සුරංගනා කතාවේ ඇරඹුම
ඉක්බිතිව එළඹියේ අමුතු ගිම්හානයකි.
කිසිදු ලෙසකින් ඒ කඩවසම් මුහුණ අමතක කර දමන්නට ඒ සාමාන්‍ය කෙල්ලට නොහැකිවිය. උගැන්මට පන්හිඳ ගන්නා සියලු අවස්ථාවන්හිදී කුමාරයාගේ විස විතක් වන් බැල්ම සිහිවීම වලක්වන්නට ඈ අසමත්ව ගිය බැවින් එය එසේම වන්නට ඉඩහරින්නට ඇයට සිදුවිය. කාලය ගතවුනේ ඉබි ගමනින් යන පරිද්දෙන් වුවද බීජයක් වැඩුනේ තුන්වන මානයක වූ සමාන්තර ලොවක බැවින් ඒ බීජය ගසක් වීමට වැඩි කලක් ගතවුනේ නැත. නමුදු ඒ සාමාන්‍ය කෙල්ලට අවබෝධ වූ කාරනා කීපය අතුරින් තමන් සාමාන්‍ය කෙල්ලක පමණක් බව ඇගේ සිතේ තදින් පැලපදියම්ව පැවතුනි.
එය එසේ පැවතුනේ හරියටම අඩ වසරකි.
සාමාන්‍ය කෙල්ල තම ගම්මානයෙන් පිටත්ව පාඨශාලා කටයුත්තකට නාගරික ප්‍රදේශයට යන්නට පිටත්වුවාය. එය වැසිබර දිනයක් විය. ඇය පාසල් කටයුත්ත සඳහා වූ ස්ථානයට ඇතුළුවනවිටම , ඇතුලත සිට පිටතට කඩාවදින සේනාවක් පරිද්දෙන් සිසුන්ගේ පොදියකට එකවරම හසුවුවාය. ගංගාවක උඩුගං බලා පිනන පිහිනුම් කාරියක සේ ඇයට තම අතපය ගසන්නට සිදුවීම දුක්බර වුවද, එකවරම තමන් පසුකොට ගිය දිය කඳක් තමන් දෙසට හැරෙනු වැටහී ඇයගේ ස්වභාවික සත්වයා එයට පිළිතුරු වශයෙන් ඈ ආපසු හරවා තැබුවාය.
"හා... කොහොමද?..."
කුමාරයා ඈ විශ්මයෙන් ගල් කරවමින් , ඔහුගේ විස විතෙන් හීයක් ගෙන ඇයට මෑනුවේය. නිරායාසයෙන් පැනනැගි සිය මෘදු සිනහව වළකන්නට යද්දී සාමාන්‍ය කෙල්ල අසමත් වුවාය. මුව වසන විට ඇගේ දෙනෙත් වලින් වදන් වැලක් එලියට පැන්නේය.
".. කොහෙද මෙහෙ?"
ඇගෙන් පිළිතුර ලැබෙන්නට ගත ප්‍රමාදයෙන් කුමාරයා වටපිටේ ඇති සියල්ලෙන් ඔත්තු සපයා ගත්තේය. සාමාන්‍ය කෙල්ල සිටියේ තනිවම නොවන බව ඒත්තු ගිය ඔහු ආරක්ෂාකාරී පසුබැසීමක් දක්වා සැනින් අතුරුදන් විය. කුමාරයන් කොහොමත් යුධ උපක්‍රම ගැන හොඳින් දන්නා අයවලුන් බව මේ සාමාන්‍ය කෙල්ල තේරුම්ගෙන සිටියේ නැතුවාට කුමක් කරන්නද.
