කිසිම විදියකින් කියාගන්න බැරි හිතුවිලි වලට මොකද කරන්නේ?
පොලවේ වලක් හාරලා, ඒකට කියල පස් වලින් වහලා දානවද? එතකොට පස්සේ කාලෙක එතන පැලවෙන ගහක් සුළඟට වැනෙනකොට.. මගේ රහස කියන තාලෙන් වැනෙයිද ?
පැන්සලකින් කඩදාසියක ලියලා ඉවර වෙලා, මකලා දානවද? කඩදාසිය උඩින් පැස්ටල් ගානකොට ලියපු ඔක්කොම පෙනෙයිද?
මට ඇත්තටම කරන්න හිතෙන්නෙම නැති දෙයක් තමයි, අදාළ කෙනාටම හිතේ තියෙන දේ කියන එක! ඇත්තටම ඒක වේදනාත්මක ප්‍රවිෂ්ඨයක්. මොකද, ඒ හිතුවිලි අහගෙන ඉන්න බැරුව මාව ප්‍රතික්ෂේප කිරිල්ලට වඩා ඒ මොහොතෙන් පස්සේ හිතේ තිබ්බ සියලුම දේවල් කීමෙන් ඇතිවෙන හිස් බවට මම හරිම බයයි!!
මිතුර......
කිසිම අයුරකින් මට අයිතියක් නැති සමාවක් මා කිසිදිනෙක නොඉල්ලමි.
අවසන් වරට ඔබව දකින්නට පවා නොපැමිණියේ මගේ හිත එතැනදී හෝ ඉහිල්වී යා හැකියැයි කියන 'සාධාරණ' සැකය මට ඇතිවී තිබුණු බැවිනි. අනෙක, එම්තරම් දුරක් ඔබව කැඳවාගෙන විත්, හදිසි වංගුවක් පෙන්වා ඔබ භීත කරවන්නට මට අවැසි වුයේද නැත.
කිසිම ලෙසකින් ඔබේ ආදරේ ලඝු කරන්නට මට නොහැකි, එවන් සෘජු ; දැවැන්ත ආදරයක් මට ඉන්පසු කිසිවිටෙක දකින්නට නොලැබුණු නිසාම නොවේ. ඔබ වැනි අයෙකුට දරන්නට හැකි උපරිම දුකත් , මම දැන් දරන දුකත් තවදුරටත් අසමාන බැවිනි.
ඔබව ප්‍රතික්ෂේප කරන හැම මොහොතකම, මම ඔබට පැතුවේ මට වඩා යහපත් කෙල්ලකි. කිසිදු ලෙසකින් එකිනෙකා හා නොගැලපුනද , අප දෙදෙනා කෙරෙහි දෙදෙනාගේ වූ අවංක විශ්වාසය සහ බැඳීම අදටත් මා පුදුමයෙන් උමතුවට පත්කරනසුළුය.
ආදරෙන් වෙලෙන්නට , එකිනාකාගේ අත්වල පැටලී මොහොතක් ගත කරන්නට, ඔබ මෙන්ම මමද සිහිනෙන් පැතූවෙමි. නමුදු, කල්පනා ලොවෙන් මිදෙන හැමවිටෙකම මට මගේ මගත්, ඔබේ මගත් අතර ඇති රික්තය පෙනෙන්නට පටන් ගන්නා විට, දිය බුබුලක් සේ සියල්ල මම පුපුරවා හරිමි.
වරෙක කඳුළු පිරවුනු නෙතින් සිටි ඔබ, මගේ සියලු කෘරකම් කැටිකොට දක්වා මගේ තිරිසන් මුහුණ ඉදිරියට කැටපතක් වුවද, මම ඔබ ඉන් මුදවන්නට තැත්කලා නම්.... එක වරක්වත් උත්සහ කළා නම්??
ඔබේ නම මෙතැන ලියන්නට පවා මම ආසයි.... නමුත්... එය කොතරම් කෘරකමක්දැයි මට පසුව සිතෙන විට වුවත්, අහම්බෙන් හෝ ඔබ මේ දුටුවොතින් වන කම්පනයට යැයි කියමින් මම නොලියමි.
ඔබ එදා තරම්ම කඩවසම්ද තවමත්?
ඔබ එදා තරම්ම ආදරණියද තවමත්?
අහන්න ආසයි, කතාකලොතින් එක පාරක්...
නමුත් මම එසේ නොඅසන බවත් ස්ථිරයි. ඔබත් යලි හමු නොවන බව වගේමයි.
ඒත්.... තවත් කෙල්ලෙකුගේ අතින් අල්ලාගෙන යනවා අහන්නට තරම් මම තවමත් ශක්තිමත් නැහැ... ඔබ එහෙම කරනවද? කලාද?
