Friday, March 18, 2016

255. බල්ලා , දොස්තර සහ බල්ලා දොස්තර (Dog , Doctor & Dog Doctor)



ඇත්තටම මම මේක කියනවා තියා හිතන්නවත් හීනෙකින් වත් හිතපු කෙනෙක් නෙවෙයි ඔන්න. ඒ උනාට මම මේ ලඟදි අන්දොස් වැඩක් කරනකොට අපේ අම්ම මතක් කොලානේ බොලේ මේ කතාව. ඒ වෙලාවේ මම මුලින්ම කලේ.. ( නෑ හලෝ හිනාවෙන එක නෙවෙයි) වටපිට බලපු එක. මගේ වෙලාවට ඒ වෙලාවේ එතන කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ මම 'හි හි' කියල අහිංසක හිනාවක් පෑවා.

ඉහත ජේදය මවිසින් ලියන ලද්දේ, උදෙක්ම කියවන්නන්ගේ පහසුව තකාය. එනම්, මෙය කියවීමෙන් පසුව පළමුව වටපිට නිරීක්ෂණය කර පසුව අහිංසක ලෙස 'හි හි' යන ස්වරයෙන් මද සිනහවක් පමණක් දක්වා ඉතා ඉක්මනින් වෙන වැඩක් බලාගතයුතු බවයි.

සිද්ධිය මේකයි... ඇත්තම කියනවා නම් මේක සිද්ධියක්මත් නෙවෙයි. 'සීන්' එකක්! ( මාර පොෂ් නෙහ් ?)



මම මගේ පුංචි කාලේ කතන්දර නම් එමට කියල ඇති. ඒවා කියෝපු උන් දන්නවා ඇතිනේ මගේ 'ගහෙන් වැටිච්ච' අය්යා කාරයයි, චාරුලතා අක්කා ගැනයි එහෙම? දැන් ඔය අත උස්සපු නැති අය , අත උස්සපු අයගෙන් අහගන්න විස්තරේ.

මම මේ කියන්න යන කතාව කොටිම්ම අවුරුදු ගානක් පරණයි වගේම සිද්ධි ටිකත් ඔන්න අවුරුදු ගානක ගැප් එක්ක තමයි සිද්ද උනේ. කොටිම්ම පළවෙනිම 'සීන්' එක වෙලා තියෙන්නේ මම ඉපදුන දවසේ.


සීන් අංක එක 


මගේ අම්ම මාව 'දිව්‍යලෝකෙන් ගෙනත්' තියෙන්නේ ( හුහ්.. ඒ දවස්වල ඔක්කොමල්ල කිව්වේ මම කපුටු කුඩුවක කාක්කෝ කොට කොට ඉන්නකොට ගෙනාවය කියල.. මම දන්නේ නැද්ද.. මම ගෙනාවේ දිව්‍යලොකෙන්ය කියල!) රජයේ රෝහලකදී. ඒ දවස්වල අප්පච්චි හිටියේ දුරබැහැර හින්දා මගේ අහිංසක අම්මා තනියෙන් තමයි ඔක්කොම බර ඇදල තියෙන්නේ. අපිව බලාගන්න අම්මගේ අම්මා ( අත්තම්ම) උන්නත් , හම්බානක නසරානි අපේ අය්යව ආම්බාන් කරන්නත්, චෝරු අක්කව නලවන්නත් අත්තම්මට අමතරව වැඩට දෙන්නෙක් හිටියත් මට නම් හිතෙන්නේ අම්මා ගෙනිච්චේ තනිකර කටුවක් වගේ ජිවිතයක් කියලා.

මොනවා උනත් සැමියෙක් දුරබැහැර ඉන්නකොට මොනවා හිතෙන්න ඇත්ද? ඊටත් තුන්වෙනි ළමයා ලැබෙන්න ඔන්න මෙන්න කොට? ඔහොම ඉඳල ඉතින් මාව ගේන්න අපේ අම්මා රෝහලට ගියාම වැඩිය අපහසුවක් නැතුවම ලැබුණය කියල තමයි කියන්නේ ( අපහසුව ඉතින් පටන් ගන්නේ මේ දැරිවි එලියට ආවට පස්සෙය කියන එක දෙවියෝ උනත් දන්නවා ඇතිනේ.. නැද්ද?)


අනේ වාසනාවන් මාව ඉතින් බෝලයක් වගේ ඔතාගෙන ගෙනත් දුන්නලු අම්මගේ අතට. වෝඩ් එකේ ඉඳල තියෙන්නේ එතරම්ම වයස නැති දොස්තර කෙනෙක්.

