ඇරඹුම
දෙවන සුරඟන පබැඳුම
තෙවන සුරඟන පබැඳුම
සුරංගනා ලෝකයට ඉල් මාසය ලබනවිට උත්සව සමය ආරම්භ වෙයි.
ඒ අතරේ අපුරු සිදුවීමක් සිදුවිය. එනම්, කුමාරයා තමුන්ගේ නාගරික මාළිගාවෙන් තාවකාලිකව ගම්බද පිහිටි ඔවුන්ගේ නිදහස් මාළිගාවට සංක්‍රමණය විය.
පිය රජතුමා විසින් මෙම මාළිගාව වෙසසින්ම නිමවා තිබුනේ නාගරික ජිවිතයේ තෙහෙට්ටුව නිවාලන සිලිලාරක් දනවන පරිද්දෙන් බැවින් ඉඳහිට මෙම මාළිගාවේ සති අන්තයක් හෝ ගිමහාන සමයක් ගතකරන්නට පැමිණීම පවුලේ චාරිත්‍රයක් වුවා කිවහොත් නිවැරදිය. නමුදු මෙම තාවකාලික සංක්‍රමණය යුධ උපක්‍රමයක් බව මවු බිසව උදක්ම දැන සිටියේ නැති බැවින් අවසරය එතරම් පුදුමයක් නොවිය.
වෙනදා මෙන් සිලිලාරක් මාළිගාවේ නොදැනුනද, නිරන්තරව පොපියන කඩිකුලප්පුවක් කුමාරයාට දැනෙන්නට වුවත් එය තවමත් සිය සගයන්ට පමණක් සීමාවූ මන්ත්‍රණයක් වී තිබුනේ මාළිගාවට පැමිණි දෙවන හෝරාව වනතෙක් පමණි. ආ පයින්ම සෛන්ධව අශ්වයින්ගෙන් යුත් සිය නවතම අශ්ව රියට වන් කුමාරයා සිය සගයින් තිදෙනා සමඟ පිටත්වූ බව මිත්තනිය විශ්මයෙන් බලා උන්නාය. මෙය නම් අපූරු වැඩකි!
"පිස්සුද උඹට?"
එක් සගයෙකුගෙන් කුමාරයාගේ ප්‍රකාශයට පිළිතුරක් ලැබුණි. අනෙක් තිදෙනාගෙන් එකෙක් විශ්මයෙන්ද, අනෙකා සෝපාසයෙන්ද බලා සිටිනු දුටු කුමාරයා අස්රිය පසෙකට කර නතර කළේය.
"මචං.... මම සිරාවට කියන්නේ.... අද ඒ කෙල්ල ඇඳුම් ගන්න එනවා. මට ඒ කෙල්ලව බලන්න ඕනේ... කතා කරන්න ඕනේ"
"බුල් ෂිට්"
එකෙක් කීවේ ඉවත බලාගනිමිනි.
"මචං... මට පුදුමයි උඹ වගේ එකෙක්.."
තවත් සගයෙකුගේ කටහඬ මැදින් කුමාරයා කතා කරන්නට පටන් ගත්තේය.
"ඒකි මාව ගණන් ගන්නේ නැහැ, පොඩ්ඩක්වත් කෙයා කරන්නේ නැහැ කියල උඹල කිව්වට, මම එහෙම හිතන්නේ නැහැ. ඒකි වෙනස්... "
"අවුලක් නැහැ. යමු"
'පිස්සුද' ඇසූ සගයා කුමාරයාගේ උරහිසෙන් අල්ලා පිළිතුරු දීමෙන් දෙබස් වෙනස් මුහුණුවරක් ගත්තේය.
ඉක්බිතිව එළඹියේ ගමනාන්තයෙන් පසුව ඇතිවූ අතුරුඵල වල ඇති මත් ස්වභාවයයි.
කුමාරයා යකඩ සපත්තු හතකුත්, යකඩ හැරමිටි හතකුත් ගෙවාගෙන මේ ලෙස සාමාන්‍ය කෙල්ල පසුපසින් නිතර ගමනට වැටුනෙන් සගයන්ට සැමදිනම පාහේ සාමාන්‍ය කෙල්ල දකින්නටත්, කතාබහ කරන්නටත් මග පෑදුනු විට මෙතෙක් කාලයක් ඈ ගැන තිබු තක්සේරුව වෙනස් ආරක් ගති.
