Friday, October 24, 2014

102. මිතුරු තොමෝ.... 01


මිත්තරයෝ / මිත්තරියෝ ඉන්නවා නේද? ( ඔය ඉන්නේ...) මගේ ජිවිතේ උන්ට හිමිවෙන්නේ ලොකු ඉඩකඩක්. මම නොයෙකුත් තැන්වලදී ලියල පාරම්බාලා ඇති මගේ මිත්‍ර සමාගම් ගැන. නොසැලකිල්ලෙන් මිත්‍රයෝ ඇතිකරගන්න මම උන්ව පරිස්සමෙන් මේන්ටේන් කරන්නේ. ඒ කියන්නේ ආයෙත් ආයෙත් ආශ්‍රය කරන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන්. ඒක ඇතුලෙම අනිත් වචනෙත් ලියවිලා තියෙනවා... ඒ කියන්නේ 'පොඩ්ඩක් විතර නොසැලකිල්ලෙන්'

යාලුවෝ උනහම මට එක එක කැටගරියේ උන් ඉන්නවා. ඉස්කෝලේ කාලේ යාලුවෝ නම් දැන් හරි අඩුවෙන් සම්බන්ධකම් තියෙන්නේ. මොකද මම ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් ආවට පස්සේ ගම් පළාතේ යන එකත් අඩුවෙලා ගිහින්, කොටින්ම ගමේ උන්වත් මම අපේ අම්මගේ දුවෙක් කියල අදුරන්නේ නැහැ නේ බොලේ...



හිටපු ගමන් ගම් වැදුන මමත් ඉස්සර කරගෙන අපේ අම්මත් එක්ක මම ටවුමේ රස්තියාදුවකට කියල හිතාගෙන බස් එකට බඩගානවා...
"ආනේ.. මිසිස් _____, කොහෙද අද මේ පයින්ම?"
"අපේ මේ දුවත් එක්ක මම මේ ටවුන් යනවා"



අපේ අම්ම සන්තෝසෙන් කියනවා. එහෙම කියන්නේ මමත් එක්ක ටවුන් ගියහම අයිස් පලම් කැවිල්ලක්, ටවුමේ රස්තියාදු විල්ලක් එක්ක පිස්සු වැඩ කෝටියක් කරන්න ලැබෙන හින්ද.

"ආ... පුතා බැන්දද....?"
"නෑ ..... අනේ... මේ මගේ චුටි දුව. කොළඹ වැඩකරන්නේ... නිවාඩුවට ඇවිත්..."
අම්ම තව කියෝනව මගේ අතීත කල්කිරියාව. අම්මප දැන් මගේ ඇඟේ මාළු ගඟේ නටනවා...
"අම්මේ අපි යං..."
මෙතරම් ප්‍රසිද්ධ මම ගැන අහල නැති කෙනෙක් එක්ක මොකට කතා කරනවද? ඔන්න කොහොමහරි ඔතනින් ගැලවිලා යනවා. හෙහ්..

ඔහොම වෙන්න එකම හේතුව මගේ ඉස්සර තිබ්බ 'ඉබි' ගතිය. මෙලෝ ගමේ එකෙක් එක්ක කතාවක් නැහැ. ලොකු කම කියන්න අමාරුයි, සමහර වෙලාවට පිටින් බලද්දී එහෙම පේනවා ඇති. මම කොහොමත් ඉස්සර ගෙදරත් කතාවක් බහක් නැති 'ඉබ්බෙක්'! ඒකට දැන්.... ඉස්සර දකිනකොට අහකබලාගෙන ගියපු සම වයසේ කොල්ලෝ, කෙල්ලෝ එක්ක දැන් මම කතාකරනවා.... උන් උඩ යනවා!! හෙක්.. හෙක්....

කතා කරලා සුහදව ඉන්න එක ඇත්තටම මම හිතන විදියට හැමෝටම කරන්න බැරි දෙයක්.

එව්වා තිබුනාවේ දැන්...


ඉස්කෝලේ උනත් ගැන්සියක් නැතුව ඕනෙම ගැන්සියකට සෙට් වෙන ගතියක් මට තිබ්බ. පන්තියේදී එක ගැන්සියක්, එලියට බැස්සම තව ගැන්සියක්, ක්ලාස් යනකොට ; රස්තියාදුවේ යනකොට ; ක්‍රීඩාවේදී වෙන වෙන ගැන්සි...

