Friday, January 8, 2016

241. ඉහ ඉද්දර මම ඉන්නම්..........




මේක මේ ඔෆිස් කතාවක්.

එහෙම නැතුව ශාස්ත්‍රීය ලිපි හරි වැඩදායක ලිපි හරි කියවන්න බලාගෙන ආපු අය අන්න අර බංකුවෙන් වාඩිවෙලා ඉන්ට.... ( ටිකට් දෙන කෙනා තාම ආවේ නැහැ)


මේක මට හදිස්ස්යිමේ මතක් උනේ අර අම්බලන්ගොඩයා ඔෆිස් එකේ නිදාගන්න කතාවක් කියපු නිසා.


ඔන්න මම මේ ඔෆිස් එකට කලින් වැඩකරපු ඔෆිස් එකක් තිබ්බ. ( චඃ... එකෝමත් එක රටක කියන්න බැරි උනානේ. එක්කෝ කමක් නැහැ.. එකම රටයිනේ මේ ඔක්කොම සිද්ද වෙන තියෙන්නේ) මේ ඔෆිස් එකේ වැඩකරපු උන් ඇත්තටම කොටස් දෙකක් හිටියා. පිස්සෝ සහ පිස්සු නැති අය ? අපෝ නැහැ.... ඔක්කොම හිටියේ පිස්සෝ. කොටින්ම අල්ලපු රටෙන් අපිට ලොක්කෝ විදියට ඇවිල්ල හිටියෙත් පිස්සෝ ජාතියක්. හිටියේ වවුලන් සහ කොවුලන්.

ඒ කියන්නේ වවුලෝ නම් ඉතින් කියාපු ගමන් තේරෙනවනේ... උන් දවල් දවසේ කෙසේ වෙතත් රෑට තමයි ඇහැරිලා ඉන්නේ. උන් වැඩ කලේ ශිෆ්ට් එකට. කොවුලෝ නේද? ( මම හිටියේ ඒ කොටසේ.. අප්පේ කියනකොටත් දැනෙන ආඩම්බරේ) ආ නෑ නෑ.. කොවුලෝ කියන එකේ ඇත්තම අදහස ගායනයට කිසිම සම්බන්ධයක් නැහැ. කොවුලෝ එන්නේ අවුරුදු මාසේ හරි දවස් කීපයකට හරි නේ. ආන්න ඒ අදහසින් තමයි කොවුලෝ කියන්නේ. ඒ කියන්නේ හිටපු ගමන බිසී වෙනවා මිසක්ක එතකල්ම කරන්නේ බුද්ධිය වර්ධනය වන කැරම් ගැහිල්ල, 304 හෝ ඕමි ගැහිල්ල වගේ සාමුහික ක්‍රියාකාරකම් කරමින් තමයි ජිවත් උනේ.  ( ඒවා පළදුන්නේ පස්සේ.. ඒක වෙනම කතාවක්)



ඔය කොවුලන් අතර ඉපදුනත් මම තිබ්බෙම වවුලන් එක්කම ගතකරන නැකතක්. ( කුඩැල්ල කෝට්ටේ තියන්න බැහැ කියනවනේ. කොයි වෙලෙත් මෙට්ටේට බහිනවා!) ඉතින් මම කොවුල් රාජකාරි නැති වෙලාවට ( එහෙම වෙලාවල් තමයි වැඩිපුර තිබ්බේ) වවුලන් එක්කම තමයි ජිවිතේ. අපිට වැඩේ නෙවෙයි වවුලන්ට ශිෆ්ට් එකක් තිබ්බ. ඒ වගේම බොස්ලා හිටියා. උන් බොහොම තදයි. ( කොච්චර තදද කියනවා නම් එක බොස් කෙනෙක් කලිසම පවා ඇන්දේ බඩ මැද්දෙන්) අපේ රටේ ලොක්කා ( ඒ කියන්නේ කන්ට්‍රි මැනේජර්) උන්නේ අල්ලපු රටේ එකෙක්. වැඩිය කතා නොකරන, නමුත් කතා කරන්න ගත්තොත් ඉවරයක් නැතුව කියෝන, අන්තිමට ක්‍රිකට් වලින් කෙලවර වෙන කෙනෙක් තමයි මේ අපේ රටේ ලොක්ක.

