Friday, March 27, 2015

162. කෝට් එකේ කොටු කොටු





මම මගේ ක්‍රීඩා අතීතයේ සමහර සිදුවීම් ලියාගෙන ආවා.

මේ මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ.
මේ ඊට පස්සේ සිද්ධි කීපයක්
මේ මම කණ්ඩායමක් නැතුව ගන්දබ්භව හිටපු කාලේ.

ඔය අන්තිමට කියපු සිද්ධියෙන් පස්සේ මම තනියෙන් සෙල්ලම් කරලා දක්ෂකම් පෙන්නපු නිසා මගේ වැඩිමහල් කණ්ඩායමට 'සිද්ද උනා' මාව එයාලගේ ටීම් එකට ගන්න. මම එහෙම සිද්ද උනා කිව්වේ හැමදෙනාම වගේ එයාලගෙන් ප්‍රශ්න කළා මම චැම්පියන්ශිප් එකක් දිනලත් මොකද ටීම් එකේ නැත්තේ කියලා. ඒ නිසා මාව මට වඩා වැඩිමල් අක්කලා ඉන්න ටීම් එකට දොරවල් ඇරුණා.

මේ ටීම් එකේ හිටියෙ මම පොඩිකාලේ ඉඳන්ම කෝට් එකේ ඉඩ පොඩ්ඩක්වත් නොදුන්නු, කලින් චැම්පියන්ශිප් එකකදී මට ලොකු කැපිල්ලක් දාපු වැඩිදෙනෙක්. එකම එක අක්කා කෙනෙක් ඇරෙන්න, අනිත් හැමෝම හිටියේ හොස්ටල් එකේ.

ඒ දවස්වල උනත් මම ඔය අසාධාරනකම් හරි පරණ කෝන්තර හරි මතකේ තියාගෙන පළිගන්න හිතන්නෙවත් නැති කෙනෙක්. කොහොමත් ඉස්කෝලේ මේ ප්‍රශ්න කිසිම දෙයක් මම මගේ ගෙදරට කිසිම විදියකින් අඟවන්නේ නැතුව තමයි හිටියේ. ඒ මගේ හැටි. ඒ හින්දා අලුතින් ටීම් එකට ආවාම මට ආපු පොඩි පොඩි කැපිලි සහ හිත රිදවීම් මම ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. මේ හින්ද අලුත් ටීම් එකේ ඉහ ගහලා ඉන්න මට එතරම් අමාරු උනේ නැහැ. මම ඒ දවස්වල කොහොමත් ගල් ඉබ්බෙක් වගේ. වැඩි කතාවක් බහක් නැහැ, ආව - ප්‍රැක්ටිස්  කළා - ගියා. ඒ අක්කලා කියන දෙයක් කරලා සද්ද නැතුව හිටියා.



ඔහොම ගතවෙනකොට ඒ අය ටික ටික මගේ යාලුවෝ වෙන්න ගත්ත. කොහොමත් ගෙදර යන්නේ බින් කරුවල වැටුනුකොට වෙච්චි මම හැමදාම ප්‍රැක්ටිස් ඉවර වෙලා හොස්ටල් එකේ උන් එක්ක ඒ දිය බත් බෙදාගෙන කාලා තමයි ගෙදර යන්නේ. ඊට අමතරව උන්ට හවසට කඩෙන් බිස්කට් ගෙනත් දෙන්න හොරෙන් උදව් කරන්නත්, ගෙවල් වලට ලියුම් දාන්නට හොරෙන් උදව් කරන්නත් මම මගේ දිවි පරදුවට තිබ්බා. මොකද මේ වැඩ දෙකම ඉස්කෝලේ තහනම් වැඩ. කොහොමත් මම යාළුවන් වෙනුවෙන් ඕනේ කෝච්චියකට බෙල්ල තියන තරම් පොරක්. වැඩි කලක් නොගිහින්ම මම උන්ගේ ප්‍රියතම සහ විස්වාසම සගයා බවට පත්වුනා. මම එහෙම වෙන්න හිතාගෙන ඕනේ දෙයක් කල නෙවෙයි, ඒක ඉබේම උනා. නමුත් මම වැඩිය කතා බහ කරන්නේ හරි අඩුවෙන්.

ඔන්න ඔය අතරේ අපේ කෝච් වෙනස් උනා. වයසක සර් වෙනුවට තරුණ , වෙනත් පිරිමි විදුහලක කෝච් කෙනෙක් ළඟට අපි සති අන්තේ ප්‍රැක්ටිස් යන්න පටන් ගත්තා. ඔහොම ප්‍රැක්ටිස් යන්න ගියහම පොඩි පොඩි කචල්... මොකද හොස්ටල් එකෙන් අපේ ටීම් එක එළියට ගන්න නම් ගුරුවරියක් හරි දෙමව්පියෙක් හරි එන්නම ඕනේ.

මගේ ප්‍රැක්ටිස් සහ අපේ ගෙදර උන්දලා කියන්නේ සම්පුර්ණයෙන්ම වගේ එකිනෙකට වියුක්ත වෙච්ච කුලක දෙකක් වගේ. ඉතින් මම තමයි ගොඩක් වෙලාවට එයාලව හොස්ටල් එකෙන් එළියට ගත්තහම ඒ වගකීම දරන්නේ. ( මේ වෙනකොට මම බොහොම පොඩියි, ප්‍රමාණයෙන් වගේම වයසෙනුත්)  කැප්ටන් හිටපු අක්කත් ඉතින් හොස්ටල්. ඉස්කෝලෙන් එලියන ගන්න තිබ්බ කරදරේ නිසාම අපිට පොඩි සහනයක් තිබ්බ. ඒ තමයි මට එයාලා වෙනුවෙන් පොතේ අත්සන් කරන්න බලයක් ලැබුන එක. මේ හේතුවෙන් මම හිතන්නේ ටීම් එකේ අනිත් අක්කලා මාව ඇක්සෙප්ට් කළා.



