සිනමාව අපව ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියන්නේ කියමනක්ම නෙවෙයි. අපේ හිත තුල ඇතිවෙන ආනන්දය නිසාම වැසීයන ප්‍රඥාවට පවා සිනමාවට වගකියන්නට සිදුවෙනවා.
එනම්, සිනමා කෘතියක් ආනන්දය නිසාම ඒ තුලින් මතුවෙන ප්‍රඥාව වැසියන්නට ඉඩකඩ බොහොමයි. නමුත් ඉතා සුළු පිරිසක් අධ්‍යක්ෂකවරුන් විසින් මෙම කැඳවාගෙන යාම ඉතාම සුමට වංගුවකින් පසුව හමුවන නිල් කෙතක් තුලින් අවසාන කරනවා. ඒ කෙතෙහි අස්වැන්න නෙලීම හෝ ඉවත බලාගෙන යාම අප සතු උනත් එහි දිශානතිය විසින් අපව ඒ සඳහා පොළඹවනවා.
සිනමා කර්මාන්තයේදී වැඩිපුරම කතාබහට ලක්වන්නට ආදරය සමත් උනත් එහි ස්පර්ශ කරන අන්තයන් එකිනෙකාට හාත්පසින්ම වෙනස්විය හැකියි. සමාජයේ එක් එක් තලවලදී එහි අර්ථකතන වෙනස් වුවත් සිනමාව තුලදී ඒවා විසිතුරු වන්නේ එබැවිනි. නමුදු ඒ කිසිදු මානයකට හසු නොවන්නා වූ ප්‍රස්තුතයන් අතර ඉතාම විරල එහෙත් සාර්ථක ඉලක්කයක් කරා ගෙනගිය සිනමා සිත්තමක අත්දැකීමක් ලබන්නට මට හැකිවිය.
කොලිවුඩය තුල මම දුටු වෙනස් වෙනස් මාතෘකා අතුරින් ඉතාම වෙනස් මාතෘකාවක මා අතරමං කරන්නට ඒ සිනමා අත්දැකීම උපකාර වූවායයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.
எங்கேயும் எப்போதும் (Engaeyum Eppothum) සිනමා නිර්මාණය මම මෙතෙක් රසවිඳ ඇති ( රසවින්දා කියා කිවහොත් අර්ධ මුසාවකි. එහි අවසන් මොහොත දක්වා මම රසවිඳි බව සැබෑය. ) සිනමා නිර්මාණ වලට සාපේක්ෂව අනපේක්ෂිත ප්‍රෙක්ෂක කම්පනයකට මා පත්කරන්නට සමර්ථ වූ නිර්මාණයකි.
සිනමාපටයේදී දකින්නට ලැබෙන ආදර කතා යුගලක්ම ඇත. ඒවායේ එකිනෙකට ඉතාම වෙනස් ඒ වගේම ඉතා මටසිළුටු සිද්ධීන් ගණනාවක් අතරින් අපව ආනන්දයට පත්කරන්නට පිටපතටත් වඩා එහි නළුනිළියන් දක්වන දායකත්වය අපමණය.
අමුදා ලෙසින් නගරයට පැමිණෙන ග්‍රාමීය තරුණියත්, ඇයට උපකාර කරන්නට ගොස් 'අමාරුවේ වැටෙන' ගව්තම් අපවෙත ඇතිකරන්නේ සිනහවක් වගේම අමුදා ගැන අමනාපයකි. ඇගෙන් ඇසෙන රෝස් -පරොස් වචන පවා ඉවසීමෙන් සිටින ගව්තම් කෙරෙහි අප නම්මවාලනට සමත් රඟපෑමක් ඔහු කෙරෙන් දිස්වේ.
