Monday, April 11, 2016

267. සම්මත සෘතු





විශාරද කුරුල්ලෙකි
සිසිරයට පැමිණෙන,
පැමිණ උණුහුමට -
ගුලිවී සිටින,
සරතය පෙනෙද්දී ඉගිලයන.

ගාන්ධර්ව කුටියකි
සෘතු බේද නොසලකන,
එකම සිතාරය -
බරු ගහන,
සිසිරයට ලොම් ගොතන.


29 comments:

  1. "බරු ගහන"

    ????????????????

    ඔෆිස් ටයිම් එකෙන් පිට පෝස්ට් එකක් දැක්කමද මන්දා

    ReplyDelete
    Replies
    1. සමහරු සිතාර වයද්දී අපි වගේ උන් බරු ගහනවා තමයි හෙහ් හෙහ්...
      ඔන්න ඔන්න මට කින්ඩිය දානවා. මම මේක ෂෙඩියුල් කරලා දැම්ම.

      Delete
  2. ඒ කුටියට යා ගන්න අපිටත් පුළුවන් වේවිද?

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්... කොහේ හරි පොට් එකක් කියපු ගමන් එතනට යන පාර අහනවා... හැප් කිව්වේ!

      Delete
  3. ඒකත් මරු හැබැයි.

    ReplyDelete
  4. හොඳ කවියක්. පද ගැනලපුම මරු.

    ReplyDelete
  5. නුවර කුමාරිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  6. විශාරද කුරුල්ලද විශාද කුරුල්ලද කියල මට හිතාගන්න බෑ නේ උපෙක්ශෝ!
    more like depressed ha?

    ReplyDelete
    Replies
    1. දැනට නම් විශාරද..... විශාද වීමට නියමිත... depressed in near future

      Delete
  7. සිතාරය කොයි තරම් මියුරු වුවද
    එකම තත වයන විට
    නැගේ හද කාන්සිය

    සිසිරයට පමණක් වුවද
    පැමිණෙන්නේ විශාරද කුරුළු හඬ
    ගෙනෙයි හද සුවය
    එක එක ස්වරයෙන් ගැයෙන විට...

    ReplyDelete
    Replies
    1. කියනු කිම වරද
      - කුටියට?
      ඒ චුම්බනය
      නාදුනන ලෙස
      පිරුවට හඳින බමුණන්??

      Delete
  8. අඩෝ කෝ ඔය සිසිරයයි සරතයයි සිතාරයි කුරුල්ලයි. :D දැන් මොකාගෙ ලොම්ද ගොතන්නේ සිසිරය. :D

    අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ලොම් ගොතන්නේ සොමියාගේය. ඌ එතරම්ම කාලයක් ශිශිර තාරක නිද්රාවේය.

      Delete
  9. හනේ ඉතිං උඹේ මේ තුං තේරවිලි එදත් අපිට තේරුනේ නෑ...අදත් තේරෙන්නෙ නෑ.......හැක්.

    ReplyDelete
    Replies
    1. හනේ ඉතිං උඹේ මේ තුං තේරවිලි එදත් අපිට තේරුනේ නෑ...අදත් තේරෙන්නෙ නෑ.......හැක් X 2

      Delete
    2. හනේ ඉතින් මම නිකන් එකක් ලිව්වත් එකෙක්කත් හොඳක් කියන්නෙත් නැහැ, මම හැදෙන්නෙත් නැහැ....

      Delete
  10. මේ විශාරද කිරිල්ලිගෙ පද ලිහා ගන්න මං තාමත් උත්සහ කරනවා.

    ReplyDelete
    Replies
    1. ලෙහනු නොම
      පද මෙවන්..

      වයනු සම
      වැද සවන්....

      Delete
  11. ඔය සරතය මහා කුපාඩියා.ඒ නිසාම තමයි කිරිල්ලියෝ සිසිරයා ගාවට යන්නේ.සිසිරයා නිවිච්ච විශ්වාස කරන්න පුළුවන් මනුස්සයා.

    ඇති යන්තන් පළවෙනි කවියේ තේරුමවත් හොයා ගත්තා....

    ReplyDelete
    Replies
    1. ඔලුවේ තිබ්බ බරක් 'දඩාන් ' ගාල බිම ගැහුවා වගේ අප්පා ඔයාට තේරුනා කියල දැනගත්තම.... අනේ මට දැන් සැනසිල්ලේ ඇස්දෙක පියාගන්න පුළුවන්..

      Delete
  12. ලස්සනයි... පද පේලි වගේම තෙරුමත්..

    ReplyDelete
    Replies
    1. තේරුම ලස්සනනං කියපිය බලන්න තේරුම මොකක්ද කියල

      Delete
    2. ස්තුතියි ලොක්කය්යා...

      ඇනෝ තුමා/තුමිය
      මේ කවිය එක එක්කෙනාට එක එක විදියට වැටහෙන්න ඉඩ තියෙනවා. ඔබටත් එය වැටහිලා නැතිනම් , මගේ මුලික අර්ථය මම කෙටියෙන් කිව්වොත්....


      මම මේ කවිය ලිව්වේ 'සිරා' කොල්ලෙක්ට අහුවෙච්ච 'පට්ට වේ*යක් ' ගැන. ඉතිරිය ඔබ සිතාගන්න.

      Delete
    3. එක්කෝ මම කියන්නම්කො ඊට වඩා ශිෂ්ඨ විදියට
      'මහා පුරුෂයෙකුට බිරිඳක්ව' කියා

      Delete
    4. දැන් තේරුණා. නුවර හිටපු කුමාරියකට සෙට් අපූරු වෙච්ච කුමාරයෙක් හිටියා. එයා දැන් පිටරට. ඉඳල හිටල ඇවිල්ල යනව. ඒඅතර මේකි බැඳල වෙන එකෙක්ව

      Delete
    5. කට කට!! කෑ ගහන්න එපා හලෝ..... තව ඩින්ගෙන් වැඩේ මාට්ටු!!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...