Monday, March 9, 2015

159. වර - කා (02)

මුල්  වර-කා කෑම

ඔහොම මාව ජිම් එකෙන් දොට්ට දැම්මට පස්සේ...

පස්සේ ඉතින් මක්කා කරන්නද...? වෙන කරන්න දෙයක් නැති වෙලාවට ඉතින් මම පාඩම් කළා. ඇත්තම කිව්වොත් මට ලැබුන කාලෙන් වැඩි කාලයක් වැය කලේ මගේ නවකතා ලියවිල්ලට. ඒ දවස්වල මට පට්ට ඉන්ටරෙස්ටින් සත්‍ය කතාවක් ලැබුනා ලියන්න කියලා. ඉතින් මම එකසියා ගානට ඕක ලිව්වා. දවසකට පිටු 10-15 පවා ලිව්වා. ( දැන් අහන්න එපා පොතේ පිටු කීයක් තිබ්බද කියල.. එව්වා මට මතක නැහැ)

ඔහොම ඔහොම ඉතින් කාලය ගෙවුනා.

මට පොඩි පහේ ලෙඩක් තියෙනවා. පොඩි කිව්වට ඕක හරිම සුට්ටන් ලෙඩක්. එකම වැඩේ ලෙඩේ සුට්ටන් උනාට අතුරු ප්‍රථිපල සුට්ටන් නොවීම. ඔය ලෙඩේ නිසා තමයි මම එක පාරක් ලියපු අර පරණ ඉස්කෝලේ මිස් වෙලා වෙච්ච සන්තැසිය සිද්ද උනේ.

ලෙඩේ මොකද්ද දන්නවද? ඒ තමයි මහා විනැම්බෑසියක් වෙලා තියෙද්දී මුකුත්ම නොදැනී ඉඳල, හිටපු ගමන් කොළ බොක්කටම එකවරම වෙලා තියෙන සන්තැසිය දැනෙන්නට පටන් ගැනිල්ල.


කොටින්ම කිව්වොත් මාස ගානකට කලින් exam භීතිකාවෙන් කොර වෙලා අනිත් එවුන් දඟලනකොට මට ගානක් නැතුව ඉඳල, එකපාරටම විභාගෙට සතියක් විතර හෝ පැය ගානක් තියෙද්දී හෝ එකවරම සුනාමියේ දෙවන රළ ප්‍රහාරය වගේ දැනෙන එක!

කිව්වත් වගේ මට ඕක මේ පාර දැනුනේ හරියටම..... හරියටම කිව්වොත්......

ඇඩ්මිෂන් ගන්නකොට? අපෝ නෑ....... ඒවාට තව කල් තියෙනවා

ක්ලාසස් වල අන්තිම දවසේ - නෑ නෑ

සතියකට කලින් - හ්ම්ම්... මේ පාර නම් එහෙම උනේ නැහැ..

හරියටම උනේ.... - පළවෙනි පේපර් එක තියෙන දවසට කලින් දවසේ රෑ !!



ඔන්න දැන් ගෙදර කට්ටිය කෑම බීම ඉවර වෙලා සුව නින්දට ගියා.. මම?

මොන නින්දක්ද... මගේ දැන් බඩ දනවා... 'අඩේ මම හෙට මක්කා ලියන්නද?'

ඔන්න සාලේ එක කොනක ඉඳන් තව කොනකට වලිගෙ රබර් බෑන්ඩ් එකක් තදකරපු පුසෙක් වගේ දුවනවා. ආයෙමත් මේ පැත්තට දුවන් එනවා.

ගෙනාව පහුවදා තියෙන සබ්ජෙක්ට් එකේ පොත් ටික සාලේ මේසෙට. ගෙනල්ල දැම්ම.. අම්මේ තඩි පොත් ගොඩක්. ඇයි හත්වලාමේ අවුරුදු 2ක් ඉගෙන ගත්ත සබ්බ සකල මනාවම හෙට කොහොමහරි ලියන්න එපෑ.. ඊටත් උන් අහන ඒවා විතරක්ම එපෑ ලියන්න.. මට ඕනේ එව්වා ලියල එන්න තියෙනවා නම් මක් වෙනවද?

