Tuesday, December 30, 2014

132. හටන - 01



ගෙදර තාවකාලිකව කාත් කවුරුත් නැතුව ගෙවන්න ලැබුනොත් ඔයාල මොකද කරන්නේ?

හම්මේ... මට නම් කරන්න ජාති තියෙනවා ඉසේ කෙස් ගානට.


  • අයිස්ක්‍රීම් ටබ් එකක් ඔඩොක්කුවේ තියන් සාලේ මූවි එකක් බලන්න.....
  • ආස ඩාන්සින් බීට්ස් තියෙන සින්දු දාගෙන සාලේ මැද්දේ නටන්න.....
  • පපුව කඩන් යන දුක්බර/හැඟීම්බර සින්දු දාගෙන ඒ සින්දු කිය කියා තමුන්ට හිතෙන ආංගික අභිනයන් පාන්න... ( ඔව් ඔව් ඉතින් මේක කලින් එකට හාත්පසින් වෙනස් තමයි. ඒත් මම එහෙමයි.)
  • Pizza එකක් order කරලා තනියෙන් බඩ පැලෙනකල් කන්න...
  • Full sound එක්ක හොල්මන් මූවි එකක් බලන්න....

so on and so forth.....

ඇත්තටම කිව්වොත් මට දැනට මතක් වෙන්නේ නැති තරම් තොගයක් මගේ මේ ලිස්ට් එකේ තියෙනවා. වැඩේ කියන්නේ ඔය ලිස්ට් එක කොතරම් දිගද කියනවා නම් සමහර දවස් වලට කරන්නේ මොකද්ද කියල හිතන්නම මගේ කාලය ගිහින් අන්තිමට මුකුත්ම කරන්නේ නැතුවම ඒ වෙලාව ගෙවෙනවා. අනේද කියන්නේ...

ඉතින් කරන්න වැඩ තියෙන ලිස්ට් එකේ තියෙන සමහර එව්වා ඉතින් කවුරුත් ගෙදර උන්නත් කිසි අව්ලක් නැතුව මට කරන්න පුළුවන් උනත්, කෝ අනේ කිසි කික් එකක් නැහැ නේ ඕක හොරෙන් කරනවා තරම්.... මම හිතන්නේ ඕක මගේ පොඩි කාලේ ඉඳන්ම තියෙන අව්ලක්ද කොහෙද.. හෙහ්..

ආ.. දැන් ඇති මගේ පට්ටන්දරේ කියෙව්වා... ඔය පට්ටන්දරේ කියෝනවා කියන්නේ මොකද්ද දන්නවද? නෑ අනේ මම දන්නෙත් නැහැ.. හි.. හි...

Thursday, December 18, 2014

131. මගේ (Modern) කෙල්ලගේ පැනය ?



දිගු වරල අතැ'ර මම
තට්ටු විලාසිතයට කැපුනු
වරලසක්  - පැලැන්දෙමි....

හැකිපමන සීරුවෙන්
නෙක සඳුන් වීරියෙන්
කරන රූ - කරන්නෙමි....

Wednesday, December 17, 2014

130. කතාකරන බිනර මල



කිසිම විදියකින් කියාගන්න බැරි හිතුවිලි වලට මොකද කරන්නේ?

පොලවේ වලක් හාරලා, ඒකට කියල පස් වලින් වහලා දානවද? එතකොට පස්සේ කාලෙක එතන පැලවෙන ගහක් සුළඟට වැනෙනකොට.. මගේ රහස කියන තාලෙන් වැනෙයිද ?

පැන්සලකින් කඩදාසියක ලියලා ඉවර වෙලා, මකලා දානවද? කඩදාසිය උඩින් පැස්ටල් ගානකොට ලියපු ඔක්කොම පෙනෙයිද?

මට ඇත්තටම කරන්න හිතෙන්නෙම නැති දෙයක් තමයි, අදාළ කෙනාටම හිතේ තියෙන දේ කියන එක! ඇත්තටම ඒක වේදනාත්මක ප්‍රවිෂ්ඨයක්. මොකද, ඒ හිතුවිලි අහගෙන ඉන්න බැරුව මාව ප්‍රතික්ෂේප කිරිල්ලට වඩා ඒ මොහොතෙන් පස්සේ හිතේ තිබ්බ සියලුම දේවල් කීමෙන් ඇතිවෙන හිස් බවට මම හරිම බයයි!!