වෝඩ් රවුන්ඩ් යන වෙලාවේ අම්ම ලඟට ආපු දොස්තර

"අම්මට තව ළමයි දෙන්නෙක් ඉන්නවා නේද?" කියලත් අහල පොඩ්ඩක් වෙලා කතා කරකර හිටියලු. එකපාරටම

"අනේ ඉතින් තව ළමයි ඉන්නේ... මට මේ ලමයව දෙන්නකෝ"

කිව්වලු.....

ඕන්න පලාන්ට මිත්‍රවරුනි කර්මය කියන්නේ ඕකට තමයි නේද?

ඒ කියන්නේ මොන තැනක ඉපදුනත්, තුන්වෙනියට පස්වෙනියට ඉපදුනත් කෙනෙක්ගේ කර්මය වලක්වන්න සක්කරයටවත් බැහැනේ පින්වතුනි. මේ වගේ කළු බෝල ළමයෙක්, අර වගේ දොස්තර මහත්මයෙකුට හිත වැටෙන එක ගැන කිව්වාය කියලද හිතුවේ??

අනේ නැහැ පින්වතුනි.... මම මේ කිව්වේ අපේ අම්මගේ කර්මය එදා සක්කරයටවත් වලක්වන්න බැරි උනානේ......

ළමයින් නැතුව ගොඩක් කාලයක් හිටපු නිසා දොස්තර මහත්තයා කරපු කර්මය ඉවර උනා කියලද හිතුවේ? එකත් නෙවෙයි පින්වතුනි.. ඔහුගේ කර්මය , පින වලක්වන්න පුළුවන් උනාද? කොතරම් ඇවිටිලි කරලා ඉල්ලුවත් අම්මගේ කර්මයම පටිසන් දුන්නලුනේ.... අම්ම දුන්නෙම නැහැලු...

ඒ විතරක් නෙවෙයි.. මේ සිද්දිය හින්දා දොස්තර අපේ පවුලේ හොඳම හිතවතෙක් උනාලු. මාව ක්ලිනික් එකට එක්කගෙන එන දවසට ඒ දොස්තර එනවලු බලලා යන්න. ඒ එන හැමපාරම අම්මගෙන් ඉල්ලනවලු හදාගන්න. දොස්තරගේ බිරිඳත් ඇවිත් බලලාත් ගියාලු එක දවසක්.

ප.ලි. 
ඕකට අපේ අක්කට නම් යස කතාවක් තිබ්බ. හුහ්... ඒකි නම් කියන්නේ එදා දොස්තර මාරකයකට අහු වෙලා බේරුනා කියල. හුහ්.. උන්ද දන්නවා ඉටිගෙඩිය! අය්යා නම් කියන්නේ මිනිස්සු කොතරම් නරක උනත් දෙය්යෝ මුණ බලනවා කියන්නේ ඒ වගේ දේවල් වලටය කියල. අනේ කෙහෙල්මල... ඌ දන්නේ නැහැ ඌ ඕව කියන්නේ මගේ පින්පාට වහන්නය කියල.



අන්තරාභවය 




ඇත්තටම කියනවා නම් මම මේ මාව හදාගන්න ඉල්ලපු එකක් ගැන මෙලෝ හාන්කවිස්සියක් දැනගෙන හිටපු එකියක් නෙවෙයි. මමත් ඉතින් අපේ නසරානි  අය්යායි,ගර්ලිෂ් අක්කයි මැද්දට වෙලා කපුටු කුඩුවෙන් ගෙනාවය කියල හිතාගෙන කපුටෙක් වගේ තමයි  හැදුනේ.ඇයි අප්පා මුන් දෙන්නා මට සලකපු විදියට මට හිතුනෙම මාව කාක්කෝ කොට කොටම ඉන්න ඇතිය කියල. හැබැයි ඉතින් මේ ලඟදි අපේ අක්කා කිව්වා මාව ගෙනාවාම මුලික පරික්ෂා කිරීම් කරපු එයා මම ඇස්ගෙඩි ජිල්බෝල වගේ කරක කරක හිටපු එකට ආසා උනාය කියල.

ඔන්න ඉතින් මම මේ දොස්තරතුමා ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව ඇතිදැඩි උනා කියමුකෝ. මොකද අපි දැන් ඉන්නා ගෙදරට සංක්‍රමණය උනා. මගේ වලි-ගුලි, නස්පුට් වැඩ ඔක්කොම ඉතින් උනේ මේ ගෙදර තමයි.