ගියා පැන්ට්‍රියට වතුර ටිකක් බොන්න. වතුර බොනකොට වරකා සුවඳක් මගේ නහය විදගෙන ගියා... ඉව කරලා බැලුව..



මේ තියෙන්නේ වරකා !! 

ලොකු ප්ලාස්ටික් බේසමකින් එකක්... හය්යෝ.. වරකා නෙවෙයිනේ... වරකා ඇට !! හා... හා... අහු උනා හොරා.... ඇරියා අයිස් පෙට්ටිය.

මේ තියෙන්නේ ඒකෙ ඇතුලේ අලි බේසමක් පුරෝලා රෝස වරකා!!!

ගත්තා බේසම එළියට.

හුහ්.. මගෙන් හංගන්න වරකා! හිතුවා මදි...

ගෙනිහිල්ලා වාඩිඋනා සාලේ සෝෆා එකේ පොත් ගොන්න පේන ඉස්සරහින්.

'හම්මේ... දැන් මොනවා ලියන්නද' ( වරකා මදුළු මිටියක් කටට)

'පැය කීයක්ද කිව්වේ? ප්‍රශ්න හැටක් නේද?' ( වරකා මදුළු මිටියක් කටට)

'ගිය පාර අමාරුයි කිව්වනේ... ඒ හින්ද මේපාර ලේසි කරයි' ( වරකා මදුළු මිටියක් කටට)

'පලවෙනි පාර ලියන අයට සහනයක් දෙනවා ඇති නෙහ් ' ( වරකා මදුළු මිටියක් කටට)

"චුටිදුව.......... මොකද සාලේ ලයිට් දාලා.....?"

අම්මා කාමරේ ඉඳන් ඇහුව. උඩ ගිහින් බිම නෙවෙයි ආයෙත් පුටුව උඩට වැටුනා. අම්මා එයිද සාලෙට?

"පාඩම් කරනවා......" කන් දෙක උඩට ඉස්සුනා හාවෙක්ගේ වගේ...

"රෑ නොවී නිදියන්න...."

"හා........." ( වරකා මදුළු මිටියක් කටට)

ඒ කියන හැටියට සාලෙට එන එකක් නැහැ. ( වරකා මදුළු මිටියක් කටට)




'මම ඉතින් එහෙමටවත් පවක් කරන කෙනෙක් නෙවෙයිනේ...' ( වරකා මදුළු මිටියක් කටට)

'ඔව් ඉතින් පොඩි පොඩි බොරු කියල තියෙනවා.... ඒ උනාට සාපේක්ෂව එහෙම පව් කරලා නැහැනේ' ( වරකා මදුළු මිටියක් කටට)

'ඉතින් දෙවියන්ට සාධාරණ යුතුකමක් තියෙනවා මට විභාගේ ලේසි කරවන්ට' ( වරකා මදුළු මිටියක් කටට)

'ආ.. මම දහම් පාසල් ගියා.... ඉතින් දෙවියන්ට අනිවාර්යෙන් යුතුකමක් තියෙනවාමයි....' ( වරකා මදුළු මිටියක් කටට)

අත දානකොට දැන් මදුළු අහුවෙන්නෙත් නැහැ. අවසන් කොටස වගේ යන්නේ.

නැගිටලා ගියා බුදුන් වඳින තැනට. ගිහිල්ල බැලුව බුදුපිලිමේ දිහාවේ. මගේ භීතිකාව ගැන මෙලෝ වගක් නැතුව බුදුහාමුදුරුවෝ සුපුරුදු සාන්ත බැල්මෙන් බලාගෙන ඉන්නවා.

එකපාරටම හතර ගාතේ දාල බිම දිගා උනා. පසඟ පිහිටුවලා වැන්දා

'අනේ බුදුහාමුදුරුවනේ... මාව පාස් කරලා දෙන්න... ආයේ නම් මහන්සි වෙනවා... ප්‍රොමිස් කියන්නේ...'

බුදුහාමුදුරුවෝ හා කියනකල් වගේ ඔහොම්මම විනාඩි දහයක් විතර වැඳගෙන ඉන්නකොට යන්තම් නිදිමතක් ආව. නැගිටලා ගිහිල්ල බලනකොට වෙලාව 1යි. ඉතුරු වෙලා තිබ්බ වරකා මදුළු ටිකත් කටේ ඔබාගෙන යන්තම් දත් මැදලා නිදාගන්න ගියා..