මේ කිසිවක් ගැන මෙලෝ හසරක් නොදන්නා කතිරේසන් විසින් සිය අසල්වැසි රූමත් තරුණිය; මනිමේගලයි ; කෙරෙහි අප්‍රකාශිත ප්‍රේමයක ගුස්ති අල්ලයි. වෘතියෙන් හෙදියක් වන ඇය , කතිරේසන් මෙන් නොව කෙලින්, මුහුණට මුහුණ සිය අදහස් කියන්නියකි. ඉදින් එය සිනා සාගරයක් මවයි. හිටිවනම ඇගේ හිත ගන්නට එන අනෙකුත් කොල්ලන්ට බිල්ලට දෙන්නටත්, ඊටත් වඩා පොලිස්කාරයෙකු වූ ඇගේ පියා සමග කලබැගෑනියකට අද දමන්නට ඈ පසුබට වන්නේද නැත. ඒ හැමටම වඩා සිය වෘතිය ධර්මතාවය අනුව ඔහුගේ HIV ආසාදනය පවා පරික්ෂා කරවන ඇය , ඔහුගෙන් සිය මරණයෙන් පසුව ශරීර කොටස් දන්දීමට පවා ඔහුව 'මරන්න ගෙනියන හරකෙකු සේ ' ගෙනයාම සැබවින්ම අප තුල ඇතිකරන්නේ විකාර රසවින්දනයකි.
මගේ හිත ගත්තේම මේ තරුණයායි... වෙන කිසිවක් නොවේ, ඔහුගේ ඒ අසරණ බව නිසාම වන්නට ඇත...
මේ කතාන්දර දෙක එකිනෙකාට ස්වායත්තව ඉතාම සුන්දර ලෙස ගලායයි. ඒවා එකිනෙක පෑහෙන්නට අවශ්‍ය නොමැතිවම අපද එකලෙස කුල්මත්ව බලා උන්නෙමු. එකිනෙක ස්වායත්ත යයි අප සිතන කතාන්දර ඇත්තටම එකිනෙකට ස්වායත්ත වන්නේ ඉතාම අල්ප වශයෙනි.
කතිරේසන් 'අත්අඩංගුවට' ගන්නා මනිමේගලෙයි නගරාන්තර බසයකට නගින්නේ සිය අනාගත සැමියාගේ ඤාති නිවසට යාමටයි. සිය පෙම්වතිය ගැන 'පරාන බයෙන් ' සිටින කතිරේසන් සමඟ අපද ඒ බසයට ගොඩවනවිට, අනෙක් පසෙන් දෙපසට වී හිතින් ආදරේ කරනා අමුදා සහ ගෞතම් එකිනෙකා දැකීමේ ප්‍රාර්ථනාවෙන් දෙපසින් වෙන් වෙන්ව බස්රථ වලට ගොඩවෙති.
අවසානයන් ඇත්තේ දෙකකි. එකක් නම් දුක්බර අවසානයකි. අනෙක සැනසුම් සුසුම් හෙලන අවසානයකි.
මේ අතර ඒ ඒ බසයන් තුලදී අපට නොයෙකුත් තරුණ - මහළු , සුරතල් - රුදුරු චරිත කිහිපයක් එකතු වෙයි. ඉන් අයෙක් සිය දරුවා දකින්නේ අවුරුදු පහකට පසුව ප්‍රථම වතාවටයි. අලුතින් විවාපත් යුවලක්ද ඒ අතර වෙයි. අප මේ කතා අතරේ සුන්දර ගමනක නිරතවන්නමු.
එය පවතින්නේ කොතරම් සුළු කාලයක්ද??
එකිනෙකට ස්වායත්ත මේ කතාන්දර එකම ස්ථානයකදී එකිනෙක කැපිගොස් ඇතිවන්නේ ඇති බිහිසුණු පිපිරුමකි!
ඔව්.. බස්රථ දෙක අප 'කිසිවිටෙක අපේක්ෂා නොකරන විටෙකදී' එකිනෙක ගැටෙයි. එයින් නළු නිළියන් පමණක් නොවේ අප සියලු දෙනාගේත් හුස්ම මදකට නතරවන්නේ මහත් කම්පනයක්ද සමගිනි. සියලු කතාන්දර එකිනෙක අතිපිහිත වෙයි. වඩා නිවැරදිව කිවහොත් සියල්ල උඩු යටිකුරු වෙයි. මෙතෙක් අප ගෙන ආ ආනන්දය කුඩුපට්ටම් වෙයි.