එනම් ඈ පෙනුමෙන් සාමාන්‍ය කෙල්ලක වුවද , කුමාරයාට ඕනෑම යුධ පිටියකට යන්නට සෙවනැල්ලක් වන්නට තරම් සාමාන්‍ය බවයි.
ඈ සතුව තිබුණු බොලට දක්වා වූ කේශ කලාපයද, සිනහවකදී වලගැසෙන වම් කම්මුලද ඔවුන්ට නොපෙනෙන්නට හේතු වුයේ ඇය විසින් තදකොට වරලස බඳනා නිසාත් , අඩුවෙන් සිනාසෙන නිසාත් නොව ඇය නපුරු මන්තර කාරියකගේ ශාපයකට ලක්ව සිටි නිසාය. ඒ මන්තරකාරිය එතකින් නොනැවතී කුමාරයා වටා නිතර දෙවේලේ එල්ලෙන සුන්දර කුමාරිකාවන්ද මවා තිබිණි.
එක්තරා අවිනිශ්චිත උදෑසනක වෙනදා මෙන් සගයන් කුමාරයාගේ මාළිගාවට එනවිට වෙනදා නැති අමුතු පාළුවකින් මාළිගාව වෙලී ඇතිසේ දැනුනි.
"නන්දා... මොකද කුමාරයා පේන්න නැත්තේ?"
ශාලාව හරහා දුවමින් සිට නතරවුණු කුමාරයාගේ ප්‍රියතම අතවැසි කාන්තාවගේ දුක්බර මුහුණ කියවාගත නොහැකිවුණු සගයෙක් විමසීය.
"අනේ කුමාරයා ලෙඩ වෙලා. හොඳටම උණ. මම මේ බිසවුන්නාන්සේට පයින්ඩේ යැව්වා විතරයි."
සගයින් එකිනෙකාගේ මුහුණු බලාගත්තෝය.
පෙරදා සවස සාමාන්‍ය කෙල්ල මුණගැසී නැවත අස්රියට නගිනවිට කුමාරයා හේබාගොස් සිටියාත්, ඉන්පසු කිසිදු වචනයක්හෝ නොදෙඩුවාත් එකෙකුගේ සිහියට නැගුනු අතර, තවෙකෙකුගේ සිහියට නැගුනේ අර සාමාන්‍ය කෙල්ල කුමක්හෝ විජ්ජාවක් පෙන්වා එයින් කුමාරයා භ්‍රන්තියට හෝ ශාපයට ලක්විදෝ කියාය. අනෙකා ඒ මොහොතේම කිසිවක් නොසිතා කුමාරයාගේ සිරියහන් ගබඩාවට පිවිසුණේය.
සිරියහනේ මධ්‍යයෙහි උඩුබැලිව උන් කුමාරයාගේ නලතෙහි තබනලද පෙඟවූ රෙදි කැබැල්ලෙන් විසිරෙන සුවඳින් හාත්පස පිරි තිබිණි. සගයා හෙමින් ගොස් කුමාරයාගේ දකුණතෙහි මැණික් කටුව අසලින් අල්ලා බැලුවේය. ඉතා තද රස්නයක් ඔහුගේ අතට දැනුණි.
"ම.. ම.. ධූ ..."
වෙව්ලන තොල් අතුරින් කුමාරයා සිය හිස හරවන්නට තැත්කරද්දී සගයා කොක් හඬලා සිනාසෙන්නට වුයේ අනෙක් සගයින්ද කුටියට පැමිණීම ඉක්මන් කරවමිනි.
"අඩෝ... උඹට සහලෝල උණ නේද? උණ විකාරෙන් තෝ මොනවද මේ කියවන්නේ?"
මතු සබැඳි.
නිදිමන්තරකාර පුසාගේ ශාපයක් වෙන්න ඕනේ කෙල්ලට තියෙන්නේ .. ඊයම් සපත්තුයි , ඊයම් හැරමිටියි ඕනේ වෙයි .. හෙට උදේට බලන්න තව කොටසත් තිබීයාන් .. එස්වඃ හං !!!
ReplyDeleteකොටස් දෙකම එක පාරම කියවන් ආවේ.. කෝ කෝ ඊලග????
ReplyDeleteබුල් සිට් කියන්නෙ ගොම්බෙට්ට කියන එකද බං අක්කෙ... ඉතිං ඕක සිංහලෙංම දාන්ට තිබ්බ නෙව...
ReplyDeleteහිහි
ෆට්ටයි අෑ.... ඉතුරු ටිකත් ඉක්මණට දා යකූ...
අපේ යස්සය අවුස්ස ගන්නෙ නැතුං