මිතුර......

Tuesday, December 16, 2014

129. අතීතෙන් කෙනිත්තෙමි



කිසිදිනෙක
නෑල්ලු අතකත්....
හැමදාම බැලූ
නෙතකත් .....
රැඳුනු සුසුමක් අදත්
ඇතිය පතුලේ - හිතේ...

පස්වසක අතීතෙන්
වෙලීගිය සමරුවක්
තවත් ඇත කාමරේ
පුංචි පෙට්ටිය තුලත්...

මැකුණු සෙනෙහස නැතත්
වරක් හෝ මතකයක්
තිබුණි නම් 'ආදරී'
වටිනවා මහමෙරක්....


Wednesday, December 10, 2014

128. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 6




පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

පස්වන දිගහැරුම


ටාගට් එක සපුරන්න අසමත් වෙච්ච හින්ද නැතිවුණු පලවෙනි රස්සාවත්,
වෙලාවට වාර්තා නොකිරීමට අහිමිවුණු දෙවැනි රස්සාවත්,
පිළිවෙලින් බේබදුකමට ගිහින්; අසාධාරණකමකට කතා කරන්න ගිහින් සහ රැකියානුබද්ධ දේශපාලනය තේරුම් නොගැනීමට කියන කාරනා වලට නැතිවුණු රස්සාවලුත් ඔක්කොම නැතිවුනාට පස්සේ මම අනිවාර්යයෙන් ලබපු එකම දෙයක් තිබ්බ..

ඒ තමයි මේඝනාගේ පොල් අඩි බැනුම් අහගෙන විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු එක.

ඒ මුරුගසන් ගල් වරුසාවෙන් පස්සේ, ආයෙත් ඒකි මට ජොබ් වලට දාන්න උදව් කරන එක පරණ පුරුදු විදියටම පටන් ගන්නවා.

ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දේකට හැඩගැහෙන්න අමාරු නැහැ කියල මට තේරුනේ මේඝනාගේ මේ බැනුම් අහගෙන මට දැන් ඉස්සර වගේ නොවී , ගේමක් නැතුවම ඉන්න පුළුවන් එකෙන්මයි.

නමුත්, මගේ හයවෙනි රස්සාවට පස්සේ මම ජොබ් එක වෙනුවට මාරු කලේ තනතුරු. ඒ වෙනකොට මගේ සෙල්ලක්කාර ජිවිතේ , කොටින්ම කෙල්ලෝ මාරු කරමින් මම කරපු නාස්තිය ඔක්කොම වගේ නතර වෙලා...

මට මාව හම්බවෙලා කියල මට දැනෙනකොට, මම හිතන්නේ නැති දුරක් ඇවිත්.

වෙනදා වගේ නැතුව වෙනස් විදියට හැසිරෙන්න බලාගෙනමයි ඔෆිස් එකෙන් ආවේ. වෙනදා මුණගැහෙන තැනම උනත් මට දැනුනේ අමුතු ගැස්මක් තියෙන තැනක් විදියට.

සෝයා එකේ උසම උස පඩිපෙළ මට දැනුනේ වෙනත් ලෝකෙකට යන පාරක් වගේ. ඒ පඩි නැගගෙන, පඩියෙන් පඩිය වෙනස් වන සපත්තු සද්දය මම අහමින් ගියා. උසම උස පඩිපෙළ නිමාවෙනකොටම වමට හැරුණු මම අපේ සුපුරුදු බැල්කනි මේසයට ඇස හැරෙව්වේ ඇත්තටම ගැහෙන පපුවකින්.

මගේ වෙනසට කලින් මේඝනා වෙනස් විදියට ඇඳගෙන ඇවිත් හිටිය එකම මාව පුදුම කල හින්ද, ඒ පුදුමෙන් මම සීතල අයිස් කුට්ටියක් ගිල්ලා වගේ වෙව්ලවුනා.

"තේජන..."

Monday, December 8, 2014

127. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 5



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

තුන්වෙනි පාරට මට මේඝනා හමුවුනේ කවදාද කියල මට මතක නැහැ. හතරවෙනි පාරට, පස්වෙනි පාරට... ඔව්.. ඊට පස්සේ කීපාරක් හමුවුනාද කියලා මට කොහොමත් මතකයක් නැහැ. මතක තියාගන්න ඕනෙකමක් තිබ්බෙත් නැහැ.

