අද ඉඳන්, මේ මොහොතේ ඉඳන් සිරා වෙනවා ( නෑ නෑ .. ඒ සිරා නෙවෙයි... නෑ නෑ .. අර සිරාත් නෙවෙයි... සීරියස් සිරා ඕයි ) කියල හිතල හුස්මක් ගන්න ලැබුනේ නැහැ.
මට හම්බුනා නේ වරකා ගෙඩියක්...
ගෙඩියක් කිව්වට ගෙඩියක්ම නෙවෙයි, ගෙඩියකින් පොඩි පංගුවක්. පොඩි කිව්වට කෑල්ලක්. කෑල්ලක් කිව්වට ගෙඩියක් දෙකට කපලා එක කෑල්ලක්. අර්ධයක්? නෑ ... නෑ .... අර්ධයක් වෙන්නේ කොහොමද... ඕක දෙකට කපනකොට මමමනේ එක පැත්තක් වැඩිපුර ලොකු වෙන්න කියල කප්පවාගෙන අමතකවිල්ලකින් වගේ අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල ඉක්මනට කොලේකින් ඔතෝගෙන ගෙදර උස්සන් ආවේ! ඉතින් ඕකට අර්ධයක් කියන්න මට පිස්සුය?
හා... දැන් කියන්න එපා මම දෙකට කපන්න දන්නේ නැහැ අරකය මේකය කියල... මොකද මම නොදන්නේ! වරකා දෙකට කපනකොට ඔහොම වෙනවා කොහොමත්. කොහොල්ලා ගතිය වැඩි නිසා කොහොමත් එක බාගයක් පොඩියට කැපෙන්නේ. ඊටත් වඩා ඕකේ තියෙන කටු කටු ගතිය නිසා කොහොම කැපුවත් කෑලි දෙකම එක ගානට පේන්නේ. ඒ උනත් මට පුළුවන් තක්කෙටම අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල කිසි ගේමක් නැතුව අඳුන ගන්නත්, මොන වැඩ රාජකාරි තිබ්බත් ඔය වරකා ගෙඩිය පරිස්සමට ගෙදර ගේන්නත්. මම කොහොමත් කිසි කරදරයක් නැති ළමයෙක්.. අනේ ඔව්... වරකා සම්බන්දයෙන් මම කිව්වේ..
මේ පාර ලැබුන වරකා ගෙඩිය.... ඒ කියන්නේ ගිය පාර වරකා ගෙඩියකුත් තියෙනවා. ආ... ගිය පාර විතරක්ද? ඊට කලින් පාරත් වරකා ගෙඩි කතාවක් තියෙනවා... නෑ නෑ ඒ හැම පාරවල්වලම වරකා කතා කියන්න මට පිස්සුද?
ඔය වරකා කතා අතරින්, අමතකම නොවෙන වරකා කතාවක් තියෙනවා. ඕක ඉතින් අමතකම නොවෙන්නේ මට මිසක්කා කාටද? මොකද මම මේ කියනකල් මෙලෝ යකෙක් ඔය කතාවේ අග මුල දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ මම කිව්වෙත් නැහැ. කියල කොහොමද? ඉතින් දැන් කියන්නේ? දැන් ඉතින් කියන්නේ මත්තට එහෙම නොවෙයි කියල කියන්න නෙවෙයි. අර disclaimer එකද මක්කද කියන්නේ... අන්න ඒකට! මෙව්වා කියෙව්වට කමක් නැහැ... අර මගේ ඉරනම්කාරයා එහෙම හම්බුනොත් කනේ එහෙම තියනවා නෙවෙයි හරිද?
මම ඔන්න නමෝ විත්තියෙන් මගේ උසස්පෙළ කරන කාලේ.
