Thursday, February 12, 2015
Wednesday, February 11, 2015
149. සුරංගනා කතාවකි - 4
ඇරඹුම
දෙවන සුරඟන පබැඳුම
තෙවන සුරඟන පබැඳුම
සුරංගනා ලෝකයට ඉල් මාසය ලබනවිට උත්සව සමය ආරම්භ වෙයි.
ඒ අතරේ අපුරු සිදුවීමක් සිදුවිය. එනම්, කුමාරයා තමුන්ගේ නාගරික මාළිගාවෙන් තාවකාලිකව ගම්බද පිහිටි ඔවුන්ගේ නිදහස් මාළිගාවට සංක්‍රමණය විය.
පිය රජතුමා විසින් මෙම මාළිගාව වෙසසින්ම නිමවා තිබුනේ නාගරික ජිවිතයේ තෙහෙට්ටුව නිවාලන සිලිලාරක් දනවන පරිද්දෙන් බැවින් ඉඳහිට මෙම මාළිගාවේ සති අන්තයක් හෝ ගිමහාන සමයක් ගතකරන්නට පැමිණීම පවුලේ චාරිත්‍රයක් වුවා කිවහොත් නිවැරදිය. නමුදු මෙම තාවකාලික සංක්‍රමණය යුධ උපක්‍රමයක් බව මවු බිසව උදක්ම දැන සිටියේ නැති බැවින් අවසරය එතරම් පුදුමයක් නොවිය.
වෙනදා මෙන් සිලිලාරක් මාළිගාවේ නොදැනුනද, නිරන්තරව පොපියන කඩිකුලප්පුවක් කුමාරයාට දැනෙන්නට වුවත් එය තවමත් සිය සගයන්ට පමණක් සීමාවූ මන්ත්‍රණයක් වී තිබුනේ මාළිගාවට පැමිණි දෙවන හෝරාව වනතෙක් පමණි. ආ පයින්ම සෛන්ධව අශ්වයින්ගෙන් යුත් සිය නවතම අශ්ව රියට වන් කුමාරයා සිය සගයින් තිදෙනා සමඟ පිටත්වූ බව මිත්තනිය විශ්මයෙන් බලා උන්නාය. මෙය නම් අපූරු වැඩකි!
148. සුරංගනා කතාවකි - 3
ඇරඹුම
දෙවන සුරඟන පබැඳුම
වසන්ත කාලය එළඹෙන වග කියමින් නොයෙකුත් පණිවිඩ කාරයින් පැමිණ තිබිණ. නමුත් සාමාන්‍ය කෙල්ල ඒ පණිවිඩ සියල්ල ලියුම් කවර වලම සංවෘත ස්වභාවයෙන්ම තිබෙන්න හැර කුඩා ලී පෙට්ටියක අහුරා තැබුවාය.
පාඨශාලාවෙන් නික්මුනද ඇය සිටියේ සතුටිනි. කුමක් හෝ සිතුවිල්ලක දැවටී එන ඒ නැවුම් බවට අමුනපු ගීත කියමින් ඇයගේ දවස ගෙවුනේ සාමාන්‍ය ලෙසටය. පුදුම වන්නට දෙයක්ද නැත, සාමාන්‍ය කෙල්ලක සාමාන්‍ය ලෙස දවස් ගත කිරීම සාමාන්‍ය වැඩකි.
ඒ සාමාන්‍ය බව සාමාන්‍යයෙන් බිඳෙනසුළුබව කියන්නට එකෝමත් එක දවසක දුරකථනය නාද වන්නට විය. කිසියම් වැඩක නිරතව සිටි බැවින් ඇමතුමට පෙර සුදානමක් තිබුනේද නැත, කොහොමත් ඇගේ පෙර සුදානමක් ඇත්තෙම නැති තරම්ය.
"මාව අඳුනන්න පුළුවන්ද ?"
