Wednesday, March 23, 2016

258. ටැක්ෂි... හරේ යාං හර්රේ....




ලංකාවේ දැනට ජනප්රියව පවතින සහ මෑත කාලයේ ඉතා වේගයෙන් දියුණුවට පත්වූ ගමනාගමන ආකාරයක් තිබේ නම් ඒ අන් කිසිවක් නොවේ ටැක්සි සේවයයි. ගමනාගමනයේදී ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරන මෙම ටැක්සි සේවයේ වැඩි බරක් දරන්නේ ත්‍රිරෝද කිවහොත් එයද මුසාවක් හෝ අතිශෝක්තියක්  නොවනු ඇත.

ත්‍රිරෝද රථ සහ ඒවායේ ඇති උපසංස්කෘතිය ගැන කාලෙකට ඉහතදී ඉවාන් හොඳ ලිපියක් ලියලා තිබුනා. ඊට අමතරව මේ ලඟකදී නාඩියා හොඳ ලිපියක් ලියලාත් තිබුනා. මම මේ කාරනා ආයෙමත් ප්‍රතිරාවය කරන්න හදනවා නෙවෙයි. මම කාලාන්තරයක් තිස්සේ හොයාගත්ත  කරුණු ගොඩක් අලලලා ලිපියක් ලියන බලාගෙන හිටියේ. ඒවා කල් ඉකුත්වෙන්න කලින් ලියල තියෙන එක හොඳයි කියල හිතුන නිසා මේ ලිපිය draft එකෙන් එලියට අදින්න හිතුනේ.

සමස්තයක් විදියට ගතහොත්, මගේ මේ ලිපියට ඇතුලත් වන්නේ ලංකාවේ දැනට තදාසන්න පලාත්වල ක්‍රියාත්මකවන 'ටැක්සි' සේවා ගැනයි. 

මෑතකාලය තුලදී හඳුන්වාදුන් මීටර් සහිත ටැක්සි සේවය ත්‍රිරෝද වලට ලබාදීමෙන් වාසි සහ අවාසි යන දෙකම විඳින්නට සිදු උනා. මීටර් යෙදු ටැක්සි මිට පෙර ජනප්‍රියව සහ වැඩි භාවිතාවක් තිබුනේ කාර් සහ කැබ්රථ සඳහා උනත්, ත්රිරෝදරථ සඳහා මෙය දීමෙන් මගීන්ගේ පහසුව ඉටු උනා කිවහොත් නිවැරදියි. එනම්, 'හිතේ දුරට' අය කරනලද ගාස්තු යම් පමණකට සාධාරණ මට්ටමකට පැමිණියා යයි කිවහැකියි.

දුර ප්‍රමාණය , නතරකිරීමේ ගාස්තු ( වේටින් ) ආදියද සටහන් වන නිසා රියදුරාටත් එයින් යම් සාධාරණයක් ඉෂ්ඨවෙනවා යයි කීම අසාධාරණ නොවේයැයි මම සිතමි. අවම ගාස්තුව පවා එයින් පාලනයකට ලක්වූ නිසා එය මගී ජනතාවට පවා සහනයක් ලෙසයි මට පෙනුනේ. නමුත් ගම්බදව මීටර් සවිකිරීම හයර් නොමැතිවීමට බලපාන බව මට කිහිපවිටක්ම අසන්නට ලැබුනා. එනම් ගම්බද මිනිසුන් තවමත් 'ගාන කතා කරගන්නා' එක ගැන වැඩිපුර විස්වාසය තබන බවයි. නාගරිකව මම දකිනා ආකාරයට නම් මිරටයක් සවිකොට තිබීම වාසියක් ලෙස පෙනෙනවා.



මේ අතරතුර දක්නට ලැබුණ තවත් සේවාවක් තමයි 'නිල ටැක්සි සේවා' වල සැලකියයුතු මට්ටමේ වර්ධනයක් දක්නට ලැබීමත්, එම සේවාවන් සඳහා වූ මහජන උනන්දුවේ සතුටුදායක උනන්දුවක් ඇතිවීමත්. මේවා වැඩිපුරම ජනප්‍රිය උනේ කොළඹ සහ තදාසන්න නගරවලයි. මෙම සේවා වල ඇති වාසිය වන්නේ දුරකථන ඇමතුමකින් වෙන්කරවා ගත් පසුව ටැක්සිය  තමන්ට අවශ්‍ය ස්ථානයටම පැමිණීමෙන් පාරෝභෝගිකයා පහසුවට පත්කිරීමයි. මෙයින් වැඩිපුරම සහනය සැලසෙන්නේ එම සේවාව සඳහා මාර්ගයට යන්නට නොහැකි, රස්තියාදු වන්නට අකමැති පාරිභෝගිකයින්.



මිට දශකයකට පෙර පැවතියේ මෙවන් ටැක්සි සේවාවන් එක්තරා පැලන්තියකට පමණක් සේවා සැපයීමයි. එම අවධියේ 'කැන්ගරු' රථ සේවාව තම මොනොපොලිය  රඳවාගෙන සිටියා කිවහොත් නිවැරදියි. නමුත් ඔවුන්ගේ ගාස්තු ක්‍රමයට අනුව එය ඉතා සාමාන්‍ය ජනතාවට නොව එක්තර පන්තියක් අතර පමණක් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නිල ප්‍රවාහන සහයකයා ලෙසයි පෙනී සිටියේ.

මේ මොනොපිලිය බිඳ දමන්නට එතරම් ලෙහෙසි උනේ නැහැ. වරින් වර එක එක නමින් ටැක්සි සේවාවන් පැමිණියත් ඒවා බොහොමයක් වැඩිකල් නොපැවතියේ ඔවුන්ට එහි පිරිවැය දැරීමට ඇති අපහසුතාවය සහ පාරිභෝගික කැමැත්ත ලැබුනේ නැති නිසයි.

නමුත් බජට් ටැක්සි , නැනෝ ටැක්සි සේවාවන් මෙම මොනොපොලිය බින්දදම්මේ ඉතා සුළු කාලයකින්.

වඩාත්ම සිත්ගන්නාසුළු වෙනස උනේ ඔවුන් විසින් සිය ටැක්සි සේවාවන් සඳහා ත්‍රිවිල්ද යොදාගැනීමයි. අනෙක් කාරණය නම් ඔවුන්ගේ ගාස්තු වල තිබුණු වෙනසයි.

මේ ටැක්සි සේවාවන් කොළඹ පුරාම ක්‍රියාත්මකයි. කොළඹින් පිට එහි සක්‍රිය භාවය අඩු බවයි පෙනෙන්නට තිබෙන්නේ. මෙම ටැක්සි සේවාවන් ඕනෑම වර්ගයක වාහනයක් ඇමතුමකින් ගෙන්වා ගන්නට හැකියාව තිබෙනවා.