එදින කාර්ය නිමකොට සාමාන්‍ය කෙල්ල අනෙකුත් සගයන්ද සමගින් ගැහෙන හදින් යුතුව ආපසු පළමු කී ගේට්ටුව වෙත පියමනින අතරේ, කිසියම් ඉවක් විසින් යොමුකරන ලදුව ගේට්ටු පළුවේ කොනකට ඇස යොමුවිය. අහා! පුදුමයක මහත... ඇය සිතුවා සේම ඔහු එතැන !!!! පොපියන හදින් එකවරම ගින්නක් සහ ජලයක් එකවර නගින්නා සේ දැනී , ඇගේ සියලු සර්වාංගයම ගල් ගැසී ගියේය.
"ඒ... අර බලපන්.... හැන්ඩියෙක්... "
තමුන්ට ඉදිරියෙන් යන තම මිතුරියන් දෙදෙනා එකිනෙකාට වැලමිටෙන් අනිමින් 'කිචි - බිචි' ගානු ඇසුණු සැනින් අර සාමාන්‍ය කෙල්ල සිය ඇස් බලෙන් මෙන් ගලවා බිමට නැඹුරු කරගෙන මිතුරියන් පසුකරගෙන ගේට්ටුවෙන් එළියට දිවගියාය.
කුමාරයාගේ කනට කෙල්ලන්ගේ කතාවත්, ඇසට සාමාන්‍ය කෙල්ලගේ ක්‍රියාවත් යන දෙකම ලැබුණෙන් ඔහුගේ පිම්බුණු සිත එකවරම ගිලිහි ගිය බැලුම් බෝලයක් මෙන් වේදනාත්මක හඬකින් හැකිලී ගියේය.
මතු සබැඳි.
අනේ බං මේ සුරංගනා කතාව ටිකක් වැඩියෙන් ලියහංකෝ.. පළවෙනි වචන තිහ හතලිහ කියවල මාසයක් විතර බලං හිටියා නෙව
ReplyDeleteසිරාවට ... මෙගා නාට්ටි වුනත් මිට වැඩිය දිග කොටසක් දානවා ...
Deleteසුරංගනා කතා ඉක්මනින් ඉවර වෙන්නත් ඉක්මනින් ගලාගෙන යන්නෙත් නැහැ දේශෝ /පැතුමෝ . තව ටිකාක් බනින්න අනේ... හි.. හි..
Deleteඇත්තම තමයි ලියපන්කො බොල ටිකක් වැඩිපුර, කියවන්න් පටන්ගන්නකොට කතාව ඉවර වෙලා
ReplyDeleteසුරංගනාවී කියන වේගෙට අනේ ලියන්නේ... දන්නවනේ නැත්තම් මම හැටට හැටේ යන කෙනෙක් කියල..... හි හි...
Deleteපළවෙනි කොටස කියවන්න දැන් වෙලාව නෑ...හෙට එන්නම් දෙකම කියවන්න...
ReplyDeleteමෙතරම් පොඩි කොටසක් කියවන්න වෙලාව නැත්තම්.... ඕකනේ කියන්නේ... හරි හරි... පස්සේ ආයේ වැඩියි , කියවන්ට වරුවක නිවාඩුවක් දාන්ට වෙනවා කියල...
Deleteහත්දෙයියනේ පටන් ගන්නකොටම ඉවර වෙලානේ..
ReplyDeleteහත් වලාමයි! පටන් ගත්තැයි ?
Deleteමේ ලියන ප්‍රමාණයට අපිනම් කැමතියි.... කතාව ටික ටික අපිට දෙනවා.... අපිටත් කුතුහලයක් තියනවා... අනික් පැත්තට පල් හෑලිත් නැහැ.......... නියමයි
ReplyDeleteසුරංගනා කතාවල හැටිද මන්ද... :D
Deleteඑළ එළ ඔහොම යං ඔහොම යං...
ReplyDeleteකෙල්ල සාමාන්‍ය වුණාට හිතිං අසාමාන්‍යද දන්නෑ නෙව
යං යං යං ... ඉස්සරහට යං ... ඉස්සරා හෝල්ට් බයිනවෝ.... සොරි ඈ .. පුරුද්දට වගේ කියවුනේ... මහේෂ්ටත් දැන් යමක් කමක් තේරෙනවා වගේ.
Delete