Monday, June 16, 2014

49. සැඟවෙන්න



කොතරම් සැනසිල්ලක්ද..
කළුපාට ෆර්දාවට ඇතුලෙන් දැනෙන්නේ?

කෙනෙකුන්ට නොරිස්සූ,
තවකෙකුව හිනැස්සු ,
මගේ ගැලවිල්ලටම - සිටි
මගේ ඒ ෆර්දාව !
එදත් තිබුනානම්?



දරාගන්නට නොහැකි
සංසාර පෙම - ගුලිකරන් - ඔය හිතේ
මගේ නොවටිනා කුරිරුකම් දරන්
අහේතුවෙන් බැටකා
නිහඬවම උන්නු
නුඹ දිහා
ෆර්දාව වසාගෙන
නොබලා  ඉන්ට තිබුණා

මගේ ඒ ෆර්දාව !
එදත් තිබුනානම්?

Paint : Elena Arcangeli

6 comments:

  1. ෆර්දාවේ ගීතය , සැඟවෙන්න එපා මුහුණ දෙන්න ආත්මවිශ්වාසයෙන්

    ReplyDelete
  2. ගන්න අනේ රේන්කෝට් එකක්. එතකොට ඇදහිල්ල වෙනස් කරන්න ඕනෙත් නෑ.

    ReplyDelete
  3. කවි වයිරසය බොහෝ බ්ලොග් කරුවන්ට සහ කාරියන්ට වැලඳී ඇති බව පෙනේ....

    ReplyDelete
  4. පර්දාව....????
    දවසක මරණය උරුම විය හැකි කඩතුරාව

    ReplyDelete
  5. සලාම් කියා ගෙන ගෙට එන
    ළසෝ ගිනි මැදින් සුජනන
    ස්නේහයෙන් හදට වදින තාරකාවියේ
    ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

    වලාකුළු වලින් සළු ඇඳ - සදා තනි රකී අඩ සඳ
    ස්වර්ණ ද්වාරයේ පැතුමිණ තාරකාවියේ
    සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

    කුරානයේ අක්ෂර පද - ඔබේ නෙතට හමු නොවී ද
    දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
    පහන් තරුව සොයා යමු ද තාරකාවියේ



    ජය වේවා!!

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...