නින්දගියාද කියල හරියට මතක නැහැ.... කොහොමහරි දැන් මම උදේ නැගිටලා ඉබ්බෙක් වගේ ලෑස්ති වෙලා ඔන්න වෙලාවට exam එකට ගියා...

පේපර් එක තිබ්බේ මට මතක විදියට 9.30 ට හරි 10 ට හරි.

මම උදෙන්ම කෑම කන කෙනෙක් නෙවෙයි. කොහොමහරි උදේ තේ එක බිලා ගියා මිසක් මම උදේට එදා කාල ගියෙත් නැහැ. වෙලාවට කලින් ගිහින් තිබ්බ නිසා මම ඔහේ වැනි වැනි හිටියා. මගේ යාළුවො මගෑරලා මම එහාට මෙහාට වේවි හිටියා.


මම සාමාන්‍යයෙන් exam එකක් ලියන්න කලින් එහෙම තමයි. පාඩුවේ ඉන්න ඕනේ මට කිසි දෙයක් ඔලුවට දාගන්නේ නැතුව. කිසි කෙනෙක් විභාගෙට කලින් කියන කිසි දෙයක් මම ඔළුවට ගන්නේ නැහැ, ගන්න උත්සහ කරන්නෙත් නැහැ ( කලින් එහෙම කරලත් නැති එකේ හදිස්සියේ මොනවා අලවා ගන්නද නේද?)

මම හිටියේ ටක්ෂොප් එක අද්දර කොටසේ. එකපාරටම මට හිතුනා නිදිමත යන්නත් එක්කලා මොනවා හරි හපන්න ගන්න ඕනේ කියල... ගිහිල්ල ගත්ත සියඹලා ටොෆියක්. එකක් මදිවට දෙක තුනක්ම ගත්ත. එකක් කලා කටේ දාගෙන අනික්වා සාක්කුවේ දාගත්ත මතු ප්‍රයෝජනයට කියල.



ඔන්න විභාගේ පටන් ගන්න හදන්නේ. අපි ඉතින් හරක් ටික වගේ පන්ති ඇතුලට ගාල් උනා... සියඹලා ටොෆිය කකා මම දැන් දෙය්යෝ මගේ පේපරේ ලියන බව හිතමින් ආතල් එකේ හිටියා.. ප්‍රශ්න පත්තරේ බෙදුවා. ඔන්න දැන් අපි කුළු හරක් ටික අං තට්ටු පාත්කරගෙන ඉන්නවා වගේ පේපර් එකට එබීගෙන උත්තර ලියනවා.

'බොර.. බොර බොර...'

මොකද්ද බොලේ සද්දයක් ආවේ? මම වටපිට බැලුව... ආයෙත් උත්තර ලියනවා.

'බොර.. බොර බොර... බුර් '

අප්පටසිරි... මගේ බඩ නේද බොලේ පෙරලි කරන්නේ?

ඔන්න දැන් ටික ටික තොප්පිගල සිට ඉතා වේගයෙන් හමුදා ඛණ්ඩය ඉදිරි ආරක්ෂක වළලු පුළුල් කරමින් ඉදිරියට ඇදෙනවා..... බඩ ඇතුලේ මෝටාර් සහ බර අවි ඔක්කොම යොදලා පටන් ගත්තේ නැද්ද බොලේ ප්‍රහාරය!!!

මම පුටුවේ එහෙට මෙහෙට ඇඹරුනා හරියට නාමල්ගෙන් නිල්බලකාය ගැන ප්‍රශ්න කරහම වගේ. දැන් මගේ කන් දෙකින් එලියට දුන් සහ දුම් රොඩු පිටවෙනවා වගේ. පේපර් එකත් බොඳවෙලා වගේ පේන්නේ..

අමාරුවෙන් මම අතක් උස්ස ගත්ත. ඔන්න එතකොට අපි අඳුනන්නේ නැති ටීචර් නොනෙක් මට ෆුල්ස් කැප් උස්සගෙන දුවගෙන ආව. මම කිව්වා මගේ සිද්ධිය ඇඹරි ඇඹරි.