ඔහොම ගිහිං ආවයි කියමුකෝ විස්ස විජ්ජාලෙට !!

දන්න කියන කිසිම කෙනෙක් නැහැ! අප්පේ එහෙම ජොලියක්!!! දැනිල තියෙනවද?

මට නම් ඔය ජොලිය දැනෙනවා ගෙදර කවුරුත් නැතුව මුළු දවසක්ම තට්ට තනියෙන් ගතකරන්න ලැබුණාම.. විශේෂයෙන් රෑක.... සින්දුවක් කන පැලෙන්න දාගෙන , නෑ නෑ වෙන මොකක් හරි, ඒ වෙලාවට හිතෙන දෙයක්.... තනියෙන් අලිම අලි ලාජ් සයිස් පිට්සා එකක් කාටවත් නොදී තනියෙන් කාල, බඩත් උඩදාගෙන සාලේ මැද්දේ නිදාගන්නෙක වගේ.... අම්මේ මතක් වෙනකොට දැන්ම දුවන්න හිතෙනවා නිවාඩුවක් දාල...

කැම්පස් එකට ආපු ගමන්, මම ඇත්තටම ප්ලෑන් කරලා තිබ්බේ සතියකට ස්ටේජ් ඩ්‍රාමා දෙක තුනක් බලල, සති අන්තේ පොත් කියෝන එකයි, කැම්පස් එකේ මූවි බලන එකයි මාරුවෙන් මාරුවට කරන්න.... චෙක් විතරක්!!! ඒ එකක්වත් කරන්නේ නැතුව තමයි එන්න උනේ..... අනේ දුකයි.. අදටත් මම ස්ටේජ් ඩ්‍රාමා බලන හීනෙන් තමයි සමහර සති, මාස ගෙවන්නේ... අනේ... කෝ.... බැරිවුණා තාම!!!

කැම්පස් එකේ මම අපේ සෙට් එකක් ගැන කිව්වා නේ... කිව්වේ නෑ ? නැත්තේ නෑ .. මම කිව්වා මෙන්න මෙතන කතන්දරේ කියනකොට. ඒකෙ කියන ගැන්සිය ගැන කියනකොට මම ඒ කතාවට අදාළ උන් විතරයි නමින් ලිව්වේ.

ඔතන සෙට් එකේ උන්නා හිටපු ගමන් අපිත් එක්ක ගජේ ගහන්න එන කොල්ලෙක්. ඌ බෙන්තර ගඟෙන් එහා එකෙක්... අහන්නත් දෙයක්ද, ඌ ඉන්නෙත් එහෙම ගඟෙන් එහා තව කීපදෙනෙක් එක්ක. එන්නේ අපේ කුප්පි ගන්න. මොකද අපේ සෙට් එකේ තමයි මීටර් එක වැඩිම උන් හිටියේ. 'තට්ටයා' ගැන මම අර කතාවේදී කියලත් ඇති. ඌ තමයි පළවෙනි සෙමෙස්ටරේ බැච් ටොප් උනේ.

අනිත් ප්‍රධාන සෙට් එකේ උන්නේ කොළඹ ඉස්කෝල වලින් ආපු උන් 'අල' යයි කියාගන්නා සෙට් එකක් හින්දත්, උන් කීපදෙනා ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාලුවෝ හින්දත්, උන්ට වෙනත් ෆැකල්ටි වල 'අය්යලා' 'අක්කලා' දන්නා හින්ද මාර පවර් එකක් ඇතැයි උන් හිතාගෙන ඉන්දිල්ලත්, උන්ගෙන් කුප්පි දැමිල්ලක් ගැන්සියෙන් පිට උන්ට නොවිල්ලත්, උන් වෙන උන් උන්ගේ යාලුවෝ ගැන්සියට වැද්දානොගනිල්ලත් හින්ද මේ කියන පුද්ගලයාට කුප්පි සහ වෙනත් අවශ්‍යතා වලට තිබ්බ එකම පිහිට අපේ 'ඕපන් ඩොර්' ගැන්සිය විතරයි.

අපි මේ පුද්ගලයාට 'තිලිණ' කියමු.

