Thursday, June 12, 2014

47. කොතැනක සිටියත් මා මළ දවසක........

මගේ ප්‍රිය මිතුර..

ඔබ මෙය නොකියවන බව මට සක්සුදක්සේ විස්වාසය. කිමද... ඔබ මා මෙවැන්නක් ලියන බවක් නොදන්නා බැවිනි. ඔව්.. ඔබේ කතාව මම පොතකට ගොනුකලා මතකද? ඒ පොත, මගේ කුරුටු අකුරෙන් ලියා.. ඔබේ අතට පත්කලවිට, වෙවුලන දෑතින් එය විවරකර, එක අකුරක්වත් කියවාගත නොහැකිව, හිස් පිටක් දෙස බලාඉන්නා සේ උන් හැටි?

"ගෙනිහින් කියවන්න ඕනෙද?"

මම එසේ විමසනවිට, ඔබේ ඇස වල තිබුණු දිලිසුම.. ඔබ ඇඩුවාද ? ඔව්... එය එසේමයි.
නැවත එක දිනකින්ම, මා හඹාගෙන ඇවිත්, මගේ උරෙන් අල්ලා

"උපේක්ෂා... ඔයා පුදුමයි, මෙහෙම හිතුවේ කොහොමද? "

කිව්වම, මතකද මම සිනාසුන හැටි?

"මැට්ටා.. වැඩිය හිතන්න එපා. මට හිතුන ඔයාට එහෙම හිතෙන්න ඇති කියල "



බිම බලාගෙන
"ඇයි  ඒ උනාට නි-කි-ණිව මැරුවේ?"
ඔව්, ඔබට ඒ නම පැටළුනා , උගුරේ..
ඔබේ ඇස්  බිමට බරවෙලා, මම දුටුව දඟකාරයා වහගෙන , නුපුරුදු පරාජිතයෙක් ඔබව තුරුල් කරගෙන හිටියා, පපුවට පොඩ්ඩක් පහළින්.

" මම කැමති කලණ එහෙම උනා නම්?...."

මගේ ඒ දරුණු වචනෙත් එක්ක ඔබ මගේ දිහා බැලුව.. ඇස වල තිබ්බේ තියුණු කමක්.. මම ඒකට බය නැහැ, ඔබ හොඳටම දන්නවා ඒක
"... මම කැමති ඔයත් එහෙම හිතනවා නම්... කලණ , ඔයාට ආයෙත් පටන් ගන්න පුළුවන්.. මේ කතාව මම ලිව්වේ, ඔයාව ඒකෙ ඇතුලට දාල වහල දාන්න ඕනේ හින්ද... ඔය දැන් ඉන්නේ පොත ඇතුලේ... වහන්න ඔය පොත"

මට වැටහුනා මට ඔබ සහෝදර වැළදගැන්මක් ඒ මොහොතේ ණය බව.. අදටත් ඔබ ඒක ණයයි. ඔබ දන්නවා මම එහෙම කරන්න දෙන්නේ නැති හන්ද මිසක් , ඔබ එහෙම නොකරන කෙනෙක් නොවෙන බව.

කලණ , පොත මගේ ළඟ, තාමත් වෙන කිසිවෙකුට නොදී රකිනව. සමුදෙන්න නාවෙත් එනිසයි.
ඔබ දන්නවා.. ආදරේ මටසිළුටු නොවෙන බව !


22 comments:

  1. //""මට වැටහුනා මට ඔබ සහෝදර වැළදගැන්මක් ඒ මොහොතේ ණය බව.. අදටත් ඔබ ඒක ණයයි. ඔබ දන්නවා මම එහෙම කරන්න දෙන්නේ නැති හන්ද මිසක් , ඔබ එහෙම නොකරන කෙනෙක් නොවෙන බව.""// උපේක්ෂා මාර උපමා රූපක තමයි භාවිතා කරන්නේ ,
    ආදරේ මටසිලුටු නොවන බව ??? කීදෙනෙක් අත්විඳලා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුති...
      ඒක දැනෙන්නේ සියුම් නහර වලට..

