Wednesday, January 13, 2016

243. එයා




අපි දෙන්නා හිටියේ ගුලි වෙලා...

එකට නෙවෙයි. වෙන වෙනම.

දුම් දමන කෝපි වලින් නැගෙන මනස් කලම්බන වායුවක් නිතරම මේ උඩුමහලේ තියෙන නිසා මට මෙතන හිසරදයක් වෙච්ච කාලෙකුත් තිබ්බත් කවුරුත් වගේ මමත් කාලයට අනුගත වෙලා ඉගෙන ගත්ත, එහෙම මොලේ කොලොප්පන් වෙන ජාතියේ සුවඳවල් හොයාගෙන එන්නේ ලස්සන කෙල්ලොය කියල. ඉතින් මමත් ඒ මත්විල්ලට ඉබේම හුරු උනා.

එයා හිටියේ මගේ මේසයට ඉතා ආසන්නයේ. ඒ කියන්නේ මේස දහයක් පහළොවක් විතර ළඟින්. මුළු ඇඟම ආවරණය වෙන්න හිතාගෙන ඈ ඇඳලා තිබ්බ කබාය , ඊට යටින් තිබුණු අගේ සුන්දර සිරුර පිළිබඳව මගේ පරිකල්පනය අඩපණ කරන්නට සමත් උනේ නැහැ.

මම වගේම එයාත් හිටියේ අත්දෙකේ අල්ලවල් එකට පිරිමදිමින් හින්දා අපේ ඇස් එකිනෙක පැටලෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ.

එකවරම ඒ කදම්බය හරහා ඇවිදගිය අයෙක් විසින් එයාව සැපපහසු සෝෆාවේ කොනකට තල්ලු කළා වගේ මතකයි. මගේ දුරබනුව නාද වෙන්නට ගත්තා.

'මරියා.... අපෝ අද නම් එපා කෙල්ල... මම දැන් බොහොම ආසන්න අවස්තාවක ඉන්නේ..'

මම දුරබනුවට ඇති තරම් වෙව්ලන්නට ඉඩ දීලා මේසයේ කොනකටම තල්ලු කරලා දැම්මා.

කෝ මේ සුරංගනාවී?

ඒ වෙනකොට එයා තනිවම මෙනුපතක් අතර එයාගේ පුංචි ඇස් උඩටත් පහළටත් යවමින් උන්නා. වෙනම ගත්තහම නම් විශේෂයක් කියන්න නැති ඇස් දෙකක් උනත් මට ඕනේ කළා විශේෂත්වයක්. ඉතින් මම හිතුව ඒ ඇස්වල යන්තමට වගේ තවරලා තිබ්බ මස්කාරා ඉතාම සිත්ගන්නාසුලුයි කියලා.

'දෙවියන් අතරට යන පාපියෙක් උනත් මුලින්ම්ම යන්න ඕනේ.. ' එහෙමයි මම හිතුවේ.

ඉතින් මම මගේ කොණ්ඩයට ලෙලදෙන්න ඉඩදෙන ගමන්ම උනත් මගේ මේසයෙන් එයාගේ මේසයට පාවෙලා ගියා. ඒ අතරතුරේ මගේ කකුලට කම්පනය උන පුටුවක් නිසා එයා බලමින් හිටපු මෙනුපතෙන් හදිසියේම මුහුණ මගේ දෙසට හැරෙව්වා. එකපාරටම බය උනා වගේ පෙනුමක් ආවත් එයා ඉක්මනටම ඇස්දෙක ඉවතට හැරෙව්වා.



"මම හිතන්නේ මම ඔයාව කොහේදී හරි දැක්...."
"නැහැ.. මම හිතන්නේ නැහැ"

මම ආපුබවක් දකින්නවත් ඔලුව ඉස්සුවේ නැති එයා පැහැදිලිව කිව්වා. ඇත්තටම මට කිසිම දෙයක් හිතුනේ නැහැ ඒ වෙලාවේ. මට මේවා නුපුරුදු නැහැ.

"ඔය්.."
"මම හිතන්නේ නැහැ... කරුණාකරලා යනවද?"
බොහොම පහත් හඬින් , ඒ වගේම පැහැදිලිව එයා එහෙම කිව්වා. මට වැටහුණා එහි නොමනාපයක් තිබුනේ නැහැ කියලා. බාගෙදා එයා දැන් කැමති නැතුව ඇති.

හොඳයි... මම මගේ පාඩුවේ ඇවිත් වාඩිවෙනකොට එයා සමග පැමිණි මිතුරා නැවත ඇවිදින් එයා එක්ක ලොකු සංවාදයකට පැටලිලා උන්නා.