රටේ ලොක්කගේ නිල කාමරේ හැදුවේ පස්සේ. ඒකත් ඒ මනුස්සය ඔහුගේ රටට ගිහින් එන්න ගියපු වෙලාවක තමයි හැදුවේ. ඒ වෙනකොට අපේ කියුබිකල් එහෙම ගහල ඉවර වෙලා තිබ්බ නිසා අපේ කියුබිකල් වලට ගොඩක් එහාට වෙන්න ලොකු ඉඩක් ඉතුරු වෙලා තිබ්බේ. අපි හැමෝම ඉතින් හොරෙන් හොරෙන් ඕමි ගහන්නේ ඔය ඒරියා එකේ. ඊට අමතරව ඔය වවුලෝ එහෙම නයිට් ශිෆ්ට් එක කරනකොට වැඩිපුරම රාජකාරිය කෙරෙන්නේ ඒ පළාතේ. ඒ කියන්නේ එතන කාර්පට් එකත් අලුත් සහ පිරිසිඳු නිසා සහ කවුරුවත් එන්නේ නැති නිසා වවුලෝ සැතපෙන්නේ ඔතන. උන්ගේ ලොක්කෝ පවා ඒක දැනගෙන හිටියේ නැත්තේ කොවුලෝ වෙච්ච අපේ කියුබිලක් අස්සේ එයාල එන්නේ නැති හින්ද. ( එයාලට පොඩ්ඩක් උන එහෙම තිබ්බ)



ඔන්න අපේ රටේ ලොක්ක රටේ නැතුව උනත් කට්ටියක් ඇවිත් අර ඒරියා එකේ කාමර වගයක් පාර්ටිෂන් කළා. මේකෙන් වවුලන්ට උනේ ඇත්තටම අමතර වාසියක්. දැන් උන්ටම කියල නිදාගන්න කාමර වෙන වෙනම තියෙනවා. ඒ මදිවට දොරක් පවා තියෙන කාමර. දොරක් දැම්මට ඒවා යතුරු දාල තිබ්බේ නැති නිසා වවුලන් ඉතින් සිත්සේ දොරෙන් ඇතුලට ඇවිත් ඒ කාමරයට වෙලා සැතපෙනවා. තවත් තිබ්බ පහසුකම් අතර වෙනත් තැන්වල තිබ්බ AC අධිකකම අඩු එකත්, ගෙරෙව්වට එලියට ඇහෙන්න නැති එකත් කියන කරනා දෙක නිසා මේ කාමර ඇත්තටම නිදන කාමර වගේ තමයි. තව දවසකින් ඔන්න මේස පුටු ගෙනත් දැම්ම කියමුකෝ මේ කාමර වලට! එහෙමයි කියල උන් සැලුනේ නැහැ මිත්‍රවරුනි! පැමිණි දුක් පැණිරසයි කියල හිතාගෙන යස අගේට ඒ මේසයේ යටට ගියහම නිදාගන්න පුළුවන්කම ලැබෙනවා.

ඔය වවුලන් සෙට් එකේ හිටියේ වැඩිපුරම මුස්ලිම් කොල්ලෝ. එතනින් ලාබාලම කොල්ල තමයි හැමෝගෙම  හිත දිනාගත්තේ. අපි ඌ 'නිසාෆ්; කියමුකෝ. නිසාෆ් කියන්නේ පිස්සු එකේ හොඳම එක. පිස්සු වැඩමයි කරන්නේ. ඌ ජිම් එහෙමත් යනවා. එහෙම යන එකේ වටිනාකම ගැන ඌ අපිත් එක්ක මෙහෙම උජාරුවෙන් කියනවා.