කටහඬින් තිගස්සුනද සාමාන්‍ය කෙල්ල ඉක්මනට සාමාන්‍ය වුවාය.
"හිතුවද මේක TV එකක් වගේ මුණ පේන එකක් කියල?"
අනෙක් පසින් නොනවත්වා නැගෙන සිනාවෙන් පසුව දෝංකාරයක් සේ ඇසෙන පසුබිම් සිනා හඬවල් වලින් ඇමතුම් කරු එක් අයෙක් නොවන බව ඇයට වැටහුනේ ක්ෂණයෙන්. ඒ ක්ෂණයෙන්ම ඇය දුරකථනය විසන්ධි කළාය.
Tuesday, February 10, 2015
147. සුරංගනා කතාවකි - 2
සුරංගනා කතාවේ ඇරඹුම
ඉක්බිතිව එළඹියේ අමුතු ගිම්හානයකි.
කිසිදු ලෙසකින් ඒ කඩවසම් මුහුණ අමතක කර දමන්නට ඒ සාමාන්‍ය කෙල්ලට නොහැකිවිය. උගැන්මට පන්හිඳ ගන්නා සියලු අවස්ථාවන්හිදී කුමාරයාගේ විස විතක් වන් බැල්ම සිහිවීම වලක්වන්නට ඈ අසමත්ව ගිය බැවින් එය එසේම වන්නට ඉඩහරින්නට ඇයට සිදුවිය. කාලය ගතවුනේ ඉබි ගමනින් යන පරිද්දෙන් වුවද බීජයක් වැඩුනේ තුන්වන මානයක වූ සමාන්තර ලොවක බැවින් ඒ බීජය ගසක් වීමට වැඩි කලක් ගතවුනේ නැත. නමුදු ඒ සාමාන්‍ය කෙල්ලට අවබෝධ වූ කාරනා කීපය අතුරින් තමන් සාමාන්‍ය කෙල්ලක පමණක් බව ඇගේ සිතේ තදින් පැලපදියම්ව පැවතුනි.
එය එසේ පැවතුනේ හරියටම අඩ වසරකි.
සාමාන්‍ය කෙල්ල තම ගම්මානයෙන් පිටත්ව පාඨශාලා කටයුත්තකට නාගරික ප්‍රදේශයට යන්නට පිටත්වුවාය. එය වැසිබර දිනයක් විය. ඇය පාසල් කටයුත්ත සඳහා වූ ස්ථානයට ඇතුළුවනවිටම , ඇතුලත සිට පිටතට කඩාවදින සේනාවක් පරිද්දෙන් සිසුන්ගේ පොදියකට එකවරම හසුවුවාය. ගංගාවක උඩුගං බලා පිනන පිහිනුම් කාරියක සේ ඇයට තම අතපය ගසන්නට සිදුවීම දුක්බර වුවද, එකවරම තමන් පසුකොට ගිය දිය කඳක් තමන් දෙසට හැරෙනු වැටහී ඇයගේ ස්වභාවික සත්වයා එයට පිළිතුරු වශයෙන් ඈ ආපසු හරවා තැබුවාය.
Monday, February 9, 2015
Thursday, February 5, 2015
145. ගුරු වෙරී - 01
මම පුංචිම පුංචි එකා කාලේ මගෙන් ඒ දවස්වල ලොකුය කියල හිතෙන වැඩිදෙනෙක් අහපු ප්‍රශ්න කීපයක්ම තිබ්බ.
එකක් තමයි අම්මටද අප්පච්චිටද වැඩිපුර ආදරේ? තවත් ඒ ජාතියේ වෘෂභ ප්‍රශ්නයක් තමයි බබා ලොකු උනාම කවුරු වෙන්නද කැමති? කියන එක.
ඒ කාලේ හිතුනේ නැතත් දෙවැනි ප්‍රශ්නෙට දැන් නම් හිතෙනවා
"කවුරු නැතත් ඔයා වගේ නැතුව ඕනේ කෙනෙක් වෙච්චාවේ"
වගේ රුවන් වැකියක් කියන්ට.
