Tuesday, March 31, 2015

163. බුදු අම්මෝ හෝව් හෝව්..!





මේකත් මගේ පොඩි කාලේ සම්බන්ධ කතාවක්.

මගේ පොඩි කාලේ ගැන ඉතින් කොහොම කොතැන කියන්න ගියත් ඉතින් අපේ අය්යා කාරයා සහ අක්කා ගැන නොකියාම බැහැ.

පොඩි කාලේ ගැන සැකවින් මම මෙතැන ලිව්වා.

ඒ වගේම උණුවතුර ළිඳක් පහසුවෙන් සහ ඉක්මනින් සාදා ගන්නා අයුරු මම පොඩි කාලේ අත්හදා බලපු හැටිත් ලිව්වා.

පොඩිකාලේ ඉඳල පුරුදු වෙච්ච යහපත් ගතිගුණය තමයි ගෙයි ගින්දර පිටට නොදෙන එක. ඒ ගැනත් ලිව්වා

බෝනික්කෙක් හින්ද වෙච්ච පපුවේ අමාරුවක් ගැනත් ලිව.

ඇයි අපේ අය්යාගේත් මගෙත් කුරුමිණි මිරිකුනි වැඩේ?

ඒ වගේම අපේ පාරම්පරික ක්‍රීඩාවක් ගැනත් ලිව්වා.



දැන් ඉතින් මක්කද ලියන්න හදන්නේ? මක්කා ලියන්නද ඉතින් වෙච්ච දෙයක් ලියනවා මිසක්. අපි වෙච්ච දේවල් කියනවා, වෙන්න තියෙන දේවල් නම් කියන්නේ නැහැ... අනේ ඔව්...

අද මම ලියන්න හිතුවේ පොඩි කාලේ සිද්ද උනත් ගොඩක් ලොකු උනාට පස්සේ ක්ලික් වෙච්ච සිද්ධියක්. මක් කිව්වා? ඒ මොන හරුපයක්ද? නෑ නෑ .. කිසි හරුපයක් නැහැ. ඔක්කොම සුද්ද සිංහලෙන්...



ඔයාලට වෙලා තියෙනවද මෙහෙම දේවල්. ඒ කියන්නේ  පොඩි කාලේ වෙනවා මොකක් හරි සිද්දියක්. ඒ කාලේ , ඒ වෙලාවේ හැටියට ඒ සිද්දිය හරි ඒ සිද්දියෙන් වෙච්ච වෙනත් දෙයක් හරි ගැන වැඩි අවබෝධයක් හරි තේරුමක් හරි නැහැ. නමුත් සිද්දියෙන් අවුරුදු බර ගානකට පස්සේ මතක් උනහම තමයි තේරෙන්නේ ඇත්තටම මොකද උනේ කියල...

එහෙම ඒවා නැද්ද?

අපෝ මට නම් තියෙනවා.. කොටින්ම කිව්වොත් මට වැඩියෙන්ම වෙලා තියෙන්නේ ඒ වගේ එව්වම තමයි.. හි.. හි..

ඒ කියන්නේ මෙලෝ රහක් නැතුව ඒ සිද්දි දිහා එදා නරඹන්නෙක් වෙලා බලන් ඉඳල, අවුරුදු ගානක් ගිහින් කැම්පස් එකට ඇවිත්, ඊටත් පස්සේ උදේ වැඩට පරක්කු වෙලා ආවත් මාසේ අවසානේ සල්ලි ටිකක් අකවුන්ට් එකට දාන, නෑ නෑ .. සොරි වැදගත් රස්සාවකට ගිහින් ටික කාලෙකට පස්සේ මෙන්න බොලේ අර පැන්චා කාලේ වෙච්ච දේ තේරුම තේරෙනවා!!

මේ කතාව මම ලිව්වට ලියන්නේ බඩේ ගින්දරෙන්. ඒ මොකක්වත් හින්දා නෙවෙයි මෙව්වා රටේ ලෝකේ මිනිස්සු දැනගත්තහම නම්බුකාරවට දැනට ජිවත් වෙලා ඉන්නේ අපේ අම්මි සහ අප්පච්චිගේ නම්බු කටුව පරෝටියන් ගාල දෙදරලා යයිද කියල. නෑ .. එහෙම වෙන එකක් නැහැ... අපි කවුරුත් සමහන් බොන්නෙත් නැහැනේ!!