      Delete
  2. රාගය මටසිළුටුයි ආදරය රළුයි. එත් අපට පේන්නේ මේ දෙක මාරුවෙලයි. නමුත් හැමෝගෙම හිත් මේ දේ දන්නවා. නමුත් නොදන්නා සේ හැසිරෙනවා අපි හැමෝම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ, හැමෝම කියන දේට වෙනස් දෙයක් කියල.. ඒක ඔප්පු කරන්න බැරි වෙනකොට. ඇත්තටම ඔප්පු කරන්න බැරි හැම දෙයක්ම තියෙන්න බැරිද?

      Delete
  3. ආදරේ මටසිළුටු නැද්ද?හැබැයි සුන්දරයි නේද ඒ කියන්නෙ සුන්දර හැම දෙයක්ම මටසිළුටු නෑ කියලද?

    ReplyDelete
    Replies
    1. නැහැ.. එහෙම නෙවෙයි නේද හැලපේ? කාක්කා කළු නම්, කළු ඔක්කොම කාක්කෝ වෙන්නේ නැහැ නේ !

      Delete
  4. මටසිලුටු නාෙවන අාදරය.. අර පොත.. මියගිය නි කි ණි..

    අනේ මන්දා...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේක මගේ පොතකට වස්තු බීජයක් වෙච්ච පුද්ගලයෙක් එක්ක සජීවී සංවාදයක් ඇතිවෙච්ච වෙලාවක් .. මට ආයෙත් මතක් උන හින්ද ලිව්වා.

      Delete
  5. ඔය දීලා තියෙන්නේ චිත්ත රූප මැවෙන්න.......
    උපරිමයි ඈ...!

    ReplyDelete
  6. Replies
    1. ස්තුති , හැබැයි ඇත්තටමද?

      Delete
  7. Replies
    1. හිතන තරම් එළ නැතුව ඇති :-)

      Delete
    2. හදිසියට කමෙන්ට් කලාට ඒක හින්ට් ගහන්න තරන් දෙයක්ද
      අව්ල් ඈ

      Delete
    3. අනේ.. හින්ට් ගැහුවේ නැහැ.. සොරි වෙන්න ඕනේ!
      කිසිම විදියකින් අවුල් යන්න එපා.
      හදිස්සියෙන් කමෙන්ට් කරපු බව නම් පෙනුන. අපෝ ඕව ඔතරම් ගණන් ගන්න එපා අනේ...

      Delete
  8. අයියෝ මේ කොතනක හිටියත් කියපු අපේ ආණ්ඩුකාර තුමාටවත් මතක නෑලු ඊයේ වෙච්ච දේවත්. එහෙම එකේ නුවර කුමාරි මොනවා කියනවද මන්දා.
    බලෙන් හරි ගිහින් ඔන්න ඔය සහෝදර උණුසුම් වැළඳ ගැනීමද මොකක්ද එක කරලා එන්නයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඌ මට ඒක ණයයි...
      මම ඒ ණය ඌට ගෙවන්න දෙන්නෙත් නැහැ...
      සදාකල් ණයකාරයෙක් කරලා තියනවා...

      දරුණුයි නේද? හි.. හි...

      Delete
    2. ගෙවා ගන්න බැරි ණය ගන්න එකත් වැරදියි...එහෙම ණය දෙන එකත් වැරදියි...මෙතන ඒකට මට තේරෙන තරමටනම් ණයකරු තාමත් දන්නේ නැතුව ඇති ණයයි කියලා..එහෙමද උපේක්ෂා ?
      මම එහෙම ඔය විදියට ණය උනානම් කවද්දවත් එකපාර නං ගෙවන්නේ නෑ...ඉන්ස්ටොල්මන්ට් බේසිස් තමයි ඉතින්...

      Delete
    3. ඌ ණයකාරයෙක් බව ඌ දන්නවා!
      ඌට ඒක ගෙවන්නත් ඕනේ... මම එහෙම කරන්න දෙන්නේ නැහැ.. සදාකාලික ණයකාරයෙක් කරලා තියාගන්නවා!! දුෂ්ට කෙල්ල!

      මගේ යාලුවෝ අතරින්, මගේ බීට් එකට ඇවිදින කෙනෙක් ඌ... මම ලියන්නම් ඌ ගැන මිට වඩා.. මොකද he deserves it!

      Delete
  9. මට නම් ඔය දුෂ්ට කම අස්සේ වෙන මොකක්ද එකක් පේන්නේ..අර මටසිලුටු නැතිය කියපු දේ මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. හි... හි....
      අර 'දුර්ගාන්තය' වගේද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...