Friday, January 30, 2015
Thursday, January 29, 2015
142. සුරංගනා කතාවකි - 1
එකෝමත් එක දවසක....
නෑ ... ඇත්තටම දවසකද? නැත්තම් දෙකක්ද? නෑ සතියක්ද? මට මතක නැත.
එකෝමත් එක තැනකදී....
නෑ .... එක තැනකදීද ? තැන කීපයකදීද ? මට මතක නැත.
එකෝමත් එක හෝරාවකදී...
ඔව්... එය නම් හෝරාවකදී නම් තමයි. කුමන හෝරාවකදී දැයි මට මතක නැති බව සැබෑය. නමුත් එය එක්තරා හෝරාවකදී බව සැබෑය.
එකෝමත් එක කුමාරයෙකු....
ඔව්. ඔහු කුමාරයෙකි. කිසිම අයුරකින් සඟවාගත නොහැකි මැණිකකි.
පිටියක සෙල්ලම් කරමින් සිටියේය.
ඉතාම සාමාන්‍ය කෙල්ලක ඒ දෙස බලා සිටියා පමණි. එකවරම සෙල්ලමට යොදාගන්නා උපකරණයක් කුමාරයාගෙන් ගිලිහි ඒ සාමාන්‍ය කෙල්ල දෙසට විසිවී වැටුණි.
අපි හිතනවට වඩා මිනිස් හැඟීම් සංකීර්ණයි. කොතරම් සංකීර්ණද කියනවා නම් මෙහෙම කියන මමවත් සමහර වෙලාවට දන්නේ නැහැ මම හිතන සංකීර්ණ බවට වඩා සංකීර්ණයි කියල.
චපල ආදරවන්තියක් වෙච්ච දවසට ඒ කෙල්ලට මොකක් හිතෙනවා ඇත්ද?
චපල ආදරවන්තයෙක්ට වඩා ඒ හැඟීම ගොඩක් සංවේදී කියල හිතෙන්නේ , මනුස්සයෙකුට ගැහැණියෙක් විදියට චපල වෙනකොටත්, පිරිමියෙක් විදියට චපල වෙනකොටත් තියෙන හැඟීම් සමුදාය එක්ක බැලුවමයි. ඔන්න දැන් ඉතින් අතට ගත්ත කඩු / කිනිසි/ තෝමර/ පොල් අඩි / කුන්ෆු ෂොට් ආදිය පොඩ්ඩට බිමින් තියල ගන්න අනේ ඔතන තිබ්බ මාළු කපන මන්නේ !!!
චපල ආදරවන්තියක් වෙච්ච දවසට ඒ කෙල්ලට මොකක් හිතෙනවා ඇත්ද?
චපල ආදරවන්තයෙක්ට වඩා ඒ හැඟීම ගොඩක් සංවේදී කියල හිතෙන්නේ , මනුස්සයෙකුට ගැහැණියෙක් විදියට චපල වෙනකොටත්, පිරිමියෙක් විදියට චපල වෙනකොටත් තියෙන හැඟීම් සමුදාය එක්ක බැලුවමයි. ඔන්න දැන් ඉතින් අතට ගත්ත කඩු / කිනිසි/ තෝමර/ පොල් අඩි / කුන්ෆු ෂොට් ආදිය පොඩ්ඩට බිමින් තියල ගන්න අනේ ඔතන තිබ්බ මාළු කපන මන්නේ !!!
Wednesday, January 28, 2015
Tuesday, January 27, 2015
Monday, January 26, 2015
Friday, January 23, 2015
Wednesday, January 21, 2015
Tuesday, January 20, 2015
135. හටන 02
මගේ හටනේ ආරම්භක ස්ථානයට යන්නට මෙතන කොටන්න...
මම ඉතින් සතුටෙන් සමාදානෙන් නිදාගත්තා. කූඩුවේ හිටපු නොසන්ඩාල මීයා..
ඌ ද?
ඌ හොඳට කාලා නිදාගෙන ඉන්නවා උදෙන්ම කුස්සියට ගියපු මම දැක්ක. උදෙන්ම කිව්වට ඉතින් දැන් මේ වෙනකොට පෙරවරු 8 වෙලාලු ඈ...
තට්ට තනියෙන් ඉන්නවා කියල මොකක් කරන්නද.. මොනවහරි තම්බගන්න එපැයි. මම ඉතින් කුස්සිය පැත්තට ගියා..
'අලෝ .. අලෝ ... කොහොමද නංගි... අද නම් උදෙන් නැගිටලා වගේ ඈ...'
පෙනේද මුගේ කටේ සව්දම? මම මගේ පාඩුවේ වතුර ටිකක් රත්කරන්න පටන් ගත්ත. තේ එකක් නැත්තම් පන නැහැ වගේ.