උසස්පෙළ කියල එකක් මට ඉස්සර මතක් වෙන්නේ අර ගංවතුර කාලෙට විතරක් තමුන් ඉන්නේ පැල්පත් වල කියලා මතක්වෙන උන්ට වගේ තමයි. ගංවතුර එනකල් ඩයලොග් ටීවී හිටන් බල බල චුන් එකේ ඉඳල වතුර ගේ ඇතුලට එනකල් ක්‍රිකට් බල බල ඉඳල කරන්ට් නැති උනාම මතක් වෙනවා නේ අර ඇළ උතුරලා නේද , දැන්වත් යන්න ඕනේ නේද කියල... අන්න ඒ වගේ වාර විභාගේ ලංවෙනකල් වැඩි පැය ගානක් පාසැල් ක්‍රීඩිකාවක් විදියට ජිම් ගානේ පැලපදියම් වෙලා හිටපු මම උසස්පෙළ ගොඩක් බරපතලේට පාඩම් කරපු එකියක් නෙවෙයි.
කොහොමත් මට පාඩම් කරන්න වෙලාවත් තිබ්බේ නැහැ. පාන්දර 5 ට ගෙදරින් යනවා, ඉස්කෝලේ ඉවර වෙලා හවස 6 වෙනකල් ඉස්කෝලේ අමතර වැඩවලටත්, ජිම් එකේ ප්‍රැක්ටිස් වලටත් ගෙවුනාම මම ගෙදර එන්නේ දෙන දෙයක් කාල ඇඳට පනින්න බලාගෙන. සමහර දවස්වලට මම ගෙදර ඇවිත් ඇඳුම මාරු කරලා නිදි. මොනම ක්‍රමෙකටවත් බැහැ ඇහැරවන්න.
මම ඉතින් ඩබල් බෙඩ් එකේ හරහට තමයි වැටිලා නිදාගන්නේ. මගෙත් එක්ක අපේ අම්මා තමයි ඉස්සර නිදාගත්තේ. ඉතින් දවස තිස්සේ අටෝරාෂියක් වැඩ කරලා ඉවර වෙලා නිදාගන්න එන අම්මට නිදාගන්න හැටියක් නැහැ මම ඇඳේ හරහට පොල් කොටේ දැම්මා වගේ. කන ළඟ බෙර ගැහුවත් මම නෙවේ නැගිටින්නේ. අපේ අක්ක තමයි මට වතුර ගහනවා, ඇඳෙන් බිමට ඇදලා දානවා, කනට හූ කියනවා වගේ සුන්දර ක්‍රම වලින් ඇහැරවන්න පැනලා ඉදිරිපත් වෙන්නේ.
හැබැයි මම කවදාවත් හිතලා ඉස්කෝලේ පීරියඩ් එකක් කට් කරලා නැහැ. උගන්නන වෙලාවේ අහගෙන ඉන්නවා. ඉස්කෝලේ ගෙදර වැඩ දෙන එව්වා කොහොමහරි කරනවා. අමතර පන්ති ගියෙත් අවමයෙන්. ඒවගෙත් එහෙමම තමයි. වෙලාවට යනවා, වෙලාවට එනවා. වැඩි බර තිබ්බේ මගේ ස්පෝර්ට්ස් වලට.
දැන් ඉතින් මගේ පාඩම් වැඩ, ස්පෝර්ට්ස් සහ නිදාගනිල්ල එක්ක කොහොමද වරකා සෙට් වෙන්නේ ඈ ?? ( ෂ්... කට කට)
ඔන්න ඉතින් මගේ උසස්පෙළ වලට බොහොම ලං උනා. ඒ වෙනකොට මගේ ටීම් එකේ සියලු දෙනා මට වඩා වැඩිමහල් අය හින්ද ඒ වෙනකොට ඉස්කෝලෙන් සමු අරන් හිටපු නිසා ආයෙත් මම අස්සයා මැරුණු ජොකියෙක් වගේ උනත් , මම තනිවම ඉදිරිපත් වෙන තරඟ වලට සහභාගී උනා. ඊට අමතරව මම ඒ වෙනකොට මගේ පාසලේ ක්‍රීඩා නායිකාවක්. ඉතින් මට ඒ වගකීම් තිබ්බ. දැන් ඔන්න විභාගෙට තව මාස දෙකයි. මම ඉතින් මගේ සුපුරුදු ජිවන රටාව ගත කරනවා. අපේ අම්මත් උපේක්ෂාවෙන් මගේ මේ හැසිරීම් ඉවසනවා. ආ ඔය අල්ල පනල්ලේ මම නවකතා ලියනවා. මෙලෝ වගක් නැහැ විභාගේ ගැන. මේ වෙනකොට මගේ ඉස්කෝලේ සගයෝ ඔක්කොම වගේ විභාග භීතිකාවෙන් තමුන් කරමින් හිටපු ස්පෝර්ට්ස් ආදියට කොමාවක්, තිතක් ආදිය තබමින් හිටියත් මට තාමත් ඒ වගක්වත් දැනුනේ නැහැ.