තිලින සහ ඔහුගේ අනු කණ්ඩායම අපිත් එක්ක සෙට් වෙන්නේ ඉඳල හිටලා. කොහොමත් පළවෙනි අවුරුද්දේ අපි මරණෙට කැපවෙච්ච හරක් ටික වගේ අවිනිශ්චිතයි. මොකද කැම්පස් ආව මිසක් විභාග ක්‍රමේ තියා කිසිම සංස්කෘතියක් වත් දන්නා එකක් නැහැ. ඒ මදිවට රටේ එක එක පළාත් වලින් ගෙනත් දාපු බැටළුවෝ වගේ ඔක්කොම එකම විදියට එකිනෙකාගේ මුණු බලාගෙන. ආචාර්යවරු කියන මෙලෝ මලදානයක් තේරෙන්නේ නැහැ. හෙක්....



තිලිණ වගේම අපි ඔක්කොම එකට තමයි පාඩම් කලේ. ඕපන් ඒරියා එකක තවාන් දමාපු මිරිස් පැලටික වගේ වාඩිවෙලා දීපු හෑන්ඩ් අවුට් වලින් ඉංගිරිස් සහ විෂය දැනුම උරාගන්න හදන්නේ ඉන්දිකට්ටට නූලක් අමුණන්න හදන එකැස් කනයෝ රෑනක් වගේ. ඔන්න ඔක්කොම පළවෙනි ස්ලයිඩ් එකට අදාළ පොයින්ට්ස් කියෝනව...
"අඩේ .... ඔය කියන්නේ.... අර.... අරකෙන් එක ඉන්පුට් එක අරෙහෙම දුන්නම මෙහෙම වෙනවා කියලනේ"

ඔන්න පළවෙනියට සත්‍යාවබෝධ උන එකා බෙරිහන් දීල කියනවා. අනිත් උන් අහන් ඉඳල ආයෙත් ඒ වාක්‍ය කියෝනව. ඈ ... ඇත්තද? කෝ බලන්ට?? ඔන්න අපි ආයෙත් කියෝනව..

"නෑ.. ඕයි... ඒ කිව්වේ අතනින් දෙන ඉන්පුට් එක එක්ක මේකේ සම්බන්ධයක් නැතුව උනත් මෙහෙම වෙනවා කියල"

ඊළඟට සත්‍යාවබෝධ උනා කියල 'හිතන්' ඉන්න එකා/එකී කෑ ගහනවා..... ආයෙත් ඉතිරි උන් රෑන ඉස්සෙල්ල වගේම වාක්‍ය කියෝනව.... ඈ ... ඇත්තද? කෝ බලන්ට?? වැඩි වෙලාවක් නෑ ... තවත් සත්‍යාවබෝධ උන එකෙක් මොරදෙනවා ඊට වඩා හාත්පසිම වෙනස් අර්ථයක් කියමින්....

සත්‍යාවබෝධය කෙසේ වෙතත් මට පොඩ්ඩ පොඩ්ඩ මල් මෝදු වෙනවා. කොහොමත් මම සමුහ පාඩම් කිරිල්ලට වැඩි කැමැත්තක් ඇති එකියක් නෙවෙයි ඉස්සර ඉඳන්ම. ඒ කියන්නේ ගැඹුරු විදියට හිතල පාඩම් කරන කොටස් වලදී. ඒ උනාට 'ගැන්සි ෆිට්' එක හින්ද ඉන්නේ...

ඔහොම පාඩම් කරනකොට තිළිණයා නෙවෙයි කටක් අරින්නේ. ඌ කරන්නේ ඔක්කොම ලියාගන්න එක.

ඔහොම ගිහිං , අපේ ඉවෙන්ට් වලදී නම් තිලිණ ජනප්‍රිය එකෙක් උනේ ඌ ඕනේ තැනකදී කටගහගෙන යන හින්දත්, රස කතා කියන්න සමතෙක් හින්දත්. ඒ අතරේ තමයි ශිෂ්‍ය සංගම් පිහිටුවන වැඩේ ආවේ. ඒ වෙනකොට ජනප්‍රිය චරිතයක් උන තිලිණ ශිෂ්‍ය සංගමයේ සභාපති උනා. ( මටත් තනතුරක් ලැබුණා.. කියන්නෑ !!)