මම එකපාරක කියලත් ඇති පෙ ගෙදර මම පැන්චා කාලේ තිබ්බ වටපිටාව. මට වඩා අවුරුදු බරගානක් වයස උන් අතරේ තඹේකටවත් මායිම් නොකරන පරිසරයක මම හිටියේ.

අපේ ගෙදර පොඩි ලොක්කා තමයි අපේ අය්යා කාරයා. උන්දැට හිටියා අපුරු යාලුවෙක්. ඒ තමයි රෝහිත අය්යා. ( නෑ නෑ  අනේ රොකට් රෝහිත නෙවෙයි... එයාල කොහෙද ඒ කාලේ? ) අය්යාට වඩා දෙගුණයක් විතර වයස තියෙන රෝහිත අය්යා අපිට ඒ කාලේ හිතුනේ නැති උනාට පට්ටම කට්ටයෙක්. උගේ වයසේ හැටියටනේ ඉතින්.

අපේ අය්යාට මේ වෙනකොට අවුරුදු 10ක් විතර ඇති මගේ මතකේ විදියට. මම නම් හෙනම බට්ටා. රෝහිත අය්යලා ඒ දවස්වල දුප්පත්. අපේ අය්යා එක්ක බැලුවම ගොඩක් දුප්පත්. ඔව් ඉතින් අපේ අය්යා එක්ක බැලුවම මමත් පට්ට දුප්පතෙක් තමයි. මොකද ගෙදර වැඩියෙන්ම සැලකුම් ලැබුවේ ඌ වෙච්චිකොට!

අපේ අප්පච්චි ඒ දවස්වල හිටියේ රට. ඉතින් අපි තුන්දෙනාටම ඇත්තටම අපේ අම්මා ඉස්කෝලේ යන්න කියලා ගන්නේ ලියන පොත් ටික විතරයි. සපත්තු දෙක, පැන්සල් , පැන්සල් පෙට්ටි විතරක් නෙවෙයි, මකනේ, ඉරේසරේ පවා අපේ අප්පච්චි රටින් එව්වා. අය්යාට එහෙම එවල තිබ්බා මවුන්ටන් බයිසිකලයක්. මට ඒක එවපු දවසත් මතකයි. පෙට්ටියක අහුරලා තිබ්බ බයිසිකලේ පැකින් කඩලා ආය්යාම තමයි තනියෙන් හයිකර ගත්තෙත්.



ඒ මවුන්ටන් බයිසිකලේ ඌ හෙන උජාරුවෙන් තමයි පැද්දෙත්. මට තාම මතකයි ඒ බයිසිකලේ දිලිසෙන රතු පාටයි. අකුණක් වගේ සලකුණක් තිබ්බා මතකයි බැජ් එක වගේ. ඔය බයිසිකලේට මමත් ඉතින් ස්වභාවයෙන්ම පුදුම කෙල හැලිල්ලක් හැලුවේ. මටත් ඉතින් කැසිල්ලනේ! ඕක කොහොමහරි පදින්න තමයි ට්‍රයි එක. උසත් නැහැ දොඩම් ගෙඩි දෙකක් විතරනේ. ඉතින් අය්යා සිට් එක උස්සලා යනවා හිතලම. මම කරන්නේ රෙන්ච් එක හොයල සීට් එක පහත කරගෙන පදින එකයි. ඌ පස්සේ කලේ රෙන්ච් එකත් හංගලා ගියපු එකයි. හි.. හි..

ඉස්කෝලේ අවසන් කරපු ලොකු කොල්ලෙක් උනත් රෝහිත අය්යා අපේ අය්යා කාරයාගේ ගජ මිත්‍රයා. උන් දෙන්න එක්ක එකතු වෙලා කරපු නසරානි වැඩ නම් අනන්තවත් තියෙනවා. එව්වා පස්සේ ලියන්නම්. රෝහිත අය්යත් ඉතින් මේ මවුන්ටන් බයිසිකලේට මාර ආසයි. ජීවිතේට සයිකලයක් පදින්න වත්කමක් ඉස්සර එයාලට තිබ්බේ නැති එකේ මේ වගේ බයිසිකලයකට ඌ ආසාවෙන එක අරුමයක් නෙවෙයි. ඒ උනාට රෝහිත අය්යාට බයිසකල් පදින්නත් බැහැ. සමහර දවස් වලට අය්යා ඉතින් ඌවත් පොල්ලේ තියාගෙන පදිනවා. ( පිස්සු හැදෙනවා ඇති. මොකද අවුරුදු 10ක විතර කොල්ලෙක්ට පුලුවන්ද අවුරුදු 18ක විතර එකෙක්ව බයිසිකලේ තියාගෙන යන්න?)