ඉස්සර අපේ අම්මා වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට අපි ඔක්කොම දෙනා සහනාධාර දෙනවය කිව්වහම බලාගෙන ඉන්න ගංවතුර පළාත් වගේ එළිපත්ත හෝ ඒ අවටට වෙලා කැරකි කැරකි ඉන්නවා. කරන තරමක් නොසන්ඩාල වැඩ ඔක්කොම කලත් ඒ වෙලාව වෙනකොට අපේ අය්යත් ඒ අවටම තමයි ඉන්නේ. වෙන මොකටවත් නෙවෙයි. අම්ම හැමදාම 'හවසට හපන්න මොනවහරි' ගේනවා. ඒකට වැඩේ දෙන්න.


සීන් අංක දෙක:

එදා මොකක් හරි එකක් හින්දා කරන්ට් එක තිබ්බේ නැහැ. ඉතින් අපි වරන්ඩා එකට වෙලා මදුරුවෝ තල තලා උන්නා මිසක් ගෙදර එලියක්වත් පත්තු කරන්න හෙළ උනේ නැහැ. කොහොමත් අම්මා ගෙදර ආවහම දෙන කඩචෝරුව කාල තමයි මම ගෙදර පහන පත්තු කරන්නේ. ගෙදර පහන පත්තු කරනකල් කරන්ට් තිබ්බත් ලයිට් දන්නේ නැහැ. ඔහේ ඉන්නවා ආධාර එනකල්! ඈතින් අම්ම පේන්න පටන්ගන්නකොටම දුවගෙන ගිහින් වතුර කේතලේ ලිපේ තියනවා.

එදා වෙනදා වගේ නැතුව අම්මා ආපු ගමන් මගේ අතට දුන්නා කඩචෝරු මල්ල. වෙන මොකවත් හින්දා නෙවෙයි එදා මගේ උපන්දිනේ. නැත්තම් අපේ අය්යා තමයි ඕක අයිතිකරගන්නේ. මම ඉතින් මගේ කොටහ අරගෙන බෑග් එක කෑමමේසෙන් තියනකොට 'ටෝහ්' ගාල සද්දෙන් ගෑස් ලිප පත්තු වෙනවා ඇහුනා මතකයි.

"අනේ අනේ.... දුන්න නම් කොහොමට හිටීද මෙයාව නේ?"

ආන්න එහෙම තමයි මම මාව ඉල්ලපු කතාව දැනගන්න පටන් ගන්න එකට අපේ අම්ම ප්‍රවිෂ්ට උනේ. සමහර වෙලාවට කට කොනකින් හිනා වෙමින් වගේම 'හුහ්' ගාල සද්දෙට හිනා වෙමින් අය්යා හිටියත් අක්කා නම් එක එක එව්වා කිව්වත් මතකයි. කොහොමහරි කතාවෙන් පස්සේ මම මාර පොරත්වයක් හිතට ගත්ත.


ඇයි  හත්වලාමේ මම එසේ මෙසේ පොරක්ද? මුන් දෙන්නගෙන් එකෙක්වත් එහෙම ඉල්ලලා තියෙනවද හැබෑට? හුහ්..

මේ හිතුවිල්ල ඉතින් වැඩි වෙලාවක් තියාගෙන ඉන්න උනේ නැහැ. මගේ ඔලුවේ උද 'පුහ්' ගාල පිපිලා වැනෙමින් තිබ්බ මල එකපාරටම 'සුරුස්' ගාල අළු වෙලා ගියානේ අප්පා....

".... ඉතින් මේ ඩොක්ටර් ක්ලිනික් එකට ආවහම මෙයාව වඩාගන්නවා. ඉන්ජෙක්ෂන් දෙන තැනටත් එනවා...."

( නෑ පින්වතුනි, තාම පුෂ්පය සුළඟේ ලෙලදෙනවා....)

".. හි හි... මෙයා බහතෝරන කාලේ හරියට කච පච ගගා කියෝනව. ඒ ඩොක්ටර් හරි ආසයි ඉතින්...."

( ඔව් පින්වතුනි තාමත් ලෙලදෙනවා.. වටපිට බලන්නෙත් හෙන 'ගැම්මෙන්' මම දැන්..)

".... මම හිතන්නේ ඉන්ජෙක්ෂන් දවසක්ද කොහෙද.. ඔව්... නේද අම්මේ?"