නැනෝ ටැක්සි සේවාව ඔවුන්ගේ කැබ්රථ නැනෝ නමින්ද ඔවුන්ගේ ත්රිරෝදරථ ෆෙයා ටැක්සි නමින්ද පවත්වාගෙන යන අතර සාමාන්‍ය මීටර් සවිකරනලද ටැක්සි හා සසඳන විටදී මේ ගාස්තු ඉතා පහසුයි. මිට අමතරව මඩපාත නම් තවත් ටැක්සි සේවාවක් පවතිනවා. එහි ඇත්තේ ත්‍රිරෝද රථ පමණයි.



මෙම ටැක්සි සේවාවන් හි පවතින සාමාන්‍ය ක්‍රියාවලිය නම්, පාරිභෝගිකයා විසින් අදාළ ඇමතුම් මධ්‍යස්ථානයට ලබාදෙන දුරකථන ඇමතුමෙන් පසුව ඔවුන්ගෙන් ගමන ආරම්භක සහ අවසාන ස්ථාන ගැනත්, ටැක්සි සේවාව අවශ්‍යවන වෙලාවත් අදාළ ඇමතුම ලබාගන්නා තැනැත්තා විසින් විමසීමක් කරනවා. මෙම ඇමතුම් මධ්‍යස්ථානවල CLI පහසුකම මගින් පාරිභෝගිකයාගේ අංකය ඔවුන් ලබාගන්නවා. ඇමතුමට අනුව ගමනාරම්භක ස්ථානයේ සිට ආසන්නම ස්ථානයක ඇති ටැක්සි රථයක රියදුරුට සේවාලාභියාගේ අංකය සහ පැමිණියයුතු ස්ථානය දැනුම්දීමෙන් පසුව රියදුරු විසින් කෙලින්ම පාරිභෝගිකයා ඇමතීමෙන් පසුව අදාළ සේවාව සම්පුර්ණ වනවා.

ආසන්නයේ තිබෙන ටැක්සි හඳුනාගන්නට ඔවුන් මෘදුකාංගයක් භාවිතා කරනවා. එනම් රියදුරා විසින් තමන් සිටින ආසන්නතම ස්ථානයක් පැවසීමෙන් එය ඇමතුම් මධ්‍යස්ථානයේ සටහන්ව පවතිනවා. ඒ අනුව තමයි ඔවුන්ට පාරිභෝගිකයින් සම්බන්ධ කරනු ලබන්නේ. මෙම මෘදුකාංගය මගින් ලබාදෙන සේවයේ දල කුලිය ඇස්තමේන්තු කරන්නට මුලික ගුගල් සිතියමක් යොදාගනු ලබනවා. ඒ වගේම එකම ස්ථානයක සිටිනා රියදුරන් සඳහා පෝලිමක් (waiting list) පවත්වාගන්නටත් මෙය උපකාර වනවා.

බොහෝවිට මෙවැනි ඇමතුම් මධ්‍යස්ථාන ප්‍රාදේශීයව වෙන් වෙනම පවත්වාගෙන යාම සිදු කරනු ලබන අතර බජට් ටැක්සි හැරුණුවිට අනෙකුත් බොහෝ ටැක්සි පැය විසිහතර පුරාම සේවය ලබාදෙනු ලබනවා. එය වඩා ප්‍රයෝජනවත් වන්නේ අවේලාවේ මහපාරේ අතරමන්වන උදවියටයි.

මෙසේ සේවාව ලබාගැනීමේදී එම සේවාවේ කොටසක් වශයෙන් සේවාව  රියදුරාගේ නමත්, දුරකථන අංකයත්, විටෙක වාහනයේ අංකය ඇතුළු අනෙකුත් මුලික තොරතුරුත් කෙටි පණිවිඩයක් වශයෙන් ලැබෙන්නට සැලැස්වීම සැබවින්ම බොහෝ ප්යෝජනයක් ලෙසයි මට වැටහෙන්නේ. එනම්, සේවාව සපයන්නාගේ තොරතුරු පසුවට අවශ්‍යනම් යොදාගැනීමටත් සුරක්ෂිතභාවයටත් එය ලොකු පිටිවහලක්. එහි වගකීමක් සහ විශ්වාසවන්තභාවයක් තිබීම සැබවින්ම ප්‍රයෝජනවත් වන්නේ විටෙක පාරිභෝගිකයා විසින් අමතකවීමකින් හෝ දමා ගිය යමක් සඳහා නැවත සොයාබැලීමක් කළහැකි වීමයි. එලෙසම එම මෘදුකාංගය මගින්ද එම තොරතුරු රඳවා තබාගැනීමෙන් රියදුරාගේ සහ පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා වන බව මට හැඟේ.

මෙම ටැක්සි සේවාවට ඕනෑම අයෙකුට තමන්ගේ වාහනය ඇතුලත් කිරීමට පහසුකම ඇත. එහිදී ඔවුන්ට මුලික නිතිපටිපාටියක් සහ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම මට පෙනෙන්නේ සුබ සලකුණක් ලෙසයි. එනම් ඔවුන් ඇමතුමක් ගන්න මොහොතේ සිට, සේවාව අවසන් වනතුරු පවත්වාගෙන යන යන නීති පද්ධතියක් ඇති නිසා සිදුවන අපහසුතා අවම වෙයි. උදාහරණයක් ලෙස රියදුරුට එම සේවාව ලබාදීමේදී වන අපහසුතා මෙන්ම පාරිභෝගිකයා පත්වන දුෂ්කරතා අවමවන අවස්ථා වලදී ඇමතුම් මධ්‍යස්ථාන මගින් එය නියාමනය කෙරෙන නිසා සේවාව හොඳින් ලබාදීමට හැකියාව ලැබෙයි. මාසිකව කෙරෙන යාවත්කාලින ගාස්තුවක් ඇති නිසා රියදුරාට අවශ්‍ය විටෙකදී සහ අවශ්‍ය දිනවලදී සේවාවෙන් ඉවත්ව සිටියේ පහසුකමද පවතින නිසා නිදහස සිමා නොවේ. ( ත්‍රිරෝද රථ සඳහා ලිහිල් පරතිපත්තියක් ඇති බව පෙනෙන්නට තිබේ)
එමෙන්ම බලාසිටිමේදී (waiting) ඇතිවන දුෂ්කරතා සහ අනෙකුත් ගැටළු සඳහා මුලික දැනුමක් ඔවුන්ගේ රියදුරන්ට ලබාදීමට මෙම ටැක්සි සමාගම් ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.  තමන්ගේ රථය මෙම සේවාවට එක්කිරීමේදී සිදුවන මුලික වියදම් (මීටර් සවිකිරීම, මීටර් වල ගාස්තු සහ රේටින් සකස් කිරීම  ආදිය ) රියදුරන් විසින් දැරිය යුතු වන අතර බොහෝවිට මෙම සමාගම්වල ඔවුන්ගේම රථ මෙන්ම එහි සේවයකින්ගේ රථ පවා එක්කර තිබෙන බව නිරීක්ෂණය කලහැක.