මාව කුඩු කරලා , ඒ කුඩු වලින් හැමදාම මට කිවිසුම් යවන නරුම කෙල්ලෙක්ට මම මේ අහු උනාමයි. පියාඹන අස්සයෙක් වගේ හැමතැනම තටු ගහලා, මේඝනා ගාවදි තටු ටික අකුලන් ඉන්න මට කිසිම ආයාසයක් ගන්න උනේ නැහැ. මොකද ටික දවසකින්ම මට තේරුනා වඩා ලේසි ඒ වෙලාව කියලා.

පියාඹන අස්සයෙක්ගෙන් අහල තියෙනවද, උගේ තටු , බිමක වේගෙන් දුවන එකට ඇත්තටම බාධාවක්ද කියල?

"සිගරට් බිව්වද?"

ඊතලයක් මගේ දිහාවට එල්ලකරගෙන ඉන්නවා වගේ බැල්මකින් මාව හිරකරලා මේඝනා ඇහුව. මට නොදැනුවත්වම කටේ හුස්මක් පිටි අල්ලට එල්ලවුණේ මගේ සිගරට් සුවඳ , රස පරීක්ෂණයකට ලක්කරමින්.

Sunday, December 7, 2014

126. 'ප්‍රථම'....



නම නොදත් තැනක සිට
හෙළන සුසුමක රැඳුනු
පුරුදු සුවඳකි යලිත්
හිත කොනිති ගසන්නේ....

වරෙක වෙර වීරියෙන්
මඩින ලද සියුම් රති,
නොදන්නා තැනකටම
යලිත් අතවනන්නේ.......

කෙලෙසකද යලිදු මා
අනෙකෙකුට බැඳෙන්නේ?


Saturday, December 6, 2014

125. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 4



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම


"..මම.... අන්තිමට එයාව දැක්කේ ඉස්කෝලෙන් අවුට් වෙලා ටික දවසකින්. ද-න්-න-ව-ද...?"

එතකොට නම් එකපාරටම බළලා මල්ලෙන් එලියට පැන්නා වගේ, මට..

"මොකද්ද?" කියල ඇහුනා..

කෙල්ලගේ මුණේ තිබ්බ දුක වගේ ගතිය මකාගෙන මහා රවුද්‍ර පෙනුමක් ආවේශ උනා. එකපාරටම මගේ යටිබඩ දන්න ගත්තේ , ඔහොම තදවෙන කෙල්ලෝ ඊළඟට පුපුරන විදිය ගැන අපේ නංගි ගෙදරදී ප්‍රදර්ශනය කරලා තියෙන හින්ද.

"තමුසේ වගේ කෙල්ලෝ මාරුකරන කොල්ලෙක් කොහෙද දම්සිරිනිට වෙච්ච දෙයක් දන්නේ?....."

මාව ගල් ගැහිලා ගියේ සීතල වතුර බාල්දියක් ඔලුවේ වැක්කෙරුනා වගේ. 'මේක නම් ටයිම් බෝම්බයක්'! කෙල්ලෙක් මෙහෙම කඩන් පනිනවට මම බොහොම බයයි. විශේෂයෙන් මේ වගේ පොදු තැනකදී.

මොකද උන්ට තියෙනවා පොදු අවියක්, කොල්ලෙක්ට නැති. ඒ තමයි 'කෙල්ලෙක් වෙන එක'! ගහගන්න ආවොත් කෙලලා අරින්න පුළුවන්, ඒත් කෙල්ලෙක් එක්ක බැනුම් අහන එකට වඩා හොඳයි හෙළුවෙන් කඩේ යනවා.

"මේ.... හරි හරි... මම නෑ කියන්නේ නැහැ. මට කියන්න ආපු එක කියන්නකෝ"

මම ඇවිලෙන පිදුරු ගොඩට වතුර පනිට්ටුවක් විසිකලා.

Monday, December 1, 2014

124. සුළඟක් කල හදියක්



සුළඟ එන්නට හරිනලද
කවුළු පියනට රිසිලෙස
මගේ කුටියට එබෙන
මුදු රේණුවක කෙමි
නගයි කිවිසුම ආදර.....