"හා එහෙනම් යන්න"

මම ඉතින් අර මිටින් හැරපු මොකද්දෝ එකා වගේ නෙවෙයි පෙට්‍රල් ගහපු පුසා වගේ දිව්වා එළියට.

ඇත්තටම කියන්න, අපේ ඉස්කෝලේ ටොයිලට් තිබ්බේ තව බිල්ඩින් එකක තට්ටු දෙකක් නැගලා යනකොට ලැබෙන මිදුලේ කොනේ... වෙලාවට මම ඔය පාරේ ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කරනකොට දුවල තියෙන හින්ද දිව්වා කියන්නේ පන කඩාගෙන දිව්වා... කොටින්ම පඩි නැග්ගේ පඩියක් ඇර පඩියක්..... පඩි ටික නැගලා ඉවර වෙනකොට මට දැනුනා කවුදෝ මගේ පස්සෙන් පන්නනවා කියලා.

වෙලාවේ හැටියට ඔව්වා බලන්න වෙලාවක් නැහැ... මම දිව්වා කියන්නේ පන එපා කියල දුවලා අහුවෙච්ච පළවෙනිම කියුබිකල් එකට රිංගුවා......

කියල වැඩක් නැහැ..... ඔන්න මගේ වරකා සහ සියඹලා හමුව!

වැඩේ ඉවර වෙනකල් මම සින්දුවක් එහෙම කියාගෙන හිටියේ හය්යෙන්, මොකද මම දැන් දන්නවා බල්ලෙක්වත් නැහැ කියල මේ වෙලාවට ටොයිලට් එකේ. ඒ අතරේ

'චෙක් විතරක් වරකා... අපරාදේ වරකා ටික....'

කියා කියාත් මම මිමිනුවා මට මතකයි.

වැඩේ ඉවර වෙච්ච ගමන් මම නිවන් ගියා වගේ සහනයකින් දොර ඇරගෙන එළියට එනකොට....

හත්වලාමයි.... මෙන්න මම ෆුල්ස්කැප් දෙන්න දුවන් ආපු අර ටීචර් ඉන්නවා දොර ගාව හිටගෙන දාඩිය පිහදාමින් !!!

පාරක් තොටක්වත් නොදන්නා ඉස්කෝලෙක , සාරියකුත් පටලවාගෙන මගේ පස්සෙන් පන්නගෙන එන්න ඇත්තේ මෙයා වෙන්න ඇති එහෙනම්.... මගේ ලයාන්විත ගායනය අහගෙන ඉන්නත් ඇත්තේ එයාමයි.....

නම්බුවක් කියා දෙයක් ඇතිනම්.... එය කොයි වගේදැයි පවසනු!




ප.ලි. 

1. දෙය්යන් විසින් මගේ ආයාචනය/ඉල්ලීම/යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට ඇත්තේ මම පලතුරු අල්ලසක් නොදුන් නිසා විය හැකිය.  ඉතාම කුජීතය. මට B එකකින් සැනසෙන්නට සිදුවිය.
2. මට මේ විපතින් නැතිවුණු කාලය ලබා නොදුන්නේ මගේ නොසන්ඩාල සින්දු කිවිල්ලදැයි සැකයක් හටගත්තද... කාගෙන් අහන්නද?

38 comments:

  1. මේ ඇත්ත කියහන්..., උබට පිස්සු නේ...???

    ReplyDelete
    Replies
    1. (වටපිට බලමින්....)

      මේ.. ඇත්තද? ඔයාටත් මෙහෙම උනා? නෑ නෑ කියන්නෑ කාටවත්ම කියන්නෑ

      (හය්යෙන්...)
      නෑ අනේ... වැඩිය නෑ

      Delete
  2. ඉතින් ඔය සිද්දිය වෙන්න එපැයි මොකද ""කොහොමහරි උදේ තේ එක බිලා ගියා මිසක් මම උදේට එදා කාල ගියෙත් නැහැ."" කියල තිබ්බේ.. අහවල් වැඩේ කරල නැතුවනේ ගිහින් තියෙන්නෙ..