'හුහ්.. උඹල දන්නේ නැහැ.. මම ජිම් යන හින්ද හොඳ ෆිට් කියල අපේ අම්මත් දන්නවා. අම්මට උඩතට්ටුවට 'සිං -සිං ' ගානකොට මම එක අතින් තමයි ගෑස් එක ගෙනියන්නේ.....'

ඒ නිසාෆ් ජිම් යන්නට ඌ පොළඹවන කාරණයක්. ඌට තියෙනවා බයික් එකක්. ඒ හා සම්බන්ධ කතා කියන්න පුළුවන් දුසිමක් උනත්. ඌ අස්වෙලා ගියපු දවස තමයි දවස. ඌ එදා ලොක්කොන්ට ලියපු ගුඩ් බායි මේල් එක හින්ද තව ඩින්ගෙන් මූට 'කිරිමේල්' කැඩෙනවා. අපි නම් ඉල අදෙනකල් හිනා උනා!!

ඉතින් මේ නිසාෆ් ඔන්න එක සොඳුරු දිනයක රාත්‍රී මුරසේවය.. ආ නැහැ නැහැ.. මුර නෙවෙයි නේ.. රාත්‍රිමුර වැඩ .... චා චා එහෙම කිව්වත් කියවෙන්නේ මුර කිරිල්ලක් ගන්නේ... කොටිම්ම නයිට් ශිෆ්ට් එකට වැටුන. මුත් ඉතින් හතරවටින් කළුවට වැටීගෙන එනකොට හොඳට බන්ඩි ගෙඩියට බත් පුරෝගෙන හොරාට ගෙනාපු බ්ලැන්කට් එකත් අරගෙන නිදන කාමරේ මුල්ම කාමරේට ගිහින් මේසේ  ළඟ තිබ්බ බරසාර පුටුව එහෙම එලියට ඇදලා මේසේ ඇතුලට රිංගලා ආයෙමත් පුටුව තිබ්බ විදියට ඇතුලට ඇදලා හරි බැරි ගැහිලා නිදාගෙන. අනේ පිංවතුනි කාගෙන් කරදරයක් කියලද? සනීපෙට නින්ද ගිහිං..

සනීපෙ දැනිල තියෙන්නේ පහුවදා උදේ. රටේ ලොක්ක ලංකාවට ඇවිත් උදෙන්ම තමුන්ට හදපු අලුත් කාමරේ ඇරගෙන ඇතුලට ගිහින් පුලුව අදාල බලනකොට.... මෙන්න ඉන්නවලු නිසාෆ් කුණු කෙල පෙරාගෙන මේසේ ඇතුලේ ගුලිවෙලා!




42 comments:

  1. හප්පේ ඉතිං ඊට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඉතින් මොකද... රටේ මහත්තය ඇහැරෝල තිබ්බ නිසාෆ්ට. ඌ ඉතින් බඩගාගෙන එලියට ඇවිත්, ඒ විදියටම බඩගාගෙන ගිහින්. අවුලක් නම් උනේ නැහැ.

      Delete
  2. හය්යෝ කෝ ඉතිං ඉතුරු ටික...
    ඉතිං ඉතිං ඊට පස්සෙ මකද වුණේ...

    ReplyDelete
    Replies
    1. රටේ මහත්තයා ලොකුවට ඒක ගණන් ගත්තේ නැති උනත් නිසාෆ්ගේ ලොක්කෝ ඌට හොඳටම දෙහි කපලා තිබ්බ. ආයේ නිදාගත්තේ නැහැ ( මම කිව්වේ ඒ කාමරේ)

      Delete
  3. තරහ වුණත් කමක් නැහැ ඇත්තම කියනව. මේ පෝස්ට් එක කිසිම රහක් නැහැ. ලිවීමේ ශෛලිය, හාස්‍යය, ආදිය අනික් උපේක්ශා පෝස්ට් එක්ක බැලුවම දෙන්න පුළුවන් 1/10 පමණයි. එකම හිනා ගිය කෑල්ල ශ්‍රාස්ත්‍රීය ලිපි ඕන අයට ඉඳගෙන ඉන්න කියපු එක විතරයි.