වදනකුත් නොදොඩන
සුළං ආපසු නොමයන,
රැඳෙන කුටියක උණුහුම
ලෙහයි කය වසන අතුරණ....


නිමිත්ත : මල්මී - සුළඟ 


Friday, November 28, 2014

123. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 3



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

මට ආවේ පට්ට කේන්තියක්.

"ඔහ් "
කියල තමුන්ගේ වමතින් කට වසාගත්ත කැටපෝල්කාරී, විසල් කරගත්ත ඇස් වලින් මගේ දිහා බැලුවා. ඔව්.. ආයෙමත් මාව පුටුවෙන් බිමට වට්ටන තරම් වන ඇසට - ඇස හමුවිල්ලක්.

වටේ තිබ්බ සියලු දේවල් වෙන්කරලා අහස වෙනකල්ම එකවරම තාප්පයකින් මාව වටවෙලා ගියා වගේ දැනුනා.... ඔව් ඉස්සරවෙලා දැනුන තරම්ම ලොකු කම්පනයක් එක්කම මහා වැහි බීරුමක් මගේ ඔලුව ඇතුලේ නැගුනා..

'ඔව්... ඒ ඇස්..... '
නෑ.. ඇස් නෙවෙයි....... මගේ ඇස් ඇලවිලා තිබ්බේ ඒකිගේ කට වහගෙන තිබ්බ වමතේ! මම මෙතෙක් දැකල තිබ්බ ලස්සනම ලස්සන දිගටි කෝමල ඇඟිලි....

'මගුලක් කතා කරනවා... තෝ කොහොමද බොල දන්නේ ඒවා කෝමලද නැද්ද කියලා.... අඩෝ... උඹට පිස්සුද බොල ?'

ඒත් මගේ කටින් පිටවුනේ
"ඉට්ස් ඕකේ..."

කියල.

"සොරි"
කියල ඒකි කිව්වේ ඊට පස්සේ.
'අඩේ... ඒකි සොරි කියන්නත් කලින් උඹ මොකද්ද බන් ඒ කිව්වේ... තුක් නොදකින්.... ගොන් වස්සා'

මම මටම නම්බු නාම දෙමින් හිටියා.

මෙන්න ඒ පාර කෙල්ල කිසිම වගක් නැතුව බංකුවේ වාඩිවෙලා! ගෙනාපු අයිස් කෝපි එකේ ඉතිරිටික බීගෙන බීගෙන ගියේ හරියට මම ඒකිගෙන් ඉල්ලයි වගේ, නැත්තම් මම ඒක ඒකිගේ ඔඩොක්කුවේ හලයි වගේ. දැන් නම් හරි යන්නේ නැහැ පුතා...

මම කලේ, මගේ ඔඩොක්කොවට වැටුන අයිස් කෝපි බින්දු කීපය මේ වෙනකොටත් ඩෙනිමට උරාගෙන තිබ්බත්, බොරු වංසයක් පෙන්නමින්, එක අතක් මේසය මත තියෙද්දී , අනික් අතින් 'ෂෙක්' හඬ නගමින් දෙතුන් විටක් පිහන නාටකය රඟදක්වපු එකයි.

Thursday, November 27, 2014

122. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 2






මුල් දිගහැරුම...


වැවරවුමේ බංකුවෙන් බිමට වැටිලා , දන ගාන්නේ නැතුව මම කකුල් දෙකෙන් ඇවිදගෙන ආව..

ඇත්තටම පිළිසකර නොකලත් වැවරවුමේ පලින් පල තියෙන පස් මතුවෙච්ච කොන්ක්‍රීට් අතුරනයන් නොමැති තැන්වලට මම ආසයි. ඒවායේ තියෙන කලුපාට පස් වලට  ,මම මගේ ඩෙක් ෂූස් වලින් හෑරෙන පහරවල් දෙමින් ගමන් කරන එක හරිම විනෝදයක්.

කෙල්ලෙක් දිහාවත් නොබලා බිමම බලාගෙන යන එකෙත් තියෙනවා ආතල් එකක්.. ඔව් එහෙම යනකොට තමයි වැඩිපුර කෙල්ලෝ බලන්නේ... ඔලුව උස්සන්නේ නැතුව උනත් මට කියන්න පුළුවනි ඒක නම්!