ඔන්න එකෝමත් එක දවසක සවසක ( හැක් හැක් මට මතක නැත උදේද දවල්ද කියල ) අපේ අය්යා කාරයා දැන් රෝහිත අය්යාට බයිසිකල් පදින්න කියල දෙන පන්තියක් පටන් අරන් තිබුනා අපේ මිදුලේ. අපේ මිදුලේ මේ කියන කොටසේ ඒ දවස්වල පිහිටුම ගැන කියනවා නම් මෙහෙමයි.

මිදුලේ තිබ්බේ පළලින් අඩු උනත් දිගින් වැඩි සෘජුකෝණයක් වගේ. ගෙදරින් එලියට බැහැලා පොඩ්ඩක් දකුණු පැත්තට හැරුනහම තමයි ගෙදරට එන ලොකුම ගුරු පාර තිබ්බේ. ඒ පාර ගල් බොරළු එහෙම තිබ්බ පාරක් වගේම අපේ ගෙදර පහුකරගෙන යන කොටස යම් ප්‍රමාණයක බෑවුමක් වගේ තිබ්බේ. මෙන්න මේ වගේ.


ඔන්න දැන් ටියුෂන් එක පටන් ගන්නකොට අපිත් ඉතින් වටවුනා.  අපි කිව්වේ ඉතින් මමත් අපේ අක්කත්. අපේ අය්යාගේ ගෝලයා, රෝහිත අය්යා ක්‍රීඩාවට ඔබින ආකාරයට සරමකින් සැරසිලා ඇවිත් හිටියා. මාළු කපන ලෑල්ලක වටේ පුසෝ බලන් ඉන්නේ ඉඳල හිටලා හරි මොකක් හරි කුණු මාළු කෑල්ලක්වත් බැරිවෙලාවත් විසි උනොත් කියල? අන්න ඒ වගේ බැරිවෙලාවත් අපිට පදින්න අවස්තාවක් ලැබෙයි කියලා තමයි මම නම් බලන් හිටියේ. අක්කා නම් ඉතින් කොහොමත් ඔය ඕපාදුප බලන්න රුසියා. අපි දෙන්නා දැන් ගෙදර ඉස්තෝප්පුවේ අග කොටසට වෙලා මේ වැඩේ බලනවා.

අපේ අය්යාගේ ටියුෂන් එක කොහොමද කියනවා නම්.... කොහොම කියනද? ඌ කරපු ටියුෂන් එකක් නැහැ. ඌ කලේ අර ගුරු පාර දිගේ බයිසිකලේ පැදගෙන ඇවිත් අපේ මිදුලෙන් කෙලවර කරලා, රෝහිත අය්යටත් එහෙම කරන්න අවස්තාවක් දීපු එකයි. බයිසිකල් පදින්න බැරි එකෙක්, පදින්න ඉගෙන ගන්න පල්ලමක පදින්න ඕනේ කියල මම මේ ඇහුවමයි! ඔන්න අපේ අය්යාගේ ටියුෂන් එකේ තරම! වෙලාවට ඌ වෙන මොනවත් ටියුෂන් නොදුන්නේ... දුන්නා නම් පලවෙනි දවසෙම ගෝලයා සෙත්ත පෝච්චි!!