මම තෙරේසා ගේ අංකය දුරබනුවේ ඔබමින් ඉඳිද්දීම තමයි ඇගෙන් මට ඇමතුමක් ආවේ. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ එහෙමයි. තෙරේසා ගැන හිතන හැම මොහොතකම මට ඇමතුමක් දෙන්න දෙවියන් ඇයව මෙහෙයවනවා.

"තෙරේසා මගේ වස්තුවේ... මම මේ මතක් කළා විතරයි"
"කොහොමද මගේ වස්තුව. අද හවස මොනවද කරන්නේ?"
"මොකවත් නැහැ. මොකද හිතන්නේ?"

එයා තමන්ගේ මිතුරාට මොකද්දෝ කියල තමන්ගේ අත්බෑගයෙන් ගත්ත දෙයක් අතේ ගුලි කරගෙන මම ඉන්න පැත්තට ඇවිදගෙන එනවා.

"අදත් එහෙනම් ඉටිපන්දම් වලින් හැඩවෙච්ච සුන්දර රාත්‍රියක් වෙන්න හදන්නේ එහෙනම් ආ...!"
"හ්ම්ම්ප්..."

මම එකපාරටම උත්තර දුන්නේ නැහැ. එයා කෙලින්ම ආවේ මගේ මේසේ ළඟට.

"මම ඔයාගේ පින්තුරයක් ගන්නද?"

එයාට තිබ්බේ ඉතාම මෘදු කටහඬක් ! මට උත්තරයක් දෙන්න හිතුනේ නැහැ. හුස්මක් කටක් ගන්න ලැබුනෙත් නැහැ.

මීට විනාඩි කීපයකට කලින් මාව නොදන්නවා කියපු එයා දැන් මගේ පින්තුරයක් ගන්න හදනවා?

"...... වස්තුවේ... වස්තුවේ... ඔයා ඉන්නවද? මොකක් හරි ප්‍රශ්නයක්ද? නැත්තම් ඔයා කරදරයක පැටලිලාද ? මොකද්ද.... මේ..."
"මම ආපහු ඔයාට කතා කරන්නං "

මගේ ඒ පරක්කුවට එයා කලේ කිසි වෙනසක් නැතුව මගේ පින්තුරය එයාගේ දුරකතනයේ සටහන් කරගෙන , කිසිම වෙනසක් නැතුවම ආපහු හැරුණු එකයි.

"පොඩ්ඩක් ඔහොම ඉන්න"

එයා නතර උනෙම නැහැ. මම ඉක්මනට කලේ මගේ නම්-පතක්* කබායෙන් එලියට අරගෙන ආයෙමත් එයා අමතපු එකයි. එයාගේ මිත්‍රයා ඒ වෙනකොටත් අවන්හලෙන් එපිට එයා එනකල් බාලගෙන ඉන්නවා දුටුවත් මට මේ අවස්තාව නැවතත් ලැබෙන්නේ නැති බව මට විස්වාසයි.

දොරටුව ගාවදි ආපහු හැරුණු එයා මගේ දෙසත්, මගේ නම්-පත දෙසත් බලා එකවරම නම්-පත මගේ අතෙන් උදුරා ගත්තා. ඊටත් පස්සේ තමයි තමන්ගේ කෝපි -මිත්‍රයා එක්ක අතිනත පටලවාගෙන ඈතට යන්න ගියේ.

මගේ දුරබනුවෙන් ආයෙමත් තෙරේසා දෙදරවන්නට උනා.





***************************************

*නම්-පතක් : name card



අපි දෙන්නා හිටියේ ගුලිවෙලා..

වෙනම නෙවෙයි. එකිනෙකාට ගුලිවෙලා.

ඒක ඇරඹුණේ මෙහෙමයි. හරියටම කෝපි අවන්හලේ සිද්ධියට පස්සේ ගත උනේ හරියටම දවස් දෙකකුත් පැය කීපයක් විතරයි.

මේ කියන මොහොතට වරුවකට කලින් මම තාවකාලික ආබාධිත තත්වයට පත්නොවී හිටියා නම්, වෙනත් සිද්ධියක් වෙන්නත් තිබුනා. මම එහෙම ආබාධිත උනේ කොහොමද කියන එක එතරම්ම වැදගත් නැහැ. නමුත් මම හිටියේ වළලුකරෙන් තදට වෙලපු වෙළුම්පටි අතරින් එන වේදනාව යන්තමට හරි සමනය වන කාලපරිච්ජේදයක. ඒ නිසා මම කිසිම උත්සහයක් අරගෙන තිබ්බේ නැහැ ඉස්සරහ දොර අගුළුදාලා තියන්න.