ඇතැම් සමාගම් ඔවුන්ගේ රියදුරන්ට සිය රථය සඳහා වූ ස්ටිකර සහ සාමාජික කාඩ්පත රථයේ ප්‍රදර්ශනයට තබා තිබීම අනිවාර්ය කර ඇතිබවත්, සිය සමාගම විසින් අයිතිය ඇති රථවල වෙනම සටහන් පොතක් පවත්වාගෙන යාමට පැවසීමත් මගින් යාම පමණකට පාලනයක් සිදුකර ඇත.

මේ කවරක් වුවත් පාරිභෝගිකයින්ට ඒවායින් වැඩිපුරම අත්වන්නේ වාසිය. අවාසි අත්වන අවස්ථාද නැතුවා නොවේ.


මෙම ලිපිය ලියන මොහත වනවිට ඉහත සඳහන් කරනලද ටැක්සි සේවාවන් වලට වඩා ඉදිරියෙන් සිටින 'පික්මි' ( Pick me ) නමින් නව සේවාවක් සැපයෙන අතර එහිද ත්‍රිරෝද රථවල සිට අනෙඋත් සියලු වාහන සපයන අතර විශේෂත්වය වන්නේ ඔවුන්ගේ සේවය සපයන්නේ පාරිභෝගිකයාගේ android මෘදුකාංගයක් හරහා වීමයි. එහිදී පාලක මධ්‍යස්ථානයට අඩු බලයක් ලැබෙන අතර සන්නිවේදනය රියදුරු සහ පාරිභෝගිකයා වෙත කෙලින්ම app එක හරහා ලැබේ.

මෙමගින් තාක්ෂණික උපකරණ හා සම්බන්ධව ඉන්නා පාරිභෝගිකයින් වැඩිදෙනෙක් ආකර්ෂණය වී තිබීම දක්නට ලැබේ. ( සේවයේ ඇති පහසුකම මත පදනම් වන පාරිභෝගිකයින් වැඩිදෙනා) කැන්ගරු කැබ්ස් සේවයද මෙවැනි ඇප් එකක් යොදාගත්තද එය පික් මි තරමට ජනප්‍රිය වුයේ නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.

මෙසේ සිය රථය මෙම සේවාව සපයන ආයතනයට ලබාදීමෙන් පසුව ඔවුන් අවම වශයෙන් ලබාදෙන හයර් ප්‍රමාණය (මුදල්මය වටිනාකම) වෙනුවෙන් ගිවිසුමක් පවත්වාගෙන යනු ලබන අතර, ඒ සඳහා මාසිකව කුඩා අයකිරීමක් සිදුකරයි. ( ත්‍රිරෝද රථ සඳහා මසකට 3000ක් වැනි මුදලක්) . මේ නිසා ඇතැම් සමාගම් ඔවුන් ලබාදෙන හයර් අවසානයේ ලබාගත් මුදල පිළිබඳව ඇමතුම් මධ්‍යස්ථාන දැනුවත් කිරීමට උපදෙස් ලබාදී ඇත. මේ මගින් සිය සාමාජිකයින්ට අසාධාරණයක් නොවීමට යම් ප්‍රමාණයක නියාමනයක් තිබීම වටී. එලෙසම පාරිභෝගිකයින් අතුරින් ඇතැමුන් සඳහා සේවය ලබාදීමට ගොස් පැය ගණන් තැපිමට සිදුවන බැවින් රියදුරන් සඳහා 'බලාසිටීමේ පිළිවෙතක්' තිබීමෙන් ( යම් නිශ්චිත කාලයකට පසුව 'නැවතී සිටීමේ ගාස්තුවක්' අයකිරීම ආරම්භ කිරීම වැනි) අපහසුතාවය අවම කොට ඇත.


මම මෙය ලියන මොහොත වනවිට එහි ඉතාහිත් සඳහන් කරනලද ත්‍රි රෝදරතවල සහ කුඩා කාර්වල ගාස්තු මෙසේයි


Taxi සේවාව
Vehicle Availability & price




3 wheel
Nano /Small cars
Vans
Other type vehicles
Comments
Service availability
Contact number

Budget Taxi
 පළමු කිලෝමීටරය  - 50/=, වැඩිවන  සෑම කිලෝමිටරයටම 32/= , වේටින් සෑම විනාඩියකටම 2/=
 පළමු කිලෝමීටර් දෙක 100/= වැඩිවන සෑම කිලෝමිටරයටම 45/= , වේටින් විනාඩි 30ක් නොමිලේ. ඉන්පසු වැඩිවන සෑම විනාඩියකටම 20/=
 පැකේජ වශයෙන් 
 පැකේජ වශයෙන් 

 උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා 
 0117299299

Sonit/Fair Taxi
 පළමු කිලෝමීටරය  - 50/=, වැඩිවන සෑම කිලෝමිටරයටම 30/= , වේටින් සෑම විනාඩියකටම 2/=
 පළමු කිලෝමීටයේ සිට සෑම කිලෝමිටරයටම 42/= , වේටින් විනාඩි 20ක් නොමිලේ. ඉන්පසු වැඩිවන සෑම විනාඩියකටම 20/=
  පැකේජ වශයෙන් 
  පැකේජ වශයෙන් 

 පැය 24 පුරා 
 Sonit - 0112816816

Fair Taxi -
0117588588

Madapatha Taxi
 පළමු කිලෝමීටරය  - 50/=, වැඩිවන සෑම කිලෝමිටරයටම 30/= , වේටින් සෑම විනාඩියකටම 2/=

 නොමැත 
 නොමැත 

 පැය 24 පුරා 
 0772102030

Online cabs
 පළමු කිලෝමීටරය  - 50/=, වැඩිවන සෑම කිලෝමිටරයටම 35/= , වේටින් සෑම විනාඩියකටම 2/=



 පැය 24 පුරා 
 0721820820










General Taxi
පළමු කිලෝමීටරය  - 50/=, වැඩිවන සෑම කිලෝමිටරයටම 40/= , වේටින් සෑම විනාඩියකටම 2/=




 පැය 24 පුරා ?



මේ සියල්ලටම අමතරව මෙම සේවාවෙන් කලින් වෙනකරවා ගතහැකි වන පරිදි පහසුකම පැවතීමෙන් කල්ඇතිව රථයක් ලබාගැනීමේ පහසුවද හිමිවෙනවා. එසේ වන්නේ වඩාත් වැදගත් සහ කාලය පිලිබඳ වටිනා ගමන් සඳහායි. උදාහරණයක් ලෙස පාන්දර හෝ මහා රාත්‍රියේ යෙදෙන ගමනක් සඳහා කල්වේලා ඇතිව ටැක්සිය වෙන්කරවා ගැනීමෙන්ද, නියමිත වෙලාව පසුනොකොට යා යුතු ගමනක් රස්තියාදුවෙන් තොරව යාම සඳහා මෙවන් වෙන්කරගනිමක් වැදගත්වනු ඇත. නමුත් මෙම වෙන්කරවාගැනීමේදී 'අවම ගාස්තුවක්' ඔවුන් විසින් ලබාදෙයි. එනම් අවම වශයෙන් එම ගණන ඉක්මවා හයර් එක තිබිය යුතුය.