සිමෙන්තියෙන් හැදුවත් කළුගල් පෙනුමක් තියෙන පඩිපෙළින් බිමට , පඩියෙන් පඩිය පනිමින් මම ආවේ මගේ පරණ මතකයකුත් බිම දිගේ ඇදගෙන...

'හෙක්.. හෙක්... '

මහේෂි එක්කත් මම මෙතන පහුකරගෙන ගිහින් තියෙනවා... නිර්මලී එක්ක නම් ගියේ පල්ලෙහා පාරේම විතරයි. මදාරා නම් කොහොමත්ම පාරවල් දිගේ ඇවිදිනවට කැමැත්තක් තිබ්බෙම නැහැ. කවුද අර කොන්ඩේ කැරලි කැරලි එක? නම මතක් වෙන්නෙම නැහැ. හැබෑට මට හැම වෙලේම ඒකිගේ නම අමතක වෙන්නේ මොකද?
'හෙහ්... ඒකෙත් හැටි...'

කාර්ගිල්ස් එක පහුකරනකොට මටත් නොදැනීම මගේ හිස හැරුනේ කාගිල්ස් එකේ විශාල වීදුරුවෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බය දිහාවට. පුරුදු විදියට මම මගේ කොණ්ඩය නළලින් උඩට හැදුවේ, ඊළඟ මොහොතේ ආයෙමත් වැටෙනබව දැනගෙනමයි.

ඒත් මම ආසයි එහෙම කොන්ඩේ හදන්න. වීදුරුවෙන් ඇතුලේ, සුපිරි වෙළඳ කුටියේ තිබුනේ භාණ්ඩ ගෙනියන 'ට්‍රොලි' අසුරන ස්ථානය. එතැනට එන කැරලි කොණ්ඩයක් තියෙන , බටර් පාට කෙල්ලෙක් මාව දැකල එකපාරට නතර උනේ අපි දෙන්නා අතර තියෙන වීදුරුව ගැන අමතක වෙලා වගේ...

මම කොණ්ඩේ ආයෙත් පාරක් හදලා පොඩි හිනාවකුත් එක්ක යන්න පටන් ගත්ත.

Wednesday, November 26, 2014

121. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 1


වෙනදා වගේම වැහිබර අහසක්...

ඔව්.. මම කැමතිම ජාතියේ අහසක්.. මගේ හිත ප්‍රබෝධමත් වෙනවා වගේ දැනුන. මට ඕනේ කලේ වැව රවුමේ බංකුවක් විතරයි.

එතකොට මේ එතනින් යන එන දෙනෝදාහක් මිනිස්සු?

ආ... කවුද ඒවා ගණන් ගන්නේ... මට ඕනේ මේ ජාතියෙන් බංකුවක් විතරයි. කොතන තිබ්බත් ඒ බංකුව මට ඕනේ මගේ විදියටම.

මම වටපිටවත් බලන්නේ නැතුව බංකුවේ කොනින් වාඩිවුනා. ඇත්තටම කවිබර දවසක්.

"ආ... මේ මොකද මේ භාවනාවක්ද?"

යාලුවෙක් තට්ටුවක් දාගෙන ගියා. ඈ යකෝ.. භාවනාවක් කොරන එකෙක්ට මෙහෙම තට්ටු දාගෙන යනවද බොල ?

මම එහෙම හිතල ඌට හිනාවක් දාල අනික් පැත්ත හැරිලා වාඩිවුනා.



හරියටම මගේ බංකුවට ඉදිරියෙන් තිබ්බ අනික් බංකුවේ මගේ දිහා බලාගෙන හිටපු ඒ රූපය මාව තව ඩින්ගෙන් බංකුවෙන් බිමට දානවා!

විශ්මයෙන් ඇරුන මගේ ඇස් එක්කම මගේ කටත් ක්‍රමයෙන් ඇරෙනබව දැනෙනකොටම මම ක්ෂණයෙන් කට පියාගෙන ඇස් වලින් ගින්දර පිටකලා.

'අසමජ්ජාති කෙල්ලෙක්....'

Tuesday, November 25, 2014

120. ව්‍යාපාරිකයාගේ ජන්දය





පෙරලෙන්නපා
දෙය්යනේ...
ආණ්ඩුනම්

ආයෙමත්
'පෙරේත ගොටු'
දෙන්ට නෑ
බජට් මට!

Sunday, November 23, 2014

119. අල්ලපු වත්තෙන් ප්‍රශ්නය ඉවරයි..