මම එකෝමත් එක දවසක පුරුදු පරිදි ජිම් එකට ප්‍රැක්ටිස් ගියා. හැමදාමත් වගේ ජිම් එකේ දොර වහල තියෙන නිසා මම වෙනදා වගේම දොර ඇරගෙන ඇතුලට ගියා. අපේ ඉස්කෝලේ ළමයි ප්‍රැක්ටිස් පටන් ගන්න ලෑස්ති වෙනවා.
මම ඇතුලට අඩියක් තියනකොටම මම දැක්කා ඈත ඉඳන් අපේ කෝච් මට අත උස්සලා මොකද්දෝ කියනවා... මම පොඩ්ඩක් නතර වෙලා බැලුවා. කෝච් පට්ට සැර නිසා ඒ සර්ට පිටින් වතුරවත් බොන්නේ නැහැ අපි කවුරුත්.
"OUT... OUT..."
මම කොර වෙලා කෝච් දිහා බලන් හිටියා. ඔන්න එතකොට සර් එනවා බස බස ගගා මම ඉන්න පැත්තට. පුසෙක්ට කොටුවෙච්ච ලේනෙක් වගේ මම දොර මුල්ලට පොඩ්ඩක් උනේ 'කමින් කලර් නොට් ගුඩ්' වගේ දැනුන නිසා...
"... කොහෙද මෙහෙ?"
මගේ ලඟට ආපු කෝච් අත්දෙක ඉනට තියාගෙන මගේ දිහා කරවෙලා යන බැල්මක් දාල ඇහුව.
"ස - ර්... අ - ද ප්‍රැ- ක්-ටි-ස්..... නැ-ද්-ද?"
අලෝගත්ත අහිංසක හිනාවත් දාල මම සීරුවෙන් උන්නත් පපුව දෙමොලේ පිටි කොටනවා.
"අදද? තියෙනවා... ඔයාට නැහැ... "
මම හොරෙන් සිමෙන්ති කාපු බල්ලෙක් වගේ බුකවන් හිටියා මිසක් මොකක් කියන්නද කියල හිතාගන්න බැරිඋනේ මම 'ළඟකදී' කිරිමේල් වැඩක් කෝච් ට අහුවෙන්න කරපු බවක් මතක නැති නිසයි. මොකද කිරිමේල් එකක් කරලා අහු උනොත් ආයේ නෑ සම්බුව ලැබෙනවා පලු යන්න...
මට දැන් මේ අපබ්‍රන්සේ තේරුනේ නැහැ. අපිට ප්‍රැක්ටිස් තියෙනවලු, මට නැතිලු. අඩේ මාව ඉස්කෝලෙන් අස්කරලද? පිස්සුවක් කියනවා... මේක දැන් මගේ අභිමානයට, භව් භව් අකණ්ඩතාවට එල්ල කරපු දැවැන්ත විදේශික කුමන්ත්‍රණයක්. ( සොලි ඈ.. ඒ දවස්වල ඒ ජාතියේ එව්වා වැඩිය තිබ්බේ නැහැ.. ඒ හින්ද ඒ ජාතියෙන් වෙන්න බැහැ )
මගේ දිහා ලොරි මුණක් දාගෙන බලාගෙන හිටපු කෝච්ට යන්තම් හිනාවකුත් ගියා. මම මේ විනම්බෑසිය දිහා බලන් හිටියේ කොත්තමල්ලි කාල ලම්බෝගිනියකට හැප්පුන එකෙක් වගේ කන් දෙක පාත් කරගෙන.
"... කවද්ද දැන් exam ?"
මම දැන් කල්පනා කළා වාර විභාගෙත් ඉවරයි. මොකක් ගැනද මේ කියන්නේ?