මෙම සේවාවන් සියල්ල ලබාගැනීමේදී පාරිභෝගිකයෙකු වශයෙන් සැලකිලිමත් වියයුතු කාරණා කිහිපයකි
1. ඇමතුම් මධ්‍යස්ථානයට ඔබ සිටිනා ස්ථානයට ආසන්නයෙන්ම ළගාවිය හැකි නගරය හෝ ප්‍රසිද්ධ ස්ථානය නිවැරදිව පැවසීමෙන් ඉක්මනින් රියදුරෙකු ලබාගැනීමට හැකිවනු ඇත.
2. කල්වේලා ඇතිව ඇනවුම් කිරීමේදී විටෙක කිහිපවරක් අමතා රියදුරෙකු ඇද්දැයි ( කෙටි පණිවිඩය වැනි දැනුවත්කිරීම් නොලැබුණේ නම්) විමසීමට මතක තබාගත යුතුය.
3. රියදුරු ඇමතු මොහොතේ 'ඔහු සිටිනා ස්ථානය' විමසීමෙන් ඔහුට ඔබට අවශ්‍ය ස්ථානයට ඒමට පහසුම මාර්ගය ලබාදීමේ පහසුව ඔබට ලැබෙනු ඇත.
4. ඔබ රථයට නගින්නට බලාපොරොත්තුවන ස්ථානයේ රථවාහන වලට ගොඩවියහැකි තත්වයක් තිබේදැයි සැලකිලිමත්වීම ප්‍රයෝජනවත් වනු ඇත.
5. ඇතැම් රියදුරන් ඔබ රථයට නගින්නට පෙර 'පොරොත්තු කාලය' සඳහා මීටරය ක්‍රියාත්මක කරන්නට ඉඩ තිබෙන බැවින් ඒ ගැන කල්තියා දැනුවත් වී සිටීම වැදගත් ( සාමාන්‍යයෙන් මිනිත්තු 15ක් පමණ ඉක්මවූ ප්‍රමාදයක්/පොරොත්තු වෙලාවක් ඉක්මවීමෙන් පසුවයි ඔවුන්ට එසේ මීටරය ක්‍රියාත්මක කිරීමට අවසර තිබෙන්නේ )
6. රථයට නැගුනු පසුව මීටරය කියවීම අමතක නොකරන්න.
7. රියදුරු හා අනෙකුත් විස්තර ගැන ඇති කෙටි පණිවිඩ හැකි නම් දුරකතනයේ තබාගැනීම සිදුකරන්න.
8. අවශ්‍ය ස්ථානයට යාමෙන් පසුව මිටරගේ අගය තමන් විසින්ම කියවන්න.
9. ලබා ගත් සේවාව පිලිබඳ පැමිණිල්ලක් වේනම්, ඉක්මනින්ම ඇමතුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් ඔවුන්ට ඒ ගැන ක්‍රියා කිරීමට හැකියාව ඇති වනු ඇත.


ලංකාව පුරා ක්‍රියාත්මක වන මෙම සේවාවන් නිසා පහසුවට පත්වන පාරිභෝගිකයින් අතුරින් වැඩිදෙනා මෙම ටැක්සි සේවාවන් ගැන සුබවාදී ආකල්පයක් දරන බැවින් මේවායේ ගුණාත්මක භාවය ඉදිරියටත් වර්ධනය වනු ඇති බලාපොරොත්තු තැබිය හැකිය.


ප.ලි. 
මේ ඔක්කොම අවු අස්සේ, මේවා වලින් මම ලබපු අත්දැකීම් කියන්ට පෝස්ටුවක් කොටන්න වෙනවාය!

ප.ප.ලි. 
සොනිට් ආයතනයේ දුර ගමන් සඳහා යොදාගතහැකි හයිබ්‍රිඩ් රථ ලබාගත හැක. ගාස්තු , පළමු කිලෝමිටරයේ සිට 62/=
බජට් ටැක්සි සේවාවේ මෙම පහසුකම ඇති නමුත් අයකිරීම් නොදනිමි.


ප.ප.ලි.

Uber පහසුකම ගැන නව තොරතුරු ලබාදුන් ඉයන්ට ස්තුතියි. මම අද ඒ ගැන හොයල බැලුවා. ඒ ගැනත් ලියන්නම්.

Uber සඳහා යොදාගන්නේ ඇප් එකක්. එය ඕනෑම ස්මාර්ට් දුරකතනයකට ලබාගත හැකියි.

Android
https://play.google.com/store/apps/details?id=com.ubercab&hl=en

iTunes
https://itunes.apple.com/us/app/uber/id368677368?mt=8&ct=Uber.com

එහි ලියාපදිංචි වීම කලයුතු අතර ඒ සඳහා ඔබේ විද්‍යුත් ලිපිනය සහ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතේ විස්තර, මුරපදයක් අවශ්‍ය වෙනවා. ඉන්පසුව ඕනෑම අවස්ථාවකදී ඒ මගින් ඔබට රථයක් ඉල්ලුම් කරන්න පුළුවන්. මේ ලියන මොහොත වනවිට එය හඳුන්වාදීමේ  අවධියේ සිටින නිසා ගාස්තු පහත ආකාරයෙන් පවතිනවා.

මුලික ගාස්තුව රුපියල් 50/=, සාම කිලෝමිටරයකටම 30/= නැවතීමේ ගාස්තු නැහැ.

රියදුරුගේ පැත්තෙන් ගතහොත් ඔවුන්ට භාවිතා කරන්නට වෙනම ඇප් එකක් තියෙනවා. ලියාපදිංචිවීම සඳහා ඔවින් එහි ය යුතුයි. ඒ මගින් රියදුරුගේ විස්වාසවන්තභාවය රැකෙනු ඇත. දැනට ඔවුන්ට ගෙවින් සිදුකරන්නේ කිලෝමීටරයට 45/= බැගින්. එනම් මේ සේවාවද එම ගාස්තු සීමාවට ඉදිරියට පැමිණෙනු ඇත. එලෙසම අධිවේගී මාර්ගය සඳහා (පිවිසුම් ගාස්තු) රියදුරු විසින් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් Uber ආයතනය මගින් රියදුරුට ගෙවනු ලබන බවයි අසන්නට ලැබුනේ. ඊට අමතරව විදේශිකයින්ගේ ලොකු විස්වාසයක් මෙම ටැක්සි සේවාව කෙරෙහි පවතින බව පෙනෙන්නට තිබෙනවා. ආදායම යහපත් බව රියදුරන්ගේ මතයයි.


තවත් කාරනාවක් අතපසුවිය.
මොවුන්ගේ සේවාව ලබාගැනීමේදී ගාස්තුව කාර්යබහුල වේලාවන්හිදී 2.5 ගුණයකින් වැඩිය.




