Thursday, April 9, 2015

165. නපුරු සුන්දරී





මම කැමතියි මේ විදියට
උඹගේ නපුරු එරවිල්ලට...
හිනාවක් නැති මූණට....
මං දකිනකොට හැකිලෙන ඇහිබැමට.....

පුයර තවරන් ඉන්නෙක
කිතිකවන සුවඳ ඉහිරන එක
එකා පිට එකා හැරෙනෙක
කටුවක්ය නින්ද නැතිඑක



පොඩි රිදුම් පිරිමදිමින්
ඉන්නට වෙලාවක් නැතිකමින්
මටම දොස් නගමින්
රවමි එරවුමට එසැනින් 

10 comments:

  1. පහසුයැයි හිතනවද
    හිරු කිරණකට රවන එක?
    දිගැටි ඇහිබැම හැකිලීම වුව
    රිදවන සුලුය නළලත
    ඊට වැඩියෙන් බරයි හදවත

    වසන්තාරම්භය අභියස
    බුම්මගෙන ඉන්න පුලුවන්ද මල් මුවකට
    මින්ට් සුවඳක් කැවුන, සුළඟ ගත වදිනකොට
    බැලේ රැඟුමක් රඟයි සිතුවිලි නොදැනිම

    ඒ වුනත් ඔබ කියන විදියට
    හඳක් මෙන් ඉඟිමරනු නොහැකිය
    උගුල්ලා හැඩ ඇඳපු දෙබැමට
    රොන් හාදු නීතියෙන් තහනම්ය
    මුල් දුවනකොට පාලු හරිතාගාරෙක

    - බස්සි -

    ReplyDelete
    Replies
    1. දෙකම කියෙව්වෙමිය.. මම යමිය ...:(

      Delete
    2. බුදු අම්මෝ මේ කවිය! මිනීමරන තරම් ප්‍රවේගාත්මක , ඒ වගේම ඉලක්කෙටම තියපු හීයක් වගේ.....! එල එල... උඹ හරියටම කවිය කියෙව්වට මෙන්න මගෙන්
      'පටාස්'

      ( කම්මුල් පාරක් නෙවෙයි හලෝ... සැලුට් එක)

      Delete
    3. ඉවාන්: ඔය කිව්වේ.. ඕන්න කිව්වේ! එලොවටත් නෑ මෙලොවටත් නෑ ..... මෙව්වා ලියනවට වඩා හොඳයි රුපියල් දහයට ආප්ප දෙන කඩේක වැඩකරනවා

      Delete
  2. අමාරුවෙන් උඩ එක කියවල තේරුම් අරන් එද්දී යට තව බස්සියෙක් කවි ලියල..... අම්මප , දෙන්නටම රවන්නට සිතේ මට

    ReplyDelete
    Replies
    1. හත්ඉලව්වේ මොකද මගේ කවි මෙතරම් අසාර්ථක? බස්සියෝ වරෙන් නිවාඩුවක් දාල පැදුරක් එලාගෙන අඬන්න

      Delete
  3. මෙවුවට ඉතින් මොනවා නම් කියන්නද..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..... මට දැන් නියඟලා කාල සීනි බොන්න හිතිලා තියෙන්නේ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...