යුවතිපතීන් වෙන්වෙයි. මවට දරුවන් අහිමිවෙයි. මේ සැමටත් වඩා සිය මරණයෙන් පසුව ශරීරාංග දන්දෙන්නට උන් ඔහු ඒ පැතුම ලබාගනිද්දී , අපි සියලු දෙනා අමුදා හා ගෞතම් හෝ හමුවේයයි උකුණු හිසක ප්‍රාර්ථනාවක් සහිතව ඔබ මොබ දුවයමු.
මාර්ග අනතුරු වැලකිම් සහ දැනුවත්කිරීම් සඳහා කොතෙකුත් වාර්තාමය වැඩසටහන් තිබෙන්නට ඇත. නමුත් මේ කැටගරියේ ප්‍රථම සිනමා අත්දැකීම නිසාදෝ මම දැඩි කම්පනයකට ලක්කරන්නට සමත්වූ අතර, අවසන් මොහොත දක්වාම ඒ ගැන හාන්කවිස්සියක්වත් හඟවන්නට නොහැකිවීම පුදුමයක් විය නොහැකි යයි මම සිතමි.
ඒ කිමද යත්, ඕනෑම තැනක, ඕනෑම වෙලාවක අපගේ කතාන්දර අතිපිහිත වන්නට ගතවන්නේ එතරම්ම සුළු කාලයක් බැවින්, අනතුරු ඇඟවීම් කියන දේවල් සැබෑ ජිවිතයේ ලැබෙන්නේ අවම වශයෙනි.
සිනමාපටය පුරාම දක්නට ලැබුනේ සියලු ශිල්පීන්ගේ රංගන ප්‍රතිභාවයි. කඩාහැලෙන ලස්සන නොමැති බැවින් හෝ ආලිංගන ගීත නොමැතිකමින් කිසිම බාධාවක් මට නම් ඇති උනේ නැති බව සත්‍යකි.
අවසානයට කිවයුත්තක් ඇත,
'ඕනෑම තැනක, ඕනෑම වෙලාවක' අපටත් මෙය සිදුවිය හැකිනම්?? අපගේ සමාජ වගකීම කෙතරම්ද?
ධාවන කාලය: 138 min
අධ්‍යක්ෂණය: M.සරවනන්
නිෂ්පාදනය: A.R. මුරුගදොස්
තිරගතවූ වසර : 2011
මෙහි වූ අතිසාර්ථකත්වය නිසා මෙය බෙන්ගාලි බසින්ද තිරයට නැගුනා. ( අධ්‍යක්ෂණය: රාජ් චක්රබුර්ති) අමීර් ඛාන් විසින් මෙය හින්දි භාෂාවෙන්ද අධ්‍යක්ෂණය කිරීමට සැරසෙන බවයි සඳහන් වන්නේ.
මාත් ආසාවෙන් බලපු පිච්චර් එකක්
ReplyDeleteකෝමත් අර වගේ කතා කරන්න ඇක්ට් කරන්න අංජලී මිස වෙන කවුරු හරියන්නද.
නැද්ද හා...
මාස් (අර සූර්යා කොලුව ඉන්නෙ) ඒකෙ මේ පිලුමෙ පොඩි පහේ ක්‍රොස්ඕවර් එකක් තියෙයි.
කොලුවගෙ ඇස් දන් දෙන සිද්දියට සම්බන්ධ
ටඩාං
මම පටන් ගත්තේ නම් ආසාවෙන් නෙවෙයි. කුතුහලයෙන්. මදක් සිනාමාපටයේම කොටසක් කරගන්නට ඒ පිරිස සමත් උනා. අන්ජලී කියන්නේ ප්‍රතිභාවක් තිබෙන නිලියක් බවට ඔප්පු වෙනවා. මට නම් වඩා ප්‍රභල රංගනයක් ඉදිරිපත් කලේ බසයේ සුළු වෙලාවකට අපිට හමුවූ පවුල් සහ මිනිසුන්.
Deleteසුර්යා කියන්නේ මට කැරිස්මා එකක්.. ඔහුට ඉතා හොඳ රංගන හැකියාවක් තිබෙනවා. ඒවා පෙන්නුම් කරන නිර්මාණ ලැබීමත් කොතරම් භාග්‍යයක්ද?