50 comments:

  1. වටිනා පෝස්ටුවක්..... විශේෂයෙන් ම කොළඹ පැත්තේ ඉන්නා අයට.... අපි ඉතින් කෝල් එකක් දුන්නොත් ඔය ටැක්සියක් ඉන්න තැනට ගෙන්නගන්නම රුපියල් 5000ක් විතර දෙන්න වෙයි මයේ හිතේ........ හැක්

    ReplyDelete
    Replies
    1. පිට පලාත්වල මෙය සාර්ථක නොවෙන්නේ මීටරේට යන එකට 'මගියා' සහ රියදුරා කියන දෙන්නම පරාන බය හින්දා. දෙන්නටම ඒකෙන් වාසි වෙන බව තේරුම් ගන්නේ ටික දෙනයි. අනිත් එක මීටරයක් සවිකරන්න යම් පිරිවැයක් දරන්න වෙනවා. ඒකෙ රේට් එක වෙනස් කරගන්න ඔවුන්ට දැනුමක් නැති නිසා ( මීටරේ එජස් කරගන්න) ඒකට සවිකරන තැනකටම යන්න වෙනවා. එයට අය කරනවා. ඉතින් රියදුරන් කැමති නැහැ.

      අනිත් එක තමයි ඇමතුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න සමහර අයට හැකියාවක් නැහැ. සේවකයින් පැය 24 ම ඉන්නත් ඕනේ ( ගොඩක් වෙලාවට) එතකොට අමාරුයි.

      Delete
  2. 2015 බ්ලොග් සම්මාන සඳහා අවසන් නිර්දේශ හා නිර්දේශිත බ්ලොග්කරුවන් සඳහා වන නිළ ආරාධනය - You are named !!!

    http://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html

    ReplyDelete
  3. මමත් මේ ටැක්සි හැම එකක්ම පාවිච්චි කරල තියෙනවා. අර පික්මී එකනම් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම තව එකක් තියෙයි Uber කියල. ඒකේ ගනුදෙනු කරන්න තියෙන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් මගින්. කාර් දැනට ගනන් අඩුම මං හිතන්නේ Uber එකේ. 1Km+30=

    ReplyDelete
    Replies
    1. https://www.uber.com/cities/

      මේකද?
      ලංකාවේ තියෙනවද?

      Delete
    2. Uber is doing that to bankrpt Sri Lankan company pickme.

      Delete
    3. Ian: මොනවා? ඒ උනාට pick me එකේ රේට්ස් වෙනස්නේ... මට මතකයි pick me ලංකාවට එන්න බලාගෙන ටැක්සි රියදුරන්ට නොමිලේ ස්මාර්ට් ඩිවයිස් එක හයිකලා. පස්සේ තමයි මාකට් එක ඇල්ලුවේ.

      මට තව පැහැදිලි මදි වගේ. විස්තර කියන්න පුලුවන්ද?

      Delete
    4. ලංකාවට UBER ආවේ ගිය අවුරුද්දේ අන්තිම වගේ . ඊට කලින් Pickme හිටියා. මට යමෙක් කිව්ව UBER ඔව්න්ගේ රේට් එකට වඩා අඩුවෙන් දුවනවා කියලා. මීට කලින් UBER ඉන්දියාවේ සහ කෙන්යාවෙත් කලා.

      Delete
    5. වැඩේ කියන්නේ මම ඊයේ Uber දාගත්ත. කොටිම්ම උනේ මම ගියපු ටැක්සි එකේ රියදුරා හවස Uber එකට මාරු වෙනවා කියල උන්දැ ම කිව්වම මම විස්තර ඇහුව. වැඩේ ඇත්තනේ බොලේ.... app එක දාගත්තම ඔක්කොම හරි. Pick-me වලට වඩා ගණන් අඩුයි. ඉයන් දීල තිබ්බ පලවෙනි ලින්ක් එකේ කොමෙන්ටු දාල තියෙනවා. ඒකෙ තියෙනවා කෙනෙක් කියලා එන ටැක්සි පිරිසිඳු නැහැ කියල. ඒ ගැන නම් දන්නේ නැහැ. ඒ උනාට සොනිට් එකෙන් නම් සමහර වෙලාවට 45 ටත් හයිබ්‍රිඩ් එවනවා... මම ඉතින් යාවජීව සාමාජිකාව හින්දා වෙන්න ඇති.. හි හි...

      Delete
  4. බජට් ටැක්සි කෝල් සෙන්ටර් එකෙන් සමහර වෙලාවට ස්වුත්තු වැඩ කරනවා. ගමන කෙටි එකක් නම් ටැක්සි නෑ කියනවා. සමහර ඩ්‍රයිවර්ල ලන්ග ගමන් යනකොට කුනු කුනු ගානවා උදේ ඉඳන් වේලි වේලි ඉඳලා මේක තමයිබ උනේ කියලා. සමහර ඩ්‍රයිවර්ලා කෝල් සෙන්ටර් එකේ අයට ජරාව දෙනවා දුර ට්‍රිප් ගන්ට. ඒ අතින් Pick me හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන නම් කතා ඕනේ තරම් තියෙනවා.
      බජට් එකේ කස්ටමර් සර්විස් එකට වඩා සොනිට් හොඳයි. අඩු රින්ග් කරාම දුරකතනයට උත්තර වත් දෙනවා. බජට් එකේ අඩු තරමේ එහෙමවත් කරන්නේ නැහැ බිසී වෙලාවට.

      සොනිට් එකේ මෙහෙම පොලිසියක් තියෙනවලු
      කාර් වලට නම් දවසකට 5000/= කට වඩා හයර් තිබ්බේ නැත්තම් 'loss list' කියලා දානවලු. ඊට පස්සේ දවසේ එහෙම අයට ගොඩක් හොඳ හයර් දෙනවලු. ඒ කියන්නේ එක හයර් එකක් අඩුම තරමේ 4000/=ක් වගේ වෙන්නත් එනවලු. දවසකට එහෙම දෙකක් තුනක් කලත් ඇති වෙන තරමට. නමුත් ත්‍රිවිල් වලට එහෙම තියෙනවද දන්නේ නැහැ.

      ඒ වගේම හොඳ හයර් කොහොමත් එයාල එයාලගේ කොම්පැනියට අයිති වාහනවලට දෙන්න තමයි බලන්නේ. ඒක ඉතින් කොහොමත් තියෙනවලු.

      බජට් එකේ නම් එහෙම හොඳ සර්විස් එකක් නැහැ. ඒකෙ ලොක්කෝ හෙන ලොකු සීන් කියල තමයි රියදුරෝ නම් බනින්නේ.

      සමහරු මේ වගේ කම්පැනි දෙකක විතර එකවර දුවවනවා.

      Delete
  5. කොළඹින් පිට නම් තාම ඒකාධිකාර තියෙන්නෙ.ගල්ලෙන බිඳින්න ඕනෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕනෙම කෙනෙක්ට පුළුවන් කෝල් සෙන්ටර් එකක් අරින්න අදාළ ගාස්තු ගෙවලා. මගේ යාලුවෙක්ට එහෙම එකක් නිකම්ම ලැබුනා නමුත් කරගෙන යන්න බැරි හින්දා වැහුවා. ඒකට ලොකු කැපකිරීමක් වගේම වැඩි සේවා කාලයක් ඕනේ කරනවා. ඒ වගේම ඒ අතරේ තමන්ගේ වාහනයක් දාගත්තා නම් අපදුවක් නැතුව දුවන්නත් පුළුවන්.

