Thursday, October 16, 2014

98. හිර - බස්




විවාහය
එකට එකක් වෙනස්
ගමනාන්තයන් ඇති....
                   බස් මෙනි...

එකක් මගහැරුණුවිට
තව එකක් එනු ඇති...
                   විශ්වාසද නැති...

ටිකට් නොගත්තද
හිටගෙන, ඉඳගෙන ගියද
                  බසිනු බැරි..



බැස්සොත් - යලි
හොඳ බසයකට නගිනු බැරි

8 comments:

  1. ඔය ඔක්කෝම බස් යන්නේ ඉතින් මහ පාරෙනේ...එතකොට අර එක්ස්ප්‍රස්වේ එකේ යන බස් වගේ වෙන්නේ මොකක්ද උපේක්ෂා...දික්කසාදෙද?

    ReplyDelete
  2. ඕක මම අහලා තියෙනවා මෙන්න මේ විදිහට

    ආදරය කිරීම බසයක යාමක් වැනිය ..
    අකමැතිනම් අතරමගදී බැස යා හැක ..

    විවාහය ගුවන් යානයක යාමක් වැනිය
    අකමැති මුත් අතරමගදී බැස යා නොහැක.

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නම් පමනක් ට්‍රාන්සිට් එකකදී පමනක් විවාහයෙන් පැන ගත හැක...

      Delete
  3. ටිකට් නොගෙන ගියොත් නං ආයෙ හොඳ බස්සෙකකට නගින්න පුළුවන්.

    ReplyDelete
  4. බැස්සොත් - යලි
    හොඳ බසයකට නගිනු බැරි///
    ඒවගැන නං ෂුවර් නෑ සමාර අය මගින් බැහැල ඒ ගමන්ම කලිං එකටත් වඩා හොද ඒවැයි යනව...
    හෙක් හෙක්

    ReplyDelete
  5. අපි නම් තාම පොඩි ළමයි ...

    ReplyDelete
  6. හෙක්
    ආදරයයි විවාහයයි
    එකිනෙකට සමාන්තර
    රේල් පීලි දෙකක් වගේ
    ජීවිතය කියන කෝච්චිය
    එහාට මෙහාට ගියද
    කොතෙකුත් ඒ පීලි මතින්
    පීලි නම් එක නොවේ
    කිසි කලෙක කිසිම විට
    විටෙක පරද අතර
    ඇක්සලය හා
    මුමුනාවී පීලි
    එකිනෙකට

    නමුත් නැගෙන්නේ
    කොචියේ හන්දම පමණි

    දඩස් දඩස් දඩස් දඩස්

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...