කොතරම් සැනසිල්ලක්ද..
කළුපාට ෆර්දාවට ඇතුලෙන් දැනෙන්නේ?
කෙනෙකුන්ට නොරිස්සූ,
තවකෙකුව හිනැස්සු ,
මගේ ගැලවිල්ලටම - සිටි
මගේ ඒ ෆර්දාව !
එදත් තිබුනානම්?
දරාගන්නට නොහැකි
සංසාර පෙම - ගුලිකරන් - ඔය හිතේ
මගේ නොවටිනා කුරිරුකම් දරන්
අහේතුවෙන් බැටකා
නිහඬවම උන්නු
නුඹ දිහා
ෆර්දාව වසාගෙන
නොබලා ඉන්ට තිබුණා
මගේ ඒ ෆර්දාව !
එදත් තිබුනානම්?
Paint : Elena Arcangeli
Signature Crimes
ReplyDeleteෆර්දාවේ ගීතය , සැඟවෙන්න එපා මුහුණ දෙන්න ආත්මවිශ්වාසයෙන්
ReplyDeleteගන්න අනේ රේන්කෝට් එකක්. එතකොට ඇදහිල්ල වෙනස් කරන්න ඕනෙත් නෑ.
ReplyDeleteකවි වයිරසය බොහෝ බ්ලොග් කරුවන්ට සහ කාරියන්ට වැලඳී ඇති බව පෙනේ....
ReplyDeleteපර්දාව....????
ReplyDeleteදවසක මරණය උරුම විය හැකි කඩතුරාව
සලාම් කියා ගෙන ගෙට එන
ReplyDeleteළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ
වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ
කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමු ද තාරකාවියේ
ජය වේවා!!