".... ම.. ම..."
"උපේක්ෂා..... තව මාස දෙකයි නේද A /L වලට?... "
කෝච්ට තේරෙන්නේ ඇති මේකිට කියන්න වෙනේ අමුවෙන්ම කියල. නළල රැලි කරලා එහෙම ඇහුවම මම සිග්නල් හිනාවක් දාල 'ඔව්' කිව්වා.
අප්පේ... සර් හරි හොර ගෙඩියා. මටත් වඩා මගේ විභාගේ මතක තියාගෙන නේ.... පව් අනේ...
"... යන්නයි කිව්වේ ගෙදර. එන්නේ නැහැ මෙහෙ පස් පාගන්න exam ඉවර වෙනකල්.... මටත් එක්කයි බැනුම් අහන්න වෙන්නේ"
හත් ඉලව්වේ... අපේ ගෙදර බල්ලෙක් වත් ඔහොම බැනුම් අහන්නේ නැතුව ඇති. ( අපේ ගෙදර බල්ලෝ නැත, ඉන්නේ කොල්ලෝ පමණි. එය වෙනම කතාවකි)
අන්න එහෙම චාම් උත්සවයකින් තමයි මම විභාගය සඳහා ක්‍රීඩාව තාවකාලිකව නතර කලේ/කෙරෙව්වේ.
වර - කා ගැන තව කියන්නම් පස්සේ.....

කෝ බොලන් මුලින් තිබ්බ වරකේ.. පලවෙනි සැරේ කියවල වරකේ නැති හින්ද මන් බැලුව මට වයර් මරු වෙලාද කියල ආයිත් කියෙව්වා.. .
ReplyDeleteමොනවද අෆ්ෆේ ක්‍රීඩා වලට කලේ . ක්‍රීඩා කිව්වම මතක් උනේ අපේ නෝනත් යගුලිය දාන්න ගිහින් ෆුල් ඩම් දාල විසිකරලා. යගුලිය උඩින් ගිහිල්ල තොක් ගාල කකුල් දෙක ලග වැටුනලු..
මුලින් තිබ්බ වරකේ නේද? අනේ මන්ද... ඒ වගේ එකක් නම් තිබ්බ තමයි........ කෝ බලන්න... වරකා නම් මන්දා අන්න කට්ටක් නම් තියෙනවා... ( ගුඩුස් හරිමින්)
Deleteමම කලේ ඉන්ඩෝ ගේම් එකක්. බැඩ්මින්ටන්. ඒ ගැන මම පෝස්ටු ටිකක් දැම්මා. තව විස්තර ලියන්න හිතන් ඉන්නවා. යගුලිය කිව්වා? කිව්වට තරහ වෙන්න එපා.. අපේ ඉස්කෝලේ නම් ඔය යගුලිය විසිකරන්න ගන්නේ පොඩ්ඩක් මහත දෙහෙත උදවිය. මම වගේ හුරුබුහුටි උන් අහුවෙන්නේ නැති තරම්. ඒත් ඉතින් කැහිල්ලට වගේ එක දවසක් ඔය සෙල්ලමට ගියා. අනේ.. ඉතින් ඔය ගුලිය උස්සගන්න තිබ්බ ගේමක්... අතාරින්නවත් ඉතින් උස්සගන්න පුළුවන් වෙන්නෙපෑ ?
// ඉතින් ඔය ගුලිය උස්සගන්න තිබ්බ ගේමක්... අතාරින්නවත් ඉතින් උස්සගන්න පුළුවන් වෙන්නෙපෑ ?//
Deleteඔය කණාටු පොල්ගස්වලට පුළුවන්ද බං යගුලියක් තියා සීනි කිලෝ දෙකක්වත් උස්සගන්න..! :P :P
මේ කොමෙන්ට් අස්සේ මෙයා හුරුබුහුටියි කියලත් කියා ගත්තා එහෙනම් . හික් හික්
Deleteතනි: අනේ මේ... අපිත් ඒ දවස්වල මාර ෆිට්නස් තිබ්බ කට්ටිය හරිද? නැත්තම් මේ වරකා රන් එකවත් දීගන්න බැරිවෙනවා.
