Tuesday, January 5, 2016

239. හිටිය - නෑ




අතුරුදහන් වෙනවා නම් හොඳම තැන මොකද්ද කියල මම මිට කලින් අත්හදා බලල තිබ්බේ නැහැ.

සතියකට කලින් මම ඒක අත්හදා බැලුව.

ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාව අතුරුදහන් උනහම, හොයන්න මෙතෙක් කාලෙකට, කිසිම කෙනෙක් උත්සහ කරලා නැති හින්ද, මට දැනිල තිබ්බේ මහා නස්පුට් හැඟීමක්! කොටිම්ම මම අපේ ගෙදරින් අතුරුදහන්උනහම ; 'ඔය ගියපු තැනකින් කොහොම හරි එන්නේ නැතෑ' වගේ වාක්‍ය මිසක්කා පොලවේ පස් කකා හෙවිල්ලක් ලොවෙත් අහල නැති එකෙක් විදියට ; අර බස්සිගේ යාලුවෝ වගේ හෙවිල්ලක් මගේ යාලුවෝ නම් කරලා නැහැ.

ඒකටත් එක හේතුවක් තියෙනවා. යාලුවන්ට ඉතින් දොසක් කියන්න බැහැ ඉතින්, මම එක එක සෙට් එක්ක එක එක වෙලාවට ඉන්න හින්දා එක සෙට් එකක නැති වෙලාවට උන් හිතන් ඉන්නේ අනිත් උන් එක්ක ඇතිය කියල, අනිත් සෙට් එක හිතන්නේ වෙන සෙට් එකක් එක්ක ඇතිය කියල. ඉතින් මොකට පෙට්‍රල් පුච්චගෙන හොයනවා.. නැද්ද?



ඇත්තම කියනවා නම් අතුරුදහන් වෙන්න තියෙන හොඳම තැන තමයි, ඔෆිස් එක!!!

මම ගිය සතියේ ඔෆිස් එකෙන් අතුරුදහන් උනා. ඒ කියන්නේ හිටි හැටියේ නිවාඩුවක් දාල ගියා යන්න සවාරියක්. මම ගියේ තායිලන්තෙට. මගේ හොඳටද, කරුමෙටද මන්ද මගේ රෝමින් වැඩ කලේ නැහැ. ඒ හින්ද පොඩි පහේ ගිනි විජ්ජුම්බරයක් උනා. (  එව්වා කීමෙන් අනතුරු ඇතිවිය හැකිය!) එකපාරටම ඔෆිස් එකට කනුව තියල මම ගියපු ඒ සවාරිය නම් නියමෙනුත් නියමයි. කවුරුහරි යන්න හිතාගෙන ඉන්නවා නම්, මට තොරතුරු දෙන්න පුළුවන් කොහොමද ප්ලෑන් කරගන්නේ කියල සවාරිය ( ඒ කියන්නේ දවස් හරියට යුටිලයිස් කරන හැටි) ඊට අමතරව ඔන්ලියින් බුක් කරන එක ඔක්කොම තැන්වලදී පහසුවක් සහ මුදල් ඉතිරියක් උන බවත් කියන්න ඕනේ.

යන්න කලින් ලියල යන්න හිටියේ බ්ලොග් එකේ, ආයේ පොස්ටු මාසෙකින් විතර වැටුනේ නැත්තම් මම පණපිටින් නැතිය කියල හිතාගන්න කියල. මොකද මම හිතාගෙන හිටියේ ඔය රෝලර්කෝස්ටර් ජාති ඔක්කොම පදිනවා කියල... හිතුවත් වගේම පැද්දා....... කෝ ඉතින් මලේ නැහැනේ!

ගොඩබැහැලා ෆෝන් එක ඔන් කරපු ගමන්, අම්මටසිරි... මෙන්න ඔෆිස් එකෙන් හෝ ගාල මාව හොයල! බොසාද ඇතුළුව.

එහෙම ගිහිල්ල, අද තමයි ඔෆිස් ආවේ.

දැන් ඉතින් ඉන්නවා සායක් ඇඳන් සීගිරිය නැග්ග එකී වගේ...