    ReplyDelete
    Replies
    1. හරිඅයට අර උබ ලියන එජාපය කරපු වැඩ... රනිල්ගෙ බුද්ධිමත්කම ගැන ලියන පෝස්ට් වගෙ

      Delete
    2. ඉයන්:
      වෙන්න ඇති ඉයන්. තාම මම ඉන්නේ වෙන ලෝකෙක. ලියවෙන්නේ නැහැ. වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. වෙලාව තිබ්බ නිසාඅ මේක ලිව්වේ. ඉන්න තව ටිකක් විවේක අරගෙන ලියන්නම්. තාම එන්ජිම පණගහල එන්නේ නැහැ වගේ.

      Delete
    3. ඇනෝ :
      සිරාවට? අපෝ මම දන්නෙත් නැහැ. ඇනෝ තුමා/තුමිය. ඉයන්ගේ චෝදනාව ඇත්ත එකක්.

      Delete
    4. උපේක්ෂාගේ මෙම නිහතමානී කම අගයමි.

      Delete
  4. ආධුනික බ්ලොග්කාරිණියකගේ කිසිසේත්ම ආධුනික නැති කවි පෙළක් . කරුණාකර ගිහින් කියවා රස විඳ උනන්දු කරවන්න.

    ReplyDelete
  5. මට අල්ලලාම ගියේ මේ ටික.. //අපේ රටේ ලොක්කා ( ඒ කියන්නේ කන්ට්‍රි මැනේජර්) උන්නේ අල්ලපු රටේ එකෙක්// නිකන් මොකක්ද මොකක්ද වගේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අල්ලපු රටේ කිව්වම ඒකෙන් ගොඩාරියක් දේවල් අල්ල උඩ තිබ්බ නෙල්ලි ගෙඩියක් සේ පැහැදිලි වෙනවා නේද? හි හි.. ඒකයි වැඩිය කියන්න නොගිහින් එහෙම ලිව්වේ.

      Delete
    2. ඒකෙ වරහන් ඇතුලෙ කන්ට්‍රි මැනේජර් කියල නොතිබුනානම් තවත් පට්ට!

      Delete
  6. පෝස්ට් එකේ මොකක්දෝ හිස් ගතියක් තියෙනවා උපේක්ෂා.වෙනදට ඔයා ලියන කතා වගේ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හැලප අයියටත් වැඩේ තේරිලා..

      Delete
    2. ඔව් හැලපේ. මටත් තේරුණා ඒක. තාම එන්ජිම අවුල් ට්‍රිප් එකෙන් පස්සේ. ( අප්පා... අලියට සිරාවටම පෑගුනාද මන්ද)

      Delete
    3. විදානේ:
      අහු උනා නේද..

      Delete
  7. උඹ ඉතින් මුලින්ම කියලා තියනවනේ බංකුවක වාඩි වෙන්න කියලා.ඒ වුනාට කමක් නෑ කියවලා බැලුවා.
    ලෝක සවාරියේ තව ටිකකුත් පොටෝ එක්කම දාපං මචෝ

    ReplyDelete
    Replies
    1. බංකුවේද හිටියේ??? මෙච්චර වෙලා?

      ඔච්චර වෙලා හිටපු එකේ තව ටිකක් ඉන්න අනේ.