"මට මතක නැහැ ඔව්ව"

ඔව් ඉතින් අපේ අත්තම්මට ඉතින් මගේ මොකක්කත් මතක නැහැනේ. එයාගේ පුත්‍ර රත්නය අධෝ වාතයක් යවපු දවසත් මතකයි.. හුහ්...

"ඉන්ජෙක්ෂන් කට්ට දැක්ක විතරයි මෙයා අඬන්න ගත්ත මහා සද්දෙන්. මට අත දුන්නෙත් නැහැ. ඉතින් අර ඩොක්ටර් ඇවිත් මෙයාගේ අත යාප්පුවෙන් අරගෙන තමයි ඉන්ජෙක්ෂන් එකට ගත්තේ.... හ්හ්.. හිහ්හ්... හි... මෙයා.. මෙයා ..... "

අම්මට දැන් හිනාව ඉවරයක් නැහැ. මට දැන් හිනා වෙන්න දෙයක් පේන්න නැහැ. මට දැන් පේනවා මාර කියුට් පොඩි එකියකගේ අතින් අල්ලලා ඉන්ජෙක්ෂන් එකට ගන්න උදව් කරපු හොඳ... දොස්තර අන්කල් කෙනෙක්..... අම්ම මොකට හිනාවෙනවද.....

".... මෙයාට ඉන්ජෙක්ෂන් එක රිදුනම බැන්නනේ දොස්තරට...."

"කාටද? යාලු දොස්තරටද?"

ඒ අපේ අක්කා... ඕනේ නැති දෙයක් නැහැ... මමත් දැන් කන් දෙක පොඩ්ඩක් පාත් කරගත්ත. චාටර් වේගන යනවා වගේ.

"ඔව්නේ.... 'බල්ලා' කියල බැන්නනේ !!"

අම්මත්, අක්කත්, අය්යත් බක බක ගගා හිනා උනා. ඔන්න එතකොට තමයි මිත්‍රවරුනි මගේ ඔලුවේ උඩ වැනුනු පුෂ්පයට හෙනයක් පාත් උනේ! හෙමිට මම මාරු උනා.




සීන් අංක තුන:

මේ වෙනකොට මම ඕලෙවල් ලියල ෂපාන් එකේ ගෙදර වැඩවාසය කරන කාලේ. එදා සෙනසුරාදා හවසක්. මම ඉතින් ගෙදරට ගොඩවෙන්නේ ඉරත් බැහැල ගියාම ඒ දවස්වල. හම්බානක ක්‍රීඩා උණකින් පෙලුනේ ඒ කාලේ. මම ඉතින් හවස කරටි පාත් වෙන්න ප්‍රක්ටිස් කරලා ගෙදර බත් එක සිහි කර කර හෙමින් හෙමින් ගෙදරට එනකොට ගේ දොරකඩ දන්නේ නැති වාහනයක් නතර කරලා තිබ්බ නිසා ඩිංගක් විතර පිළිවෙලට සපත්තු දෙක ගලවලා අතේ අරගෙන සාලේ කොනෙන් හෙමින් හෙමින් යන්න ආව.

අපේ ගදරට අපේ යාළුවො එනවා හරිම අඩුයි. මම හිතන්නේ එහෙම ආවේ අක්කා නම් සාමාන්‍යපෙළ කරනකොට, මගේ නම් කැම්පස් කාලෙත් ආවේ එකයි, දෙන්නයි. අය්යාගේ උනුත් එක්කන් එන්නේ අඩුවෙන්, ආවත් කෙලින්ම කාමරේ නවතින්නේ. අම්මගේ යාළුවො, අප්පච්චිගේ යාළුවො එහෙම ආවහම අපි ගොඩක් වෙලාවට සංග්‍රහ කරන දේවල් ඉවර වෙච්ච ගමන් එක්කෝ කාමර වලට වැදිලා ඉන්නවා. ආයේ එලියට එන්නේ එයාල යනවා කියනකොට. ඒ නැත්තම් මිදුලේ වැඩක් කරනවා. එයාලත් එක්ක හරි හරියට වාඩිවෙලා කතාකරන්නේ බොහොම කලාතුරකින්.

පෙන හැටියට ඉතින් දන්නා යාලුවෙක් නොවෙන හින්ද , ඇස්කොනෙන් සාලේ වාඩිවෙලා හිටපු චායාව දැක දැකත් මම හෙමිහිට කාමරේ පැත්තට මාරු වෙමින් හිටියේ. කොහොමත් ප්‍රක්ටිස් ඉවරවෙලා මම එන්නේ ඌරෙක් වගේ. මම ඉතින් ඇඟිලි තුඩු වලින් හෙමිහිට කාමරේට ගියා.

