Tuesday, July 9, 2013

18. ලේ දන්දීම - 2


මගේ ලේ දන් දීමේ මහා කර්තව්‍යට අතගහල දැන් වසර ගානක් වෙනවා..... (හැක හැක ... දන්නෝ දනිති නේද?)
නොදන්නා කට්ටිය ඔන්න බලා ගන්න....





මේ මොනවා උනත් මම නෙවෙයි වැඩේ අත ඇරියේ.... 
ඊට අවරුදු ගානකට පස්සේ මම කැම්පස් එකෙන් එලියට බැහැපු ගමන් වගේ, ඉස්සර වගේ කෙට්ටුවක් නැතුව පොඩ්ඩක් ඉතින් මස් ටිකක් එහෙම දාල  හිටියේ...(දන්නවනේ ඉතින් කැම්පස් ජිවිතේ.... සල්ලි දීලාවත් කන්න නැතිවම අපි හාල් මැස්සෝ උනා... බෝඩින් ජීවිතේ) 

එක දවසක් සිල් සමාදන් වෙන තැනදී ඔන්න ලේ දන් දෙන්න පුළුවන් කියල ආරංචි උනා... ආයෙත් මට අර කැහිල්ල ආව..... ගියා ඉතින් පෝලිමට.. හරියට සෙනග හිටියා...



ලේ දන් දෙන්න යනකොට  දෙනවා නේ ඉතින් අර ලොකු අපබ්‍රංස ලියපු කොලයක් පුරවන්න කියලා... ඕකත් ඉතින් පිරෙව්වා. වැඩි හොදට කියල මගේ යාලු කොල්ලෙකුත් ඔන්න එක්කන් ගියේ... මිනිහ දන්නවා මගේ මේ ජබර කලන්තේ ලෙඩේ..... මම යනකොටම කිව්වා මම මේ පාර නම් දෙනවා කියල.....

ඔන්න ඉතින් පෝලිමේ අර කොල්ලා ඉස්සරහ... මම පිටිපස්සේ. හෙමීට හෙමීට ඉතින් පෝලිම යනවා...
දැන් ඉතින් කට්ටිය ලේ දෙනවා පේනවා. ඇඳවල්  එහෙම දාල තියෙනවා... ඒ අස්සේ මගේ යාළුවා පස්ස හැරී  හැරී මට කතාව..

"කටුව නම් ඉතින් පොඩ්ඩක් ලොකුයි තමයි.... දැක්කනේ කට්ටිය ඉන්න හැටි?"

මම නෙවෙයි ගණන් ගත්තේ!..... ඇහෙන්නේ නැහැ වගේ හිටිය....( ඒ උනාට ඉතින් ඇහුනලු ඈ !)

"කට්ට එහෙ මෙහෙ වෙනකොට ලේ යනවා සමහර වෙලාවට.."

මේ මනුස්සය මීට කලින් ලේ එහෙම දීල තියෙන කෙනෙක්..... ඔන්න ඉතින් මගේ බොක්ක ඇතුලෙන් මොකද්දෝ සද්දයක් වගේ ආව දැනුන.... එත් මම කෙලින්.... 

"අත එහෙම හිරි වැටෙනවා සමහර වෙලාවට......"

මගේ යාළුවා කියනවා... මට ඇහුනේ නැහැ ලු... (ඇහුනලු ඈ ...)
මම නෙවෙයි සද්දයක් වත් කලේ.... එකම හිතින් දැන් ලේ දෙන්න ඉන්නවා....

"බර එහෙම මදිද දන්නේ නැහැ නේද ඔයාට...."
එකට නම් උත්තරේ මගේ ගාව තිබ්බ හැරුණු තැපෑලෙන්ම 

"තමුසේ ඉන්නවා හලෝ... දැන් ගානට බර තියෙනවා...."

මොකද මිනිහත් මගේ බැචෙක්  හින්ද දන්නවා මගේ පළමු උත්සාහය වතුරේ ගියේ කොහොමද කියලා....
පෝලිමේ තවත් ඉස්සරහට.... දොස්තර නෝනා කෙනෙක් එක එක්කෙනා අරගෙන ප්‍රශ්න අහනවා.... මම ඉතින් උපරිම ධෛර්යෙන් හිටිය පපුවත් ඉස්සරහට ගෙන.!.