'ඔය මොකක් හරි දෙයක් තම්බන් කාල දවල් වෙනකොට බඩපැලෙන්න දෙයක් හදාගන්න බැරිය.. ' කියල හිතන ගමන් මම උදේ කෑමට මොකක් හරි ජරාවක් තම්බන්න කබඩ් ඇරියා.
'ෂ් ... ෂ් ..... '
මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා.
'.....මේ.... නුඩ්ල්ස් ද හොයන්නේ...?'
මම ඉතින් සතුටෙන් සමාදානෙන් නිදාගත්තා. කූඩුවේ හිටපු නොසන්ඩාල මීයා..
ඌ ද?
ඌ හොඳට කාලා නිදාගෙන ඉන්නවා උදෙන්ම කුස්සියට ගියපු මම දැක්ක. උදෙන්ම කිව්වට ඉතින් දැන් මේ වෙනකොට පෙරවරු 8 වෙලාලු ඈ...
තට්ට තනියෙන් ඉන්නවා කියල මොකක් කරන්නද.. මොනවහරි තම්බගන්න එපැයි. මම ඉතින් කුස්සිය පැත්තට ගියා..
'අලෝ .. අලෝ ... කොහොමද නංගි... අද නම් උදෙන් නැගිටලා වගේ ඈ...'
පෙනේද මුගේ කටේ සව්දම? මම මගේ පාඩුවේ වතුර ටිකක් රත්කරන්න පටන් ගත්ත. තේ එකක් නැත්තම් පන නැහැ වගේ.
'ඔය මොකක් හරි දෙයක් තම්බන් කාල දවල් වෙනකොට බඩපැලෙන්න දෙයක් හදාගන්න බැරිය.. ' කියල හිතන ගමන් මම උදේ කෑමට මොකක් හරි ජරාවක් තම්බන්න කබඩ් ඇරියා.
'ෂ් ... ෂ් ..... '
මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා.
'.....මේ.... නුඩ්ල්ස් ද හොයන්නේ...?'
Monday, January 19, 2015
Saturday, January 3, 2015
Tuesday, December 30, 2014
132. හටන - 01
ගෙදර තාවකාලිකව කාත් කවුරුත් නැතුව ගෙවන්න ලැබුනොත් ඔයාල මොකද කරන්නේ?
හම්මේ... මට නම් කරන්න ජාති තියෙනවා ඉසේ කෙස් ගානට.
- අයිස්ක්‍රීම් ටබ් එකක් ඔඩොක්කුවේ තියන් සාලේ මූවි එකක් බලන්න.....
- ආස ඩාන්සින් බීට්ස් තියෙන සින්දු දාගෙන සාලේ මැද්දේ නටන්න.....
- පපුව කඩන් යන දුක්බර/හැඟීම්බර සින්දු දාගෙන ඒ සින්දු කිය කියා තමුන්ට හිතෙන ආංගික අභිනයන් පාන්න... ( ඔව් ඔව් ඉතින් මේක කලින් එකට හාත්පසින් වෙනස් තමයි. ඒත් මම එහෙමයි.)
- Pizza එකක් order කරලා තනියෙන් බඩ පැලෙනකල් කන්න...
- Full sound එක්ක හොල්මන් මූවි එකක් බලන්න....
so on and so forth.....
ඇත්තටම කිව්වොත් මට දැනට මතක් වෙන්නේ නැති තරම් තොගයක් මගේ මේ ලිස්ට් එකේ තියෙනවා. වැඩේ කියන්නේ ඔය ලිස්ට් එක කොතරම් දිගද කියනවා නම් සමහර දවස් වලට කරන්නේ මොකද්ද කියල හිතන්නම මගේ කාලය ගිහින් අන්තිමට මුකුත්ම කරන්නේ නැතුවම ඒ වෙලාව ගෙවෙනවා. අනේද කියන්නේ...
ඉතින් කරන්න වැඩ තියෙන ලිස්ට් එකේ තියෙන සමහර එව්වා ඉතින් කවුරුත් ගෙදර උන්නත් කිසි අව්ලක් නැතුව මට කරන්න පුළුවන් උනත්, කෝ අනේ කිසි කික් එකක් නැහැ නේ ඕක හොරෙන් කරනවා තරම්.... මම හිතන්නේ ඕක මගේ පොඩි කාලේ ඉඳන්ම තියෙන අව්ලක්ද කොහෙද.. හෙහ්..
ආ.. දැන් ඇති මගේ පට්ටන්දරේ කියෙව්වා... ඔය පට්ටන්දරේ කියෝනවා කියන්නේ මොකද්ද දන්නවද? නෑ අනේ මම දන්නෙත් නැහැ.. හි.. හි...