ඔබ කොළඹ අවට හෝ ප්‍රධාන නගරයක් අවට, තදාසන්න කලාපෙක ජිවත් වෙන කෙනෙක්ද? එහෙනම් මම මේ කියන දේ සියයට සියයක්ම අදාළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එහෙම නොවෙන අයට අදාළ නැහැ කියල. යම් යම් වශයෙන් අපිට අදාළ වෙනවා.

මෙහෙම කියන්නම්කො.. කුණු කියන්නේ ඔබට බලවත් ප්‍රශ්නයක්ද?

සමහරු එකහෙලාම 'ඔව්' කියයි. සමහරු හිතල මතල 'ඔව්' කියයි. තවත් සුළුතරයක් හිතන්නෙත් නැතුව මේ පෝස්ටුවත් මගෑරලා යයි. ඔව්.. ඒ අපේ කාගේත් හැටි! විශේෂයෙන්ම ලංකාවේ.

මම දකින හැටියට නම් කුණු කියන්නේ අපිටත් වඩා රටේම ප්‍රශ්නයක්. මොකද සමහරු කොහොමහරි තමන්ගේ වත්තේ හතර මායිමෙන් එහාට තල්ලු කලාට පස්සේ තමුන්ට කිසිම කුණු ප්‍රශ්නයක් නැති බව දිවුරන්න පවා සූදානම්. ඊට අමතරව කුණු විදියට ගෙදර විසිකරන 'සියලුම දේ' එකතුකොට එකම ගිනි ගොඩක පුච්චන්නට හැරීමෙන් පසු තමුන් ඒ ගින්නෙන්ම සුද්දවන්තයින් බවට පත්වෙනවා යයි දැඩිව විස්වාස කරන අය මම කොළඹ අසල්වාසීන් විදියට තියාගෙන ඉන්නේ.

කොනක ඉඳල ලියන්න ගත්තොත් ඇත්තටම මම පටන් ගන්නේ මගෙන්.

මට නම් කුණු කියන්නේ කොළඹ පරිසරයේ ඉන්නකොට 'බලවත්' ප්‍රශ්නයක්. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ කුණු වශයෙන් මම බැහැර කරන 80% විතර නොදිරන දේවල් හින්දා. ගෙදර එකතුවෙන ගස්වල කොළ ආදිය සඳහා මට කොම්පෝස්ට් බින් එකක් තිබෙනවා. කුස්සියේ සියලුම බැහැරකිරීම් මම 'කුණු' විදියට තමයි කියන්නේ. ඒ කියන්නේ කුස්සියේ ඉඳුල් , දිරන දේවල් උනත් මම බින් එකට දාන්නේ නැත්තේ, ඒවා මිශ්‍ර උනහම ඉවසන්න බැරි දුගඳක් එන හින්ද මට කොම්පෝස්ට් බින් එක එපා කරවන දෙයක් වෙන හේතුවෙන්.

Wednesday, November 19, 2014

118. දිනපොතෙන් කොලයක්...

මගේ දිනපොත කියෙව්වාද ඔබ?

නැහැ නේද තවම?

කොතරම් සැනසුමක්ද එය....




මම එසේ සිතනවිට.... එකෝමත් එක දවසක ඔබ ඇවිත්..

මට තාම මතකයි ඒ වැහිබර දවාල, හැන්දෑවක් සේ විලිබරව උන්නු හැටි.. මගේ හිත වගේම....

"බිනූ... දැක්කද?"
වැවරවුමේ වාඩිවෙලා උන්නු මට, වැව මැද්දේ උන්නු හංසයෝ දෙන්නෙක් පෙන්නමින් ඔබ පටන්ගත් දෙබස?

කවදාවත් නැතුව, කිසිම දෙයක් නොහන්ගා මම කඳුළු සලනකොට, කිසිම අවසරයකින් තොරව මා උරහිසට තදකරන් නිහඬවම මගේ කඳුළු ඇසූහැටි.. ඒ මුරුගසන් වැස්සට පසුව නැවතත් මගේ රුදු තල්ලුවෙන් වෙන්වෙලා , නැවත පසෙකට උනා එදා ඔබ.. අද වගේම!