'ටොක් ටොක්'

සීනුවක් තිබෙද්දී දොරට තඩිබෑම මගේ මිතුරන්ගේ ගතිගුණයක් උනත් ඒ හඬේ මට නුපුරුදු තාරතාවයක් තිබුනා.

"එන්න ඇතුළට"
මට කුතුහලයක් තිබ්බේ නැහැ. නමුත් මම දොර දිහා බැලුවා. දොර බෝලය කරකවා හැරුණු දොරින් 'කරාස්' සද්දය නිමවෙනවාත් සමඟම කුඩා හිසක් එයින් ඇතුලට එබුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි එයා.

ඒ එක්කම දොර මුලුමනින්න ඇරිලා මට පසක් කලේ එයා මුළු නගරයම මෙතනට අරගෙන ඇවිත් කියලයි. ඒ සෙනඟ අතරින් එලියට පැන්න වෙහෙසකර මුහුණක් තිබ්බ මැහැල්ලක් මගේ අවධානයට පත්වෙන්න ගත උනේ නිමේෂයයි.

ඔව්.. ඒ මැහැල්ල තමන්ගේ අත්දෙක පපුවට තබාගෙන මොරදෙමින් මගේ දෙසට දුවගෙන ආව.

"දෙවියන්ට ස්තුතිවේවා ! මගේ දෙය්යනේ...... ඔව් මේ මගේ රිචඩ් තමයි.... මගේ දෙය්යනේ..... රිචඩ්...!!"

කකුලක් ආබාධ වෙච්ච කෙනෙක්ට කොහෙත්ම අදහන්න බැරි තරම් වේගෙන් මාව ග්‍රහනට ගත්ත ඒ මැහැල්ල මගේ මුහුණ ඇගේ අත්දෙකට කොටුකර ගත්තා.

එයා ඒ එක්කම මගේ ලඟට දුවගෙන ආව. මම හිටියේ තාමත් සෝපාවේ කොටුවෙච්ච ගමන්මයි.

"ඔෆිසර්... ඔව්.. මෙයා තමයි... "

එයා එහෙම කිව්වා.

තවත් හෝරාවකට විතර පස්සේ තමයි යන්තම් පැහැදිලිතාවයක් ඇති උනේ ඇත්තටම මෙතන උනේ මොකද්ද කියලා. කොටිම්ම මම මෙතෙක් කාලයක් ගෙවපු ජිවිතේ උඩු යටිකුරු වෙන්න ඒ හෝරාව හොඳටම ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් උනා.

ඒ හෝරාව ඇතුලත මම ව්ලියම් නොවේ රිචඩ් කියලත්, මගේ අම්මා කියලා මෙතක් කාලයක් හිතුවේ මගේ නැනී බවත් , මම ගෙදරින් අතුරුදහන් වෙච්ච ළමයෙක් බවත් තහවුරු කරන්න පොලිස් නිලධාරින් සමඟ පැමිණි ලියකියවිලි තොගය එක්ක මාව අඳුනගත්ත මගේ 'අම්මා' ප්‍රමාණවත් උනා.

එයා?

එයා තමයි මගේ නිවුන් සහෝදරී !

"රිචඩ්....... මට අම්ම කියනකල්ම සැක හිතුනේ නැහැ... මෙහෙට එනකල්වත් විස්වාස කලේ නැහැ... හැබැයි... මෙන්න මේක දැක්කහම නම්.... මට හොඳටම විස්වාස හිතුනා මේ ඔයාමයි කියල"

එහෙම කියල එයා, එයාගේ වෙළුම් පටියකින් තදකරපු වළලුකර දිහාත් මගේ වම් වළලුකර දිහාත් බැලුව. ඒ දෙකම එක විදියටම ඉදිමිලා තිබ්බ.

ඔව්.. ඒ එයා තමයි 






END


ප. ලි.