32 comments:

  1. තමුන් ප්ලෑන් නොකර ගමන් ගිහින් අනුන්ට ප්ලෑන් කරන්න උදව් කරනවාලු...... අැහුවමයි.

    ReplyDelete
    Replies
    1. දැන් මට කියන්ට බලන්ට.... අපිට උපදෙස් දෙන ඔය වැඩිහිටියෝ එහෙම ඒ කාලවල් වලදී හරි පාරේම ගියාද දැන් අපිට හරි පාර කියන්ඩ එන්නේ....

      Delete
  2. තෝ මළා නම් එකක්...
    තායිලන්තේ නෙහ්, එළ එළ...

    ///දැන් ඉතින් ඉන්නවා සායක් ඇඳන් සීගිරිය නැග්ග එකී වගේ...///
    ඒ මොකද ඒ...
    උඹ එහෙ ගිහින් අවකල් ක්‍රියා වල එහෙමවත් යෙදිලා මාට්ටු උනාද ගෙදරට...

    ReplyDelete
    Replies
    1. මලා නම් එකක් කොහෙද... දෙක තුනක් වෙනවා.... ඇයි අනේ මගේ පස්සෙන් එන උන් ඔක්කොම මැරෙයිනේ අය්යු....
      හි හි.. එහෙම අවකල් වැඩක් කරන්ට වෙලාව තිබ්බේ නැහැ. එහෙම උන් දැක්කෙත් නැහැ. සිගිරිය නගිනකොට සයක් ඇඳන් ගියොත් ඉතින් සිගිරි නැගිල්ල කෙසේ වෙතත් බිමට පටෝරියන් වෙන එක ෂුවර්. අන්න ඒ වගේ තමයි... වැඩ කරනවට වඩා මට හේතු දක්වන්න වෙලා තියෙන්නේ

      Delete
  3. තදියමේ ගියා වගේ තදියමේම ලියල. අම්මප රෝල කෝස්ටරෙන් වැටුනනං එකක්.. කෝ විස්තර..

    ReplyDelete
    Replies
    1. එහෙ රෝලකොට්ටරේ මැලේෂියා එක තරම් දරුණු නැහැ. මම දෙතුන් පාරක්ම ගියා. උන්ට නෝට් වේගන වගේ එනකොට තමයි නතර කලේ. ට්‍රොනාඩෝ කියල එකක් තිබ්බ, අන්න ඒක නියමයි.

      හරි ඉතින් එහෙම ගිහින් මලා නම් කවුද ඉතින් මේ ඉඩ කඩම් ටික බලාගන්නේ? බ්ලොග් ඉඩමම අක්කර කීයක්ද?

      Delete
  4. උපේක්ෂව ඩෙෆෙන්ඩරයකින් පැහැරගෙන ගියා කියල රවීගේ බ්ලොග් එකේ තිබුණෙ බොරුද?

    ReplyDelete
    Replies
    1. මොකක්? කෝ කොහෙද? අනේ මට කොහෙද එච්චර වාසනාවක්..... දිෆෙන්දරේ නේ? කොහෙට ගියාම මොකෝ.. මම නම් යන්න කැමතියි

      Delete
  5. ඔහෙත් එක එක වෙලාවට එක එක සෙට් එක්කද? හ්ම්ම්ම් ඉඳුකො.. එක වෙලාවක් එනවා හිර වෙන.එච්චරයි... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔහේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙම තමයි... හෙක් හෙක් දකුණේ කකුලක් වගේ නේද?

      ඒ මගේ හැටි. එහෙම තදින් සෙට් එකකට බද්ද වෙලාම ඉන්නේ නැහැ. නමුත් නැත්තෙමත් නැහැ.

      Delete
  6. මම බැලුව මොකද පෝස්ට් එකක්වත් නැත්තෙ කියල....

    ReplyDelete
    Replies
    1. බැලුව? කෝ කොහෙද? අල්මාරි, රාක්ක ඔක්කොගෙම බැලුවද?

      Delete
  7. විහිළු නෙමේ අපිත් ලබන සමර් එකේ යන්න ඉන්නේ.මට විස්තර ඕනේ
    pegusus2om@gmail.com හෝ කමෙන්ට් එකකින් දාන්න, ස්තුතී

    ReplyDelete
    Replies
    1. ඔන්න පොස්ටුවක්ම දැම්ම. තව විස්තර ඕනේ නම් කියන්න.. අම්මෝ ඔමා මොකද අනේ පේන්න හිටියේ නැත්තේ ගිය දවස් ටිකේ?