    ටීචර් බලන්න ඇති පේපර් එක ඉස්සුවා තමයි කියල, සාරියත් වලාපොට ගහගෙන පස්සෙන් දුවන් එන්න ඇති.. පස්සේ ඉතින් බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක්ක සින්දුව ඇහෙද්දී තරහ නිවිලා යන්න ඇති.. හික්ස්..


    ReplyDelete
    Replies
    1. මුල් කොටසට උත්තර නොබඳිමි.

      නෑ . මම දන්නා තරමින් ඔහොම විභාගේ මැද්දෙදි ටොයිලට් (හෝ වෙනත් අතවශ්‍ය වැඩකට) යනවා නම් කෙනෙක් එනවලු ඒ ළමයත් එක්ක යන්න. නැත්තම් හොර කරන්න ඉඩ තියෙන නිසා. ඒ උනාට හරි ලැජ්ජාව මගේ සුගායනය අහගෙන වෙන කෙනෙක් හිටියා දැක්කම.

      Delete
    2. අවුලක් නැ... සැගවුණු කුසලතා එලි දක්වන්නත් එපැයි..

      උපෙක්ෂගේ සුගායනය අහන් ඉදල ටීටර් කිව්වලු "ළමයෝ ඉක්මනට එන්න සින්දුව අහල මගෙත් බඩ රිදෙනවා .මටත් යන්න ඕනේ " කියල .

      Delete
    3. ඇත්තම කියනවා නම් මට නම් හිතුනේ මෙහෙම හිතනවා ඇති කියලා

      "අම්මප මෙහෙම කරුමයක්. ගන්දස්සාරේ මදිවට කනක් ඇහිලා ඉන්නත් නැහැ... " :-D

      Delete
    4. හිකිස් .. ඔය කියල තියෙන්නෙ ඇත්තම .. :D :D

      Delete
  3. අඩෝ එක හුස්මට කියෙවුවා.. හිනා බන්
    මාත් ඔහොමමයි එක්සෑම් කිට්ටු වෙද්දී... දැනුත් බ්ලොග් එකේ මොනාහරි ලියන්න ආවත් රෑ 11 ටත් ෆ්‍රිජ් එක ඇරලා මොනාහරි කාලා, තියෙන සේරම අවුස්සලා චුට්ටක් නින්දකුත් දාලා තමයි පටන් ගන්නේ,, ගෙදර පෙට්ටියක තියෙන මගේ කෙමෙස්ට්‍රි පොත් වල මොනාද තියෙන්නේ කියලා මං තාමත් දන්නේ නෑ,, :D

    ReplyDelete
    Replies
    1. ඔමා...
      මම කොහොමත් පන්තිකාමරයේ ඉගෙන ගන්න දෙයක් තමයි වැඩිපුරම යොදාගන්නේ. නමුත් කැම්පස් ගියාට පස්සේ Assignments වලට ඒ සෙල්ලම් දාන්න බැරි උනා. පොඩ්ඩක් ඒ හින්ද වෙනස් උනා. නමුත් විභාග භීතිකාව දැනෙන්නේ අවසන් තප්පරේ තාමත්.

      කෙමෙස්ට්‍රි.... මම ආස විෂයක්. කැම්පස් එනකල් ඉගෙනගත්ත දේවල් මට තාමත් මතකයි. මොකද මම කටපාඩම් කලේ නැති තරම්.

      Delete
  4. හික්... පෙරේත කමට කෑවට වරකා ඔහොම කනව නං කන්න ඕනෙ ඊළඟ දවසෙ ගෙදර ඉන්න බලාගෙන.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියන්න කෞෂි මට අදටත් ගෙඩියක්ම උනත් තනියෙන් කන්න පුළුවන්...
      බෑ කිව්වා ?? දීල බලන්න!
      එකම වැඩේ උනේ සියඹලා ටොෆි එක කාපු එක මම හිතන්නේ. ගෙදර ගිහිල්ල සිමින්ති හොරෙන් කාපු බල්ලෙක් වගේ කට ලොක් කරන් හිටියා. මොකද වෙච්ච දේ කියන්න කියලාද?