කියන්ටත් බෑ... මගේ ප්‍රොෆයිල් එකේ හැටියට සහ මගේ ඉතිහාසේ දන්නා උදවිය කියනා හැටියට පුදුමයි මම ඔහොම උත්තරයක් නොදුන්නා! එක්කෝ ඒ දවස් වලත් අපේ දෙමවුපියන්ගේ නම්බුව තියනවා කියන කාරණේට වඩා තියෙන නම්බුවත් නැතිකරන්නේ නැතුව ඉන්න එකේ තියෙන මහත්ඵල මහානිසංසය ගැන ඒ දවස්වලම හිතේ තියෙන්ට ඇති. ඒකයි උත්තරේ පමා වෙන්ට ඇත්තේ.
Monday, February 2, 2015
Friday, January 30, 2015
Thursday, January 29, 2015
142. සුරංගනා කතාවකි - 1
එකෝමත් එක දවසක....
නෑ ... ඇත්තටම දවසකද? නැත්තම් දෙකක්ද? නෑ සතියක්ද? මට මතක නැත.
එකෝමත් එක තැනකදී....
නෑ .... එක තැනකදීද ? තැන කීපයකදීද ? මට මතක නැත.
එකෝමත් එක හෝරාවකදී...
ඔව්... එය නම් හෝරාවකදී නම් තමයි. කුමන හෝරාවකදී දැයි මට මතක නැති බව සැබෑය. නමුත් එය එක්තරා හෝරාවකදී බව සැබෑය.
එකෝමත් එක කුමාරයෙකු....
ඔව්. ඔහු කුමාරයෙකි. කිසිම අයුරකින් සඟවාගත නොහැකි මැණිකකි.
පිටියක සෙල්ලම් කරමින් සිටියේය.
ඉතාම සාමාන්‍ය කෙල්ලක ඒ දෙස බලා සිටියා පමණි. එකවරම සෙල්ලමට යොදාගන්නා උපකරණයක් කුමාරයාගෙන් ගිලිහි ඒ සාමාන්‍ය කෙල්ල දෙසට විසිවී වැටුණි.
අපි හිතනවට වඩා මිනිස් හැඟීම් සංකීර්ණයි. කොතරම් සංකීර්ණද කියනවා නම් මෙහෙම කියන මමවත් සමහර වෙලාවට දන්නේ නැහැ මම හිතන සංකීර්ණ බවට වඩා සංකීර්ණයි කියල.
චපල ආදරවන්තියක් වෙච්ච දවසට ඒ කෙල්ලට මොකක් හිතෙනවා ඇත්ද?
චපල ආදරවන්තයෙක්ට වඩා ඒ හැඟීම ගොඩක් සංවේදී කියල හිතෙන්නේ , මනුස්සයෙකුට ගැහැණියෙක් විදියට චපල වෙනකොටත්, පිරිමියෙක් විදියට චපල වෙනකොටත් තියෙන හැඟීම් සමුදාය එක්ක බැලුවමයි. ඔන්න දැන් ඉතින් අතට ගත්ත කඩු / කිනිසි/ තෝමර/ පොල් අඩි / කුන්ෆු ෂොට් ආදිය පොඩ්ඩට බිමින් තියල ගන්න අනේ ඔතන තිබ්බ මාළු කපන මන්නේ !!!
චපල ආදරවන්තියක් වෙච්ච දවසට ඒ කෙල්ලට මොකක් හිතෙනවා ඇත්ද?
