පළමු දිගහැරුම
දෙවන දිගහැරුම
තුන්වන දිගහැරුම
"..මම.... අන්තිමට එයාව දැක්කේ ඉස්කෝලෙන් අවුට් වෙලා ටික දවසකින්. ද-න්-න-ව-ද...?"
එතකොට නම් එකපාරටම බළලා මල්ලෙන් එලියට පැන්නා වගේ, මට..
"මොකද්ද?" කියල ඇහුනා..
කෙල්ලගේ මුණේ තිබ්බ දුක වගේ ගතිය මකාගෙන මහා රවුද්‍ර පෙනුමක් ආවේශ උනා. එකපාරටම මගේ යටිබඩ දන්න ගත්තේ , ඔහොම තදවෙන කෙල්ලෝ ඊළඟට පුපුරන විදිය ගැන අපේ නංගි ගෙදරදී ප්‍රදර්ශනය කරලා තියෙන හින්ද.
"තමුසේ වගේ කෙල්ලෝ මාරුකරන කොල්ලෙක් කොහෙද දම්සිරිනිට වෙච්ච දෙයක් දන්නේ?....."
මාව ගල් ගැහිලා ගියේ සීතල වතුර බාල්දියක් ඔලුවේ වැක්කෙරුනා වගේ. 'මේක නම් ටයිම් බෝම්බයක්'! කෙල්ලෙක් මෙහෙම කඩන් පනිනවට මම බොහොම බයයි. විශේෂයෙන් මේ වගේ පොදු තැනකදී.
මොකද උන්ට තියෙනවා පොදු අවියක්, කොල්ලෙක්ට නැති. ඒ තමයි 'කෙල්ලෙක් වෙන එක'! ගහගන්න ආවොත් කෙලලා අරින්න පුළුවන්, ඒත් කෙල්ලෙක් එක්ක බැනුම් අහන එකට වඩා හොඳයි හෙළුවෙන් කඩේ යනවා.
"මේ.... හරි හරි... මම නෑ කියන්නේ නැහැ. මට කියන්න ආපු එක කියන්නකෝ"
මම ඇවිලෙන පිදුරු ගොඩට වතුර පනිට්ටුවක් විසිකලා.
"දම්සිරිනි හදිස්සියේම අසනීප වෙලා.. සතියක් යන්නත් කලින්...."
"...............?"
"මැරුණා....."
ඊයම් බරුවක් එකපාරටම මගේ පපුව මැද්දට වැදුන වගේ මාව හොල්මන් වෙලා ගියා. එකපාරටම උගුරෙන් සද්දයක් ආවත්, පිට වුනේ නැහැ. කෙල්ල නලියන ඇස්වල අග තිබ්බ කඳුළු ටිකක් එකපාරටම පිහලා ඒකිගේ අයිස් කෝපි එක, එක හුස්මට බිව්වා.
"...දැන් අවුරුද්දකට වැඩියි"
මට ඒ ස්වරය කවදාවත් අමතක වෙන්නේ නැහැ...
ඒ තමයි මේඝනා මට හමුවුන පළමු වතාව!
*****************************
ඒ තමයි අපේ ගෙදරදී!
මොකද අපේ ගෙදර අයිස් කෝපිවත් , පැටිස්වත් නැති ගෙදරක් හින්ද. අඩුම තරමේ ඩෙවොන් එකේ අධික රස්නෙට දාල තියෙන ෆෑන් එකක්වත් නැති හන්ද.
වත්තේ හැමදාම උදේට තියෙන කලබලේ පටන් ගන්නේ කීයටද කියල කියන්න කොහොමත්ම බැහැ. මොකද ඊයේ කලබලේ ඉවර වෙන්න එපෑ , අද කියල අලුත් කලබලයක් පටන් ගන්න? ඊයේ රෑ බේබද්දෝ ටික, උන්ගේ ගෙවල්වල ඉන්න ගෑනුන්ට තඩිබාලා , ළමයින්ගේ ලතෝනි ටික ඉවර වෙනකොට කොහොමත් මම එක නින්දක් ඉවරයි. ඊළඟ නින්ද කැඩෙන්නේ එක්කෝ වැසිකිලි පෝලිමට රන්ඩුවෙන වත්තේ ගෑණුන්ගෙන්. ඒක එහෙම නොවුනොත් උදේ පිං ළිඳේ කච කචේ අනිවාර්‍ය එලාම් එක සපයනවා.