      Delete
  5. මට මේ බ්ලොග් එක හම්බ උනේ දවස් දෙක තුනකට කලින් අහම්බෙන්. එකක් දෙකක් කියෙව්ව. ඒ කියවපු පෝස්ට් වල ලියල තියන කතාවට වඩා හිතන්න යමක් තිබුනා. ඒක හින්දා ඔක්කොම කියවන්න හිතුනා. වැදගත් කමින් වැඩි දේට ප්‍රමුඛත්වය දෙන්න ඕනැ හින්දා රස්සාවෙ වැඩ නවත්තල මේක අග ඉදන් මුලට කියෙවුවා. හෑ.....මේක ලියන්නෙත්...මං වගෙම PM කෙනෙක් නෙ.........මං වගෙම කිවුවෙ රස්සාවෙන් විතරයි

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ.... මේ... කිව්වට තරහ අවසර... කටේ කෙල බින්දුවක් හෙම හෙලන්ට එපා හරිද මේ ගැන?? මගේ රස්සාව කොහෙන්ද බොලේ හොයාගත්තේ?? හත්වලාමයි!! බුදු ඇනෝ කාටවත් හෙම කියනවා නෙවෙයි ඔන්න!

      කරන්න තියෙන්නේ කියෝලා, ඕනේ නම් කොමෙන්ටුවකුත් කොටලා යන එකයි. ඔන්න ආයෙමත් කියන්නේ.... කාටවත් ගිනිගෙඩියක් හෙම දෙනවා නෙවෙයි ඔන්න! මෙව්වා කියෝලා නැත්තම් මගේ නම්බුකාර පෙනුම හෝදලා යයි!

      Delete
  6. මම හිතුවේ උඹට රෑම ටොයිලටි එකේ පදිංචි වෙන්න වෙයි කියලා.

    ඕකට අපි අලුත් ප්‍රස්ථාපිරුලක් හදමුකෝ.

    අප්ලෝඩ් කල හැමදේ ඩවුන්ලෝඩ් කල යුතුය.

    ReplyDelete
    Replies
    1. රෑ කොහෙද අනේ.. නිදාගත්තේ 1 පහු වෙලානේ.. මෙව්වා හොඳ තෙම්පරාදු බඩවල් හරිද? ඕනේ මල ජරාවක් උනත් කිසි අව්ලක් නැතුවම බබා වගේ බාරගන්නවා. නැත්තම් ඉතින් කැම්පස් ගිහින් කාපුවට ඔරොත්තු දෙන්නේ කොහොමද?

      ප්‍රස්තාපිරුලක් නේද?

      රට්ටු මොනවා නොකියයිද?

      Delete
  7. අපේ කෙල්ලටත් ඕක වෙනව දවසක ශුවර් එකටම.. වරක කිව්වොත් ආයි නෑ ඉතින් පන ඇරල.. මොකුත් කියන්නත් බෑ අප්පච්චි වගේනෙ හිටං..

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන්නේ මෙව්වා පාඩම් කියලද? අනේ මොන පිස්සුද...
      ඊට පස්සේ දවසකත් මමම උස්සන් ආපු තඩි වරකයක් එක එක කොටස් එක එක විදියට රස ගන්වලා ( ලුණු දමා, ලුණු + ගම්මිරිස් දමා , නිකන්ම, දෙහි දමා ආදී වශයෙන්) කෑවා තනියෙන් තියාගෙන.

      Delete
  8. පරණ පොස්ට් ටිකත් එක්කම කියෙව්වා. මටත් විභාගේ ලං වෙනකොට තමයි ඔක්කොම කරන්න පටන ගන්න ඕනේ කියලා හිතෙන්නේ. හිතෙනවා විතරයි පටන් ගන්නේ විභාගේ දවසට කලින් දවසේ. හි..හි...

    සියඹලා ටොෆි කියනකොටම මට ඉතුරු ටික හිතුනා. හ්ම්.... පලතුරු අල්ලසක් නොදීමේ පාපය තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ මගේ විභාගේ ගොඩදාල දුන්නේ නැහැනේ... චෙප් විතරක්... ඒ දවස්වල ඔය රාජකීය උදවිය උන්නේ වත් නැහැනේ නැකතක් බලව ගන්න විභාගේ ලියන්න යන්නත්.

