Friday, April 24, 2015

170. අටපට්ටම්







"අන්න බලහං පුතේ
උනුත් ආසයි මෙව්වා කොරන්නට "

අටපට්ටම මට දෙමින්
නැන්දා හිනැහී කියයි මට...

දුන්නු අටපට්ටමට සෑහෙන
මොණර කොලයක් පතාගෙන
බලාගෙන හිඳියි
'මොහොමඩ්' මා දෙස



19 comments:

  1. මොණර කොළ වලට
    නෑ නොව
    ආගමක්...

    ReplyDelete
  2. සිද්ධිය සබාවට වෙන දෙයක් . හැබැයි මොහොමඩලා ඕව හදන්නේ ආසාවට නෙමේ .අපේ තියෙන කම්මැලි කමෙන් සල්ලි හොයනවා .අහෝ වෙසක් එකටත් යන කල. වෙසක් කුඩු හදන්නෙත් මොහොමඩ් ලා..

    ReplyDelete
    Replies
    1. අපි දෙයක් දකින්නේ අපිට දකින්න ඕනේ විදියට මිසක් ඇත්තටම වෙන විදියට නෙවෙඉ නේද? අපේ තියෙන්නේ කම්මැලිකම විතරද? අපි කම්මැලි වීම, කම්මැලි නොවන අනිත් අයගේ වරදක්ද?

      Delete
  3. Replies
    1. පාට වලින් සල්ලි තියෙනවා නේද?

      Delete
  4. දැන් ඉතින් වෙසක් නේ ඊළගට එන්නේ.. අදහස නියමයි..

    ReplyDelete
    Replies
    1. අපිට කොහොමත් එකක් ඉවර වෙනකොට තවත් උත්සවයක් එනවනේ. නැත්තම් කොහොමද සමාගම් තමුන්ගේ බඩු විකුණා ගන්නේ?

      Delete
  5. අනේ විහිලුනෙ මේවා. ලෝකේ කෙරෙනෙ දේවල්ද? ඔයාගෙ හීන ලෝකෙ ආස ඇති නේ? උන් ඔය කූඩු නෙමෙයි පන්සලුත් කඩලා දාන ජාතිය.

    ReplyDelete
    Replies
    1. ඔබට එහෙනම් දකින්න ලැබිලා නැතුව ඇති, වැඩිපුරම කූඩු විකුණන මිනිස්සු මුස්ලිම් අය කියන දේ. මගේ හීන ලෝකයක් නෙවෙයි මේක තමයි දැන් තත්වේ. මම මේකෙන් අදහස් කලේ ඔබ කියන ආකාරයේ පටු ආකල්පයක් නෙවෙයි. ඔවුන්ගේ ආගම කුමක් උනත්, සහජයෙන්ම තියෙන 'බිස්නස්' කිරීමේ ඇති හැකියාව. ඔව්, පන්සල් විතරක්ද... ඉපැරණි ආගමික සිද්ධස්ථාන ගොඩක් අන්තවාදී මුස්ලිම් මිනිස්සු විසින් විනාශ කරා කියන එක රහසක් නෙවෙයිනේ.

      හොඳයි ඔබ මට කියන්න උතුරේ කොටි සිංහල මිනිස්සු මරණවා කියල, අල්ලපු ගෙදර ඉන්න කාටවත් කරදරයක් නැති හිතවත් දමිළ මිනිස්සුන්ට මන්නේ උස්සන ජාතියේ කෙනෙක්ද ඔබත්?? සමහරවිට ඔබ වගේ අය තුලින්මයි යුද්ධ බිහිවෙනවා ඇත්තෙත්. මට නම් සහෝදර මුස්ලිම්වරුන් සමග ආගමික ක්‍රෝධයක් තියා කිසිම ක්‍රෝධයක් නැහැ. සමහර වෙලාවල් වලට මට හිතෙනවා ඒ මිනිසුන් කොතරම් විචිත්‍රද කියල..

      Delete
    2. උපේක්ෂා ++++++++++++++++++++++++

      Delete
  6. මාත් මේ අටපට්ටමක් වත් හදන්න කියල හිතන් ඉන්නේ ... මෙහෙ ඉන්න මොහොමඩ්ලාට සහ චාන් චීන් චූන් ලාට පේන්න හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි බලමුකෝ..... අටපට්ටම් හදන එක නම් වරදක් නැහැ... කාට පේන්නද අනේ? හික්.... මෙහෙ දැන් අටපට්ටම් වලට වඩා තියෙන්නේ චීන, ජපන් කූඩු ( අකුලන්න පුළුවන්)

      Delete
  7. ලස්සන කවියක් වගේම තේරුමකුත් තිබෙනවා.
    http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16752-2015-04-28-21-00-13

    ReplyDelete
  8. සිංහලයින් සමරණ උත්සව වලින් වැඩිපුරම ආදායම් ලබන්නේ කවුද කියන එක පාරට බැස්සාම පේනවා. සිංහලයින්ගෙ තියෙන කම්මැලිකම.

    ReplyDelete
    Replies
    1. සිංහලයින් සමරන උත්සව විතරද? ඇයි අනේ අසරණ නත්තල් සීයා නත්තල් කාලෙට හැම භාණ්ඩයක්ම කරේ තියන් විකුනනවා. සමහර නත්තල් සීයලා සේල් පොළවල් වල බෙල් එකක් ගහ ගහ ඉන්නවා. පුදුම දුකක් විඳින්නේ. විකිනෙන රටක ඕනෙම දෙයක් විකුනන්න පුළුවන්. සමහර වෙලාවට කකුල් නැති මිනිස්සු ඉන්න තැනකට සපත්තු උනත් විකිනෙයි...

      Delete
  9. වෙසක් කූඩු වානිජ භාණ්ඩයක් වීම ගැන නම් මම විරුද්දයි.අපි පුංවි කාගේ තාත්තා අපි වටේ තියාගෙන කූඩු හදපු හැටි මට මතකයි.එතන ආදරය සහයෝගය විනෝදය දැණුම නිරිමාණශීලි බව හැම දේම තිබුනා.කොහෙන් වත් ගත්ත එකක් එල්ලුවට ඒ දේවල් ලැබෙනවද?අරමුණු හඹා යාම නිසා ඇතිවෙලා තියන අවිවේකයත් එක්ක මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සතුට නැතිවෙලා ගිහින්

    ReplyDelete
    Replies
    1. වාණිජ්‍ය භාණ්ඩයක් නොවුණු දෙයක් තියේ නම් කියන්නකෝ... අඩුම තරමේ පිරිත පවා වාණිජ්‍ය වෙලා නේද? අපේ පක්ෂ / විපක්ෂ බවෙන් වැඩක් නැහැ, ඒ විදියට තමයි සිද්ද වෙන්නේ.

      මටත් තියෙන්නේ එහෙම කූඩු අතීතයක්. අදටත් මම ගෙදර තනියෙම හරි කූඩු හදනවා. එය විඳිනවා. කූඩු කඩෙන් ගේන අයට අනුකම්පා කරනවා. එහෙම ගෙනත් ගේ ඇතුලේ එල්ලලා හරි ඉටිකොලේකින් වහලා හරි පත්තු කරන අයටත් මම අනුකම්පා කරනවා. මම නම් හදන කූඩු තෙමෙන්න අරිනවා. එය මට යමක් කියලා දෙනවා.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...