Thursday, December 18, 2014
Wednesday, December 17, 2014
130. කතාකරන බිනර මල
කිසිම විදියකින් කියාගන්න බැරි හිතුවිලි වලට මොකද කරන්නේ?
පොලවේ වලක් හාරලා, ඒකට කියල පස් වලින් වහලා දානවද? එතකොට පස්සේ කාලෙක එතන පැලවෙන ගහක් සුළඟට වැනෙනකොට.. මගේ රහස කියන තාලෙන් වැනෙයිද ?
පැන්සලකින් කඩදාසියක ලියලා ඉවර වෙලා, මකලා දානවද? කඩදාසිය උඩින් පැස්ටල් ගානකොට ලියපු ඔක්කොම පෙනෙයිද?
මට ඇත්තටම කරන්න හිතෙන්නෙම නැති දෙයක් තමයි, අදාළ කෙනාටම හිතේ තියෙන දේ කියන එක! ඇත්තටම ඒක වේදනාත්මක ප්‍රවිෂ්ඨයක්. මොකද, ඒ හිතුවිලි අහගෙන ඉන්න බැරුව මාව ප්‍රතික්ෂේප කිරිල්ලට වඩා ඒ මොහොතෙන් පස්සේ හිතේ තිබ්බ සියලුම දේවල් කීමෙන් ඇතිවෙන හිස් බවට මම හරිම බයයි!!
මිතුර......
Tuesday, December 16, 2014
129. අතීතෙන් කෙනිත්තෙමි
කිසිදිනෙක
නෑල්ලු අතකත්....
හැමදාම බැලූ
නෙතකත් .....
රැඳුනු සුසුමක් අදත්
ඇතිය පතුලේ - හිතේ...
පස්වසක අතීතෙන්
වෙලීගිය සමරුවක්
තවත් ඇත කාමරේ
පුංචි පෙට්ටිය තුලත්...
මැකුණු සෙනෙහස නැතත්
වරක් හෝ මතකයක්
තිබුණි නම් 'ආදරී'
වටිනවා මහමෙරක්....
Wednesday, December 10, 2014
128. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 6
පළමු දිගහැරුම
දෙවන දිගහැරුම
තුන්වන දිගහැරුම
හතරවන දිගහැරුම
පස්වන දිගහැරුම
ටාගට් එක සපුරන්න අසමත් වෙච්ච හින්ද නැතිවුණු පලවෙනි රස්සාවත්,
වෙලාවට වාර්තා නොකිරීමට අහිමිවුණු දෙවැනි රස්සාවත්,
පිළිවෙලින් බේබදුකමට ගිහින්; අසාධාරණකමකට කතා කරන්න ගිහින් සහ රැකියානුබද්ධ දේශපාලනය තේරුම් නොගැනීමට කියන කාරනා වලට නැතිවුණු රස්සාවලුත් ඔක්කොම නැතිවුනාට පස්සේ මම අනිවාර්යයෙන් ලබපු එකම දෙයක් තිබ්බ..
ඒ තමයි මේඝනාගේ පොල් අඩි බැනුම් අහගෙන විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු එක.
ඒ මුරුගසන් ගල් වරුසාවෙන් පස්සේ, ආයෙත් ඒකි මට ජොබ් වලට දාන්න උදව් කරන එක පරණ පුරුදු විදියටම පටන් ගන්නවා.
ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දේකට හැඩගැහෙන්න අමාරු නැහැ කියල මට තේරුනේ මේඝනාගේ මේ බැනුම් අහගෙන මට දැන් ඉස්සර වගේ නොවී , ගේමක් නැතුවම ඉන්න පුළුවන් එකෙන්මයි.
නමුත්, මගේ හයවෙනි රස්සාවට පස්සේ මම ජොබ් එක වෙනුවට මාරු කලේ තනතුරු. ඒ වෙනකොට මගේ සෙල්ලක්කාර ජිවිතේ , කොටින්ම කෙල්ලෝ මාරු කරමින් මම කරපු නාස්තිය ඔක්කොම වගේ නතර වෙලා...
මට මාව හම්බවෙලා කියල මට දැනෙනකොට, මම හිතන්නේ නැති දුරක් ඇවිත්.
වෙනදා වගේ නැතුව වෙනස් විදියට හැසිරෙන්න බලාගෙනමයි ඔෆිස් එකෙන් ආවේ. වෙනදා මුණගැහෙන තැනම උනත් මට දැනුනේ අමුතු ගැස්මක් තියෙන තැනක් විදියට.
සෝයා එකේ උසම උස පඩිපෙළ මට දැනුනේ වෙනත් ලෝකෙකට යන පාරක් වගේ. ඒ පඩි නැගගෙන, පඩියෙන් පඩිය වෙනස් වන සපත්තු සද්දය මම අහමින් ගියා. උසම උස පඩිපෙළ නිමාවෙනකොටම වමට හැරුණු මම අපේ සුපුරුදු බැල්කනි මේසයට ඇස හැරෙව්වේ ඇත්තටම ගැහෙන පපුවකින්.