මේක බලපු කෙනෙක් ගැන අහනකොටත් සතුටක් දැනුනා. සිනමාත්මක වගේම අධ්‍යාපනික වශයෙන් ලොකු කාර්යයක් කළා කියලයි මට දැනුනේ. මාර්ග අනතුරු ගැන භීතියක් දැනුනේ ඒ හින්දා වෙන්න ඇති. මගේ කෙනෙක්/අපේ කෙනෙක්ට උනා වගේ නේද දැනුනේ?
මගේ කෙනෙක්/අපේ කෙනෙක්ට උනා වගේ නේද දැනුනේ? ///
Deleteෆිල්ම් එක බලද්දි විසේසයෙන් ටැමිල් හින්දි වගේ ෆිල්ම් එකක් බලද්දි ඒ ෆිල්ම් එක ඇතුලට අපිව ඇදෙනව වැඩී.. මගෙ විදියට කියනව නං ෆිලුම ඉවරවෙනකං ඒක ඇතුලෙ ඉන්නව වගේ දැනෙනන්න ගන්නව(හැම එක්කම නෙවී) ඉතිං උපේක්ෂ කියන එක ඇත්ත. ඒක අපේ කාට හරි වුණා වගෙ තමා දැනුනෙ.
බොක්ක දාල ගියා...
අංජලීගෙ ඇක්ටින් ඇත්තටම හොදයි ඒකෙ දෙකක් නෑ. ඒත් ඈ නිරූපණය කරන චරිත බහුතරයක් සාම්ප්‍රදායික හෝ ගැමි චරිත. ඒත් වතාවක්(ෆිල්ම් එකේ නම මතක නෑ) ආර්යා එක්ක කරපු රංගනයක් ගැන මට මතකයි. ඇයි රගපාන්නෙ නාගරික තරුණියක් විදියට. කියන්න කණගාටුයි මම බැලුව ඇගෙ අසාර්ථකම රංගනය ඒක..
එතන මොකක්ම හරි අවුලක් තියේ
මේකද?? මම බලලා නැහැ. බැරිද විචාරයක් එහෙම කොටන්න? ??
Deleteඋපේක්ෂා මේ විදිහේ පෝස්ට් දානකොට මට මතක් වෙන්නේ ගාමිණි වේරගම , අපිට ඉන්න හොඳම සිනමා විචාරකයෙක්, ඔහු කවදාවත් දෙන්නං බැටේ සංකල්පයෙන් විචාර කලේ නෑ, හරිම මැදහත් විචාරයක් තමයි ඔහු තුලින් නිතරම දක්නට ලැබුනේ ,
ReplyDeleteකොහොම වුනත් විචාර කලාවට උඹේ තියෙන මේ හැකියාව ඉස්තරම් , මම දෙමල සහ හින්දි ෆිල්ම් බලන්නේ ඉතාම අඩුවෙන් වුනාට මේ විචාරය කියෙව්වම ෆිල්ම එක බලන්න හිතුනා
මේවා හිට් වෙන්නේ නැති පතෝල පෝස්ටු උනත් මම ආසම දෙයක් හින්දා ලියනවා. මගේ හැකියාව හොඳටම මදි උනත් 'යම්' පමණක් ලියු බවට අගය කරපු එක ගැන නිහතමානිව සතුටු උනත් වේරගම මහතා තරම්ම හෝ ඒ අහලට වත් නොමැතිකම නම් පිළිගන්නවා. නමුත් ස්තුතියි
Deleteදෙමල සිනමාව මම බලන්නේ මගේ පැන්චා කාලේ ඉඳන්මයි. මට දෙමළ තේරෙන්නේ නැහැ. උපසිරසි තිබ්බ නිසා බේරුනා. මේක මම බැලුවේ රුපවාහිනියේ යද්දී අහම්බෙන් වගේ. හොයාගෙන බැලුවත් පාඩු නැහැ ඉවාන්. මම කිව්වාට එක පාරක් බලන්න. මතකයේ රැඳෙන දෙයක් ඉතුරු කරයි අනිවාර්යයෙන්
මං දෙමළ ෆිල්ම්ස් නම් බලන්නෙම නැති තරම්.. 3 ඉඩියට්ස් බැලුවයින් ආර්.මාධවන් කොලූ ගැන පැහැදීමක් ඇති වුණා.ඒ වුණත් ඒ පැහැදීම ෆිල්ම්ස් බලන්න තරම් ආසාවක් උපදවාගන්න මදි.මොකද අහම්බෙන් හරි ටී.වී එකෙන් හරි දැක්කොත් පේන්නෙ ලේ පෙරා ගත් - පොලු අතින් දරා සිටින - රැවුල් කරකවා ගත් දාමරික පෙම්වත්තු සහ මඳපවනක් වැදුණත් බියෙන් කිළිපොළා යන රෑබර පෙම්වතියෝ.. එහෙම නැති එව්වත් ඇති ඉතින්.බලලා නැති නිසා විවේචනයක් කරන එක අසාධාරණයි..