      මේක ලෝක සවාරියක් නෙවෙයි අප්පා. තායිලන්තෙට විතරයි ගියේ. තව පින්තුර දාන්නම් වෙන පොස්ට් එකකට. තෝරන්න ගියාම කොහෙද යන එකියක් ඉන්නවා හැම පින්තුරෙටම විරිත්තාගෙන. හිටින් ඒකි නැති එව්වා තෝරලා එවන්ට

      Delete
  8. රටේ ලොක්කා ආපහු ආපු රටටම යන්න ඇති එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අපෝ එයාල අල්ලපු රටේනේ.. එයාල එහෙම අධෛර්ය වෙන කට්ටියක් නෙවෙයි. ඊටත් එහෙම යනවද කොරහත් බිඳගෙන යන්නේ නැතුව?

      Delete
  9. මම කලින් පෝස්ට් දෙක ආයේ කියෙව්වා..

    ජ ය වේ වා !!

    ReplyDelete
  10. මම නං ඉස්සර දවල්ට කැවට පස්සෙ ඔෆීස් එකේදි ඕනැ තරං නින්දෙන් ගොරවල තියනව.....කවුරුහරි එකෙක් ඇවිත් කූද්දනවා නැත්නං... ලොක්කෙක් දැක්කොත් වෙන එකෙකුට කියල මාව කූද්දනවා...

    ReplyDelete
    Replies
    1. මගේ ඉස්සර සගයෙක් හිටියා හිටපු තැනක නිදාගෙන ගොරවන්න ගන්නවා. ඔයාට වගේම තමයි වෙන්නේ. දැන් ඉන්න ඔෆිස් එකේ ලොක්කා නම් දොරත් වහගෙන සැපට නිදාගන්නවා. එයාට මොකද....

      Delete
  11. ඉතුරු ටිකත් ලියමුකො.. මම අවුරුදු හතරක් නිදාගෙනත් නිදාගන්න තැනවත් ලොක්කට හොයන්න බැරි උනා බන්..

    ReplyDelete
    Replies
    1. හි හි හි... ආයේ ඉතින් ඉතිරියේ මොකක් ලියන්නද? තව ඔෆිස් කතා තියෙනවා. ලියන්නම් හෙමිට

      Delete
  12. අනේ අම්පා ඔය කොම්පැණිය තාම තියෙනවද? තියේනං මදුරු කොයිල් ටැස් කොරන්ට වගේ ගත්තැකි.

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ ප්‍රශ්නය.

      පිළිතුර: නැත මත්මයාණෙනි.... එවැන්නක් ලොවෙත් නැත. හැබැයි නින්ද නිසා නොවේ වෙනත් ප්‍රශ්නයක් නිසා කොම්පැනිය බිස්නස් තිබියදීම වසා දමා උන් උන් ගම රට බලා ගියෝය

      Delete
  13. ඔෆිස් එකේ නිදාගන්න වැඩේ දිගටම කරන්න ගියොත් තමයි මාට්ටු වෙන්නේ
    දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. මට වෙන්නේ ඕක අනික් පැත්ත. ඉඳල ඉඳල මම නිදාගන්න දවසට අනිත් ඔක්කොම ඇහැරිලා. ඒ මදිවට එදාට තමයි නිදාගන්න උන් හොයන්න එන්නේ! කරුමේ කරුමේ.. පලිසන් දෙනවා කියනවනේ ගල් ගුහාවක් ඇතුලේ හැ0ඟුනත්,මුහුද මැද්දේ හිටියත්!

      Delete
  14. හෙක් ඕවා මොනවාද, අපේ ඔෆිස් එක පාටිෂන් කරාට පස්සේ මටත් ඔය පාටිෂන් හිර කූඩුවක් හම්බ උනා, කූඩුවට වෙලා දොරත් එහෙම වහගෙන (ඖටෝ ඩොර්) කර්ටන් ටිකෙන් කවර් කරගෙන සපත්තු දෙකත් ගලවලා මේස දෙකත් එක්ක කකුල් දෙක මොනිටරේ උඩ තියාගෙන නිදාගෙන ඉන්න ලොක්ක ඇවිත් ඉස්සරහ පුටු දෙකෙන් එකක වාදී වෙලා ඉන්නෝ මම මම නැගිටිද්දී, කිඳී හිනාවක් දාල පාටිෂන් එකෙන් කොල්ලට ජයයි වගේ නේද කියල ඇහුවා. (හැබැයි එහෙම අහල එකාගේ පාටිෂන් එකට ගිහින් ඒකත් බුදි, නැත්තන් නිදා ගන්න කියපු පොත එක රෙස්ට් රූම් එක :D) එක්කෝ ට්‍රාන්ස්පෝර්ට් එකේ කැඩිච්ච වාහනයක් වගේ අයි කියල වැඩක් නා ජනේලේ පොඩ්ඩක් ඇරගෙන සීට් එක කඩලා ගත්තම. :D )