මේ තනතුරු එක්ක වැඩකරනකොට කොතරම් හැලහැප්පීම් ආවද... හ්ම්ම්.. එව්වා කියන්නේ නැහැ.... කතාවට අදාළ නැති හින්ද. ඒත්  ඒ වැඩවලදී අපේ ගැන්සියේ හය්ය වෙලා හිටියේ 'කිරි බර්ටි' කොලුවා. නමුත් අපේ බැච් රෙපා 'අල' සෙට් එකේ 'මහ අලයා' ( හෙක්... වැදගත් නමක්)

පස්ස ගිනිතියපු අහස් කූර වගේ පොඩ්ඩ ඇත්තම් තදවෙන මම ඒ දවස්වල වෙඩි වගේ මොකක් හරි වැඩක් සංගමයෙන් කරන්න ගියාම. ඒ උනාට දේශපාලනේ නම් කලේ නැහැ.

දැන් තිළිණයා අපේම සෙට් එකේ විතරක් නෙවෙයි, කිරිබර්ටි, මම එක්ක මාර ෆිට්. ඔහොම වැඩි කාලයක් ගියේ නැහැ එක දවසක්...



තිලින මාවත්, කිරිබර්ටිවත් වෙනම කතා කරගෙන එක්කගෙන ගියා කොමන් එකට. එක්කගෙන ගිහින් වාඩිවෙලා හොඳටම දුක් මුසු මුනෙන් කිව්වා

"මචං ... මම ගිය සතියේ වෙඩින් එකකට ගිහිං ඩාන්ස් කළා බන්.... බාගෙට නටනකොට මට හෙන අමාරුයි... ( මු කොහොමත් නටන්නේ කරන්ට් වැදිලා වගේ) හුස්ම ගන්න බැරුවම ගියා. එදා මම දොස්තර ගාවට ගියා බන්..... මගේ හාර්ට් එකේ හෝල් එකක් තියෙනවා කිව්වා ( ඒ කියන්නේ කපාටෙක) ඔපරේෂන් එකක් කරන්න වෙයි බං "

මොකද්ද දෙන්න ඕනේ උත්තරේ කියල අපි දෙන්නටම හිතාගන්න බැරි උනා. මහත දෙහෙත , මරුමුස් ඇඟක් තිබ්බට කිරිබර්ටි කියන්නේ මගේ ජිවිතේ දැකල තිබ්බ සංවේදීම කොල්ලා. උගේ ඇස්වල කඳුළු මම දැක්ක.

"කවද්ද?"
මම ඇහුව
"ඉක්මනට කරන්න ඕනේ කිව්වා..... නැත්තම් පරක්කු වෙයි කියල.. මට නිකන් පිස්සු වගේ "

ඉතිරි ටික දෙබස් ලියන්න ගියොත් නවකතාවක් වෙයි. කොහොමහරි තිලිණට ඔපරේෂන් එකක් ඉක්මනින් කොළඹ පුද්ගලික රෝහලක කරන්න තීරණේ කරලා.

දැන් කිරිබර්ටි වලිගෙ පාගා ගත්ත වලහෙක්, සොරි නිල් තල්මසෙක්, සොරි බල්ලෙක් වගේ එහෙ මෙහෙ දුවනවා. අපේ ගැන්සියේ අනිත් උනුත් දැන් මේ ගැන සාකච්චා කරලා... අවසන් තීරණයකට එළඹුනා.

ඒ තමයි.... අපිට පුළුවන් හැටියට උගේ ඔපරේෂන් එකට සල්ලි හොයල දෙන එක, ඒ කියන්නේ කැට සෙලවීමක්!!!


**********************************
අදට ඇති....

ඉතිරි ටික පස්සේ ලියන්නම්.....

18 comments:

  1. ආතර්ට කමෙන්ට් එක මකන්න උනා ගුගල් ඉන්පුට් එකෙන් ගහද්දි කුණු හරුපත් වැදිලා තිබ්බ නිසා :p

    අනේ කොහොම හරි තිලිනයාව ගොඩ දැම්මද? පවු බන් සමහර එවුන් ඉන්නවා ඕවා හංගගෙන ඉන්නවා.