සමාවෙන්න කට්ටිය... මම මේක බාගෙට ලියල දැම්ම. ඉතිරි කොටස ලිව්වම එක පෝස්ට් එකකට හරි යන හින්දා කොටස් දෙකට එකට පෝස්ට් කළා. ( දැන් බැනපල්ලා)

33 comments:

  1. නම්පත, දුරබනුව වැනි වචන භාවිතය කතාව දුරස් කරනවා කියලයි හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතනවා සිංහල නම් එහෙම දාලා ලිව්වනම් තවත් හොදයි කියලා

      Delete
    2. මට මේක ලංකාවට සම්බන්ධයක් නැති බව කියන්නයි ඕනේ කලේ. ඒක බස්වහරින් ගන්නයි හැදුවේ. හ්ම්ම් හ්ම්ම් හරි ගියේ නැද්ද මන්ද

      Delete
  2. //එයා කලේ කිසි වෙනසක් නැතුව මගේ පින්තුරය එයාගේ දුරකතනයේ සටහන් කරගෙන , කිසිම වෙනසක් නැතුවම ආපහු හැරුණු එකයි// අම්මෝ.. මතක් කරන්න එපා..

    උඹේ මේ කතාවල කුතුහලය නිසා කියවන්න ආසයි.. ඒත් ෆොටෝ ගහන ඒවා නම් ආයි ලියන්න එපා..

    ReplyDelete
    Replies
    1. කුතුහලය තිබ්බ මදිදෝ කියල හිතුන. කොහොමත් ඉවාන්ට වගේ නම් ලියන්න බැහැ. මොකද පින්තූර ෆෝබියා එකක් හැදිලද?

      Delete
  3. මුල ටික කියවනකොට හා කතාව මෙහෙම තමයි නේද ගලායන්නේ කියලා මං හිතින් ප්ලෑන් කරා..ඒත් එහෙම නෙමෙයිනේ.
    මහල්ලා ආපු වෙලාවේ මම ගොඩක් සතුටු ඔනා මොකද මං හිතුවේ තෙරේසා කියලා " ඒ වෙන කවුරුත් නොවේ එයා"
    කතාව මට ඕන විදියට ගැලපීගෙන එනකොට..END..
    කාතාව ලස්සනයි දෙක කොටස දානකම් බලාගෙන ඉන්නවා.)

    ReplyDelete
    Replies
    1. මම කතා ලියන විදිය ඇහුවොත් හිනා යයි. සමහර වෙලාවට මම ලියන්න පටන්ගන්නේ අරමුණකින් නෙවෙයි. ඔහේ ලියනවා. හිටපු ගමන් හිතෙන විදියට අවසන් කරනවා. සමහර කතා නම් හිතලමයි ලියන්නේ. ඒවා ලියන්න කල් යනවා. මේක මේ කෑම පැයේ ලියාගත්ත එකක්. ඒකයි අඩුපාඩු ඇත්තේ.

      දෙක කොටසක් නැත.

      Delete
  4. ඉතාමත් ඉතාමත් ඉතාමත් අනර්ඝයි.
    ලකුණු 100%

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කාලෙකට පස්සේ ලියන්න හිතුනේ. සාපේක්ෂව හොඳ බව විතරක් පිළිගන්නම්.

      Delete
  5. Replies
    1. ස්තුතියි. රසවින්දා නම්

      Delete
  6. ගස්ලබ්බගෙ මොලේ තව ජුණ්ඩක් මෝරන්න ඕන වගේ... පොඩි කොයිල් ගතියක් .. කුතුහලේ නම් උපරිමේටම රැකිලා තියෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ ලියවිල්ලත් ටිකක් මෝරන්න ඕනේ. තව උත්සහ කරන්නම්.

      Delete
  7. \\ මම තෙරේසා ගේ අංකය දුරබනුවේ ඔබමින් ඉඳිද්දීම තමයි ඇගෙන් මට ඇමතුමක් ආවේ. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ එහෙමයි. තෙරේසා ගැන හිතන හැම මොහොතකම මට ඇමතුමක් දෙන්න දෙවියන් ඇයව මෙහෙයවනවා.///

    තිත්ත ඇත්ත...!
    මරු...!

    ReplyDelete
    Replies
    1. හි හි හි..... දන්නෝ දනිති

      Delete
  8. සුට්ටන් තාක්සනික පුරස්නයක් නම් තියනවා ගොයියෝ…

    නිවුන්නුන්ගෙන් ඔහොම දෙන්නටම එකම වෙලාවට අසනීප එතකොට හදිසි අනතුරු වෙනවයි කියල කියන්නෙ සම නිවුන්නුන්ට.

    සම සහ අසම කියල නිවුන්නු ප්‍රධාන වර්ග දෙකක් ඉන්නව. එතකොට සම නිවුන්නු අනිවාර්යයෙන්ම එක්කො දෙන්නම පිරිමි නැත්නම් දෙන්නම ගැහැණු. ඒ හින්ද මෙතන උඹ කියන දෙන්න සම නිවුන්නු වෙන්න බෑ. එහෙම උනාම අර විදිහට වළලු කර ඉදිමුම එකම විදිහට එන්නත් බෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකට තියෙන්නේ එකම උත්තරයයි රවියා

      දැන් බලහං ඔය කියන උන් කියනවා සම නිවුන්නු අතරේ එහෙම එකක් තියෙනවා කියල. ඒකත් තාම ඔප්පුකරගන්න විදියක් නැතුව උන් දිවා රෑ නැතුව කල්පනා කොරනවා.