      කරනවා නම් අන්න නියම වැඩ!

      Delete
  6. මෙම ක්‍රමය සමාජයේ අන් දේවල් කෙරෙහිද ව්‍යාප්ත විය යුතුයි. තව ටික දිනකින් ප්‍රවාහනය සඳහා වාහනයක් අයිති කර ගැනීම අවශ්‍ය නොවනු ඇති. ඒවගේම මෙවැනිම තාක්ශණයක් හරහා විවාහ වීමත් අවශ්‍ය නොවන තත්ත්වයකට පත්වනු ඇති. හැක්

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කියන්නේ.. පොද්ද ඇත්තම් පීලි පනිනවා... හෙහ් හෙහ්...

      රහසෙන්: දැන්ය කියල ඕකේ වෙනසක් පෙනෙන්න නැහැ වගේනේ.. මගේ ඇහේ දෝසයක්ද කොහෙද.

      Delete
  7. හොද වෙලාව ලංකාවේ බස් හෝල්ට් එකට හුවයි බල්ටියයි... බස් නැතිව ගියොත් හබියව ඩයිවර් කරන් ගෙදර තියෙන වාහනේ හයර් එකට ගන්නවා... ඒක හරි සිම්පල් ප්ලෑන් එකක් උපේක්ෂෝ

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද පුසෝ මාළු... අපි මූදු ??

      ලංකාවේ ගෑනු පරානයක් ඩ්‍රයිවින් සිට් එකේ දැක්කහම සමහර පිරිමි ඩ්‍රයිවර් උන්දලට කුලප්ප්පුවක් හැදෙනවනේ පාරේ යනකොට. ඊට වඩා සැපයි ටැක්සි එකේ ෂපාන් එකේ පිටිපස්සේ වාඩිවෙලා යන එක.

      Delete
  8. හරි වැදගත් ලිපියක් උපේක්ෂා...
    මට මේක කියෙව්වම මඩක් ගහන්නත් හිතුන අඩේ ඔව් කියාංකො...
    මං මේ කම්පනා කොලේ දැං මේ ටැස්සි සේවිස් එකෙං උපේස්සගෙ එක කෝකය කියල
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මගේ එකක් තියෙනවා නම් අනිත් උන්ගේ එව්වා ගැන මොකට ලියනවද හත්වලාමේ?
      මේවා ලිව්වේ මේ දවස්වල මම ගොඩක් ගමන් වලට ටැක්සි යොදාගන්නකොට දැනගත්ත කරුණු අනිත් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතල.

      ඔව්වත් මඩද.. මල්ලි ඔව්වත් මඩද....! හික් හික්

      Delete
  9. /විශේෂත්වය වන්නේ ඔවුන්ගේ සේවය සපයන්නේ පාරිභෝගිකයාගේ android මෘදුකාංගයක් හරහා වීමයි/
    කල්පනා කොරේ ඇනරොයිඩ් වලින් කොලඹ යන්නේ කොහොමෙයි කියලා??

    අගෙයි.. ඔය කැන්ගරු උන්නැහේලා හැම අවුරුද්දකම මට සුභ පතලා මැසේජ් එකක් එවනවා.. හැක් හැක්

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. Uber එකත් මේ ක්‍රමයම ( Android App) තමයි යොදාගන්නේ. ඉදිරියට අනිත් අයටත් මේ ක්‍රමය යොදාගන්න වෙනවා පැවැත්මක් නැති වෙනවා නැත්තම්.

      කැන්ගරු එකේ එය යොදාගන්නේ මාර්කටින් වලට. මේ සමහර සේවා වලත් අපි නිරන්තර සේවය ලබාගන්න බව නිරීක්ෂණය කරනවා. පොඩි පොඩි වාසි නැත්තේ නැහැ එතකොට නම්. කැන්ගරු නම් මාසෙකට තෑග්ග ගානේ එවන්න ඕනේ, එතරම් චාර්ජ් කරනවනේ හෙහ් හෙහ්... අපිත් ඉතින් සුද්දෝ වගේ තමයි ඔෆිස් වලදී ඒවායේ යන්නේ.

      මම මේ ලිව්වේ අපිට එදිනෙද යන ගමන් වලට ඔය කැන්ගරු නෙවෙයි පැස්බරුනේ ඕනේ වෙන්නේ. ඒ හින්දා. මොකද මම දැකල තියෙනවා නිතිපතා ටැක්සි සේවාවන් ලබාගන්න ගොඩ දෙනෙක් මේ සහන මිලට යන ඒවා ගැන දන්නේ අඩුවෙන්. නැත්තම් බලන්නකෝ සාමාන්‍ය මීටර් ත්‍රීවිලර් එකේ යන ආසන්න ගානකට කාර් එකක ඒ ගමන යන්නත් පුළුවන්කම තියෙනවා නේ. නිකන් මොකටද කට්ට කන්නේ?

      Delete
  10. මමත් කාලයක් ඔව්වා සෑහෙන පාවිච්චි කලා...
    හැමදාම වැඩට එන්න 300/- යි යන්නත් ඒ වගේ හෝ ඊට ටිකක් වැඩි ගානක් ගෙවන්න උනා...
    පස්සේ මම කලේ මම නතරවෙලා ඉන්න ගෙවල් කිට්ටුව කොල්ලෙක්ගේ ත්‍රිවිල් එක උදෑසන වාරයකට 250/- ගානේ කතා කර ගත්තු එක...
    දවස ගානේ තියෙන හයර් එකක් නිසා මිනිහත් අකමැත්තක් නැතුව ආවා...

    ReplyDelete
    Replies
    1. 300 කියන්නේ කිලෝමීටර් 11ක් විතර නේද? ( ආන්න දැක්කද අතැඹුලක් සේ වෙලා මට දැන්.. හෙහ් හෙහ්.. ඇස්දෙක පියාගෙන ගාන කියන්න පුළුවන්)

      ඔව්.. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එකපැත්තකට යන හයර් එකක් නම් සමහරු කැමති නැහැ. ගොඩක් වෙලාවට එහෙම අකමැති වෙන්නේ හන්දියේ ත්‍රිවිල් තියාගෙන ඉන්න අය. එයාලට එහෙම එක පැත්තකට ගියාට නතරකරගෙන ඉන්න තැනකුත් නැහැ. හයර් ලැබෙයිද ෂුවරුත් නැහැ.

      මොකද සමහර හන්දිවල තිරෝද රථවල උදවිය පාරේ යන එව්වා ඒ අවට නතරකරන්න ඉඩදෙන්නේ නැහැ. අම්මෝ හෙන වලි අදිනවා. එයාලගෙන් ගියේ නැත්තම් කේස්.