ඔන්න දැන් අපේ අය්යා ගුරු පාර දිගේ පැදගෙන ඇවිත් අපේ මිදුලට හරවලා මිදුලේ කෙලවරට කලින් බ්රේක් ගහලා නතර කරගත්ත. අරුමයක්ය... ඌට කොහොමත් බයිසිකල් පදින්න පුළුවන් එකේ! පාරෙන් හරවලා අපේ මිදුලට ආවත් සැහෙන දුරක් තියෙනවා නතර කරගන්න බැරි උනත්. ඒ හින්ද වැඩි අවුලක් නැහැ. ඒ වගේම ඒ කොටසේ අපි කුෂන් එකක් වගේ සරුවට තණකොළ වවලා තිබ්බ. ඒ හැමදෙයකටම වඩා මම නම් හිතන්නේ ඒ මිදුලේ කෙලවර තිබ්බ කෙහෙල් පඳුර තමයි ලොකුම සේවය කලේ. බරුම උනොත් කෙසෙල් ගාලට තමයි බ්‍රේක් පාගවගන්න කියන්න වෙන්නේ!

අය්යා ඊට පස්සේ අවස්තාව ඔන්න දැන් රෝහිත අය්යාට දුන්නා. රෝහිත අය්යා බයිසිකලෙත් තල්ලු කරගෙන දැන් ආයෙමත් ගුරුපාරේ උඩහට ගියා. අපේ අය්යත් දැන් ඌ පස්සෙන් ගියා. නරඹන්නන් වන අක්කත්, මමත් දැන් ඉස්තෝප්පුවට වෙලා බයිසිකලේ රැගත් රෝහිත අය්යා ගුරුපාරේ ඉහලින් මතුවෙනකල් ඇස් දල්වාගෙන බලන් හිටියා.

ඔන්න ටික ටික ඔලු දෙක පෙනෙන්න ගත්ත. අපේ අය්යා බයිසිලකේ අල්ලාගෙන රෝහිත අය්යාට පදින්න කියල උපදෙස් දෙන ගමන් දැන් අපේ මිදුලේ පිවිසුම අසලටම එක්කගෙන ආව. ඊට පස්සේ රෝහිත අය්යාව පිවිසුම අසලින්ම අතෑරලා දුවගෙන ආව කෙසෙල් පඳුර තියෙන හරියට.




"හරි හරි මචං... බැලන්ස් කරගෙන වරෙන්...."

මුදුනේ හිටපු රෝහිත අය්යා දැන් ලොම්බ විකාගෙන බයිසිකලේ බැලන්ස් කරන්න පට්ටම කැපවීමෙන් කකුල උඩට අරගෙන ඔන්න බයිසිකලේ නිදහස් කරා විතරයි ඔන්න පල්ලම නිසා බයිසිකලේ ක්‍රමයෙන් අපේ මිදුල දිහාවට වේගෙන් එන්න ගත්තේ මමත් අපේ අක්කත් හිටපු තැනට කෙලින්ම වෙන විදියට.

"..... බුදු අම්මෝ.... හෝව්.. හෝව්.... හෝව්... හෝව්...."



කෙහෙල් පඳුර දිහාවේ ඉඳන් එකපාරටම අපේ අය්යා මහා විලාපයක් එක්ක රෝහිත අය්යා පැදගෙන එන බයිසිකලේ දිහාවට පන කඩාගෙන දුවගෙන ආවේ අතපය පිස්සෙක් වගේ විසිකරන ගමන්. එන වේගේ නිසා රෝහිත අය්යා ට නතර කරගන්නත් බැහැ. ඒ මදිවට අපේ අය්යාගේ මේ අමුතු විලාපය මොකද බලන්න අපිත් ඇස්ගෙඩි දොඹගෙඩි සයිස් කරලා වේගෙන් එන රෝහිත අය්යා දිහාවේ මට නම් බැලුනේ..


එතකොට තමයි මම දැක්කේ.....

මම කලිනුත් කිව්වනේ රෝහිත අය්යලා දුප්පත් කියලා. මිනිහා ගොඩක් වෙලාවට අඳින්නේ හාල්පොත වගේ තිබ්බ සරම එදත් ඇඳගෙන හිටියේ. මම හිතන්නේ ඒ සරම හෝදලා හෝදලා දිය වෙලා ගිහින්, හිල් වෙලා. මෙයා සරමේ හිල් වෙච්ච කොටස ඉස්සරහ රැලි කොටසට වෙන්න තමයි ඇඳලා හිටියේ. ඒ හිල් වෙච්ච තැනින් , වේගෙන් ඇතුලට එන සිහිල් සුලන් රැල් විඳින්න කෙනෙක් ඔලුව හරි අපුරුවට එලියට දාගෙන වටපිට බලමින් එනවා.... මමත් අක්කත් මුනෙන් මුණ බලාගත්ත... ඇත්තටම මට නම් මොකද්ද වෙන්නේ කියල තෙරුනෙම නැහැ... අපේ අක්කා මහා හය්යෙන් මර ලතෝනියක් දීගෙන දිව්වේ, මට ෂුවර් එයා කොහොමත් නිරන්තර මර බයකින් ඉන්නේ ඒ හින්දමයි කියල.