කණ්ඩායමේ යාලු ෆිට් එක කොතරම්ද කියනවා නම් අපි කෑවේ බිව්වේ එකට. හවස හොස්ටල් එකේ පැලපදියම් වෙලා ඉඳල හොඳටම රෑ උනහම තමයි මම ගෙදර යන්නෙත්. අපේ ගෙදර හවස 7න් පස්සේ ගෙදර එන්න අවසර තිබ්බේ මට විතරයි. මම ස්පෝර්ට්ස් කරන නිසා තමයි එහෙම සහනයක් තිබ්බේ. මම කොහොමත් ගෙදර කිසි කතා බහක් නැතුව ඉන්න එකී වෙච්චි, හවස එනවා ඇවිත් කාල නිදා ගන්නවා වගේ චර්යාවක් තිබ්බේ.

ඔය අතරේ 15න් පහල කණ්ඩායම් තරඟ වලට අයදුම්පත් කැඳෙව්වා. අපිත් දැම්මා. ඒ වෙනකොට මට වඩා වයසින් වැඩි කණ්ඩායමක් එක්ක හිටපු නිසා මම සෙල්ලම් කලේ ඩබල් එකක් විතරයි. ඉඳල හිටලා තමයි සිංගල් ගහන්නේ. මගෙත් එක්ක ඩබල් එක සෙල්ලම් කලේ මියුරු අක්කා. අපි දෙන්නා සහයෝගයෙන් හිටියා.

ඔන්න අපි 15න් පහළ තරඟ වලට පිටත් උනා. තරඟ තිබ්බේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ. අපේ කෝච්ගේ ඉස්කෝලේ අයත් මේකට සහභාගී උනත් මම නම් කිසිම කතාවක් එයාලත් එක්ක කලේ නැහැ. මම හිතන්නේ අපේ කෙල්ලෝ ඔක්කොම උන් එක්ක සුහදයි. මම ඉතින් විස බෝම්බෙ වගේ කොයි වෙලෙත් වලියටමයි. නැත්තම් උන්ව තඹේකට මායිම් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේකට විතරයි උන් එක්ක කතා කලේ. අපේ ටීම් එකේ කෙල්ලො නම් ඒ ඉස්කෝලේ කොල්ලොන්ට ක්‍රෂ් වෙලා හිටියා මට මතකයි. මටත් එකෙක්ගේ නමක් කියල ඒ දවස්වල විහිළු කළා. මම ඉතින් ගල් ඉබ්බෙක් වගේ උන්නා මෙලෝ රහක් නැතුව.

දැන් ඉතින් අපි කෝච්චියේ ගිහින් දුර කතර ගෙවාගෙන ගියා කියමුකෝ ඉස්කෝලේ අහල පහල තිබ්බ අපේ නවාතැන්පොළට. මෙන්න බොලේ එතන අපේ කෝච් ඉන්නවා එයාගේ ටීම් එකත් එක්ක. ටික වෙලාවකින් බලනකොට උන් නතර වෙලා ඉන්නෙත් අපි ඉන්න ලොජ් එකේම එක දොරකින් වෙන්වෙච්ච එහා පැත්තේ! අපේ කෙල්ලෝ ටිකට දැන් ජොලි කියන්නේ එකසිය ගානට. උන් ඔක්කොම ජොලිය වහගෙන ඉන්නවා අපේ භාරව ගියපු ගුරුතුමීට මාට්ටු වෙයි කියල.

පුරුදු විදියට අපි මහන්සි ඇරලා ගෙනාපුවා දිගෑරගෙන කොටාබාන්න පටන් ගත්තම දොරෙන් එහා පැත්තේ ඉඳන් අරුන් මොනාදෝ කියල හිනා වෙනවා. ඔහොම ගමනක් යනකොට අපේ අම්මා මට අනිවාර්යෙන් හදලා දෙන කෑමක් තමයි රුලන් ටොෆි. අපේ මම ඇරුනහම ඔක්කොමල්ලා හොස්ටල් නිසා මෙහෙම යනකොට කියල විශේෂ දෙයක් ගෙනියන්නේ නැහැ බිස්කට් ඇරුණුකොට. මියුරුගේ ක්‍රෂ් එක එහා පැත්තේ ඉන්න නිසා මියුරු හිටියේ සිංහ සේය්යාවෙන්. මෙන්න එකපාරටම මියුරු මගේ රුලන් ටොෆි එක අරගෙන ගිහිං ජනේලෙන් එහාපැත්තට දුන්න! මට එදා නම් තද උනා එකසිය ගානට ( තද වෙන්න දෙයක් නැහැ, ඒ උනාට මගේ තිබ්බ ඇන්ටි - කොල්ලෝ ලෙඩේට අනුව තද උනා) ඇත්තටම දැන් මතක් වෙනකොට හිතෙනවා මාර ජොලි වැඩ නේද උනේ කියල... සිද්ධි නම් ගොඩක් උනා. ඒවා මෙතැන කියන්න බැහැ අප්පා...

කොහොමහරි පහුවදා තමයි තරඟ පටන් ගත්තේ. එයාල ගැහුවේ A Division. අපි ගැහුවේ B Division. එයාලගේ තරඟ වලට අපිත් චියර් කලේ කොළඹ ඇතුළු සියලු පළාත්වලදී නුවරින් යන කණ්ඩායම් වලට තියෙන විශේෂ කැපිල්ල නිසා. අනිත් එක නුවර තියෙන අනිත් ප්‍රසිද්ධ කාන්තා පාසැලේ අය මේ වෙනකොට අපිත් එක්ක කතාබහ නොකරන තරමට අමනාපයක් ඇතිවෙලා තිබ්බ. එහෙම උනේ අපේ හිටපු වයසක කෝච්ගේ පුතා ඔවුන්ට කෝච් කලත් අපි වෙනත් කෝච් කෙනෙක් ගාවට ගියපු එක. ( ඔන්න ඔහොමයි ක්‍රීඩාවේ තරම!)