      Delete
    2. පිස්සුද බන්, ඔය ගාන මට වැටෙන්නේ කිලෝමීටර 7 කට වගේ...
      වැඩට යන සහ එන වෙලාවේ කෝල් ටැක්සි කාරයෝ පට්ට බිසී...
      ඉතින් පාරේ යන නිකන් එකෙක් එක්ක ගියාම තමයි ඒ ගාන, සමහර වෙලාවට 320/- ගිය දවසුත් තියෙනවා...

      ///එකපැත්තකට යන හයර් එකක් නම් සමහරු කැමති නැහැ. ගොඩක් වෙලාවට එහෙම අකමැති වෙන්නේ හන්දියේ ත්‍රිවිල් තියාගෙන ඉන්න අය. එයාලට එහෙම එක පැත්තකට ගියාට නතරකරගෙන ඉන්න තැනකුත් නැහැ. හයර් ලැබෙයිද ෂුවරුත් නැහැ.///
      කොළඹදී ඒ ගැටළුව ටිකක් අඩුයි, හැබැයි ට්‍රැෆික් වැඩි වෙලාවට දුර යන්න සමහරු කැමති නැහැ...

      Delete
    3. හැඃ ? අවුරුද්දක් හමාරක් යනකොට ඌට පුළුවන් වෙයි හයිබ්‍රිඩ් එකක් ගන්න ඔයා ගෙවන සල්ලි වලින්. හෙහ් හෙහ්... පිස්සුද හලෝ. ඒකට කරන්න තියෙන්නේ මේ සමාගමකට කලින් දවසේ කතා කරලා හයර් එක බුක් කරන එකයි. සරලයි. ලේසියි. මම හිතන්නේ කලින් දවසේ බිල කානු පල්ලේ ඉඳන් පහුවදා වැඩට යන්නේ නැත්තම් එහෙම කරන්න බැරිවෙන විදියක් මට හිතාගන්න බැහැ.

      කිලෝමීටර් 7ක් නම්
      පලවෙනි කිලෝමිටරේට 50/=
      ඉතිරි කිලෝමීටර් 6 ට ( 32*6) = 192 ( වැඩිම උනොත්)

      ෆෙයා ටැක්සි උනොත් 30*7 = 210යි. එක පැත්තකට. දවසකට 40/= ගානේ ඉතුරු වෙනවා.

      ට්‍රැෆික් වැඩි වෙලාවට හොඳම පොඩි කාර් එකක යන එක ( පොඩිම දුරක් නම් පාඩුයි සහ උන් එන්නෙත් නැහැ.) වේටින් අඩුම තරමේ විනාඩි 20ක් නිකන්.

      Delete
  11. මේ තියෙන්නේ ලෙසටම ලියලා! මොනවා උනත් ට්‍රැෆික් එක වෙලාවට කියපු බේත තමයි ටැක්සි එක.

    ReplyDelete
    Replies
    1. නාඩියාගේ ලිපිය දැකල තමයි මේ ලිපිය draft එකෙන් එලියට ඇදල ඉවර කරලා දාන්න හිතුනේ.

      ආයෙත් අහල. ඒ වෙලාවට කාර් පදින්න ඔට්ටුවෙනවට වඩා හොඳම විදිය ඒ ස්ට්‍රෙස් එක ගානට ටැක්සි කාරයට පටවලා ෂපාන් එකේ පස්සේ සිට් එකේ ගුලිවෙලා AC එකේ නිදාගෙන යන එක!

      Delete
  12. ටැක්සි චක්‍රවර්තිනෙ..!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... බොරුත් නෙවෙයි එක අතකට බැලුවම. හෙහ් හෙහ්...

      Delete
  13. උපෙක්ශෝ මේ අපි වගේ අනාථයින් වෙනුවෙන් ටැක්සි සර්විස් (කැබ්ස් වල) (no took took or nano)නම්බර්ස් ටිකක් දැම්ම නම් හොඳයි. හදිස්සියට ඕවයේ නම්බර් හොයාගන්න කාට හරි කෝල් කරාම උන් දන්නෙත් නෑ. මෙච්චර හරියක් කල එකේ ඒ නම්බර් ටිකත් දාන්නකෝ ඔන්න ඔහේ...
    හැට්ස් ඕෆ් ෆෝ එ ග්‍රේට් පෝස්ට්

    ReplyDelete
    Replies
    1. මේවගෙන් කැබ්ස් තියෙන ඒවා තෝරාගන්න. වගුවේ ඒ නොම්බර ටික දැම්මා.

      Delete
    2. මේ හොඳටම මදි උපෙක්ශෝ. තව නම්බර්ස් ඕනෙ කියලා කිව්වේ. සමහරවෙලාවට් කෝල් කලාම ඔය බොහෝ තැන්වල ටැක්සි නෑ. ඒවගේ වෙලාවට වැඩිපුර නම්බර්ස් දන්න එක වටිනවා. ලංකාවේ ඉන්න වෙලාවක පටස් ගාල මේ බ්ලොග් පෝස්ට් එක සේව් කරන් ටැක්සියක් හොයාගන්න පුළුවන්නේ.
      කාසන්ස් එකෙත් ටැක්සි සර්විස් එකක් තිබ්බා මට මතක විදියට.

      Delete
    3. හරි හරි. තව දාන්නම් .මගේ ගාව ලිස්ට් එකක් තිබ්බ. වැඩියෙන්ම කැබ්ස් තියෙන්නේ මේවගේ තමයි. අනිත්වගේ ගොඩක් වෙලාවට අපිට ඕනේ වෙලාවට ගන්න කැබ්ස් නැහැ.

      නැනෝ සහ බජට් ටැක්සි දෙකම ඒ අතින් හොඳ සේවයක් දීලා තියෙනවා මෙතෙක්.

      Delete
    4. 1. 0112816814
      2. 0117209720
      3.00112827826
      4. C Taxi 0113300400
      5. High level cabs - 011 3003003
      6. Pawana rent a car - 0114801801
      7. Rent a car Sixth - 0112870870

      Delete
  14. මගෙත් වහනයක් තියෙනවා රෑට රෑට හයර් එකක් දුවලා කියක් හරි හොයා ගන්න ඉන්නේ.. බැරිද පබ්ලිසිටියක් දෙන්න මේ වගේ.. :)

    ReplyDelete
    Replies
    1. වාහනේ මගේ නමට ලිව්වොත් සලකලා බලන්ට බැරියැ

      Delete
  15. බොහෝම ප්‍රයෝජනවත් ලිපියක්. ලංකාවෙ පාරවල් ත්‍රීවීල් වලින්ම වැහිලා යන එකට මොකුත් කරන්න දෙයක් නැතිවෙයිද?

    ReplyDelete
    Replies
    1. මම වගේ උන් කවුරුහරි ඇතිය කියල හිතල දැම්මේ. ගොඩක් රට ඉඳල එන උන්ට තියෙන තදබල ප්‍රශ්නයක් තමයි මේ ප්‍රවාහනේ. සමහරු දන්නේ නෙහෙ මේ තොරතුරු. තවත් දෙයක් තමයි මේවා යම් පමණක්ය නියාමනයක් හා විධිමත් බවත් තියෙන නිසා දන්නා කෙනෙක්ගෙන් ගන්නවට වඩා වගකීමක් තියෙනවා.