කෙහෙල් පඳුර ගාව ඉඳන් වේගෙන් එන බයිසිකලේ ඉස්සරහට සිය දිවි පරදුවට තියාගෙන මහා ලතෝනියක් දීගෙන අපේ අය්යා දුවගෙන ඇවිත් රෝහිත අය්යාව අල්ලලා නතරකරලා එක ක්ෂණයෙන් සරම හැදුවා මතකයි. ඊට පස්සේ මහා හය්යෙන් හිනාවෙන්න ගත්තා. රෝහිත අය්යාගේ මුණ රතුවෙලා තිබ්බත් මතකයි.



මට ඉතින් දෙමල පත්තරේ වගේ.... තේරුනේ නැහැනේ අප්පා?

කෝ දැන් වැඩේ තේරුනේ නැති මම වගේ අය අත උස්සනවා හොඳයි!!

30 comments:

  1. උපේක්ෂාට මේක මතක් උනේ ලගදි මෙවගේ කවුරු හරි ඔලුව දානවා දැක්කද ?

    ReplyDelete
    Replies
    1. අනේ අනේ ඇනෝ..... මගේ කල්පනා ශක්තිය පොඩ්ඩක් අවුල් උනාට, මතක ශක්තිය නම් හොඳයි. ඔබට හිතෙන්නේ නැද්ද ඔය වගේ දෙයක් මතක් වෙන්න පොඩි ළමයි ටිකක් බයිසිකල් පදිනවා දකින එකම ඇති කියල??? අවංකවම මට නම් ඉතා සුළු සිද්දියක් ඇති ලොකු කතාවක් මතක් වෙන්න...

      Delete
  2. යේක යෙපිලා දවශක් එලක නානවා තමා.. නාන ගමන්ම හෙහ් හෙහ්.. යෙශ් යේශ්... යේක නානකොට ගශ්ලබ්බගෙ කලිශම තමා ඉරුනා... මුලින් මුලින් යෙක ඉල අඩලා ඉඳගෙන පානය කෙරුවට පශ්ශෙ පශ්ශෙ යේක අමතක තමා උනා.. ශෑහෙන වෙලාවකින් යෙක මුනියෙක් කියපි "ලභ්භො.. යේක ඔය ඔන්දටම ඔලුව එක එලියට දාන ශතාටත් කන්න මොනා අරි තමා ඔයනවා.. මුනා අරි දෙන්ඩ" කියලා..

    ReplyDelete
    Replies
    1. ආඩවනේ මුරුගා ෂාමි !! මොක්කද තමා උනා???

      Delete
  3. //රෝහිත අය්යා ක්‍රීඩාවට ඔබින ආකාරයට සරමකින් සැරසිලා ඇවිත් හිටියා// මං නම් බුවා දැක්ක මෙතනදිම.. ඒක නෙවෙයි ප්‍රශ්ණේ.. ඕක තෙරෙන්න ඉස්කෝලෙනුත් අවුට් වෙලා කැම්පසුත් ගිහිල්ලා ජොබ්බෙකටත් යනකම්ම ඉන්න උනාද? හැක්..

    ReplyDelete
    Replies
    1. මුවින් නොබැන ඉවසමි

      Delete
  4. ඇත්තට බොල ඒ ටික තේරුම්ගන්න මෙච්චර කාලයක් ගියාද හැබෑට?

    ReplyDelete
    Replies
    1. මුවින් නොබැන ඉවසමි

      Delete
  5. අනේ මෙහෙමත් ටියුබ් ලයිට් එකක්. . .

    ඔය බයික් රෝහිතය ගිහින් කෙහෙල් පදුරේ වැදිලා කෙහෙල් ගෙඩිය තලා ගත්තනම් බලන්න තිබ්බ වැඩේ.. හික්ස්... බයික් ඒකෙ එන පොටෝ එක නම් එල .