අපි B Division  එකේ තරඟ දිනාගෙන ආව. අර පිරිමි පාසල A Division  එක දිනාගෙන ඉස්සරහට ආව. කොහොමත් ඒ දවස්වල ඔවුන්ට අභියෝගෙකට හිටියේ අම්බලන්ගොඩ ධර්මාශෝකය සහ කොළඹ ආනන්දය විතරමයි. හිනායන වැඩේ කියන්නේ කිසිම විදියකින් කතාබහ නොකරන මම අර පිරිමි විද්‍යාලය සෙල්ලම් කරනකොට චියර් කරනවා ටොප් එකට. මගේ කට සද්දයි. ඉතින් ජිම් එක දෙදරන්න චියර් කරන්න මට පුළුවන්. චියර් එකට හිටියේ අපි විතරක්ම නිසා ජිම් එකේ අපේ චියර් එක කැපිලා පේනවා. උන්ට අපි වගේම, අපිටත් චියර් එකට හිටියේ උන් විතරයි. උන් මගේ ඩබල් එකට චියර් කලේ හැබැයි මියුරුට විතරයි.. හි.. හි... උන් හිතන්න ඇති 'පඩ ෂෝ' කෙල්ලට මොකටද චියර් කරන්නේ කියල.. හි.. හි...

ඔහොම ගිහින් ඔන්න අපි දෙගොල්ලොම ෆයිනල් ආව. අපේ ෆයිනල් එකට ආවේ කවුද කියල මට දැන් මතක නැහැ. එක්කෝ කොළඹ ඉස්කෝලයක්, නැත්තම් දකුණු පළාතේ කියල නම් මට මතකයි. අපේ ෆයිනල් තිබ්බ දවසේ ( හේතුව මට මතක නැහැ) අපේ කෝච් ඇරුණුකොට අර අපේ චියරින් කොල්ලෝ ටිකට එන්න විදියක් නැති උනා. කෝච් උන්ට හවස මැච් එක තිබ්බ නිසා ලොජ් එකට පැන්නුවා මම හිතන්නේ.

ඔන්න දැන් අපේ ෆයිනල් කෝල් කළා. මුළු ජිම් එකම අතුරු සිදුරු නැතුව පිරිලා හිටියා මට මතකයි. මේ ජිම් එක පෙනුමෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ වගේ. ෆයිනල් ගොඩක් වෙලාවට සෙල්ලම් කරනකොට වෙනත් තරඟ පවත්වන්නේ නැහැ. එක ගේම් එකයි එක වතාවකට තියන්නත්. ඔන්න දැන් අපේ ඩ්‍රෝ එකට අනුව සින්ගල්ස් කතා කළා කෝට් එකට. මුළු ජිම් එකම මාර ලොකු චියර් එකක් දුන්නා කන පැලෙන්න. බලනකොට චියර් එක ලැබිලා තියෙන්නේ අපේ ප්‍රතිවාදී පිලේ කෙල්ලට. ඒ කියන්නේ...... මුළු ජිම් එකම උන්ට චියර් කරන්නයි සුදානම!

පළවෙනි ගේම් එක පටන් ගත්ත. ප්‍රතිවාදී කෙල්ලට හැරුණත් උන් මාර චියර් එකක් දුන්නා. ඒ මුළු ජිම් එකම, එකා වගේ කෑගහනකොට හිතන්න සෙල්ලම් කරන කෙනාට කොතරම් පීඩනයක් එනවද කියල? මොකද කෑගහන්නේ කන ගාව වගේනේ. පලවෙනි ගේම් එක පුදුම ගේමක් දීලා අපි දිනුවා. මුළු ජිම් එකම මීයට පිම්බා වගේ උනා. අතරින් පතර එක එක හින්ට් එහෙමත් ඇහෙන්න ගත්ත. අපි පස්දෙනා මී පැටව් වගේ. මොකද අපිත් එක්ක ගියපු ගුරුතුමීට අපිව ධෛර්යමත් කරන්න තියා අපිට අමුතු ස්ට්‍රෙස් එකක් ඇති නොකරවත් ඉන්න බැරි උනා.

දෙවැනි තරඟය කතා කළා. එතකොට තමයි අපිට තේරුනේ අපේ පළවෙනියට අහුවෙලා තිබ්බේ උන්ගේ දෙවැනියා කියලා. අප්පා..... ජිම් එක ජය ඝෝෂා වලින් දෙදරන්න ගත්ත. හැබැයි අපේ ක්‍රීඩිකාව ගේම අතෑරියේ නැහැ. නමුත් ඒක පැරදුනා. දැන් අපේ පපු දෙමොලෙන් පිටි කොටනවා. අපේ කෝච් කොහොමත් ඔහොම චැලෙන්ජින් වෙලාවල් වලට කිසිම දෙයක් නොකියා අපිටම තත්වය හසුරවාගන්න දෙනවා. කොටින්ම ඩ්‍රෝ එකටවත් උදව් කරන්නේ නැහැ. පැරදුනොත් රැකට් එකෙන් දඩොන් ගාල කොහෙටහරි ගහනවා විතරයි.

තුන්වෙනි සිංගල් එක තිබ්බේ මියුරුගේ. මියුරු කියන්නේ කාගෙන යන චරිතයක්. කෙල්ල අර ජිම් එකේ චියර් එක දරාගෙන කොහොමහරි සිංගල් එක දිනුවා. දැන් 1-2. අපි දෙකක් දිනලා. තව එකක් දිනුවොත් ගොඩ!

ඔන්න එතකොට සංවිධායක මණ්ඩලය එයාලගේ සුපුරුදු ගතිගුණය විදහා දක්වමින් ඉතිරි ඩබල් දෙකෙන් පලවෙනි ඩබල් එක නෙවෙයි, දෙවැනි ඩබල් එක කතා කළා. දෙවැනි ඩබල් එක සෙල්ලම් කරන්නේ මමත් මියුරුත්. මියුරු සෑහෙන මහන්සි පිට හිටියේ අන්තිම සිංගල් එක සෙල්ලම් කරලා. මේ වැඩේ ( ඒ කියන්නේ ඩ්‍රෝ එකේ පිළිවෙලට විරුද්ධව තරඟ කතා කරන එක සහ එක තරඟයක් සහ අනික් තරඟය අතර පරතරය අඩු කිරීම) එතිකල් නැහැ වගේම මම හිතන්නේ නීතිවිරෝධියි. නමුත් අපිට කතාකරන්න යන්න දුන්නෙම නැහැ අපේ ගුරුතුමී.

"ඕක ඔතරම් දෙයක්ද? "
"එයාලගේ තීරණ වලට චැලේන්ජ් කරන්න පිස්සුද ඔයාලට? "
"නිකන් පණ්ඩිත නොවී ඉන්න"

වගේ උත්තර වලින් ගුරුතුමී අපිට උපදෙස් දුන්න. කොහොමත් කෝච් ගෙන් අහලා වැඩක් නැහැ. එයා උදව් කරන්නෙත් නැහැ. අපිට කරන්න දෙයක් නැති උනා.



මේ ඔක්කොම කිව්වම හිතාගන්න පුළුවන්නේ උනේ මොකද්ද කියල? ඔව්... අපි අපේ ඩබල් එක පැරදුනා..... මුළු ජිම් එකක් එකම හඬින් හූ කියද්දී අපි ඒ ඩබල් එක පැරදිලා කණ්ඩායම් දෙක 2-2 විදියට සම උනා. බොරු කියන්න ඕනේ නැහැ, අපේ මොරාල් එක පොඩ්ඩක් විතර සලිත උනා කිව්වොත් නිවැරදියි. හිතන්න 1000 විතර සෙනගක් ඔබට විරුද්ධව මොර දෙනකොට ඔබට දැනෙන්නේ කොහොමද කියල? මගේ ඩබල් එකට මම සාධාරනේ ඉෂ්ට කලේ නැති බව මම පිළිගන්නවා.

ඉතිරි උනේ අපේ පලවෙනි ඩබල් එක. ඒක පටන් ගන්නකොට අපේ සද්දේ ඇහුනේ පෙට්ටියක් ඇතුලේ අලුත ඉපදිලා මොරදෙන පුස් පැටව් වගේ වෙන්න ඇති. අපි ලකුණු ගන්න සහ දක්ෂ වෙන හැම වෙලේම 'බූ...........' කියලා අනිත් උන් කෑගහනකොට ඒවා ගණන් නොගෙන අපි චියර් කළා. මම හිතන්නේ අපේ ගුරුතුමිගේ අතේ නියපොතු ටික ඔක්කොම එයාගේ බඩේ තියෙන්න ඇති. දිනන්න නම් ගේම් එකක අවස්ථා 2ක් දිනන්න ඕනේ. ඔන්න පළවෙනි අවස්ථාවේ අපේ කෙල්ල පැරදුනා.

මාව දැන් වෙව්ලනවා. මොකට වෙව්ලනවද කියල හරියටම දන්නේ නැහැ. එක තැනක වාඩිවෙලා ඉන්න බැරුව මම දෙවැනි අවස්තාව පටන් ගන්නකොට නැගිටලා ඉස්සරහට ගියා. ගිහින් ඇස්වලින් පෙන්නුවා ප්‍රතිවාදී කෙල්ලගේ වීක් තැන් ටිකක්. ඊට පස්සේ සර්විස් එක දානකල් හැමදෙයක්ම ඇසපිය නොහෙල්ලා , චියර් නොකර බලන් හිටියා. ඒ අවස්ථාවේ අපේ ක්‍රීඩිකාව දින්නා! තව එක අවස්තාවක් දින්නොත්..... අවසන් අවස්තාව පටන් ගන්න කලින් පොඩි විවේකයක් දෙනවා විනාඩි 10ක විතර. මම මගේ කණ්ඩායම් සාමාජිකාව ලඟට ගිහින් මම දැකපු ප්‍රතිවාදියාගේ දුර්වල තැන් ඔක්කොම ගිරවෙක් වගේ කියෙව්වා. මොකද මේ වෙලාවේ කෝච් උදව් කරන්නේ නැහැ. ඒ එයාගේ හැටි.

"ගයානි අක්කේ.... කොහොමහරි දිනන්න.... දෙන්න එපා... "
මම එහෙම කියලා ඒ අක්කගේ මැණික් කටුවෙන් අල්ලලා ඇස්දෙක දිහා බැලුවා. එයා බැල්මකින් එය අනුමත කරලා තමයි කෝට් එකට ගියේ. ඔව්.... මුළු ශාලාවක් නිහඬ කරවමින්.... අපේ ක්‍රීඩිකාව දිනුවා!!! ඈ දිනපු ගමන් ඈ බදාගන්නට අනිත් උන කෝට් එක මැද්දට පනිනකොට මම කලේ සැනසුම් සුසුමක් හෙලලා ඇස්දෙක පියාගත්ත එක විතරයි.....

ඔව්... අපි B Division Champions උනා!!

මතු සබැඳි 

33 comments:

  1. හෙක් උපේක්ෂත් මාරම ඩෑල් එකක් නෙව
    එතකොට අක්කටත් ඇඩ්වයිස් දීල දවසේ පොර වුණේ උපේක්ෂ ඈ...
    හිහි
    පට්ට පට්ට

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මහේෂ්... මාව වැරදියට හිතන්න එපා. මම මගේ ගේම් එකවත් දිනන්නේ නැතුව කොහොමද අනිත් උන්ට උපදෙස් දෙන්නේ. මම කියපු දේ අහලා ඒකි දිනුවද, නැත්තම් මේ මල හෝන්තුවගේ දෙඩවිල්ලෙන් ගැලවෙන්න දිනුවද කවුද දන්නේ? හි.. හි... මම ඉතින් අනුන්ගේ පහනින් එළිය බැලුව...

      Delete
  2. හා.... ඔයත් ඒ විදිහෙ කෙනෙක් ද? වෙන නමකින් ඉන්න එකේ ලොකුම දේ තමයි හිතට දැනෙන මේ වගේ දේවල් කියන්න පුලුවන් වීම.'මම' ගැන උනාට කවුරුත් දන්නෙ නෑ නෙ 'මම' කවුද කියලා.
    මැච් එකේ අන්තිම හරිය පපුව ඩිග්..ඩිග් ගාන්න ලියල තියෙනවා.
    මෙහෙම දේකුත් කියන්නම්.. නුවර ටීම් අනිත් අයගෙ අප්‍රසාදයට පත් වෙන්නෙ විහින් මයි.
    නියම ලියවිල්ලක්...ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතින් රට්ටු හිනස්සන වැඩ වෙච්චි.. කොහොම කටක් ඇරලා කියන්නද? දැන් ඉතින් ගස් ලබ්බා කිව්වහම ටක්කෙටම දානවානේ ඔක්කොම දෙනා? නැද්ද?

      නුවර ටීම් ගැන ගස් ලබ්බෝ ඔබේ අදහසේ වැරැද්දකුත් නැහැ මම හිතන්නේ. උන් එකාට එකෙක් නැහැ. කුඩුකේඩු වැඩ එමටයි. නමුත් මට නොතේරෙන දෙයක් තමයි කොළඹ උන් අපේ කෙල්ලන්ට දක්වන ලැදියාව නැහැනේ ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකකදී? මම කියන්නේ ෆේවරේෂන් අවශ්‍ය නැහැ, නමුත් කැපිල්ල නම් අනිවාර්යයි. ගොඩක්ම ඔය ජරා වැඩේ කරන්නේ සංවිධායක මණ්ඩලයේ ඉන්න කොච් ලා එයාලගේ ඉස්කෝල වලට කරන ඇදිල්ල නිසා. ඒ නිසා තමයි ක්‍රීඩාව මේ අගාධයට වැටිලා තියෙන්නේ.

      Delete
  3. කෝට් එක මැද කොටු කොටු කිව්වම මං හිතුවෙ මොකුත් ඩබල් එක්ස් සීන් එකක්වත් ඇති කියල බං.. හැක් හැක්..
    වතාවක් ලියුව නේද කැන්ඩි තනියම ගහල ගොඩදාපු සීන් එකකුත් මං හිතන්නේ අර ලින්ක් වල තියෙන්න අති..
    මට නැගලම ගියෙ අර ඇන්ටි කොලු සීන් එක.. මොකද මං ඒ කාලේ ඇන්ටි කෙළි නේ. ඊයෙ පෙරෙද ඕබී එකේ ගෙට්ටුව තිබ්බ සමහරු හම්බුනෙ හරියටම අවුරුදු විස්සකින් ඒ කාලේ පහල පන්තියෙ කෙල්ලෝ (දැන් ආච්චිල..) කියපු එව්වට එදා මං කනේ ඇඟිලි ගහන් උන්නේ.

    ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල තිබ්බා.. මේ ඒ අතරතුර පොඩි කතාවක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින්... කොටු කොටු කියපු ගමන් දත් ටිකවත් මදින්නේ නැතුව දුවන් ආව නේ? මම ඒක ලිව්වේ පොඩ්ඩක් රයිම් වෙන්න... නැතුව මාතෘකාවක් හිතාගන්න බැරුව එහෙම නෙවෙයි හරිද? මම හරිම නිර්මාණශීලි, නිර්මාංශ එක්කෙනෙක් හරි?

      ඔය ඇන්ටි කොළු වැඩේ මම හිතන්නේ දැනටත් මට පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා. හැබැයි ඉස්සර වගේ දරුණුවට නැහැ. කතාබහ කරනවා කිසි අවුලක් නැතුවම. ඉස්සර පුම්බගෙන ගිය උන්ට දැන් දැක්ක තැන කතා කලාම උන් ටික මෝහිනී දැක්කා වගේ බිරාන්ත වෙලා යනවා. හි.. හි... ඒකත් මාර ජොලි වැඩක්..... !

      Delete
  4. කියල වැඩක් නෑ බං..පොඩි කාලෙ ඉඳලම හැමතැනම අසාධාරණේම තමයි..වෙලාවකට මටම පුදුමයි මෙහෙම අසාධාරණ ඇයි අපි ඉවසගෙන ඉන්නෙ කියල..අනික අතට ඒකෙ පුදුම වෙන්ට දේකුත් නෑ..අසාධාරනේට විරුද්ධව කවුරුවත් කට අරින්නෙ නෑ...වැඩිහිටියො විශේෂයෙන්ම.ඒකෙන් එයාල දෙන ආදර්ශය තමයි ඕනම අසාධාරණයකට ඔලුව පාත් කරල හිටපං කියන එක..

    මගෙ පොඩි කාලෙත් ඔය වගෙ අමතක නොවන සිද්ධියක් වුනා. මට වයස ඇති දොළහක් වගෙ. චෙස් තරඟයකදි වෙච්චි අසාධාරණයකට විරුද්ධව මම කතාකලා මගෙ හොඳම යාලුවෙක් වෙනුවෙන්. මම ඒ කතාකලේ කෑගල්ලෙ ඒ දවස්වල ප්‍රභූ කියල සැලකුනු පුද්ගලයෙකුට විරුද්ධව. අන්තිමට මගෙ කෑගැහිල්ල හින්දම සංවිධායක මණ්ඩලය තීරණය කලා ඒ තරඟය ආපහු පවත්වන්ට. ඒකෙන් හැබැයි මගෙ යාලුවා පැරදුනා. ඒත් කමක් නෑ..ජය පරාජය වෙනයි..අසාධාරණයට ඉඩ දෙන්න හොඳ නෑ.. ඊට පස්සෙ ඒක පුරුද්දකට යනව..නෝමල් ප්‍රොසීඩියර් වෙනවා..

    පලි - මගෙ කතාවක්නෙ ලිව්වෙ..උඹට මරු කියන්න අමතක උනානෑ..හෙහ්,හෙහ්..මරු කතාව ..පපුවට වදින්ට ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. රවියෝ... මම පවුලේ පොඩි එකා විදියට අසාධාරණේ හොඳට තේරුම් අරන් හිටපු කෙනෙක්. මම ඒ කාලේ වෙච්ච සමහර දේවල් ලියලත් ඇති. එකක් තමයි අපේ ගෙදර පුත්‍රවාදී වීම. අනිත් එක මම අපේ අක්කාට වඩා වෙනස් පර්සනලිටි එකක් තියෙන කෙනෙක් වීම. ඒ දෙකෙන්ම මම තැලුනා. ඒ මදිවට ඉස්කෝලෙන් මම අසාධාරණයට අනන්ත ලක්වුනා. මගේ චරිත ස්වභාවය අනුව මට එකසිය ගානට තද වෙනවා. නමුත් පොඩි කාලේ වගේ මම පස්සේ ඒවාට එරෙහිව ඕන ද ස්පොට් ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. මම ඒක ඉගෙනගත්තේ මේ වගේ පරිසරයක ක්‍රීඩා කරලා. එනිසා මම මගේ ක්‍රීඩා ජිවිතයේ ඉගැනුම් බොහොම ඉහලින් අගය කරනවා.

      පපුවට වැදුන කිව්වා? සලබලාන් ගාල බිඳුනේ නැද්ද?

      Delete
  5. ෂා.. හොද ගට්ස් තියෙන කෙල්ලෙක්නෙ . කතාව කියවද්දී ජිම් එකේ ඉන්නවා කියලයි හිතුනෙ. මාරුවට ලියල තියෙනවා.. මොනාද අෆ්ෆා අර සිද්ධි ටිකත් ලියන්න ඊලග පොස්ට් එකකින්..

    "මම ඒ දවස්වල කොහොමත් ගල් ඉබ්බෙක් වගේ." කිව්වේ දැන්නම් කනක් ඇහිලා ඉන්න බැරුව ඇති . හික් හික්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මට ගට්ස් තියෙනවා කිව්වට. මම හිතන්නේ ඒ කතාවේ වැරද්දක් නැහැ. අදටත් මම ලේසියෙන් සධානර දේවල් වෙනුවෙන් ගිවප් කරන කෙනෙක් නෙවෙයි.

      ඒ සිද්දි නේද? හි හි... ඒවා ටීනේජ් කාලේ වෙන ටොයින් ටොයින් ජාති අනේ. දැන් මොකද්දෝ වගේ ලියන්න... බලමු එහෙම මුඩ් එකක් ආවොත් ලියන්නම්කො...

      ඒ කාලේ default ගල් ඉබ්බා. දැන් ඉඳල හිටලා ගල් ඉබ්බා.

      Delete
    2. ඉබ්බා නෙමේ ඉබ්බි නේද? ප්‍රින්ටින් මිස්ටේක් එකක් වගේ .. : P

      Delete
    3. හි හි.. ඒකෙත් හැටි නේද? ඕක ලියනකොටම මම ඉබ්බා මකලා ඉබ්බි කියල කිව්වා. ඊට පස්සේ හිතලම ඉබ්බා ලිව්වා. දෙකම එකයි හලෝ. කටුව ඇතුලට ගියහම! හි.. හි..

      Delete
  6. මරු බඩුවක් නේ.. අපේ අඩුපාඩු නිරික්ෂණය කරල රිපෝට එකක් දියං බං හැදෙන්න කියල හිටං

    ReplyDelete
    Replies
    1. අම්මප මට ඔය රිපෝට් මතක් කරන්න එපා.... ඔව්ව ලිවිල්ල තරම් එපාකරපු දෙයක් නැහැ. මම කලේ එකෙක්ගේ අඩුපාඩු තව එකෙක්ගේ කනේ තියනවා කියන සාධාරණ, කාර්‍යක්ෂම ක්‍රමවේදේ !!

      Delete
  7. අපිත් ගේම ඇතුලේ හිට්යා වගේ දැනෙන්න ලියලා තියෙන්නේ..

    සුපිරි ...

    ReplyDelete
  8. හම්මෝ... බැඩ්මින්ටන් නේද... මාත් මැච් එක සෙල්ලම් කළා වගේ දැනුනෙ මේක කියෝගෙන යනකොට.. මොකද මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනව.... එදා අපි ෆයිනල්ස් පැරදුනා... හැබැයි දෙන්න තිබ්බ උපරිම සටන දීලා... ඔය විදියටම පුදුම බලු වැඩ තොගයක් අපිට උනේ.. අපිත් B Division සෙල්ලම් කළේ... සෙමි ෆයිනල් ඩබල් එකේදි 0-10ක් තියෙද්දි මම එක දිගට 10ක් ගත්ත හැටි තාම නිකම් මැවිල පේනව... හි හි.... ෆයිනල් එන්නෙ හැමදාම අපියි අනුලා එකයි.. ඒ ලෙවල් වලින් මම අනුල ගියාට පස්සෙ මගේ බැඩ්මින්ටන් නැවතුන හේතුවත් ඒකයි...