ඉඩක් ලද හැමවිටම අතින් ඇද , සියුම් විදුලිසර දෙමින් විදා පෑ ඔබේ ඒ ප්‍රේම ප්‍රකාශය කොතරම් මටසිළුටුද ?

Saturday, November 15, 2014

117. අනුකලනය සාහිත්‍යමය ඇසින්?




කතන්දරයක්, සිද්ධියක් උනත් ලියන්න ගියහම කපන්න කොටන්න වෙනවා.

මොකද සමහර දේවල් අමුවෙන් කියනකොට අපුල ගතියක් දැනෙනවා වගේම අමුවෙන් කියනකොට දැනෙන දේ  සාර්ථක ප්‍රථිපල ගෙනදෙන්නේ නැහැ කියල  පුද්ගලිකව විස්වාස කරන හින්ද.

නමුත් මම කියවපු සමහර බ්ලොග් වලින් දෙන ව්‍යංගය උනත් නොතේරෙන ගතියක් තියෙනවා කියල පොදුවේ මට දැනිල තියෙනවා.

එක්කෝ අපේ රසාංකුර මොට්ට වෙලා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන ව්‍යංගය ඇත්තටම එතන මැවිලා නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ පලවෙනි කාරණේ ඔප්පු වෙන එක.

එතැනදී මම කියන්නේ නැහැ, මට ඔක්කොම තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ කියල. මමත් එන්න එන්නම මොට්ට පරිකල්පනයකට ඇදිල යද්දී තමයි මට කල්පනා උනේ මම මොකද ලියන්නේ නැත්තේ කියල.

Tuesday, November 11, 2014

116. පොලිස් මාමා



පොඩි උන්ට 
බත්ගුලි 
ගිල්ලවන්නට මිස ,
ලංකාවේ පොලෝසිය 
කවර පොරෝජනයක්ද 
මිනිසුන්ට ??

Monday, November 10, 2014

115. ඇබෑර්තුවක් ඇත...



කාටද පුළුවන්
පණිවිඩයක් දෙන්න...
මා වෙනුවෙන්
එකෝමත් එක
ගිනිවිදින මකරෙක්ට ?

ලිපිනයක් දන්නේ නැති
උනත් හරි කමක් නැහැ
යවන්නට ඕනෙමයි
පණිවිඩේ....
අද හෙටම...

" එන්ට හැකිනම්  - හොඳයි 
මගේ මළගම - හෙටයි "




Sunday, November 9, 2014

114. දැදුරු සිතක...



හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....

විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට 
ගෙවෙන හැම 
මිනිත්තුවේම 
දෙස් දෙවොල් 
තියමි මම.....

Thursday, November 6, 2014

113. හඳ ඕනා....





හිතක් තිබිය හැකිද, කියවන්න හැකි මුළුමනින්ම? හිතක් ඒ සිතුවිලි ගොන්නත් එක්කම එකට ගත්තත් හිතාගන්නට බැරිනම් අපේ හිතුවිලි? කොතරම් දුර්වලද එහෙම හිතන එක..

ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ අපේ හිතත්, ඒ හිතේ ඒ දේවල් ගැන තියෙන ආකල්පයත් හින්ද. දරුවෙක් තමන්ගේ නම් එක ආදරේකුත් අනුන්ගේ නම් තව ආදරේකුත් වෙන්නේ අපේ ඒ බැඳීමේ පරතරය පෙන්නන මිනුම්දඬු වගේ. ඒ වගේමයි... මෙතෙක් කාලයක් නිකන්ම යාළුවෙක් , අදහස් දක්වන්නෙක් වෙලා ඉඳල එක පාරටම ( ඇත්තටම කියනවා නම් එකපාරටම නෙවෙයි, 'එක පාරටම ටික ටික' ) වෙනත් අර්ථයකින් දකින්නෙක් උනහම අපේ හිතේ ඒ අදහස්, අංගචලන, ප්‍රතිචාර ගැන වෙනස් චිත්‍රයක් මැවෙන්නේ...

කොතරම් ආදරයක් තිබිය හැකිද හිතක් තුල සැඟවිලා..? කියාගන්නට , මනින්නට බැරුව..?

මගේ සෙනෙහස 
මෙතෙක් වේයැයි 
මනින්නට තව 
උගෙන නැත ඔබ 

මගේ අවසන් 
සුසුම පමණද 
අවැසි ඔබහට 
මා දකින්නට......