ඇස කොනින් පේනවා ඇඳන්වල ඉන්න අයගෙන් ලේ ටික ටික පිරෙනවා මලු වලට... මම නෙවෙයි බැලුවේ... ඉදිරිය බලන් හිටියා...

"කටුව ගහනකොට ඉවසන් ඉන්න හරිද..... නහර හොයා ගන්න බැරි උනොත් ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට........ ක ...ර.... ක .... න... වා............."

ඔන්න ඔච්චරයි නේ මට ඇහුනේ අප්පා..... වැහි වලාකුලක් ආවනේ....... ලෝක ගෝලේ පෙරලුනා ... ඔව් ඔව්... හරියටම එක තමයි උනේ..... ලෝක ගෝලේ පෙරලෙනකොට නිව්යෝර්ක් වල තිබ්බ රේසින් කාර්  ටික මගේ ඔලුවට පොඩ්ඩක් උඩින් ගියා...... එතකොට ටීවී වල අර අන්තිමට යන්නේ ෂෝ...... ගාල සද්දයක්...... ඒක  ආවා......

කට්ටිය මාව කෙලින් කරලා වතුර ඉහල ගොඩ දල තිබ්බ... මට කන්න කේන්ති..... ඒ මදිවට ලැජ්ජාව!!! ^$%^$^$% අරූව  මැරුවත් හිත වදිනවද අප්පා!!!! මාව පොලිමේදීම බය කරලා කලන්තේ දම්මලා හොදට හිනා වේවි කිව්වා...

"මම කිව්වේ යන්න එපා කියල.... තව ඩින්ගෙන් ඔයාට ලේ දෙනවා "

කට්ටියගෙම ලේ පිරිසිදු වෙන්න හොඳ විහිළුවක් සප්ලයි කරපු පින විතරක් ඉතුරු කරලා මම අඬු  අකුලාගෙන ගෙදර ගියා....

ඔන්න මගේ දෙවෙනි ලේ දන් දීමේ පිංකම!


6 comments:

  1. හයියෝ අරකා වැඩේ කාලනේ. ඇත්තෙන්ම ඒකා බයකලේ නැතිනම් කලන්තේ දාන එකක් නෑ කියලා උපේක්ෂා හිතනවද?

    ඒක නෙවෙයි, අර රවියා කිව්වා වගේ, නුවර කොහෙද බං කුමාරිලා? මැණිකෙලා මිසක. :D

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා එහෙම අහන්නේ....... මැණිකෙලා හිටියොත් හාමුලා එහෙමත් ඉන්න එපැයි ! අනිත් එක මැණිකෙලා වගේ නම් නෙවෙයි... බෝල වළලු, මාල පබළු දාන්නෙත් නැහැ නේ අප්පා.....

      හාහ් හාහ්........ ඉන්නකෝ මම ඊලග කොටස දැම්මම ඔය කොමෙන්ටුවේ මුල කොටස ඔයාට delete කරන්න හිතෙයිද කියල.......

      Delete
  2. ලේ දන්දෙන්ට ගිහිල්ල මගේ අත්දැකීමක් ගැන මම ලියපු සටහනක් මේ...

    / මැණිකෙලා හිටියොත් හාමුලා එහෙමත් ඉන්න එපැයි ! /

    මැණිකෙලයි හාමුලයි නෙවෙයි බං මැණිකෙලයි නිළමෙලයි..තේරුණාද?....අනික කුමාරිල කියන්නෙ බොල පාතරට..බොලා නුවර හිටියට අනිවාර්යයෙං පාත්තයො වෙන්න ඕන..නෑ කියන්න එපා..හොඳද?...:)

    ReplyDelete
    Replies
    1. අනේ මේ!! ඔන්න ඉතින් මට තද වෙනවා හරී....................

      මම කොහොමත් (කොහොමටවත්) 'පාත්තයෙක්' නