පිස්සුව කියන්නේ... මම මගේ මේ පිස්සුව දැන් කියල නේ.... ඒ හින්ද කිසි අවුලක් නැහැ.... ඔයා බය වෙන්න එපා.... ආකිමිඩිස් මුලින්ම පරිමාව හොයාගෙන හෙළුවෙන් පාරේ දිව්වට, ඊළඟට ඒක පාවිච්චි කරපු ය එහෙම දිව්වේ නැහැ නේ... ඔයාල සේෆ්! ඔව්!!!! හි... හි...