Deleteපොල් ගෙදර කොබා: ෂ් ... ෂ් .... ඩිංගිත්තක් කට පියාගෙන ඉන්නවකෝ අයිසේ.... දඹුලු ගිහින් මම මේ එන ගමන්..
මෙන්න හැලප ස්ටයිල් එක මෙයාටත් බෝ වෙලා.
ReplyDeleteසුළඟින් බෝවන රෝග.... හැබෑද?? හැලපේ නම් මේ පැත්තේ පස්පාගලා නැහැ සැහෙන කාලෙකට... ඒ හින්ද ඔය එහෙම කියන්න එපා හරිද මෙව්වා ගිහින්?
Deleteඈ යකෝ උබ වරකා ගැන කියන්න නේද පොස්ට් එක ලිව්වේ...???
ReplyDeleteපලවෙනි කොටසේදී ලියාගෙන ආව.. කෝ කොහෙද ඊට කලින් වාරකයක් ඇවිත් මේ වරකේ කාල දැම්ම. වරකා කිව්වහම ඉතින් සිහියක් නැහැනේ අප්පා... ඇත්තටම පෝස්ට් එක ලිව්වේ නම් "වර + කා" ගැන ලියන්න... මුලින්ම වර කොටස ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියා... තීන්ත ඉවර උනානේ බොලේ!
Deleteදැන් එතකොට වරකා දෙන්නේ ඊළඟ එකෙන්ද
ReplyDeleteඅනේමේ... කෑවනම් බිව්වනම් නිදාගන්නවද වද නොදී?
Deleteශෝක් ඉට්ටයිල් එක හිනා වේවි කියෙවුවා
ReplyDeleteඔයාට කියන්න ඔමෝ...... ඔය වරකා කිවාහම මට එලෝ මෙලෝ නැතුව යනවා. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, දොර වහලද, ගිනි තියලද ඔය මොකවත් මතක් වෙන්නේ නැහැනේ... වරකා සුවඳක් ආවොත් සියලු වැඩ අතහැර ඒ පස්සේ දුවනවා. මතක් වෙනකොටත්.. යම් යම්...
Deleteමං ආස වරකා වලට විතරයි වැල වල ආස සුවඳ විඳින්න,, වරකා ළුණු ගම්මිරිස් ඉහගෙන කද්දී හම්මෝ,, කාලා අත හෝදන්නේ නෑ සුවඳ යනවට,, කොලෙකින් පිහිදාලා පස්සේ අත ඉඹ ඉබත් ඉන්නෝ,. දවසක් මෙහෙ සුපර්මාකට් එකකදී වරක සුවඳ ඇවිත් ඉව කරා කරා අහු උනෙම නෑ,, පස්සේ බැලින්නම් ඇපල් ගෙඩි වලින් ආපු සුවඳක්,, හි හි
Deleteවැල නම් නොකමි.
Deleteවරකා උනත් ගානට ඉදිලා තියෙනවා නම් තමයි. තැලිච්චා කන්නේ නැත. බෙරි උනත් කන්නේ නැත.
මම දවසක් ගර්ලිෂ් වෙන්න කියලා හිතල, ඔෆිස් ලන්ච් වෙලාවේ ඔන්න මගේ කියුබිකල් එකේ පොඩි පහේ හොර වැඩක් කරනවා. අල්ලපු කියුබිකල් දෙකකට එහා එකෙක් හරියට අර මාළු සුවඳට ඔලුව උස්සන පුසෙක් වගේ ඔලුව උස්සලා ඉව කරලා කියපි
"මාර වරකා සුවඳක් එනවා මචං... කොහෙන්ද මන්ද"
මම ටක් ගාල මගේ අතේ තිබ්බ කියුටෙක්ස් බෝතලේ වහල drawer එකට දැම්ම... නැත්තම් නව නින්දාවයි!
උඹ නම් පිස්සු කෝච්චියක් බං..:P :P :D
ReplyDeleteඅනේ බලන්න... ඔය ඇරෙන්න මට කිසි කෙනෙක් ඔහොම කියල නැහැ... අනේ ඔව්..
Delete