      කැම්පස් නම් ඉතින් විභාගයක් නැතුවත් ඉන්නේ විභාග මුඩ් එකේ... කොයි වෙලෙත් මොනවා හරි සබ්මිෂන්.

      Delete
  9. //ඇත්තටම කියන්න, අපේ ඉස්කෝලේ ටොයිලට් තිබ්බේ තව බිල්ඩින් එකක තට්ටු දෙකක් නැගලා යනකොට ලැබෙන මිදුලේ කොනේ...//
    පුදුමයි මේ දුර ගියා කිව්වම!

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද.. ඒ වෙලාවේ නම් මාවනැල්ලේ තියෙනවා කිව්වත් දුවනවා...

      Delete
    2. අන්න උඹ ඒක නොතේරුණ පාට් එකක් දැම්මා. රාජ් කිව්වේ ඔච්චර දුර යනකල් ඉවසං ඉන්න ඇත්තටම පුලුවන් වුනාද, නැතිනම් ඇත්තෙන්ම ඒ වෙනකොටත් පරක්කු වැඩියිද කියන එක. :D

      Delete
    3. හි... හි...

      නැත නැත.. ප්‍රමාද වුයේ නැත... වෙලාවට දුවගතිමි. ඔය පඩිපෙල් දිගේ දවස ගානේ දිවෙව්වා කෝච්.. ඒ පිනෙන් ගොඩ ගියා. මට මතකයි සිරිපාදේ නගින ගමන් සහ නැගලා ඉවර වෙලා කිසි අවුලක් නැතුව ආවම ක්‍රෙඩිට් එක සම්පුර්නෙන් යන්න ඕනේ අපේ ඒ යක්ෂ කෝච් කාරයට... ඒ දවස්වල යකඩ දුන්නත් හපන සයිස් ෆිට්නස්

      Delete
    4. කොයි එකටත් මිට පස්සේ කියන දෙයක් පරිස්සමින් කියන්න ඕනේ .. අපි නම් ඉතින් මල් වගේ ළමයි නේ ...

      Delete
    5. පැතුම්: මල් වගේ කිව්වේ? ගල් මල්? කෙහෙල් මල්?
      රාජ්: මොකද?

      Delete
  10. වර-කා කිව්වම මම හිතුවේ ඉස්කෝලෙදි බෙදා හදාගෙන බත් කාපු සීන් එකක් වත් වෙන්න ඇති කියල ..... මේක තනිකරම බදාගෙන කෑමක් නේ

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ කාපු බීපු හැටි දන්නවා නම් අම්මලා පිළිවෙලකට බත් ඔතලා දෙන්නෙත් නැහැ අපිට. එහෙම දන්නවා නම් ෂොපින් බෑග් එකකට ඔක්කොම දාල දෙයි ඉඳා කියල... ඔයා ඉස්කෝලෙදි බෙදාගෙන කෑවද ? හරි පුදුමයිනේ..... මම නම් කපුටු කෑම පටන් ගත්තේ 8 වසරේදී. කන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ. අන්තිමයි. කැම්පස් එකේදී නම් පොඩ්ඩක් විතර වැදගත්. එහෙමයි කියල අත හෝදලා කන්නේ හරිම අඩුවෙන්... චෙක් විතරක් ඌරු ගතිය නේද?

      Delete
    2. හෙහ් හෙහ් මම බත් එක ගේනකම් ඉස්සර කට්ටිය කට ඇරන් බලන් ඉන්නේ .. බිත්තරේ පරිස්සම් කරගන්න එක තමයි ලොකුම අවුල .... මම හිතන්නේ ඉස්කෝලේදී කවදාවත් බිත්තර කැල්ලක් මාළු කැල්ලක් නම් කන්න චාන්ස් එකක් ලැබිලම නෑ ... බතුත් උපරිම කටයි දෙකයි .. :D

      මේ කතාවෙන් මම තේරුම් ගත්ත වැදගත් ම පොයින්ට් එකක් තමයි සියඹලා ටොපි වල ඇත්තටම සියඹලා ඇති කියන එක ... :)

      Delete
    3. අපේ ගෙදර ඉස්සර ඉඳන්ම හදන්නේ සම බර ආහාර වේල්... අපිට ඒවගේ අගයක් නැහැ. කොයි වෙලෙත් ජරාවක් කන්න බලන් ඉන්නේ. ක්ෂණික කෑම කෑවෙම නැති තරම්. අපේ අම්මි හරි සැලකිලිමත් පෝෂණය ගැන. ඌරු අපි ගැන පව් අනේ එයාල දන්නේ නැහැ...