    අම්මෝ ඔය කැට හෙල්ලිලි හින්දා බස් වලින් වැටිලා අත පයත් කඩා ගත්තා බන්, එත් කැට හෙල්ලිල්ලට වැඩිය අපි කලේ ස්ටිකර් හරි පෑන් හරි තමා, අතපය කඩාගෙන ඒවට් ප්ලාස්ටර් දාගෙන ආයෙත් බස් එකේ නැගලා ස්ටිකරේ ඇදලා දවසේ වැඩිම ගාන හෙව්වේ මන්. (මගේ තුවාල දැකලා ඒවාට අනුකම්පා කරලා දෙන්න ඇති :D)

    මචියෝ :D ඔය කැට හෙල්ලිලට සංවේදී වෙන් නැති අපතයෝ බන් වැඩිමනක් ඉන්නේ, සිරාවට කරන්න දෙයක් නැහැ අර පෙත්ත පුතා වගේ ගල් පැලෙන බොරු කීවා ඇත්ත වගේ ඉමොෂනල් කරලා මෙවුන් සංවේදී කරගන්න, මොකද අපිට ඕනා උනේ වැඩේ කර ගන්න.

    අපේ බැජ් එකට නම් දෙවියන්ගේ පිහිටෙන් එකෙකුටවත් කරදරයක් උනේ නැහැ. එත් පහල බැජ් එකේ මුලින්ම නංගි කෙනෙක්ගේ කකුල තුවාලෙකින් ජර්ම් එකක් ගිහින් දණහිසට පහලින් කපුවා, පස්සේ බොරු කකුලක් දාන්න වැඩ කළා. ඒ නංගි දැන් සයිට් එකක සිවිල් ඉන්ජිනීරින්ග් ට්‍රේනින්.

    තව මලයෙක් නැති උනා, බඩේ පිළිකාවකින්, පිළිකා ගෙඩිය නිසා බඩ ඉදිමෙනවා, පස්සේ ඉදිමෙන එක වැළැක්වුවාම කොන්ද පැත්තෙන් වර්ධනය වෙලා සුසුම්නාව තෙරපිලා ඉනෙන් පහල පන නැති උනා, පස්සේ ගොඩ ගන්න බැරි උනත් ඒ ඔපරේෂන් එකට එකතු කරපු සල්ලි ඒ මලයාගේ නමින් එකවුන්ට් එකක තියෙනවා මලයාගේ මරණයට දානෙට වියදම් කලත් තව කාට හරි පල ප්‍රයෝජනයක් ගන්න.

    තව අක්කා කෙනෙක් මලා වකුගඩු නරක් වෙලා එයාගේ තාත්තගෙම වකුගඩුවක් ඔපරේෂන් කලත් එක එයාගේ ශරීරෙන් රිජෙක්ට් කරලා. අපේ ඔය ගැටීගැහිලි තිබ්බත් කොළඹ ගැට්ටේ එහෙමත් නැත්තන් ගෙදර යන එවුන් නැත්තන් අලයෝ කියන එකේ හිටපු අපි නම් අපෙන් උදව්වක් අහපු කුප්පියක් ඉල්ලපු ඕනෑම කෙනෙක්ට උදව් කරා, ඒවායේ රිටර්න් එක තමා අපේ 4න් නම්බර් ගේ ඩේටින් සයිට් වලට එවුන් දැම්මේ.

    ReplyDelete
    Replies
    1. හැබෑටම සොමියෝ... විස්ස විජ්ජාලේ ගිහින් කොලේ ඉගෙන ගන්න එකද? කැට හොල්ලපු එකද? කැට හෙලව්ව එකියක් විදියට මම නම් කවදාවත් කැම්පස් කැටේකට දෙපාරක් හිතන්නේ නැහැ. ඒ කාලේදී කොහොමත් ගැහිලි අඩුයි. එළියට එන්න ඕනේ සතා බලාගන්න.. හෙහ්..

      මෙන්න දවසේ ඉංගිරිස් පාඩම ( ඩුඩ් වෙනුවෙන් - ලුලා නැති වලට පණ්ඩිතා වීමෙන්) - බැජ් (Badge ) නෙවෙයි බන් බැච් ( Batch)

      Delete
    2. තෑන්ක්ස් උපේක්ෂා. මමත් වචනේ දැක්කාම සොමියට ඕක කියන්නේ කොහොමද කිය කියා හිටියේ. ඒක නෙවෙයි බොල මේක මාර පෝස්ට් දැමිල්ලක්නේ. හිටහංකෝ එකක් කියවලා ඉවර වෙනකල්. මේකේ ආතල් එක කැවිලා තියෙන්නේ ඒ මොකද මම දෙවෙනි කොටස කියවලා ඉවර වෙලයි මේක කියෙව්වේ. Reverse reading...