මගේ වෙනසට කලින් මේඝනා වෙනස් විදියට ඇඳගෙන ඇවිත් හිටිය එකම මාව පුදුම කල හින්ද, ඒ පුදුමෙන් මම සීතල අයිස් කුට්ටියක් ගිල්ලා වගේ වෙව්ලවුනා.
"තේජන..."
Monday, December 8, 2014
127. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 5

පළමු දිගහැරුම
දෙවන දිගහැරුම
තුන්වන දිගහැරුම
හතරවන දිගහැරුම
තුන්වෙනි පාරට මට මේඝනා හමුවුනේ කවදාද කියල මට මතක නැහැ. හතරවෙනි පාරට, පස්වෙනි පාරට... ඔව්.. ඊට පස්සේ කීපාරක් හමුවුනාද කියලා මට කොහොමත් මතකයක් නැහැ. මතක තියාගන්න ඕනෙකමක් තිබ්බෙත් නැහැ.
මාව කුඩු කරලා , ඒ කුඩු වලින් හැමදාම මට කිවිසුම් යවන නරුම කෙල්ලෙක්ට මම මේ අහු උනාමයි. පියාඹන අස්සයෙක් වගේ හැමතැනම තටු ගහලා, මේඝනා ගාවදි තටු ටික අකුලන් ඉන්න මට කිසිම ආයාසයක් ගන්න උනේ නැහැ. මොකද ටික දවසකින්ම මට තේරුනා වඩා ලේසි ඒ වෙලාව කියලා.
පියාඹන අස්සයෙක්ගෙන් අහල තියෙනවද, උගේ තටු , බිමක වේගෙන් දුවන එකට ඇත්තටම බාධාවක්ද කියල?
"සිගරට් බිව්වද?"
ඊතලයක් මගේ දිහාවට එල්ලකරගෙන ඉන්නවා වගේ බැල්මකින් මාව හිරකරලා මේඝනා ඇහුව. මට නොදැනුවත්වම කටේ හුස්මක් පිටි අල්ලට එල්ලවුණේ මගේ සිගරට් සුවඳ , රස පරීක්ෂණයකට ලක්කරමින්.
Sunday, December 7, 2014
Saturday, December 6, 2014
125. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 4
පළමු දිගහැරුම
දෙවන දිගහැරුම
තුන්වන දිගහැරුම
"..මම.... අන්තිමට එයාව දැක්කේ ඉස්කෝලෙන් අවුට් වෙලා ටික දවසකින්. ද-න්-න-ව-ද...?"
එතකොට නම් එකපාරටම බළලා මල්ලෙන් එලියට පැන්නා වගේ, මට..
"මොකද්ද?" කියල ඇහුනා..
කෙල්ලගේ මුණේ තිබ්බ දුක වගේ ගතිය මකාගෙන මහා රවුද්‍ර පෙනුමක් ආවේශ උනා. එකපාරටම මගේ යටිබඩ දන්න ගත්තේ , ඔහොම තදවෙන කෙල්ලෝ ඊළඟට පුපුරන විදිය ගැන අපේ නංගි ගෙදරදී ප්‍රදර්ශනය කරලා තියෙන හින්ද.
"තමුසේ වගේ කෙල්ලෝ මාරුකරන කොල්ලෙක් කොහෙද දම්සිරිනිට වෙච්ච දෙයක් දන්නේ?....."
මාව ගල් ගැහිලා ගියේ සීතල වතුර බාල්දියක් ඔලුවේ වැක්කෙරුනා වගේ. 'මේක නම් ටයිම් බෝම්බයක්'! කෙල්ලෙක් මෙහෙම කඩන් පනිනවට මම බොහොම බයයි. විශේෂයෙන් මේ වගේ පොදු තැනකදී.
මොකද උන්ට තියෙනවා පොදු අවියක්, කොල්ලෙක්ට නැති. ඒ තමයි 'කෙල්ලෙක් වෙන එක'! ගහගන්න ආවොත් කෙලලා අරින්න පුළුවන්, ඒත් කෙල්ලෙක් එක්ක බැනුම් අහන එකට වඩා හොඳයි හෙළුවෙන් කඩේ යනවා.
"මේ.... හරි හරි... මම නෑ කියන්නේ නැහැ. මට කියන්න ආපු එක කියන්නකෝ"
මම ඇවිලෙන පිදුරු ගොඩට වතුර පනිට්ටුවක් විසිකලා.
Subscribe to:
Posts (Atom)