"චුටි දුව............"

ඕන්න  ඒ පාර අම්ම.... මම ඇඳේ කතිරයක් වගේ නිදාගෙන ඉන්නකොට අම්ම කතා කරාම මල පනිනවා. එකක් මගේ ආතල් එක කැඩෙනවා. අනිත් එක ඔය කතා කරන්නේ මොකක් හරි පරිප්පුවකට කියල ස්වරයෙන්ම තේරෙනවා.

මම ඉක්මනට ගවුමක් ඔලුවෙන් පහලට දාගෙන පුළුවන් උඅරිම හොඳ මුණක් දාගෙන එලියට ආව. අම්මා හිටියේ සාලේ වාඩිවෙලා. මම ඒ පැත්තට ගියේ ' සුටු සුටු' ගගා බනින ගමන්.

සාලේ පුටුවේ හොඳ හැඩිදැඩි කාලවර්ණ පිරිමියෙක් වාඩිවෙලා ඉඳගෙන මම දිහාම ඇස්දෙක දල්වාගෙන බලාගෙන ඉන්නවා පෙනුනා. වියපත්කම උරුම කරලා දීපු නළලට පහලින් රාමු රහිත කන්නාඩියක් පැළඳිලා තිබ්බත් ඇස්දෙකේ තිබ්බේ දීප්තිමත් බැල්මක්. මම ඉතින් ලොරි හිනාවක් දැම්ම.

"මේ ඉන්නේ.... චුට්ටි.. ඩොක්ටර්ට අඳුරගන්න පුලුවන්ද නේද? ඕලෙවල් ලිව්වා "

"හලෝ දුව"

මම ආයෙමත් ලොරි හිනාවක් දැම්ම. මම දන්නවය කවුද කියල. මම අම්ම දිහා බැලුව අන්දොස් විදියට.

"මේ අර ඩොක්ටර් අන්කල්.... ඔයා අර ඉන්ජෙක්ෂන් එකක් විද්දා කියල 'බල්ල' කිව්වේ"

එකපාරටම හුළඟක් ඇවිත් මගේ ගවුම ඔලුවට එනකල් උඩ ගියා..... ඕන්න බලාපල්ලා ඒකෙත් හැටි! අම්ම උනත් වින්දවපු තරම ඒ වාක්‍යයෙන් පෙනෙන්ට ඇති!!



ප.ප.ලි.

එහෙම දුන්න නම්... මමත් එහෙනම් කොහොමට ඉන්ට තිබ්බද අප්පා..... 

ඇයි හත්වලාමේ අපේ අම්මට බැරි උනේ "මේ ඉන්නේ දුවේ ඔයාව  ඉල්ලපු ඩොක්ටර්" වගේ අගනා වාක්‍යයක් කියන්ට???? 



46 comments:

  1. වෙලාවට දොස්තර මහත්තය බේරිලා!

    ReplyDelete
    Replies
    1. හුහ්... එහෙමද කියන්නේ? මම වගේ පිංවන්ත කෙලි පැන්චෙක් නැතිවෙච්ච පාඩුව?

      Delete
  2. (පළමුව වටපිට නිරීක්ෂණය කර පසුව අහිංසක ලෙස)'හි හි'

    ReplyDelete
    Replies
    1. ආන්න පලාන්ට දැති හුළහ උනත් හොඳ කීකරු එකා

      Delete
  3. මම හිතුවෙ ඔහේ රෝස කැලෙන් ගෙනාවය කියලා...
    කතිරේ වගේ නිදා ඉන්න හැටි නම් මැවිලාම පෙනුනා..!

    ReplyDelete
    Replies
    1. සත්‍ය යටපත්කල නොහැක කියනවනේ....

      ඔය කතිරේ වගේ නිදාගන්න එක හින්දා මම උදහසට ලක්වෙලා තියෙනවා අනන්ත! අපේ අක්කා යනගමන් පයින් ගහගෙන යනවා අඬු ඇඳෙන් එලියට තිබ්බහම. මගෙත් එක්ක අක්කා ඒ දවස්වල නිදාගත්තේ. මම සපත්තු පිටින් ඔහොම කතිරේ වගේ නිදාගත්තම එයාට නිදාගන්න විදිහක් නැතුව මාව ඇහැරවනවා. කුදාර් වෙන්න ගහපු එකා වගේ මට නින්ද ගියාම ඇහැරවන්න මාර ගේමක් දෙන්න ඕනේ. අපේ අක්කා නම් ආපු ගමන් එයා කරන්නේ කකුලෙන් ඇදල බිම දානවා! මට යකා වැහෙනවා එතකොට.. හි හි... අම්මෝ ඒ දවස්වල වලි

      Delete
  4. හු හු....නැ.. හි හි.. :)

    ReplyDelete
    Replies
    1. හූ කියන්න එපා අය්යෝ.....