උදේ කීයට නැගිට්ටත් මගේ තේ කෝප්පය මම එනකල් හුනන් සමග සමාදානෙන් මේසේ උඩට වෙලා ඉන්න හින්ද, මම උදෙන්ම කරන්නේ නංගි බැරල් එකට පුරෝපු වතුරෙන් පදමට නාගන්න එක. කොහොමත් මම පොඩි කාලේවත් පිං ළිඳේ රස්තියාදුව කලේම නැති තරම්. ඒ වෙලාවට අම්මා කඩයප්පන් ටිකත් කඩේට දමාගෙන, කීරකොටුවෙන් පොළටත් ගිහින්, ඉතින් මට ඕනේ හැටියක් කරගන්න පුළුවන්.
මේ කියන දවසේ නංගි ඉස්සරහ ජනේලේ ගාව අල්ලපු ගෙදර කෙල්ල එක්ක කතාවක ඉන්නවා මට යන්තමට මතකයි.
"අය්යේ..... අය්යේ..."
නංගිගේ බෙරිහන්දිල්ලට කොහොමත් මම ප්‍රතිචාර දක්වන්නේ හෙමින් හින්ද මම මගේ ගමනින් ආයෙමත් සාලේ පැත්තට ආවා. නංගි දොරගාව කාගේත් එක්කදෝ කතාවක්. මම හිතුවේ නංගිගේ යාලුවා වෙන්න ඇති කියලා.
"... අය්යේ.... අර 'නීල්' ලගේ වාසගම පීරිස් ද ඈ ?"
"මං දන්නෑ.. ඇයි මොකද?"
"මේ පීරිස් කියල කෙනෙක් හොයනවා"
"කෝ.. කවුද?"
මම දොර පැත්තට එන ගමන් එළියෙන් එන ආලෝකය මඩිමින් ඇස කුඩා කළා. ඒ එක්කම මෙතෙක් වෙලා නංගිටත්, දොරේ පළුවටත් වැහිලා හිටපු රූපයක් මගේ ඇස් නිලංකාර කළා. ඒ තමයි මේඝනා! මාව කරන්ට් එකක් වැදුනා වගේ ගැස්සිලා පස්සට විසිවුනත්, මේඝනා???
ඒකි මගේ දිහා බලල, කිසිම ගානක් නැතුව වගේ බැල්ම වෙනස් කරලා, අහකත් බැලුව. අඩේ ! මේකිට මාව අඳුන්නන බැරිවෙලාද ? නැත්තම් මේ මේඝනා නෙවෙයිද? මගේ සායම අදින් ඉවරයි! පොලව පලාගෙන , නැත්තම් පොළව විදගෙන යන්න ඕනේ වෙන්නේ කොයිවගේ වේලාවකද කියල ඇහුවොත් මට කියන්න පුළුවන් මීට වඩා වෙන වෙලාවක් එන එකක්ම නැහැ කියල.
නැට්ට කැඩිච්ච හුනෙක් වගේ මම අසරණ මුණක් හදාගත්ත කෝකටත්.
"කමක් නෑ.... මම හිතන්නේ එඩ්රස් එක වැරදියට දීල ඇති."
කටහඬ නම් මේඝනාගෙමයි... මම හතරැස් මුණක් දාගෙන උන්නේ නංගි මට පිටිපස්ස හරවලා ඉන්න හින්ද, මුණ පෙන්නේ නැතිබව දැනගෙනමයි.
එකපාරටම මට පුදුම හිතුවිල්ලක් ආව.. ඒ තමයි මේ මේඝනා නෙවෙයිද කියන එක... ඔව්... මේඝනා නම් මාව අඳුනගන්නවා නේ? එක බැල්මකින්වත් මේකි මාව අඳුනන බවක් තිබ්බේ නැහැ. අඩු තරමේ මම මෙහෙම තැනක දැක්කහම එන පුදුමයක් වත්? ඒ මොකවත්ම නැතිවෙනකොට මට සාධාරණ සැකයක් ආව ඒ මේඝනා නෙවෙයි කියල.
