අම්මේ මම
රහස් සියල්ලම දැනගතිමි...
ඔබ කී බොරුද හසුවුනි.
පාටක් නැති කියූ
පාට පාටයි කියූ
සියල්ලටම 'පාටක්' ඇත..
සුරංගනාවන් , කුමරියන්
කැරලි කොණ්ඩා තියෙන
සුදුම සුදු අය (පමණක්) බවද,
රකුසන්, මන්තරකාරියන්
වැද්දන් හෝ දුෂ්ඨයන්
කළුම කළු අය ( පමණක්) බවද ,
දැනගතිමි....
රහස් සියල්ලම දැනගතිමි...
අම්මේ මම.......!
හුටා.................
ReplyDeleteසමහර විට ඉන්න පුලුවං
සුරංගනාවක් වගේ
සුදු මන්තරකාරියොත්
දුෂ්ට
කවදාහරි දැකල තියෙනවද කොන්සට් එකකදී එහෙම කෙනෙක්? පොඩි ළමයින්ගේ කොන්සට් එකකදී????
Delete