      Delete
  5. ///ඇයි හත්වලාමේ අපේ අම්මට බැරි උනේ "මේ ඉන්නේ දුවේ ඔයාව ඉල්ලපු ඩොක්ටර්" වගේ අගනා වාක්‍යයක් කියන්ට???? ///

    මොකුත් නෙමෙයි උඹට ඒ කාලෙම පඩිසන් දෙන්න ඇත්තේ අර අගේට ගලාගෙන ආපු කතාව අනාගතයේදී එක පාර හුටුස් ගාල නතර කරන බව දිවැසින් දැකබලා අපේ අනාගත දුක සහ කෝපය තේරුම් ගත්තු දෙයියෝ විසින් දීපු දඬුවමක්...

    ReplyDelete
    Replies
    1. මක් කිව්වා ලොකු පුතා? මොන කතාවද අප්පා?? ඔහොම කතා කීපයක් නතර කළා මම මේ කල්පනා කලේ කියන්නේ මොන කතාව ගැනද කියල.... හි හි..

      අහිංසක අපි මක්කා හරි එහෙම නතර කොලාම තමයි උඹල හෙන ඉල්ලන්නේ අපිට! අර හේත්තු රවියා ඉසේ කෙස් ගානට කතාන්දර අතරමග නතර කරලා ඉන්නවා! හුහ්...

      ගස්ලබ්බ: ආවද මෙතැන පෝර දාන්ට ? හුහ්

      Delete
  6. දොස්තර අන්කල් සැහෙන්න පින් කරලා තියනවා...නැත්තන් ඉතින් මේවගේ එකියක් ගත්තනං කොහොමට හිටීද..හිකිස්.. :P

    ReplyDelete
    Replies
    1. පව් පව්.. පින් නෙවෙයි. නැත්තම් ඉතින් මම වගේ පිංවන්ත දරුවෙක් නොලැබී තියෙයිද?

      මෙහෙම එකකුත් තියෙනවා..... ළමයෙක් ඇත්තේම නැති කෙනෙක්ට මිසක්.. හෙහ් හෙහ්.... කාට ඉතින් හිතෙන අදහස්ද නේද? හෙහ් හෙහ්

      Delete
  7. ඒ ඩොක්ටර්ට තියෙන්නේ අර bad karma කියන එක. ඒකත් ඉල්ලං කන වර්ෂන් එක. මාත් ඔය අවුරුදු දාසය දහාට කාලෙ අවුරුදු දහතුනක දාහතරක විතර ගෑණු දරුවෙක්ව හෙව්වා දරුකමට හදාගන්න. කොහෙද!

    ReplyDelete
    Replies
    1. ආ බන් හෙන්රියෝ....
      සෑහෙන කලිම්ම ඉඳල 'අරන් හදාගන්න' සංකල්පේ ඔලුවේ තියාගෙන ඉඳල නොවැ ! හරිම 'ෂෝයි' සමාජ සේවකයෙක්නේ..

      ඉයන්:
      දී කිරට බළල්ලු?

      Delete
  8. දොස්තරයා බෙරිච්චි බේරිල්ලක්.. අනූ නමයි තුන්කාලට ඔහොම බේරෙන්න සෙල්ලම් පිනක් සංසාරේ කරලා තියෙන්න ඇතිද..

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් පින් කරලා නේන්නං.. හරිහමන් විදියට පින් කොලා නම් මාව ලැබෙනවනේ.... එතුමාට දොස්තර රස්සාව එපාම වෙනවා එහෙනං

      Delete
  9. //රජයේ රෝහලකදී. ඒ දවස්වල අප්පච්චි හිටියේ දුරබැහැර හින්දා මගේ අහිංසක අම්මා තනියෙන් තමයි ඔක්කොම බර ඇදල තියෙන්නේ. අපිව බලාගන්න අම්මගේ අම්මා ( අත්තම්ම) උන්නත් , හම්බානක නසරානි අපේ අය්යව ආම්බාන් කරන්නත්, චෝරු අක්කව නලවන්නත් අත්තම්මට අමතරව වැඩට දෙන්නෙක් හිටියත් මට නම් හිතෙන්නේ අම්මා ගෙනිච්චේ තනිකර කටුවක් වගේ ජිවිතයක් කියලා.// මේ ටික හරියටම ගැලපෙනවා අපේ පොඩි මෑන් ට.. :( හැබැයි ආත්තම්මට අමතරව වැඩට කවුරුත් නෑ.. එක නිසා හිතා ගන්න පුළුවන්නේ මේ ටිකේ අපේ ගෙදර උන්දා කන කට්ට..

