Wednesday, February 11, 2015

148. සුරංගනා කතාවකි - 3




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

වසන්ත කාලය එළඹෙන වග කියමින් නොයෙකුත් පණිවිඩ කාරයින් පැමිණ තිබිණ. නමුත් සාමාන්‍ය කෙල්ල ඒ පණිවිඩ සියල්ල ලියුම් කවර වලම සංවෘත ස්වභාවයෙන්ම තිබෙන්න හැර කුඩා ලී පෙට්ටියක අහුරා තැබුවාය.

පාඨශාලාවෙන් නික්මුනද ඇය සිටියේ සතුටිනි. කුමක් හෝ සිතුවිල්ලක දැවටී එන ඒ නැවුම් බවට අමුනපු ගීත කියමින් ඇයගේ දවස ගෙවුනේ සාමාන්‍ය ලෙසටය. පුදුම වන්නට දෙයක්ද නැත, සාමාන්‍ය කෙල්ලක සාමාන්‍ය ලෙස දවස් ගත කිරීම සාමාන්‍ය වැඩකි.

ඒ සාමාන්‍ය බව සාමාන්‍යයෙන් බිඳෙනසුළුබව කියන්නට එකෝමත් එක දවසක දුරකථනය නාද වන්නට විය. කිසියම් වැඩක නිරතව සිටි බැවින් ඇමතුමට පෙර සුදානමක් තිබුනේද නැත, කොහොමත් ඇගේ පෙර සුදානමක් ඇත්තෙම නැති තරම්ය.

"මාව අඳුනන්න පුළුවන්ද ?"

කටහඬින් තිගස්සුනද සාමාන්‍ය කෙල්ල ඉක්මනට සාමාන්‍ය වුවාය.

"හිතුවද මේක TV එකක් වගේ මුණ පේන එකක් කියල?"

අනෙක් පසින් නොනවත්වා නැගෙන සිනාවෙන් පසුව දෝංකාරයක් සේ ඇසෙන පසුබිම් සිනා හඬවල් වලින් ඇමතුම් කරු එක් අයෙක් නොවන බව ඇයට වැටහුනේ ක්ෂණයෙන්. ඒ ක්ෂණයෙන්ම ඇය දුරකථනය විසන්ධි කළාය.



කාලයෙන් මනින ලද ඒකක වලින් කිවහොත් විනාඩි දෙකයි තත්පර තුනකට පසුව නැවතත් දුරකථනය නාද විය. සිතුවිලි මනින ලද ඒකක වලින් කිවහොත් සිතුවිලි කෝටි තුනකුත් දෙසිය තුනක් ගතවන විටත් ඈ දුරකථනය අසල සිටගෙන්නේ උන්නේ මන්දැයි ඈ දැනසිටියේ නැත.

මෙතෙක් වේලා කරමින් සිට ඇත්තේ එලෙස බලා හිඳිම බව ඇයට සිහිවුයේ දුරකථනය නාදවන ශබ්දයට ගැස්සුන ඇගේ අත නිරායාසයෙන්ම එහි රිසිවරය සිය කනට ලංකල ශබ්දය ඇසෙන විටදීය.

"හලෝ?"

"හලෝ.."

"හලෝ??"

"හලෝ....."

"හලෝ? කවුද කතා කරන්නේ?"

"මාව අඳුරන්න බැහැනේ, මේක TV එකක් නෙවෙයිනේ. මම ඇහුවේ මගේ කටහඬ අඳුනන්න පුලුවන්ද කියල?"

මුවට වනතෙක් පුරවන ලද විදුරු බඳුනක් පරිස්සමෙන් ඔසවන්නා සේ සීරුවට අහුලාගත් වචන වලින් සාමාන්‍ය කෙල්ල වික්ෂිප්ත වුවාය.

"බ්.. බැහැ ... "

"මම තමයි.... හ්ම්ම්... කොහොමද කියන්නේ.... මම තමයි... ඔයාට එදා ඉස්කෝලෙදි හම්බුනේ... ගේට්ටුව ගාව හිටියේ?"

දුරකථනය යනු රුපවාහිනියක් හෝ වෙනයම් ආකාරයක රූපය හෝ වීඩියෝ යවන්නට යොදාගන්නා උපකරණයක් නොවූ එවන් යුගයක සාමාන්‍ය කෙල්ලගේ මුවඟ රැඳුනු ඒ අව්‍යාජ සිනහව කුමාරයෙකු කෙසේ නම් දකින්නද?

"ඉස්කෝලේ ඉවර වෙලා කොයි කාලෙද ? අනිත් එක ගේට්ටුව ගාව කොච්චර කට්ටිය ඉඳල තියෙනවද මාව මුණගැහෙන්න... මොනවා කියනවද මන්ද... කොහෙද? කවද්ද? මට නම් මතක නැහැ... ඒක නෙවෙයි කොහෙන්ද මගේ නම්බර් එක හොයාගත්තේ?"

එකවර මෙතරම් ප්‍රශ්න තොගයක් ඇසුනාද කියා කිසිදු මතකයක් හෝ වගක් නොමැතිව කුමාරයා නැවතත් ඇගේ කන් දෙදරවමින් සිනාසෙන්නට පටන් ගත්තේය. එවරනම් පසුබිම් සිනහවක් ඇසුනේ නැත.

"කට් කරන්න එපා... ප්ලීස්"

සිනහව එකවර නතර කල කුමාරයා විධානයක් සේ කීවේ කලින් වතාවේ මෙන් සිදුවේයැයි සිතාම නොවේ.

මෙය සුරංගනා කතාවක් වන්නට අඩුපාඩු කිහිපයක් තිබුණි.

හසුන්පත... 