      ඒ කිව්ව එකට නම් මම මක් කරන්නද... මගෙත් ඩ්‍රයිවින් එපා කෙරෙව්වේ ඒ උන්දලා සහ 'බයිසිකල් කාරයෝ'. (සැ.යු. යතුරුපැදිකරුවන් නොවේ!)

      Delete
  16. Nano Cars වල ගාන ත්‍රිවිලර් වලට වඩා ලාභයි..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මීටර් ත්‍රිවිල් වලට වඩා පොඩි කාර්වල ගැන කොහොමත් අත උඩින් ලාබයි! එකනේ හත්වලාමේ මම මේ ලිපිය කිව්වේ! යනකොට මේ ටැක්සි සේවාවල් වලින් යන්නය කියල.

      Delete
  17. හප්පේ මටත් බොහොම වටින පොස්ට් එකක්...

    ReplyDelete
  18. බොහොම වටිනා පොස්ට් එකක්.. well-done උපේක්ෂා..

    මීට අවුරුදු හයකට හතකට කලින් මගෙත් තිබ්බ කැබ් සර්විස් එකක්.. ඒ කාලේ මම දිවෙව්වේ කිලෝමීටරේට 21/= යි.. පාඩුවක් නම් තිබ්බේ නැහැ.. රෙන්ට් එකටත් දාල තිබුන එකක්.. ඔය බ්ස්නස් එක බොහොම ලාභ තියන බිස්නස් එකක්.. හැබැයි රැයක් දවාලක් නැතුව මහපාරේ තමා.. ඩ්‍රයිවර් කෙනෙක් අඩුනම් අයිතිකාරයට හරි ඩ්‍රයිවර් වෙන්න පුළුවන් වෙන්න ඕන.. වාහනේ පේදුරුතුඩුවේ කොනේ කැඩුනත් පහුවදා වෙද්දී හදාගෙන එන්න පුළුවන් සුපිරි ඩ්‍රයිවර්ලා ඉන්න ඕන වැඩේට.. මගේ නම් වාහන වල එන්ජිම සීතල වෙන්න දුන්නෙම නැහැ..හැක්..ඒ කාලේ මම වැඩිපුරම ගානක් ගතපු හයර් එක පැය 24 ඇතුලත 21000/= ක් ලැබුන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැඩක් ඇතිය කියල හිතුනා නම්.

      ඉතින් ඇයි වැඩේ නතර කලේ?? ඔය කියන්නේ ටිකක් විතර සමාගමට අයිති වාහන තියෙන කැබ් සර්විස් එකක් ගැනනේද ? නමුත් මම මේ කියන බහුතරයේ වාහනේ අයිති සමාගමට නෙවෙයි. එතකොට සමාගමට වැඩි වාසි අත්වෙනවා. මොකද වාහනේ පිලිබඳ වගකීම අඩු නිසා. හැබැයි එකක් කැඩුනොත් තව කෙනෙක් දෙන්න වෙනවා. නමුත් එය අත්‍යවශ්‍ය නැහැ.

      කිව්වට විස්වාස කරන්න මේ බොහෝ වාහන දිනකට 11000 පන්නලා ආදායමක් ගන්නවා. ඊට අමතරව දුර හයර් ඕනේ තරම් තියෙනවා. මට මුණගැහිලා තියෙනවා ත්‍රිවිල් දුවමින් ඉඳලා පස්සේ මරුටියක් ගත්ත මිනිස්සු. සමහරි ලීස් කරලා ත්‍රිවිල් එක අරගෙන, හයර් වලින් ලීස් එකත ගානට ගෙවාගෙන. ඒ කියන්නේ දියුණු වෙන්න බැරි නැහැ.

      මේ මිනිස්සු කියන කතා ඇහුවම පුදුමත් හිතෙනවා සමහර වෙලාවට. එක රියදුරෙක්ගේ ළමයින් තුන්දෙනාම යන්නේ ඉන්ටනැෂනල්. තවත් එකෙක් ළමයි ඉස්කෝලේ දාන්න ලක්ෂ ගණන් පගාව දීලා ළමයි හොඳ තැන්වලට දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ උන්ට ආදායම නරක නැහැ කියන එක නේද?

      Delete
    2. මම විදේශගතවුන නිසා සියල්ලම නතරකලා.. වැඩේ දන්නා මනුස්සය නැතුව ඒ වගේ බිස්නස් කරගෙන යන්න අමාරුයි.. අවුරුද්දකින් ලංකාවට යද්දී වෑන් එකක් රෝද හතරේ හුලනුත් බැහැල පොළොවට පස්වෙන්නත් ලඟයි .. හැක්.. අන්තිමේ ඒකත් පේන්ට් කරලා හදල විකුණලා දැම්ම..

      Delete
  19. මට මැලේසියාවේ ටැක්සි ගැන නම් හොඳ අත්දැකීම් ටිකක් තියෙනවා.. හෙහ් හෙහ්.. මෙහෙ සෑහෙන්න දියුණු සේවාවක් තියෙනවා.. හෙන දවසකට පස්සේ ආයෙත් බ්ලොග් කියවන්නේ.. ලියන්නම්කො මමත් එකක් මැලේසියන් ටැක්සි ගැන.. (මෙහෙන් එන්න කලින් කවදාහරි ලියයි කියල මම හිතාගෙන ඉන්නවා.. :))

    ReplyDelete
    Replies
    1. ඉතින් එව්වා ලිව්වා නම් අහවල් දෙයක් වෙනවද? කම්මැලි පැතුමා !

      ඒ ඔක්කොම ඇරිච්චාවේ.. ලියනවද හොඳ විද්‍යා ප්‍රභන්ධයක්??? ගිය පාර වගේ කම්මැලිකමට නෙවෙයි හරිද?

      Delete
  20. මං කොරන වැඩක් දන්නවැයි? අපේ ඔපීසිය ඉස්සරහ තියෙන ආපිකෝ එකට ගොහින් චොකලට් එකක් වගේ බොහොම පොඩි දෙයක් අරන්, උන්ගෙ කස්ටමල වෙනුවෙන් දාල තියෙන, ඉකෝ කැබ් එහෙක එනවා. ඉලෙක්ට්‍රික් කාර් තියෙන්නෙ. කිලෝමීටරේට හතළිහයි. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්. :)

    uber ගැනත් ටිකක් කියහන්කො ඔය ගමන්ම

    ReplyDelete
    Replies
    1. හැඃ ? එහෙම එකකුත් තියෙනවද? හත්වලාමයි.. ඔතරම් බඩු ගන්නවා.. චා..චා.... වැඩේ කෙරෙන හැටි කිව්වනම් හැමෝටම දැනගන්න...

      Uber කරන්න තියෙන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න. ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ඕනේ ඒකට. ඊට පස්සේ ඉතින් ඕනේ වෙලාවට බලලා බුක් කරන්නයි තියෙන්නේ. සරලයි.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...