    මම මෙහෙට වෙලා බ්ලොග් කියෝ කියෝ ඉන්නවා.. ඉතුරු ටික කියෙව්වත් මේක තමයි ඔලුවේ ඉතුරු උනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න කමියා.. මට මේ කොටස ලියද්දි ඔයාගේ පවුල මතක් උනා. ඒ හින්දා වැඩිය ලියන්න ගියේ නැහැ.

      ඒ කාලේ අපේ අම්මා පුදුම දුකක් විඳලා තියෙන්නේ. ගත්ත පින්තුර තියෙනවා අපේ අම්මා කටු ගොඩක් වගේ. ඒ කාලේ ගැන අපේ අම්මා කියන්නෙත් හරිම අඩුවෙන්. අපේ අම්මා ඒවා හින්දා වීරවරියක් වෙන්න උත්සහ කරන්නේ නැති හින්දද කොහේදෝ. හැබැයි දැන් කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ අම්මලාට අසල්වැසියන්ගෙන් එහෙම ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා. නෑයෝ දුරබැහැර හින්දා ආවේ අඩුවෙන් ලු.

      එකපාරක් අපේ අප්පච්චි අය්යාට ලෙඩ වෙලා වාහනයකින් ගොඩක් දුර අරගෙන ගිහින් බෙහෙත් ගේන්න , අන්තිමට එනකොට එයාව ඉන්ටඩික් කරලලු. මේ සියල්ල හින්දා අපේ අම්මා එයා යටතේ වැඩකරපු 'මිනිසුන් සහ ගැහැණුන්' දෙස බැලුවේ හරිම මානුෂිය විදියට.

      Delete
  10. හි හි...
    ඔන්න පුළුවන් අහිංසකම හිනාව.පතාගන ආපු දේ ඔතාගෙන යන්න එපැයි.ඩොකා ලක් කාරයා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මේ සුළුපටු වැඩක්ද.. හි හි

      Delete
  11. පින සහ පව පලදෙන හැටි මාරයි නේ.....

    ReplyDelete
    Replies
    1. හික් හික්.... අපේ අම්මටම තමයි කියන්න වෙන්නේ.. හි හි

      Delete
  12. හික්ස් ඩොක්ටර් අංකල් හරි වාසනවන්තය :D මේ කතාව කියද්දී මට මතක් උනේ මගේ පොඩි කාලේ. අම්ම කිව්ව අපේ අය්ය ඉපදින්න ඉඳිද්දි හම්බෙන්න ඉන්නෙ නිවුන්නු කියල ඩොක්ටර් කිව්වා කියල.ඒත් අපේ අය්යනේ මුලින් ආවෙ. අය්ය නම් කියන්නෙ මාව දැකල පයින් එකක් ගහල පැත්තකට තල්ලු කරලා අය්ය මුලින් එලියට පැන්න කියල :D

    ReplyDelete
    Replies
    1. මම හරි ආසයි නිවුන්නු වෙන්න...
      අපේ ගෙවල් පැත්තේ ප්‍රසිද්ධ පවුලක් තිබ්බ. මම හිතන්නේ ළමයි 8ක් ද කොහෙද හිටියා. ඔක්කොම නිවුන්නු. සමහරු එකම ජාතියේ, සමහරු ජාති දෙකෙන්. හැබැයි හැමදෙනාම හොඳට ඉගෙනගත්ත අය උනා. මගේ වයසේ නිවුන්නු පිරිමි ළමයා මගෙත් එක්ක දහම්පාසලේ හිටියේ එකම පන්තියේ. එයා දොස්තර කෙනෙක් දැන්.

      Delete
  13. ඔයාගේ ඇත්තම තාත්ත ඒ දොස්තර කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එකනේද එකාලේම බල්ලා කියලා කිව්වේ

      Delete
    2. හි හි.... බරපතල කතාවක් මිත්‍රයා...
      අපේ අම්මා කොහොම කෙනෙක්ද කියල මම කියන්න කාලය වැයකරන්නේ නැහැ. තමන්ගේ සිතුම් පැතුම්, කියන කරන දේවල් වලින් පිළිබිඹු වෙනවා මිත්‍රයා. එපමණයි.