      Delete
    3. අම්මප ඩුඩ් , පොස්ටුවේ ලියල තියෙන්නේ අංකයක්.... වගක් නැතිහැටි! මම උඩත් ලින්කුවක් දැම්ම ඔහොමද දඩිබිඩිස්ලා එයි, ඊට පස්සේ මගේ පලු අරියි කියල. මට නම් ඩුඩ් කොහොම ට්‍රේන් එකේ යනවද කියල හිතාගන්න බෑ.. මොකද වේදිකා ඔක්කොගෙම ඉලක්කම බලන්නේවත් නැද්ද අප්පා...

      උනේ මේකයි... සිද්ධිය කෙටියෙන් ලියන්න ආවට කෝ.. වෙන අටමගල් ලියවුනා නේ... කතාව කියල ඉවරකරනකල් ඉවසිල්ලක් නෑ (කන්තෝරුවේ වැඩ අටෝරාසියක් තිබ්බත්) ඒ හින්ද වෙනම ලිව්වත් ඔන්නොහෙ දාල දැම්ම.... කොහෙද... අරාබි කාරයා වගේ අග ඉඳන් කියවනවා නොවැ !

      Delete
    4. :D තැන්කු තැන්කු.

      Delete
  2. අපිත් කැම්පස් first year එකේ මුලින්ම කලේ ඔහොම් අසනීප වෙච්ච බචෙකුට සල්ලි හොයපු එක, වැඩේ ස්සහෙන සාර්ථක වුනා .

    "මෙතරම් ප්‍රසිද්ධ මම ගැන අහල නැති කෙනෙක් එක්ක මොකට කතා කරනවද?"" ඔන්න අපි නම් දන්නවා අර දොඩම් ගෙඩි දෙකක් උස නැති ...ආ සොරි සොරි ..නුවර කුමාරිය කියලා :P

    ReplyDelete
    Replies
    1. මේ කැටේට පස්සෙත් අපි තව කැටයක් හෙලෙව්වා. කියන්නම් පස්සේ.

      හුහ්.. දැක්කද පැහැදිලි ඉරිසියාව.... මෙතරම් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අපේ වගේ රටක ආශ්චර්ය නොතේරෙන විජාතික බලවේගත් ඔහොමයි... උන් සමහරු දන්නෙත් නැහැ කියනවා නේ ලංකාව කියල රටක්... හුහ්.. කොහොමද බොරුව? ඒ වගේමයි මාව දන්නේ නෑ කියනවා ඉරිසියාකාරයෝ !!

      Delete
  3. පලවෙනි අවුරුද්දේ විතරයි එකපාර සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ දා ගත්තේ.
    ෆයිනල් එකේ ලියපු ලිවිල්ල මෙහමයි
    2nd Year - ඔක්කොම සබ්ජෙක්ට්
    3rd Year - සබ්ජෙක්ට් තුනයි
    Final Year - ඔක්කොම සබ්ජෙක්ට්
    + අර මාරක ඩිසයින් එසෙස්මන්ට් එක

    බැච් ටොපා වුනු රාජෙන් මෙන්ඩිස් (ඌ ඇමරිකාවේද කොහෙද ප්‍රොෆෙසර් කෙනෙක්) ප්‍රමුඛ කොළඹ ගැට්ටේ උන් කීප දෙනෙක් 2nd and 3rd year ටික ගොඩ දාල දුන්න
    කහන්ගමය (ඌත් ඇමරිකාවේද කොහෙද ප්‍රොෆෙසර් කෙනෙක්) Final Year ගොඩ දාල දුන්න.

    ReplyDelete
    Replies
    1. නොම්බර එකේ ආබාධිත ඇනකොන්ඩෙක් නේ...

      බොරු කියන්නේ මොකටද. මේ මොන පිස්සුව නැටුවත්, මම ඉගෙනගන්න එක නම් කොතනදීත් කළා. කුප්පි දැම්ම. ඒ හින්දම ඔය 'අල' සෙට් එකේ උදහසට ලක්වුනා. ඉදිරියට ෆීල්ඩ් එකේ එන කැපිල්ල කියන්නේ මොකද්ද කියල උන් මට ඒ කාලෙදිම කියල දුන්න.
      අද සමහර උන් LinkedIn එකේ සහ Facebook එකේ request එවනවා... තාමත් ඒවා pending... තරහකට නෙවෙයි, කළකිරීමට

      Delete
    2. මමත් ඔය LinkedIn උලව්ව දිහා බලන්නේ වත් නෑ. කොච්චරවත් notification නම් එනවා. අර Facebook අහවල් ප්‍රශ්ණේ මටත් තියෙනවා. මගෙත් හෙන වැලක් ඉන්නවා ඔහොම confirm friend කරන්න. පස්සේ මේ ලඟදි not now කියලා අතුරුදහන් කලා. සමහර උන්ව ෆ්‍රෙන්ඩ් කරගත්තාම හරියට ගලේ පහරපු බළලට වෙච්ච දේ වෙන්නේ.