    අපෙත් හිටපු එවුන් ඔක්කොටම කොලු උණ... අඩුපාඩුවක් නැතුව මටත් තිබ්බ.. හි හි.. හැබැයි ඉතිං අර අනිත් උන් වගේ කොල්ලන්ට පේන්න කරකව කරකව ඉන්නව වෙනුවට මං උන් එක්ක හෙනට ෆිට් වෙලා පිස්සු කෙල කෙල හිටිය එක තමයි කළේ... මැච් ඉවර වෙලා, පැරදිලා, ඒත් ගානක් නැතුව, ආපහු කොළඹ එනකංම කෝච්චියෙ පිස්සු කෙලියා කියන්නෙ... හපොයි.. ඒ කොල්ලො ටිකගෙ කන් බීරි වෙන්න ඇති... හි හි...

    ReplyDelete
    Replies
    1. ඕ ලෙවල් වලින්*

      Delete
    2. කෞශි ගේ ඉස්කෝලේ මොකද්ද බොලේ? මටත් ඔහොම 0-10 ඉඳන් ඉදිරියට ඇවිත් දිනපු ගේම් තියෙනවා. දැන් මට මතක නැහැ. ගොඩක් වෙලාවට එහෙම මම දිනලා තියෙන්නේ අසාධාරණයක් උනහම. එතකොට මට එනවා අමුතු වේසයක්. ඕනෙම එකෙක්ට ගහලා දිනන්න පුළුවන් තරම් ශක්තියක් ලැබෙනවා. හැබැයි මම කැම්පස් කාලේදී ඔහොම දෙයක් වෙලා ඒ ගේම් එකනම් මම පැරදුනා. නමුත් ගේම් එක 3 sets ගියා.

      ඔය මැචස් වලට යනකොට අපිත් යන්නෙම කෝච්චියේ. අපිත් පිස්සු තමයි කරන්නේ. කලඩ් නිසා ඉස්කෝලේ හොයන්නත් අමරුයිනේ. සමහර වෙලාවට අපිත් එක්ක යන ගුරුතුමී එතරම්ම නැති උනහමත් හෙනම ජොලි. පැරදිලා දුකෙන් ආපු ගමනක් උනත් මගදී මුඩ් වෙනස් වෙනවා. පොඩි කෙල්ලොනේ ඒ කාලේ.

      Delete
  9. මැච් එක බැලුවෙ නැතත් එතන අපිත් හිටියා වගේ දැනෙනවා කියවාගෙන යද්දී.... එල..

    ReplyDelete
  10. බලන් යද්දී මේකත් ලේසි පහසු නෑ වගේ.. මරු ස්ටෝරිය..

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් මොනවද ලැබෙන්නේ නේද? මම නම් කියන්නේ ළමයෙක් ඉස්කෝලෙක මොකක් හරි ස්පෝර්ට් එකක් කරන්නම ඕනේ. ස්කුල් ටීම් හිටියේ නැතත් එතනින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.

      Delete
  11. එල එල නියෙමෙට ලියලා....

    ReplyDelete
  12. ලියවිල්ල නම් මරු!!!
    ඇත්තට දැන් එතකොට ගල් ඉබ්බෙක් වගේ නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      in built ආපු ගල් ඉබිකම ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒක මට හරිම පොරෝජන් ( අපේ අත්තම්මගේ ඩික්ෂනරි එකෙන්) මම දැන් ඉවරයක් නැතුව කට කියෝන එකියක්. මගේ කට වහන්න ක්‍රමයක් තමයි දැන් වටේ උන්ට දැනගන්න ඕනේ!

      Delete
  13. අමිහිරි සහ මිහිරි මතකයන් ගැන ඉමිහිරි සටහන්.

    උඹලටත් පුදුම අසාධාරණකම් වෙලා තියෙන්නේ නේද? මේ ලෝකේ සාධාරණ තැනක් කියලා කවුරුහරි කිව්වොත් හොම්බ තලන්න හිතෙන්නේ එහෙම කියපු එකාගේ. අනික උන්ට තියෙන සැලකිල්ල!

    ඔය විදියට අපි අසාධාරණකම් කරන්න අවසර දීපු කට්ටියක් ඉන්නවා.

    බිස්නස් කාරයෝ
    පොලිස් කාරයෝ
    නීතීඥයෝ
    බේබද්දෝ
    කුඩුකාරයෝ
    චන්ඩියෝ
    ...
    ...
    ...

    ReplyDelete
    Replies
    1. අසාධාරණේ කොතනත්, කාටත් වෙනවා. හැම වෙලේම ඒකට එරෙහි වෙන්නත් හොඳ නැහැ. හැමවෙලේම ඊට යටවෙන එකත් බියගුලු කමක්. ඔයාගේ ඔය categorization එකට පදනම් වෙලා තියෙන්නේ වෘතිය නේද? මම ඔය කැටගරිය වෙන් කරන්නේ වයස අනුව. ගොඩක් වැඩිහිටියෝ අසාධාරණකම් කරනවා එයාලගේ වයස පාවිච්චි කරලා.