      Delete
  14. අර අන්තිමට දාලා තියන බල්ලාගේ පින්තූරය තුල මුළු කතාවම ගැබ් වෙලා තියනවා. ලස්සන ජීවිත අද්දැකීම්.

    ReplyDelete
    Replies
    1. අනේ කතාකරලා වැඩක් නැහැ ඒ වලාවේ දැනුන දේ නම්! රෙදි නෑ

      Delete
  15. හැක්... ඒ කියන්නෙ උපේස්ස එද්දිම ඔලුව දිවිය ලෝකෙ කොහෙ හරි වද්දගෙන ඇවිත් තියෙන්නෙ නේහ්
    හිහි....
    පව් අප්පා අර දොස්තර හෙහ්... පොරට මොනා හිතෙන්න ඇත්ද නේ බල්ලා කීවම හිහි

    ReplyDelete
    Replies
    1. ඔලුව වැදුනත් ඉතින් දිවිය ලෝකෙනේ අප්පා.... දොස්තරට නෙවෙයි අනේ.. තමන්ගේ ළමයා බල්ලය කියල කිව්වහම අපේ අම්මගේ බොක්ක සීතල වෙලා රෙද්ද ඔලුවේ එතෙන්න ඇති!

      Delete
  16. අනෙ අප්පේ.... එහෙම දුන්නනං අද ඩොක්ටර් අංකලය වළලපු තැංවල ගසුත් පැලවෙලා. හැක්..

    ReplyDelete
    Replies
    1. හි හි..... කරුමේ කරුමේ...

      Delete
  17. අම්මා බොට ආදරෙයි... ඒකනේ කිසිම කනෙක්ෂන් එකක් ගොඩ නගා ගන්න බැරි වෙන්න "බල්ලා"මාක් එක බොට ගහලා වැඩේ ක්ලෝස් කරේ...

    ReplyDelete
    Replies
    1. එහෙමදත් මන්ද... අපේ අම්මගේ ආදරේ හරි ගැඹුරුයි. ඒක නම් මම අත්දැකලා තියෙනවා. මමයි අක්කයි කොළඹ ඉගෙනගන්න ආපු කාලේ එය ගෙදර හිටියේ අය්යා එක්ක. අපිත් එක්ක පිස්සු නට නට හිටපු අම්මා කොහොම හිටියද කියල මට තදටම තේරුනේ , ගෙදර ඇවිත් මේසේ අස්කරනකොට එයාගේ අත්අකුරෙන් ලියපු කොලයක් දැකල. මම කවදාවත් අපේක්ෂා කලේ නැහැ.

      ඒ තිබ්බේ එයාගේ අන්තිම කැමති පත්‍රය.... මම එදා තරම් කම්පනයට පත්වෙච්ච දවසක් එතෙක් තිබිලා නැහැ.

      Delete
  18. යකෝ මිනිස්සුන්ට ආතල් දෙනව කියල මෙහෙමත් දෙනවද අප්පා.. හිනා කාල තව ඩින්ගෙන් පෙනහළු දෙක එකට වැදිල ජිවිතක්ෂයට පත්වෙනව ඔයි. පට්ට බන් පට්ට..

    ReplyDelete
    Replies
    1. හිනා ගියේ මට වෙච්ච සන්තැසියටද ? දොස්තරට වෙච්ච අබග්ගේටද?

      Delete
  19. ඒ උපේ ඔයා කළුබෝවිලද ?මමත් එකේනේ මෙයා.පස්සේ කාලෙක ඔය කළුබෝවිල ඉපදෙන ළමයි උස්සන කේස් වගයක් තිබ්බා මතකයිද ?අර එක අම්මා කෙනෙක්ගේ බබාව හොරකම් කරන් ගිහින් පස්සේ පොලිසිය හොයා ගත්තේ හිටං.මම හිතන්නේ කළුබෝවිල උපදින උන්ට හොඳ ඉල්ලීමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උපයව හොරකං කලානං හොරාට දෙවි පිහිටයි , හැබැයි මුගේ මොලේ කවුරු හරි හොරකං කරලා .

      Delete
    2. මනෝජ්: නැත.. කළුබෝවිල නෙවෙයි... ඔව්නේද.. කාලයක් කළුබෝවිල ඔහොම ළමයි නැතිවෙන්න ප්‍රසිද්ධ උනා තමයි.

      ඉවාන්: අමෙ මෙහ්.. දුප්!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...