    ReplyDelete
    Replies
    1. මම ප්‍රසිද්ධ ටියුබ් ලයිට් එකක්. කොටින්ම වයර් වත් අමුණලා නැති තරම්. ඔය කෙසෙල් පඳුර අපෙන් විඳපු දුක් කනදරාව කියලා නිමක් නැහැ. කෙසෙල් ගස් තමයි අපේ අල්පෙනිති තුවක්කුවේ පහසු ඉලක්ක.

      Delete
  6. ඊට පස්සෙත් රෝහිත අයියා ආවද අයියගෙන් ටියුෂන් ගන්න?

    ReplyDelete
    Replies
    1. අපෝ... රෝහිත අය්යා උන්ගේ ගෙදර යන්නේ කන්නයි , නිදාගන්නයි විතරයි. මුළු දවසම එක්කෝ අපේ ගෙදර, නැත්තම් අපේ අය්යත් එක්ක සෙල්ලමේ. මේ දෙන්නා එකතු වෙලා පුදුමාකාර වැඩ කලේ.

      Delete
  7. දුප්පත්කම තමා ඉතින්.... බයෝ පාඩමක් කියලා හිතහදාගන්ඩ මෙයා....

    ReplyDelete
    Replies
    1. දුප්පත් තමයි. ඒ උනාට හරිම වෙට්ට පිත්තල. අපිට ඒ දවස්වල තේරුනේ නැහැ. එක හේතුවක් තමයි ඒ අය්යා අපිට වඩා ගොඩක් වැඩිමල් නිසා අපේ ළමා මනසට නොතේරෙන ලොජික් එයාලා ක්‍රියාත්මක කරන නිසා. දැන් නම් එයාලට සරුයි. මිනිහා සාමාන්‍යපෙළ ගණිතය පාස් නැහැ. නමුත් කොහොමහරි විදියකින් බැංකුවකට රිංගුවා. දැන් හොඳයි.

      බයෝ? හික්..... මට හරියට ස්වාසිලන්ත බාසාවෙන් රොකට් සයන්ස් කියල දුන්නා හා සමානයි

      Delete
  8. යකෝ මේකට ඒක තේරෙන්න ගිය කල්.. උඹ බබා..

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මට අවුරුදු 3ක් විතර ඇතිනේ. බබෙක් තමයි. ඉතිරි ටික මුවින් නොබැන ඉවසමි

      Delete
  9. බයිසිකලේ පදින්න පුරුදු වෙන්න ගියාට වඩා කාලයක් ගිහින්නෙ මේක තේරෙන්න...............

    ReplyDelete
    Replies
    1. මුවින් නොබැන ඉවසමි

      Delete
  10. ඇත්තටම මොකක් ද දැන් තේරුම් ගත්තේ ? හිල් වෙච්ච සරම් අඳින්න එපා කියන එක ද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පැතුම්... ඕකනේ කියන්නේ. ළමා කතන්දර පොත්වල මුළු කතාවම කියෙව්වට පස්සේ තියෙනවා "මේ කතාවෙන් අපිට ගත හැකි ආදර්ශය" කියල කොටසක්. කෝ කොහෙද මට ඒ කොටස මේකේ ලියන්න මතක බැරි උනානේ...

      මේ කතාවෙන් ගත හැකි ආදර්ශය: බයිසිකල් පැදීමට සුදුසු වන්නේ ෆුල් ෆේස් හෙල්මට් දමායි.