චපල ආදරවන්තයෙක්ට වඩා ඒ හැඟීම ගොඩක් සංවේදී කියල හිතෙන්නේ , මනුස්සයෙකුට ගැහැණියෙක් විදියට චපල වෙනකොටත්, පිරිමියෙක් විදියට චපල වෙනකොටත් තියෙන හැඟීම් සමුදාය එක්ක බැලුවමයි. ඔන්න දැන් ඉතින් අතට ගත්ත කඩු / කිනිසි/ තෝමර/ පොල් අඩි / කුන්ෆු ෂොට් ආදිය පොඩ්ඩට බිමින් තියල ගන්න අනේ ඔතන තිබ්බ මාළු කපන මන්නේ !!!
Wednesday, January 28, 2015
Tuesday, January 27, 2015
Monday, January 26, 2015
Friday, January 23, 2015
Wednesday, January 21, 2015
Tuesday, January 20, 2015
135. හටන 02
මගේ හටනේ ආරම්භක ස්ථානයට යන්නට මෙතන කොටන්න...
මම ඉතින් සතුටෙන් සමාදානෙන් නිදාගත්තා. කූඩුවේ හිටපු නොසන්ඩාල මීයා..
ඌ ද?
ඌ හොඳට කාලා නිදාගෙන ඉන්නවා උදෙන්ම කුස්සියට ගියපු මම දැක්ක. උදෙන්ම කිව්වට ඉතින් දැන් මේ වෙනකොට පෙරවරු 8 වෙලාලු ඈ...
තට්ට තනියෙන් ඉන්නවා කියල මොකක් කරන්නද.. මොනවහරි තම්බගන්න එපැයි. මම ඉතින් කුස්සිය පැත්තට ගියා..
'අලෝ .. අලෝ ... කොහොමද නංගි... අද නම් උදෙන් නැගිටලා වගේ ඈ...'
පෙනේද මුගේ කටේ සව්දම? මම මගේ පාඩුවේ වතුර ටිකක් රත්කරන්න පටන් ගත්ත. තේ එකක් නැත්තම් පන නැහැ වගේ.
'ඔය මොකක් හරි දෙයක් තම්බන් කාල දවල් වෙනකොට බඩපැලෙන්න දෙයක් හදාගන්න බැරිය.. ' කියල හිතන ගමන් මම උදේ කෑමට මොකක් හරි ජරාවක් තම්බන්න කබඩ් ඇරියා.
'ෂ් ... ෂ් ..... '
මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා.
'.....මේ.... නුඩ්ල්ස් ද හොයන්නේ...?'
මම ඉතින් සතුටෙන් සමාදානෙන් නිදාගත්තා. කූඩුවේ හිටපු නොසන්ඩාල මීයා..
ඌ ද?
ඌ හොඳට කාලා නිදාගෙන ඉන්නවා උදෙන්ම කුස්සියට ගියපු මම දැක්ක. උදෙන්ම කිව්වට ඉතින් දැන් මේ වෙනකොට පෙරවරු 8 වෙලාලු ඈ...
තට්ට තනියෙන් ඉන්නවා කියල මොකක් කරන්නද.. මොනවහරි තම්බගන්න එපැයි. මම ඉතින් කුස්සිය පැත්තට ගියා..
'අලෝ .. අලෝ ... කොහොමද නංගි... අද නම් උදෙන් නැගිටලා වගේ ඈ...'
පෙනේද මුගේ කටේ සව්දම? මම මගේ පාඩුවේ වතුර ටිකක් රත්කරන්න පටන් ගත්ත. තේ එකක් නැත්තම් පන නැහැ වගේ.
'ඔය මොකක් හරි දෙයක් තම්බන් කාල දවල් වෙනකොට බඩපැලෙන්න දෙයක් හදාගන්න බැරිය.. ' කියල හිතන ගමන් මම උදේ කෑමට මොකක් හරි ජරාවක් තම්බන්න කබඩ් ඇරියා.
'ෂ් ... ෂ් ..... '
මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා.
'.....මේ.... නුඩ්ල්ස් ද හොයන්නේ...?'
Monday, January 19, 2015
Saturday, January 3, 2015
Subscribe to:
Posts (Atom)