      Delete
  14. මම ක්‍රිඩා කරන එක 17න් පහල වෙද්දි අත ඇරල දැම්මෙ තරග සංවිධානය කරන අයගෙයි, ක්‍රිඩා බාර ගුරුවරුන්ගෙයි හොද කම හින්දා තමයි. තරග දිනනවට වැඩිය අමාරුයි ඒ අයගෙ අසාධාරණ වැඩ වලින් බේරිල ඉන්න. ඒ මදිවට විෂයන් උගන්වන ගුරුවරු ක්‍රිඩා කරන එක මහා අපරාධයක් විදියට තමයි හිතන්නෙ. පන්තියෙ නොයිද ක්‍රිඩා තරග වලට ගියා කියන හේතුව හින්දම මට සමහර ගුරුවරු බැනල තියනවා.
    ගුරුවරු මීට වඩා සාධාරණව, සැළකිලිමත්ව ක්‍රිඩා කරල ලමයි දිහා බලනව නං ලංකවෙ දැන් වෙලා තියනව වගෙ හොද ක්‍රීඩක ක්‍රීඩිකාවො අහේනියක් ඇති වෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වයස වෙනකොට දරාගන්න බැරි තරම් මානසික පීඩන ආව. කෝච්ගෙන් , කණ්ඩායමේ ඉන්න අනිත් ළමයින්ගේ දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන්. වරක් මම අසමත් උනා ඒවා දරාගන්න. නමුත් අවසානෙදි මට එයාලගේ කටවල් වහන්න පුළුවන් උනා.

      GM , ඔබට හිතන්නේ නැද්ද ඒවා හොඳ ඉගෙනුම් කියලා? මම නම් ඒ ඉගෙනුම් වලට සතුටු වෙනවා. අද මම මේ ඉන්න තැනට එන්න මට එයාල උදව් කළා. මගේ ස්කුල් කලර්ස් බැජ්, සමහර සහතික, සමහර නිලතල, සමහර ජයග්‍රහණ ආදිය එයාල අදටත් කාර්යාලයේ තබාගෙන ඇති. පෝසත් වෙලාත් ඇති. නමුත් අද මම ඉන්න තැනට එයාල ගොඩාක් දුරයි.... ක්‍රීඩාවෙන් ඉගෙනගත්ත දේවල් මගේ ප්‍රයෝගික ජිවිතයට මම යෙදෙව්වා.

      මේක කියෙව්වම ඔබට හිතුනේ නැද්ද එහෙම අසාධාරනකම් වෙන්නේ ඔබට විතරක් නෙවෙයි කියල? මම නම් දන්නවා අදටත් සියලු පාසල්වල ( නගරයේ උසස්ම පාසල් සියල්ලම ඇතුළුව) මේවා අඩු වැඩි වශයෙන් වෙනවා. නමුත් මමත් අනාගතේ දවසක මගේ දරුවන් ඔවුන් දක්ෂ ක්‍රීඩාවකට යොමුකරනවා. මොකටවත් නෙවෙයි එයින් ලැබෙන පන්නරය ඔවුන්ගේ ජිවිත වලට ආලෝකයක් වෙයි කියල මම බලාපොරොත්තු වෙන නිසා. මතක තියාගන්න... මම මෙහෙම කැපිලා ගියේ නැත්තම් ඔලිම්පික් යයි කියල මට හිතෙන්නේ නැහැ. මොකද ඔලිම්පික් යන්න තරම් මම ශක්තිමත් නැහැ. ජාතික තලයේ ඉන්න සියලුම ක්‍රීඩාවල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මම පොදුවේ ආචාර කරනවා. මොකද මට වඩා පීඩනයක් දරාගෙන එයාලට එතනට එන්න හැකියාව තියෙනවා කියන්නේ... එය ඇත්තටම ගෞරවයට පත්විය යුතුයි.

      Delete
  15. බොරු කියන්නේ මොකටද මම නම් උපන්දා ඉඳල සරීර හොරෙක් .. ක්‍රීඩා අත්දැකීම් කියල මෙලෝ දෙයක් නෑ ... හැබැයි ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගියා , ජිම්නාස්ටික් කළා , බැඩ්මින්ටන් ගැහුවා . ඔය දුවන පනින තරඟ වලටත් ඉඳල තියෙනවා . හැබැයි ඉතින් ඔක්කොම සතියයි දෙකයි .. හෙහ් හෙහ්

    මේ ඔය බැඩ්මින්ටන් දැලේ කොටු කියක් විතර තියෙනවද හැබෑටම ..

    ReplyDelete
    Replies
    1. අනේ කොච්චර ලොකු දෙයක්ද බොරු නොකිව එක... ඒකම ඇතිනේ නැද්ද? ඔය ප්‍රැක්ටිස් නම් ඉතින් මම ඉසේ කෙස් ගානට ගිහින් තියෙනවා. ඒ කියන්නේ නෙට්බෝල්, බාස්කට් බෝල්, ටේබල් ටෙනිස්, ටෙනිස් අප්පා ලිස්ට් එකේ තව තියෙනවා. වැඩේ කියන්නේ එක තැනකින්වත් ගනීද මම වගේ බටු ඇටයක්. නෙට්බෝල් නම් ගැහුවා, සෙන්ටර් එකේ. මොකද ඒකට 'එතරම්ම' උස බලපාන්නේ නැති හන්ද.

      ක්‍රීඩාවක් ගැන මම දරන මතේ නම්, ඕනෑම කෙනෙක් යම් ක්‍රීඩාවක නිරත වෙන්න ඕනේ. ඒකෙන් පරතෙරට නොගියත්. කොටින්ම කිසිම කණ්ඩායමකට තොර ගත්තේ නැති උනාට කිසි අවුලක් නැහැ. ඒක අනවශ්‍ය බර්ඩ්න් එකක් කරගන්න නරකයි. ඇත්තටම මම ඉස්සර ක්‍රීඩා කරන කාලේ ඉගෙන ගන්න වැඩ උනත් වරදක් නැතුව කරගත්ත. මට ක්‍රීඩාවෙන් ලැබුනේ ජිවන අත්දැකීම්. ඒ වගේම මගේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා සෙල්ලම් කරහම.

      දැලේ කොටු 13245666.333 ( දශම එන්නේ වටේ වාටි වලට අහුවෙන කොටු ටික ගත්තම), බොරුනම් ගැනල බලන්න. කොටු ගැන වෙනස් නම් ඒ බැඩ්මින්ටන් දැලක් වෙන්න බැහැ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...