      Delete
  11. මේක කියවන කොට මට මතක් උනේ මම කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලෙ අපි ගියා අප්‍රකට ඇල්ලක් බලන්න. නම මතක නැ. පාරෙ ඉදන් කිලෝමීටර් 3-4ක් ට්‍රැක්ටරයක ගිහින් තමයි එතනට ගියේ. ඔන්න ඉතින් කොල්ලො සෙට් එක ෂෝට් ගහගෙන ඇල්ල වැටෙන තැන හැදිල තියන නොගැඹුරු පොකුණ වගේ එකට බැහැල නාන්න පටන් ගත්ත. ටිකක් වෙලා යනකොට කෙල්ලොත් වතුරට බහින්න පටන් ගත්තා. මේක දැක්ක අපේ එකෙකුට අපමන චිත්තක්ප්‍රීතිය පහලවෙලා "ආ...(කෙල්ලගෙ කාඩ් එක ) ...එන්න එන්න.... කියල වතුරෙන් නැගිටල උඩ පැන්න. උගෙ උඩපැනිල්ලට වතුරෙන් තෙත බරිත වෙලා තිබ්බ ෂෝට සුරුස් ගාල ඌටත් නොදැනි පහලට රෑටල වැටුනා. උගේ කරැමෙ කියන්නෙ වතුර තිබුනෙ දනිස්සට පොඩ්ඩක් උඩට වෙන්න විතරයි. කෙල්ලො ටික "හුම් " සද්දයක් නැතුව උන් තැනම ගල් ගැහුන. ඒත් අපේ බැචාට තාම නිච්චචි නැ ෂෝට හැලිල බව මු අතපය වන වනා කෙල්ලන්ට කෑ ගහනවා. පස්සෙ ලග හිටිය උන් මූව වතුරට ඇදල දාල තවදුරටත් වෙන නින්දාවෙන් බේර ගත්තා. කෙල්ලන්ගේ නැම එතනිම ඉවර උනා. අදටත් ගෙට් ටු ගෙදර් වලදි වරදින්නෙ නැති කතාවක් වෙලා තියනවා මේ සිද්ධිය. ඒකට වාර්ෂිකව අඩු පාඩු එකතු කරල වඩාත් රසවත් කරල කට්ටිය කියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ අපමණ ප්‍රීතියට පත්වුයේ ඔබ නොවේ යයි මම හොඳාකාරවම දනිමි. රට්ටු කෙසේ කිව්වත් මම එව්වා නොසලකමි.

      කැම්පශ් කාලේ එව්වා නම් කතා කොරන්ට එපා... මඩ බාල්දි පිටින් තමා මතක් වෙනවා...!!

      Delete
  12. හි...හි... මෙයාටත් එකපාරම මතක් වෙච්ච දෙයක්..

    ReplyDelete
    Replies
    1. එකපාරටම නෙවෙයි අනේ. ටික ටික මතක් වෙලා එකපාරටම ක්ලික් උනේ...

      Delete
  13. උබ උබලගෙ අක්කගෙ අඩු පාඩුම ලිවුවට ඒකි ගැටිස්සි කාලෙ ඉදලම උබට වඩා දැනුම් තේරුම් තිබිල තියනවා.

    ReplyDelete
    Replies
    1. බුදු ඇනෝ.... උඹගේ කටේ කොත්තමල්ලි සොරි... මසුරන් දාන්න වටිනවා. අනේ අම්මප ඇත්තනේ.... කොච්චරද කියනවා නම් මට දැන් හදිස්සියට මතක් කරගන්නවත් බැහැනේ මගෙත් උන්ගෙත් බෝඩිම් ජිවිතේ ගෙවනකොට මම උන්ගෙන් ඉගෙනගත්ත ජිවන අත්දැකීම්!!

      Delete
  14. මේක තේරුම් ගන්න ගත්ත කාලේ නම් හොඳටම වැඩියි. මට මතක් වුනේ අර පොඩි උන් දෙන්නගේ වයිෆයි ඇන්ටෙනා කෑල්ලෙයි යූඑස්බී පෝර්ට් එකෙයි කතාව.

    ReplyDelete
    Replies
    1. මක් කරන්නද ඩුඩ්.... තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියනවා නේ...

      ඈ ... මොකද්ද බොලේ ඒ කතාව? කෝ කියමු බලන්න..

      Delete
  15. ඕව මොනාද බං, මම දවසක් නුගේගොඩ කෙසෙල් ලෙලි ස්කෝලෙ ස්ටේජ් එක උඩ නට නට ඉන්නකොට අපේ එකෙක් ඇවිත් සරමෙන් ඇද්ද. මොනා කරන්න මමත් එහෙමම නැටුව.

    ReplyDelete
    Replies
    1. මොන ලෙල්ල ඉස්කෝලෙක උනත් දැරිවියන් ඉන්න තැනක ඉස්ටේජ් එකක නටනවද බොලව් කොල්ලෝ? ඒ මදිවට සරමක් ඇඳගෙන?? එක්කෝ වලාපට ගහගෙන ඉන්න ඕනේ... නැද්ද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...