      Delete
  8. මං මේ සායක් ඇඳන් සීගිරි නැග්ග එකියක් ගැන හිත හිත ඉන්නවා..
    ලබන සතියේ තායි යන්ඩ බැරියැ..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න එකෙත් හැටි නේද? මෙච්චර දෙයක් කිව්වා මතක නැහැ. සයක් කියනවා... මේ මොනවා කියනවද, උඩට ගියාම බැරිය ටොප්ලස් රජකුමාරියෝ බලන්න

      Delete
  9. තායිලන්තයේ ? හුහ් හැදිච්ච ගෑල්ලමෙක් තනියෙන් යන දිහාවක්ද ඔය. පහුගිය දවස් ටිකේම මං බැලුවා මුංදෑ කෝ කියල. මේ ඉන්නේ . දාං බලාගන්න පිංතූර ටිකක් ගිය දිහාවක අපිටත් බලාගන්න

    ReplyDelete
    Replies
    1. බොට වෙලා තියෙන්නේ බෝගේ අච්චම්ම කරපු විනාසේ තමයි. මොකද්ද නැහැදිච්චකම ? උඹ යන්න හිතන් උන්නු කාරනාවට නෙවෙයි මම ගියේ. ඔන්න පොස්ටුවක් දැම්ම බලාගං

      Delete
  10. පට්ටම කොටස අන්තිම ටික හෙහ්...

    අපරාදේ යන්ට කලින් පෝස්ට් එක බැරිනම් වෙන විදිහකින් හරි පණිවිඩයක් එව්වා නම්...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ යන්න කලින් කිව්වා නම් වෙන්නේ?

      Delete
  11. තායි කෑම එහෙම බඩ පැලෙන්න කන්ට ඇති නෙහ් .. ඔය කිව්ව රෝල කෝස්ටර් වගේ එකක යන්න ගිහින් එක පාරක් ගෑල්ලමයෙක් මගේ බෙල්ලේ එල්ලිලා හිටියෙ නැතා නවතිනකම්ම. මාත් ඔන්න ඔහේ හිටිය මගේ නොවෙන ගානට. රෝලකොස්ටරේ වගේ එක නැවතිලාත් කෙලි පොඩ්ඩ මටම තුරුල්වෙලා ඉන්න හින්ද කිව්ව "නැවතුනා " කියල. ඒ ගමන කෙලි පොඩ්ඩ හරියට මම ඒකිගේ බෙල්ලේ එල්ලිලා උන්න වගේ ලජ්ජාවෙන් ඔරොල බලල බැහැල යන්න ගියා.. එහෙම දේවල් එහෙම වෙන්න නැතුව ඇතිනේ චන්ඩිය වගේ ගියාට.

    මාත් ඉස්සර ඔය විදිහට ඔෆිස් එකෙන් අතුරුදහන් වෙනව. පැය දෙක තුනක් මිසින් වෙලා ඉඳල ප්‍රාදුර්භූත උනාම ලොක්ක ෆුල් අප්සැට්. එලියට ගිහිල්ලත් නෑ , ගියා කියල ඔප්පු කරන්නත් නෑ , ඉන්න තැනක් හොයන්නත් නෑ . එත් බුවා ඔෆිස් එක ඇතුලෙ .. ඉතින් ලොක්ක අප්සැට් යන්නේ නැද්ද.. අවුරුදු හතරක් ගිහිල්ලත් ලොක්කට බැරි උනා මම නිදාගන්න තැන හොයාගන්න..

    ReplyDelete
    Replies
    1. තායි කෑම ?? අනේ මන්ද මිරිස් නෑ , ලුණු නෑ ....... මම ඉතින් වැඩිපුර මිරිස් කන එකියක් නෙවෙයි. ඒ උනාට කන්න තියෙන්නෙම මස් මාළු. මාළු නම් BBQ කරනවා අමුතු ක්‍රමේකට. කොහොමද අප්පා රෝලර්කොස්ටර් එකේ යද්දී අල්ලපු එකාගේ බෙල්ලේ එල්ලෙන්නේ?? හොඳට බෙල්ට් දාල තදකරලානේ තියෙන්නේ? මගෙත් එක වෙලාවක ( දෙතුන් පාරක් ගියා මම රෝලර්කොස්ටර් එකේ) අල්ලපු සිට් එකේ වාඩි උනේ කොල්ලෙක්. ඌ 'හූ' කියා කියා බෙරිහන්දෙනවා. මට හිනා.