~~~~~බිනූ ~~~~~~
මට නිකමට මම ජාලෙන් ඈත්වෙලා හිටි මේ කාලේ උපේක්ෂා ලියපු ලිපි ගාන දිහා බැලුනා. ඒ ටික කියවන්න වෙනම නිවාඩුවක් දාන්න වෙයි වගේ.
ReplyDeleteඅනේ ඩුඩ්... මොකද නිකමට අයින් උනේ... මම උන්නේ ජන්ද වැඩවලට ලංකාවට ආපු ගමන් බැහැලා වැඩ කියල. ( සභාවේ සිනා) ඕක ඇත්තටම නිවාඩුවක් ද කියලත් සැකයි මට. ගොඩක් වෙලාවට අපි නිවාඩු වෙලාවට තමයි වැඩිපුර බිසී.
DeleteAnyway n'joy ur vacation!!!
වෙලාවක් තියෙන හැටියට කියවන්න. කියෙව්වේ නැහැ කියලත් අමනාපයක් නැහැ. එකම දේ මම හුදකලා ලියන්නියක් වෙන එක විතරයි.
බීනු කියන්නේ අක්කගේ දුවගේ නම ... මම මේ කල්පනා කලේ තව ටික කාලෙකින් ඒකිත් මේවා ලියන්න පටන් ගනියි නේද කියල .. හෙහ් හෙහ් තාම නම් අවුරුදු 8-9යි ද කොහෙද හෙහ් .. අඩේ ඒ කියන්නේ මම නාකියි ... :(
ReplyDeleteපැතුම් , අපේ අයියාගේ දුවත් බිනු .....
Deleteමෙතැන බිනූ කියන්නේ 'බිනරමලී' කියන නමේ කෙටි ආමන්ත්‍රණයට.
Deleteපැතුම්... මම කියන්නේ බොරුද බලන්න, උන් අපේ වයසට එන්න කලින් තමයි මේ වගේ හිතන්නේ, ලිවිල්ල කෙසේ වෙතත්.
'එදා අපිට පෙම්වත් සඳ
අද දරුවන්ටයි ...
කඩා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි ...
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි.....'
ගායනය: සුනිල් එදිරිසිංහ
ඇත්ත කතාවක් නොවේවා! ලියවිල්ල අලංකාරයි..
ReplyDeleteඇයි මේක ඇත්ත කතාවක් නම්?
Deleteදන්නවද කල්‍යාණ මිත්‍රයා.... මෙය සම්පුර්ණයෙන් ලියාගන්න බැරුව මමත් තාම තතනනවා...
ස්තුතියි...
\\ඇයි මේක ඇත්ත කතාවක් නම්?\\\
Deleteහ්ම්ම්.. ඇත්ත කතාවක්නම් බිනූ ගැනත් නම නොකියූ ඒ අපූරු කඩවසම් තරුණයා ගැනත් ගොඩාක් දුක් වෙන්න වෙනවනේ.. ඒකයි.. තතන තතන හරි ලියන්න නම් ඕනි කැන්ඩි ළමිස්සි.
ඔව්.. ඒක ගොඩක් දුක හිතෙන, හිනා යන කතාවක්. ලියන්න උත්සහ කරන්නම්.
Deleteසොඳුරිය.. කාලය කෙතරම් නපුරුද
ReplyDeleteදිවි හිමියෙන් කඳුලැල් පුරවාගෙන
රැකගත් තාලය උදුරාගෙන ගිය
කාලය කෙතරම් නපුරුද සොඳුරිය
පෙරුම්පුරා දුකසේ ගලපා ගත්
කවිය ඔබම වී නැලැවුණු යුගයක
හද රැඳි ඔබෙ රුව සිහිනෙන් වත් නැත
කාලය කෙතරම් නපුරුද සොඳුරිය
ලොවට හොරා විලිලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය..
ගායනය - අමරසිරි පිරිස්
Deleteගී පද - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ඉවාන්.... මේ සින්දුව ඇහුවොත්, කියෙව්වොත් මට දවසම වැඩ කරගන්න බැරිවෙන තරම් මංමුලා වෙනවා. දැනටමත් කකුල් දෙක වෙව්ලනවා වගේ.. හි.. හි...
Deleteස්තුතියි සිංදුවට. අනෙකුත් විස්තර වලට සින්දු ඇනෝ...
ජීවිතෙන් යන්න ගිය අයට යන්න දෙන්න කියන එක තමා හොඳම දේ.. මන්දා මට හිතෙන හැටියට... අමාරුයි තමා.නමුත් කළ යුුතු වෙනවා සමහර වෙලාවට.නැත්නම් අපිට අපිව හොයාගන්න බැරි වෙනවා
ReplyDeleteඔබේ කතාවට මම එකඟයි. වරක් වැසූ දොරක්, ආයෙත් අරිනවා කියන්නේ දොරපළුව කඩාවැටෙන්න ඉඩක්!
Delete