      Delete
    3. හි හි... මම කොහොමත් Facebook එකේ ඇක්ටිව් පොරක් නෙවෙයි. ඒක මගේ ප්‍රතිපත්තියක්. LinkedIn කියන්නේ නම් professional network එකක් හින්ද, up-to-date තියාගන්නවා. එහෙනම් ඉතින් අපි එවන්නේ නෑ ඔන්න requests .... අපි වගේ කුහුඹියන් !!

      Delete
    4. හයියෝ බං මම උඹලා ගැන නෙවෙයි කිව්වේ. එක සෙට් එකක් තමයි මෙහෙ ගෝලයෝ. අනිත් උන් මෙහෙ යාලුවෝ. එතකොට තියෙන ප්‍රශ්ණ වලින් එකක් තමයි සමහර උන් ඇන්ටි ඉස්ලාම් අප්ඩේට් මගේ ටයිම් ලයින් එකේ පෝස්ට් කලාම මම අසරණ වෙන එක. ඒ වගේම මට කැමති කුණු හබ්බෙකට නිදහසේ ලයික් කරන්න කමෙන්ට් කරන්න විදියක් නෑ ගෝලයෝ යාලුවෙඔ උනහම. ඔය ටිකයි.

      උඹ ඔය මොකකටවත් අහුවෙන්නේ නෑ.

      Delete
  4. ඉතුරු ටිකත් කියෝල එන්න ඕනි කොමෙන්ට් එකක් දාන්න..

    ReplyDelete
  5. කතාවේ ඉතුරු ටික ඉස්සරහට බලමුකෝ... මොකද තිලිණට උනේ කියල අහන්න හදිස්සි වෙලා මොටද..

    කැට හෙල්ලීම, බුක් මාක් විකිණීම, පෑන් විකිණීම, ටී ෂර්ට් ගහල විකිණීම, ෆිල්ම් පෙන්නා සල්ලි හෙවීම ආදී මොකි නොකී සියළුම මාර්ග වලින් සල්ලි හොයල තියෙනවා
    ඒ වගේම ඒ හොයපු සල්ලි වලින් මේ වගේ බැචාලට, උන්ගේ අම්මල තාත්තලට උදව් කරලා තියෙනවා
    අපේම උන්ගේ මළ ගෙවල් වල වැඩ වලටත් යොදවලා තියෙනවා
    ඊට අමතරව එක එක උත්සව, ප්‍රදර්ශන..... අනේ මන්ද. ඒ කාලේ එහෙම දේවල් කරන ගමන් ඉගෙන ගත්තු එකමත් ලොකු දෙයක් බලාගෙන ගියාම. හැබැයි මටනම් ඒ බාහිර වැඩ නිසා අතපසු වෙන වැඩ වලට අපේ ලේචාල එහෙමත් සප් එක දුන්නා.
    සමහර ෆීල්ඩ් විසිට්, ප්‍රැක්ටිකල් වලට එහෙම යන්නේ නැතුවම ලකුණු දාල දීල තියෙනවා... හික් හික්...
    ඒ වගේම තමයි 80% බලන එකත්....

    ReplyDelete
    Replies
    1. කතාවේ ඉතිරි කොටස ලියලා තියෙන්නේ. මම යටම ලින්ක් එක දාල ඇති.
      අනිවාර්යයෙන් ලොකු පුතා ( පොඩ්ඩක් අවුල් වගේ.. ඒ උනාට ගානක් නෑ ) ඒ කාලේ අපි මල්ටි ටාස්කින්. මහන්සිය දැනෙන්නේ පොත අතට ගත්තම විතරයි. නැත්තම් මාර දිවිල්ලක් දිව්වේ. අපිට නම් කිසිම ලෙචෙක් ඔය මොන වැඩේ කලත් බුරුලක් නම් දුන්නේ නැහැ.

      Delete
  6. ඉක්මනට ලියන්ඩෝ................

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...