Thursday, February 12, 2015

152. සුරංගනා කතාවකි - 5





ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම


මේ අතර සිදුවුයේ කුමක්ද?

සාමාන්‍ය කෙල්ල තම නිදි වර්ජිත රාත්‍රියෙන් පසුව සුපුරුදු දිනචර්යාවේ නිරතව සිටිද්දී දුරකතනයේ නාදයෙන් ගැස්සී ගියද, එය නොසලකා උන්නාය. නමුදු සේවිකාව විසින් කැඳවන ලදුව රිසිවරයේ කෙළවරක සිය සවන්පත් තබාගත්තේ ගැහෙන හදිනි.

"මම මේ කුමාරයාගේ සගයෙක්... දැන් කතාකරන්න පුළුවන්ද ?..."

පපුවේ වේගය වැඩිවුවද සාමාන්‍ය කෙල්ල හාත්පස බැලුවේ ආරක්ෂාවට පමණක්ම නොවේ. මෙවන් පැනයකදී ඇගෙන් ලැබෙන්නේ නිහඬතාවයක් බව දන්නා සගයා නැවත කතාකරන්නට පටන්ගති.

"... කුමාරයාට උණ. අන්න ඌ උණ විකාරෙන් ඔයාගේ නම කියනවා."

කුමක් කියන්නද හිතනවාට වඩා විසල් කන්දකට එකවර යටවී ගියා සේ ඈ දුර්මුඛව ගියාය. ඉන්පසුව වෙනදා මෙන් සගයා දෙගොඩතලා යන්නට සිනාසෙන හඬින් සාමාන්‍ය කෙල්ල සාමාන්‍ය සිහියට එළඹියාය.

සිය ප්‍රියතම සුදු පරවියාට හීයකින් විද බිමලු අයෙකු පරිද්දෙන් තද වේදනාවක් තමන් තුලින් ඇරඹී පිටතට එන්නට දඟලනවිට ඇය ඉක්මනින්ම වචනයක් හොයාගත්තාය.

"අහ් !"

"දැන් ඉන්නේ වෙදතුමා ගාව. ඇවිල්ල ඔය කොහෙන් හරි අල්ලලා වත් යන්න. උණ බහී බස බස ගාල."

"මේ......! මගෙන් මුකුත් අහගන්න.."

"විහිළුවක් කලේ අය්යෝ. පුළුවන් නම් එන්න. බොරුවට නෙවෙයි කිව්වේ..."

"පොඩි උණක් වෙන්න ඇති. ගණන් ගන්න එපා කියන්න. මේ.. ආයේ කෝල් කරන්න එපා හරිද?"

"එනවද කියන්න"



"හරි හරි එන්නං.. ආයේ කතාකරන්න එපා හරිද?"

ඇමතුම විසන්ධි කලද මහත් වේදනාවක් සහ වරදකාරී හැඟීමක් විසින් නොනවත්වා ඈ පෙලන්නට විය. තමන් කල කී දේවල් සඳහා කුමාරයා මෙතරම් සංවේදී වේ යැයි ඇය කිසිවිටෙක අපේක්ෂා නොකළාය.

ඒ මොහොතේ මන්තරකාරිය උන්නේ නිදිබර ගතියෙන් නිසා සාමාන්‍ය කෙල්ල එතැනට යනු දුටුවේ නැත. ඒ මොහොත වනවිටත් ඖෂධ නිද්‍රාවෙන් උන් කුමාරයා වටා උන්නේ සගයින් දෙදෙනෙකු පමණි. ඒ අතර ඈට ඇමතුම දුන් සගයාද විය. ප්‍රතිකාර කුටියේ විදුරු කවුළුවෙන් තරුණිය දුටු සැනින් පිටතට පැමිණි සගයා ඈ සිතන්නටත් ප්‍රථම කුටියට ඇතුළුකර ගත්තේය.

"අත්තම්ම ගියා වෙදතුමා ගාවට, කුමාරයාගේ අම්ම මග. අපි ඉන්නවා එළියේ. ඉක්මනට එන්න හරිද...?"

කිසිදු අවකාශයක් නොදුන් සගයින් කුමාරයා සමඟ සාමාන්‍ය කෙල්ල කුටියේ තනිකරදා කුටියෙන් පැන දිවුහ.