      ඔය නින්ද ගැන කිව්වහම මට කතාවක් මතක් උනා. පස්සේ ලියන්නම්

      Delete
    2. මම කිව්වේ.. රෝල කෝස්ටරයක් වගේ එකක් කියල. ඒක රෝල කෝස්ටරයක් නෙවෙයි බොලේ.. රෝල කෝස්ටර් එකක ගියානම් ඒ ගෑල්ලමය ඒකෙන් බහිද්දී එක්කෝ තෙමිලා නැත්තම් මැරිලා..
      මම ඔය වගේ අටමගල් වල යන්නේ නොගොහින්ම බැරි උනොත් විතරමයි.. මමත් අවුරුදු විස්සකට ආසන්න කාලයක් රස්සාව කරන්නේ ඇන මුරිච්චි එක්ක නිසා මම ඔව්ව ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ..

      Delete
    3. කොරන්න බැරි නම් නොගිහින් ඉන්න ඕනේ! නැද්ද? ( අපේ අය්ය ඉස්සර මට ඔහොම කියනව හි හි)

      මටත් උනේ නොගිහිම්ම බැරි කතාවක් වගේ තමයි. මම හිතුවේ 'අප්පා දැන් මක්ක කරන්නද? මේක ඔපරේට් කොරන එකාගේ හිත තැලෙයි මම නොගියොත්. චා චා මෙච්චර දුරක් ලංකාවේ ඉඳන් ඇවිත් මට පුලුවන්ද එහෙම උගේ හිත තලලා යන්න? පවු නේ' කියල හිතල නගින්නේ.

      අම්බට කියන්න අම්බෝ මටත් ඔහොමමයි හිතෙන්නේ. මමත් ඉතින් සොෆ්ට්වෙයාර් කොටාපු හාදයෙක් වෙච්චිකොට කොහොම විස්සාස කොරන්නද ඔය සොෆ්ට්වෙයාර් වලින් කොරන ජාති. ඒවගෙන් හදපු සිමියුලේෂන් එක්ක ඉගෙනගත්ත උන් නේ ඉතිං ඔය අහස්යත්තරා උනත් ගෙනියන්නේ. යන්න නාකයි...! අපිනේ දන්නේ බග්ස් නැතුව ලෝකේ කොහෙවත් සොෆ්ට්වෙයාර් හදන්නේ නැහැය කියල! හික්...

      Delete
  12. ප්ලෑන් නොකර ගිය ගමනෙ විස්තරත් ලියාවිනෙ ඉක්මනටම නේද?

    ReplyDelete
    Replies
    1. ලිව්වා ලිව්වා. ඔන්න දැම්ම පොස්ට් එකක් විදියට

      Delete
  13. මං මේ අංතිමට කියල තියෙන දේ ගැන තාම කම්පනා කොරනව..
    කොහෙද තාම නෑ මොනවත් ඔලුවට වැටුනෙ..
    හාකො හාකො
    පොටෝ කෑල්ලක් දෙක්කුත් දාංකො හෙනං

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඉතින්..... ඒ පාර සායක් ගැන හිතනවා!

      ඔන්න දැම්ම පෝස්ටුවක්. බලන්න

      Delete
  14. //දවස් හරියට යුටිලයිස් කරන හැටි// :) දවස ඇතුලත උනත් හරියට කාලය යුටිලයිස් කර ගන්න ඕනි. දවල් කාලය රෑ කාලය එහෙම හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.. ඔය කිව්වේ.... කෝ කොහෙද මට මිරිස් ගලක් කට අතුල්ලගන්න

      Delete
  15. ඇයි සීගිරි නගින ගැණු ළමයින්ට සායවල් අඳින්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. හැකියි හැකියි... මොකෝ බැරි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...