      කොටිම්ම අපි ගමු පොල්තෙල් කාල පපුවේ අමාරුව හැදෙනවා කියල කාලයක් එක කට්ටියක් පොලවේ පස් කකා කියද්දී, තව කොටසක් කියනවා ඒක තාම ඔප්පුකොරන්ට බැරි වෙලා තියෙනවා කියල. ඒ උනාට පොල්තෙල් නොකෑම මිනිස්සු පපුවේ අමාරුව හැදෙනකොට ඒ කතාව වෙනත් පැත්තකට හැරෙනවා.

      දැන් ඔය සම නිවුන්නු ඔහොම වෙනවය කියන එකත් ඒ වගෙයි. ඒ අතරින් පතර එහෙම වෙන "සම නිවුන්නු නොවෙන" උනුත් හම්බෙනවා. ඔන්න එතකොට මක්කෙද දන් වළඳන්නේ ??

      මේක මේ මහා අටෝ රාශියක් පරීක්ෂණ පොත් කියෝලා, සතියක් වනගත වෙලා භාවනා කොරල, මාසයක් ඍෂිවරයෙක් එක්ක කතා කරන්නේ නැතුව ඉඳල වරමක් පාදක කරගෙන හදපු දුර්ලභ ප්‍රතිපලයක්.

      ලාවට හිතුවද? හුහ්!

      Delete
  9. මේම කියනවට සොරිවෙන්ඩ. මටනං මේකෙ මෙලෝ ලබ්බක් තේරුම් ගියේ නෑ. මගෙ මොලේට තාම මෙව්ව පත්තියං වෙන්න හොරයි.

    ReplyDelete
  10. මේම කියනවට සොරිවෙන්ඩ. මටනං මේකෙ මෙලෝ ලබ්බක් තේරුම් ගියේ නෑ. මගෙ මොලේට තාම මෙව්ව පත්තියං වෙන්න හොරයි.

    ReplyDelete
    Replies
    1. එසේ වී නම් අසව් සුරන්ගයාණෙනි....

      මෙලෝ රහක් නැති බවම කීම වටනේය! නොදන්නා මගුල් කොරන්ට ගියාම ඔහොම වෙනවා

      Delete
  11. අඩේ අනිකත් මේකටම දාලා...

    පට්ටනේ...
    ඒත් එයා ඇයි ඡායාරූපයක් ගත්තේ? අම්මාට පෙන්වන්න ද???


    ප.ලි
    රතිඤ්ඤා සද්දේ දවස පුරාම...
    මට ඔයාව මතක් වුණා...
    ඔයාව නෙමෙයි, ඔයාගේ පිච්ච මල් කතාව...

    ReplyDelete
    Replies
    1. ජායාරුපයක් ගත්තේ මොකට කියලද හිතන්නේ? මම හිතුවේ ඒක කියවන්නාට අයිති පරිකල්පනයක් මිසක් මම හිතෝලා දෙන්න ඕනේ නැහැ කියල.

      පිච්ච මල්... හ්ම්ම්ම් තව ඒ ජාතියෙන් දුසිමක් උනත් ලියන්න පුළුවන්. මේ කතාව කියෙව්වද?

      Delete
  12. බලන් යනකොට මේක අමුතුම කතාවක් නොව. මාව නිකන් කරකවලා ඇතෑරියා වගේ උනා.

    ReplyDelete
    Replies
    1. අමුතු වගේ තිබ්බට එතරම් අමුත්තක් නැහැ අනේ....

      Delete
  13. කතාව ලස්සනයි....

    ReplyDelete
  14. නරියා! හැප්!
    මේ කතාවට ආස හින්දා, තෝ දෙවෙනි කොටස ලියන පාටකුත් නැති හින්දා ආයෙම කියවන්න ආවා. බලද්දි දෙවෙනි කොටස මේකටම අමුණලා. කතාව පට්ට ලස්සන නිසා බේරුණා කියල හිතාගං.

    ReplyDelete
    Replies
    1. හොක්කි හොක්කි හූ................... ( නරියෙක් කතාකරයි)

      නකුට අකුලාගෙන පසුබසිමි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...