      ඔව් පැතුම්. මමත් හිතන්නේ එහෙම තමයි. ඒ වගේමයි මම හිතන්නේ දිවුල් වලින් හදන අනෙකුත් ජාති ( ඩ්‍රින්ක්ස් / ජෑම් ) ආදියටත් වෙනත් ආදේශකයක් යොදන්න බැහැ 'ලු' කියලා අපේ අම්මා කියලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපේ ගෙදරට ගෙනාවා නම් ගේන්නේ දිවුල් ෆ්ලෙවර් එක.

      අනිත් එක, අපේ ගෙදර එක පාරක් අම්මි වට්ටක්කා වලින් ජෑම් හැදුවා, රස, පෙනුම, සුවඳ ඔක්කොම අන්නාසි වගේමයි. අපි හදපු නිසා දන්නවා මිසක් හොයන්නම බැහැ.

      Delete
  11. අන්තිම හරිය කියවනකොට මගෙත් බඩ ගොර ගොර ගානවා වගේ දැනුනා.දවසක් ටවුන් එකක ඔහොම හදිසි කටයුත්තක් නිම වෙලා දාඩිය පෙරාගෙන එලියට එනකොටම දොර ලඟ හිටපු අංකල් අහනවා..
    'කලන්තෙ වගේද පුතා??' කියලා..

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බගේ පලවෙනි කොමෙන්ටුවද කොහේදෝ... වෙල්කම් වෙල්කම්!!

      දොර ගාව අංකල් මක් කරනවද? මතක් උනා කතාවක් මේක කියෝනකොට.... පස්සේ ලියන්නම්කො

      Delete
  12. Replies
    1. කියද්දී එසේ උවත්.... සිද්ද උන දාට තමයි ආතලේ තේරෙන්නේ...

      Delete
  13. හා හා හා!!
    මට බෑ ඕයී..ඒකත් මෙච්චර ටොෆි තියෙන රටේ බොට සියඹලා ටොෆිම කන්න හිතුන එකනේ වැඩේ..!
    මම නම් වරකා කන්න එච්චරටම විශේෂ කැමැත්තක් නෑ..දුන්නොත් නොකා ඉන්නෙත් නෑ ඉතින් ;)
    ඔය විභාගවලදි බඩ බුරු බුරු ගායි කියලා බයට මම නම් එදා උදේට කන්නේ නෑ මොනාවත්..කියන්න බෑ නේ බං ඉගෙනගත්තුවා බඩෙත් පුරවං ඉන්න වෙලාවේ..ඔහොම ටැප් එක ඇරුණොත් කාට කියන්නද! :D :D

    ReplyDelete
    Replies
    1. මම සියඹලා කිව්වොත් ගහට බඩගාලා උනත් කනවා. මාර ආසයි. මගේම කරුමෙකට තමයි ටක්ෂොප් එකෙන් මුකුත් නොකන මට ඔය අදහස පහල උනේ. එක්කෝ දෙය්යෝ ගේමක් දෙන්න හිතලම කරාද දන්නෙත් නැහැ.

      ඇත්තම කියන්න මට විභාග භීතිකාව වැඩිපුර දැනෙන කෙනෙක් නෙවෙයි. ඉඳල හිටලා එකපාරටම දැනුනොත් මට හිටගෙන උනත් නින්ද යනවා. ඒ කියන්නේ විභාගේ ලං උනහම මම වැටෙන වැටෙන තැන නිදි. ස්ට්‍රෙස් එක ඒ විදියට තමයි යන්නේ.. හි.. හි..

      Delete
  14. අර පරීක්ෂක වරියට ඉතින් සංසාරේ එපා වෙන්න ඇති සිංදුව අහන් ඉදලම.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැත... මට ඒ සබ්ජෙක්ට් එකට B ලැබුනේ ඒ හින්දම වෙන්න ඇති... අය්යෝ පව්..ඌ.. ඌ ඌ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...