ඔන්න එතකොටම නංගිගේ ජංගමය බෙරිහන් දෙන්න පටන් ගත්ත. ඒක බෙරිහන්දෙනකොට අපි මැරෙන්න වැටිලා හිටියත්, කොටින්ම ඒකි පණ ඇද ඇද උන්නත් උත්තර දෙනවා. නංගි දිව්වා ඇතුලට. ආපහු යන්න හැරිච්ච අර මේඝනා 'වගේ කෙල්ල' එකපාරටම ඔලුව කරකවලා ගල්භීත වෙලා උන්නු මගේ දිහා බැලුවේ මම හිතන්නත් කලින්.
"තැන්ක්ස් තේජන!"
********************************
අද නං කොල්ලගෙ සායම ඉවරයි
ReplyDeleteකුඩු වෙච්ච කාඩ්ස් ටිකත් ආයෙ කුඩු හිහි
හෙහ්... ඔන්න ඕකනේ.... බොරු සායම් දාන්න ගියහම ඕව වෙනවා
Deleteමේ.... උබ මේ කොල්ලගේ කාර්ඩ් එක සෑහෙන කුඩු කරලා දැම්මා. පවු අහිංසක අසරණයා.
ReplyDeleteකොම නමුත් කතාව නැගල යනවා..... ඉක්මනට ලියහාන්..........!!!! ඕ යේ....!!
හුහ්.. අහිංසක අසරණයා? කෙල්ලො දැලේදාන එක විනෝදාංශයක් වෙච්ච එකෙකුට?
Deleteමේඝනා.. තේජන මීළඟ හමුව.. ඉවසීම බින්දුවටම දාන්න සමත්.. වේගයෙන් ලිවීම දැන් ඔබේ වගකීමක්.. උපරිමයි කැන්ඩි..ජය ශ්‍රී!
ReplyDeleteලියල තියෙන්නේ. බනින්නේ නැතුව බලන්න..
Deleteහරිම රසවත්... කුතුහලේ නම් උපරිමයි... ඊළඟ කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්නවා...
ReplyDeleteස්තුතියි රසවින්දා නම්.... ඔබ හොයන දේ අනුව කුතුහලය වැඩෙනු ඇත.. හි.. හි..
Deleteබොහොම හොඳයි ලියමන..
ReplyDeleteකෝ මගෙ රම් බෝතලේ..???
ස්තුතියි...
Deleteමොන බෝතලේ කිව්වා? මොකද්ද මන්දා බෝතලයක් තිබිල මම බිව්වා... ඔයාගෙද ?
සුපිරි කතාව.....ඉක්මනට ම ඉතුරු ටිකත් දාන්ඩ
ReplyDeleteස්තුතියි. ඔන්න ලිව්වා ඉතිරි කොටසක්... කියෝලා බැනල යන්න... හි.. හි..
Deleteගිය මාසේ සතියක් විතර බ්ලොග් බලන්න බැරි වෙලා මේ කතාව මිස් වෙලා තිබ්බේ .. දැන් ඔක්කොම ටික එක සැරේ කියෙව්වා .. කතාව එල ... නුවර කොල්ලෝ පව් .... ඉතිරි කොටස වහාම දාන්න .. :)
ReplyDeleteමට මතක් වෙන්නේ ඔහොම කියනකොට අපේ 'මෙගා' නාට්ටි. මාසයක් නොබලා ඉඳල අද ඉඳන් බලන්න ගත්තත් අවුලක් නැහැ. බලාගෙන බලාගෙන යන්න පුළුවන් කිසි හැප්පිල්ලක් නැතුව. අඩේ... මගේ මෙගා එක ඒ ලක්ෂණ පෙන්නුම් කරනවද අප්පේ?
Deleteහෑ ? නුවර කොල්ලෝ පව් කිව්වා? හෙහ්... ප..ඌ!!
නුවර කොල්ලෝ පවු තමයි . ඒක නුවර කෙල්ලොන්ට තේරෙන්නේ නෑ
Delete