"...... ඉක්මනට කතා කරලා එන්න. කොයි මොහොතේ හරි මව් බිසව එයි"

තමුන්ට ලැබුනේ අනතුරු ඇඟවීමේ සංඥාවක් දෝ යයි සිතමින් උන් සාමාන්‍ය කෙල්ල, සයනයේ උඩුකුරුව හොවා හුන් කුමාරයා දෙස හොරැහින් මෙන් බැල්මක් හෙළුවාය. ලවන මිශ්‍ර වතුර ලබාදීමට හාරන ලද කුමාරයාගේ වමත , අඩනින්දෙහි උන් ඔහුගේ අනුදැනුමකින් තොරව සයනයේ දාරයට වන්නට තිබුණි. මන්තර කාරිය තවමත් නිදිබරව ඉද්දි, සාමාන්‍ය කෙල්ල ඒ ක්ෂණයේදී පැලැස්තරය අසලින් සියුම්ව පිරිමදිද්දී නොදැනුවත්වම තොල් අතරින් යමක් ගිලිහිණි.

"මට සමාවෙන්න.... හිත රිද්දුවට..."

එය මන්තරකාරිය අවදිකරවන්නට තරම් ප්‍රමාණවත් විය. සාමාන්‍ය කෙල්ල පස්සට විසිකළ ඈ කිසිදු අවසරයකින් තොරව කෙල්ලව දොරින් එළියට විසිකර දැමුවාය.



මතු සබැඳි.

14 comments:

  1. හුරේ....
    හොද වැඩේ කෙල්ලට....
    බම්බු කෙල්ල.. හොද වැඩේ ඇද්ද හූ හූ...........
    (ඒත් ඉතිං අන්තිමේට කෙල්ල මනෙ දිනන්නෙ සැක් ඉතරක් හිහි)

    ReplyDelete
    Replies
    1. මන්තරකාරිද මන්ද හුරේ තියනවා ඇහුනේ! බලමුකෝ කවුද දිනන්නේ කියලා...

      Delete
  2. කථා දෙකක් අතර දින දෙක තුනක පරතරයක් තියහංකො කෙල්ලෙ....දැන් කොටස් දෙකක් වෙනුවට කොටස් 5 ක්ම කියවන්න වෙලා...මළ පැනලා ඉන්නෙ...ඇයි යකූ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න යසට බසබස ගාල ලියන එකාව නරක් කොරන්න ආව මෙතන.

      Delete
    2. මෙන්න අනිත් එකී...එක වල්ලෙ පොල්....

      Delete
    3. සිරා: ප්‍රමාදය සිරෝ ප්‍රමාදය.... හි.. හි..

      බස්සි : වැඩිපුර දෙනා මට හොම්බට අනින්නේ වේගේ වැඩියි ලියනවා කියල. එව්වා ඇහුවනම් මම කොහොමට හිටියිද? එහෙම හැදෙන එකෙක්නම් මෙලහට හැදිලා.. හි.. හි...

      Delete
  3. Replies
    1. ඕකනේ කියන්නේ.. මෙතන මන්තරකාරයොත් ඉන්නවා වගේ. දේශෝ තියෙන්නේ මැජික් වුන්ඩ් එකක්ද?

      Delete
  4. මේ කුමාරයව මං දන්නව බොල. ඉක්මනට ඕන අනිත් කොටස.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික කුමාරයගෙන්ම අහගත්තොත් මොකද ... කුමාරිට කරදර නොකර..

      Delete
    2. අනේ මල්කොබෝ...වැටෙන පොල් ගෙඩියක් අහුලගෙන හිටිං....කුමාරියො ගැන කුමාරලා බලා ගනියි...

      Delete
    3. බස්සි: බස්සියෝ මගේ ඇඟේ මවිල් ඉස්මයිල් උනා. දන්නවා කිව්වා? අනේ බස්සියෝ මම මෙව්වා ලියනවා කියල කටේ කෙල බින්දුවක් හලනවා නෙවෙයි හොඳද?

      Delete
  5. මොකද්ද ලියන්නෙ කියල මේ කල්පනා කොලේ.....

    ReplyDelete
    Replies
    1. ගල් කාලක් ගහහං පණු අමාරුවට....එතකොට මතක් වෙයි බොට...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...