Friday, April 29, 2016

273. හොක්කි බල්ලාගේ යුක්තිය





ඉදින් ඕ
ගැලවී ගියාහුය.

'හොක්කි බල්ලෙකු' නිසාවෙන්
මට පරදින්ට සිදුවිය.

මලින් බැඳී මාලාද,
සවන් ගත් අම තෙපුලින්ද ,
ඈ පිදු මා
පෙලා - උන්
සතුටින්ම නික්මුනෝය.

ඇසේ මට, සිනා හඬ
වේදිකා තිරය පසුපසට.
කවර යුක්තියද ,
'හොක්කි බල්ලන්ට?'


~~~ නරි බෑනා ~~~~



22 comments:

  1. නරියා මස් රාත්තල ඉල්ලීම ගැන විරෝධය පාමි.
    නරියාව රැවටීම හෙලා දකිමි.
    (හැම පැත්තම කවර් වගේ)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. විරෝධය දැක්වුවා නම්, හෙලා දැක්කා නම් බෝම හොඳයි. දැන් තියෙන්නේ පොඩියට හරි උද්ඝෝශනේ කරන එකයි.

      Delete
  2. Replies
    1. ඒකනේ ඒකනේ .... ඔයා වත් කියන්නකෝ ඔය වගේ වෙන්නය කියල

      Delete
  3. A marriage gone to the dogs.

    ReplyDelete
  4. ඉතිං ඔහු
    නැත නැත
    ඉතිං ඌ

    පැනගියා මා හැර
    සවිය නොමැතිව
    සටන් කරනට
    හොක්කි බල්ලෙකු හා...
    කෝ අම තෙපුල්
    දෙඩූ ඒ පෙම් බස්
    පැන ගියා බියවී
    විලි නොමැති නරියා...

    ReplyDelete
    Replies
    1. ටෝක්ස් නම් ටෝක්ස්.... ජෝක්ස් නම් ඒත් ටෝක්ස්

      Delete
  5. අසාධාරණයට ලක් වූ නරියෙකුගේ ශෝකාලාපය.

    කට්ට ගමයා ජන්දේ ඉල්ලන්න තිබ්බේ ඕයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා ඒ අපිමද කියල... ඒ කියන්නේ කපටියි කියල පොතේ තිබ්බට... අන්තිමට බලනකොට කවුද රැවටිලා තියෙන්නේ

      Delete
  6. නරියාට වූ අසාධාරණයට බලවත් මෙව්වා එක. :D

    ReplyDelete
    Replies
    1. මෙව්වා එක පළකිරීම ගැන මගේ මෙව්වා එක

      Delete
  7. හොක්කි බල්ලොත් එක්ක පුලුවන්ද බන් මගුල් කන්න....උන් හූ කියන්නේ කණටනෙ.

    ReplyDelete
    Replies
    1. තෙල්ගාල, ඔලුව පීරලා, කනට හූ කියන

      Delete
  8. මම නං නරි බෑනල කීප දෙනෙක්ම දැකල තියනවා

    ඉතිහාසෙ පුරාවටම

    නැන්දල මාමල උන්ට පිටුපානව

    ReplyDelete
    Replies
    1. ඉතිහාසේ නරිබෑනලා නිර්මාණය කරනවා. අපි හැමදාම උන්ට හිනාවෙනවා, බල්ලෝ දාල එලොනවා.

      Delete
  9. ඔයා හරි පරිස්සමට වචන තෝරනව උපේක්ෂා අක්කෙ. සුබ පැතුම්.

    පවූවූවූ හොක්කි බල්ලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එහෙම හිතුනා නම්...

      පොරොන්දුවක් ඉටුකරනවා කියා කිව්වට... අන්තිමේ වීරයා?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...