ඔව්.. ඉන්පසු හසුපත් සහ හසුන්පත් පයෙහි බැඳී පරෙවියන් නිතරම සැරිසරන්නට පටන් ගති.

කුමාරයෙකු විසින් උගතයුතු පාඩම් අතර විවිධ යුධ උපක්‍රම සහ සැඟවී පහරදීම ආදියද, විවිධ සටන්ක්‍රම මෙන්ම නර්තන ක්‍රමද ඇතිබව ඔබ දන්නවාද?

ඒ සියල්ලටමත් වඩා කඩු ශිල්පයෙහි මෙන්ම හසුන්පත් රචනයේද දක්ෂ කුමාරයන් ගැන ඔබ මින්පෙර අසා තිබුනාද?



මතු සබැඳි.

14 comments:

  1. හසුන් පත් දෙක තුනකුත් දැම්ම නං.. මුල්ම පේලියේ තියෙන උපමාව හරිම අගෙයි..

    ReplyDelete
    Replies
    1. හසුන්පත් නේද?? බලමු... ස්තුතියි

      Delete
  2. උඹ මේක ලියලා තියාගෙන පොඩ්ඩ පොඩ්ඩ දානවා නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ හලෝ මේ ඇත්තමයි කියන්නේ. ඒ වෙලාවට ලියල දානවා. මොනවා තියාගන්නද? හික්..!

      Delete
  3. මේක ගණං.... කියවන්න පුළුවන් පහසුවෙන්ම.... අපේ සහයෝගය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... කම්මැලි වෙයිද මන්ද..

      Delete
  4. දවසට එක බැගින් වත් දාන්න වෙනවා ... ලිවිල්ල නම් සිරා .. කෝ බලමු ඉතිරි ටිකත්

    ReplyDelete
  5. අඩේ මේක සිරා බං. හුස්ම නෑ!
    මට කියන්න ඕන ඒව මෙතන කියන්නත් අමාරුයි.
    පට්ටයි ඒයි!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ කියන්න බැරි... කියන්නකෝ බස්සි කම්මැලි නැතුව...

      Delete
  6. සික් බං..සාමාන්‍ය කෙල්ල කිව්වම කතාවෙ ගතිය ඔක්කොම හේදිලා යනවනෙ. අන්න සාමාන්‍යයෙන් අසාමාන්‍ය යුවතිය ( Acronym එක විදිහට සා.අසා. යුවතිය කියලත් ඔන්නම් කිව්වැකි ) වගෙ නමක් දැම්ම නම් එළ ද බ්‍රා...:)

    ReplyDelete
    Replies
    1. අප්පා මේ ඇවිල්ල ඉන්නේ මනුස්පයා... කුමාරයෙක් එක්ක තවත් කුමාරියක් ගැන කියනකොට වැඩක් නැහැනේ. අනිත් එක සාමාන්‍ය කෙල්ලට මට නමක් දෙන්න ඕනේ නැත්තේ එය පුද්ගලානුබද්ධ වෙන්න ඉඩකඩ වැඩි නිසා. පුළුවන් උත්සහයක් ගන්නම්. එහෙම එකක් දැම්ම නම් මක්කා වගේ කිව්වා? අර මෙන්ඩියාගේ රස්සාවට වැඩේ දුන්නද දැන් ඔබතුමා?

      Delete
    2. / අනිත් එක සාමාන්‍ය කෙල්ලට මට නමක් දෙන්න ඕනේ නැත්තේ එය පුද්ගලානුබද්ධ වෙන්න ඉඩකඩ වැඩි නිසා. පුළුවන් උත්සහයක් ගන්නම්.  /

      ඔන්න ඉතිං නැග්ග වාලධිය මතට..කවුද බං ඒ කෙල්ලට නමක් දෙන්න කිව්වෙ?..මම කිව්වෙ කතාව ලියල තියෙන භාෂා විලාශය අනුව කෙල්ල කිව්වම නිකං හරියන්නෙ නෑ වගෙ කියල මට හිතුනයි කියල. සාමාන්‍ය යුවතිය වගෙ මොකක් හරි ඊට වඩා ගැලපෙනව කියලයි මම කිව්වෙ. ඒ ඇර නමක් දාන්න කියල මම කියපු ඇති එකක් නෑ. කොහොමත් අපි දන්නව ඒ උඹ කියල...හෙහ්,හෙහ්, මේක ඇවිල්ල සොයං ලිකිත චරිතගාතනාපදානයක් .....එහෙම නේද? නෑ කියන්න නං එපා ගොයියෝ..:)

      / අර මෙන්ඩියාගේ රස්සාවට වැඩේ දුන්නද දැන් ඔබතුමා? /

      දෙය්යංටම පෙනිච්චාවෙ..මෙන්ඩිය එහෙම රස්සාවක්ද කොරන්නෙ? අම්මප කියාපං...

      Delete
    3. රවියෝ රවියෝ.... මෙහෙමනේ..

      සුරංගනා කතාවල තියෙන හැමදෙයක්ම සුරංගනා තමයි. නමුත් කතාවේ සුරංගනා බවක් නැති කෙනෙක් ඉන්නත් පුළුවන්නේ. දැන් ඉතින් ඕක යුවතිය කරන්න ගියොත් ගුටි කෙලියක්වක් යයිද මන්ද..

      මක් කිව්වා? ඔය කිව්වේ... ඕන්න කිව්වා... මෙතැන ග්‍රාමය භක්ෂණය කරන්නේ නැතුව ඉන්නවද? මම කොහෙද බන් සුරංගනා කතාවල... එව්වයේ ඉන්නේ සුදුම සුදු , පිහාටු තියෙන උදවිය. නෑ කියන්නේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ !!

      ඇයි මෙන්ඩියාගේ කොමෙන්ටු දැකල නැද්ද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...