ReplyDeleteදෙමල සිනමාව කියන්නේ බහුතරය ඔය කඩු -පොලු ගත්ත සරම් කැහපටගහගත්ත කාලගෝට්ටි කියා මමත් කාලයක් බැහැරව හිටියා. නමුත් අහම්බෙන් බලන්නට ලැබුනොත් මම ටිකක් බලන්න අතාරින්නෙ නැහැ. මුලින්ම්ම වෙනස් ආරක නවමු අත්දැකීමක් දුන්නේ BOYS කියන සිනමා පටය. නිලියන් කෙසේවෙතත් නළුවන් සෑහෙන ප්‍රමාණයක් මගේ හිතේ රැඳුනා ඒ හින්දා. මිනිමරුන් සහ අපරාධ උලුප්පන කතා ඇරුනම ගොඩක් කතා හොඳයි. මම මේවා බලන්නේ අහම්බෙන් ගොඩක් වෙලාවට. ඒ මදිවට TV එකේ.
Deleteතම මෙහෙම බලපුවා ගැන ලියන්න හිතාගෙන ඉන්නවා. එතකොට හොඳ ලිස්ට් එකක් ඉබේම හැදෙයි. ඔයත් බලන්න
හොයන් බලලම ඉන්න වෙනවා.එක වගේ කපල් දෙක තුනක් එක්ක චෙස් අදින කතා කොලිවුඩයෙ ජනප්‍රියයිද මන්දා.. සමහර ඒව බලල ඉවර වෙනකොට ගානක් හැදුව වගේ..හෙහ් හෙහ්..
ReplyDeleteජයවේවා..!!
එහෙමද? ඉස්සර නේ ප්‍රධාන ප්‍රේම කතාවක් මැද්දේ ඔක්කොම නාඩගම් තිබ්බේ නේද? නමුත් මේ චිත්‍රපටියේ විශේෂත්වය තමයි මාර්ග අනතුරු ගැන ප්‍රභල පණිවිඩයක් දෙන එක. නැත්තම් ගොඩක් සිනමා කෘති වල ගෑවෙන්නේ දේශපාලනේ නේ... මේකේ එහෙම කිසිම දෙයක් නැහැ. පොඩි නොසැලකිල්ලකින් අපි නැතිකරන්නේ කොතරම් ලස්සන, වටිනා ජීවිතද කියල තේරුම් කරවන්න මම හිතන්නේ 100%ක්ම සාර්ථක පණිවිඩයක් ගෙනිච්චා කියල. පැය ගානකින් වත් තේරුම් කරවන්න බැරි හැඟීමක් ඒක
Deleteතමිල් තෙරි ඉල්ලෙයා. සබ් ටයිටල්ස් එක්ක තියෙන තැනක ලිංක් එකක් දෙනවද? දැම්මම නෙමෙයි තව මාස පහකින් විතර කමෙන්ට් වලට රිප්ලයි කරනකොට. ලස්සන විචාරය.
ReplyDeleteමෙතනින් බලන්න
Deleteමමත් ඉතින් තමිල් තෙරී ඉල්ල අප්පා........ මමත් බැලුවේ සිංහල උපසිරසි එක්ක TV එකේ. මේ ලින්ක් එක නම් තෙලිඟු නිර්මාණයේ වගේ. ස්තුතියි
Deleteෆිල්ම් එකනම් බලලා නෑ. වෙලාවක් ලැබුනොත් බලන්න ඕන.
ReplyDeleteවෙලාව හොයන්නේ නැතුව බලන්න. අපතේ යන එකක් නැහැ.
Delete