    ReplyDelete
    Replies
    1. සිරාවට කියන්න මම කියුබිකල් මිසක් පාර්ටිෂන් වලට කැමැත්තක් ඇත්තෙම නැහැ. L shape කියුබිකල් තමයි නිදාගන්න කියාපු එව්වා. එකපාරක් මම ඔහොම නිදාගෙන තවඩින්ගෙන් පොලිසියට හරි ගිනි නිවන උන්ට හරි කියනවා, මම උන්නු තැන හොයාගන්න බැරුව ඔෆිස් එකේ HR එකේ උන්!

      Delete
  15. අර ඊමේල් එක පුලුවන්නම් දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. මොන? උඩ තියෙන කවුළුවෙන් මට පණිවිඩයක් කොටලා එවන්න.

      Delete
    2. // ඌ එදා ලොක්කොන්ට ලියපු ගුඩ් බායි මේල් එක හින්ද තව ඩින්ගෙන් මූට 'කිරිමේල්' කැඩෙනවා.// :)

      Delete
    3. ඒක නම් දාන්න බැරි වෙයි. එතන පොඩ්ඩක් කොම්පැනියට සම්බන්ධ දේවල් තියෙනවා. ඒකෙ තිබ්බ අන්තර්ගතය ගැන මම කියන්නම්...

      කොටිම්ම උගේ වයස අවුරුදු 21යි. ඌ ලියල තිබ්බ කොමපනියේ ලොක්කා ( ලොකුම ලොක්කා - ඒ කියන්නේ රවටල් 8කට වඩා ශාඛා තියෙන මේ කොම්පැනියේ ලොක්කා) හරියට කල්පනා කරලා වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කොම්පැනියේ ලොකුම එවුන් ඔක්කොම ඒ මනුස්සයට පරාන බයයි. හරියට උදෑසන නැගිටිනකොටත්, නිදාගන්නකොටත් ඒ මනුස්සයා ඉන්න දිහාවට හැරිලා වන්දනා මාන කරලා නිදාගන්න ටයිප්. එහෙම එකෙක්ට මේ වගේ ඇච්චෙක් එහෙම කිව්වම? ( කතාව නම් සහතික ඇත්ත. දන්නවනේ අල්ලපු රටේ උන්ගේ ඔළුවයි, ටෝක් එකයි!)

      මේ කතාවෙන් පස්සේ ඌ ඇත්තටම අපේ වීරයෙක් උනා.. එහෙම ගටක් තිබ්බා කියන්නේ ආයේ නැහැ අපිට පුදුම ජොලියක්!

      Delete
  16. ඉතිං රටකට හරියයිද!

    ReplyDelete
    Replies
    1. රටේ මහත්තයාගේ වැරැද්ද... අපි නිවැරදියි ස්වාමිනි!

      Delete
  17. හෑල්ලක් දිගට ලියලා ලියලා ඇවිත්, කතාව ලියල තියෙන්නෙ අන්තිම වාක්‍ය දෙකකිං විතර. සැක්...!!!

    ReplyDelete
    Replies
    1. කිසි ගෝ එකක් තිබ්බේ නැහැ ලියන්න ගත්තට. ඒක වෙන්න ඇති. දැන් ඉතින් මක් කරන්නද

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...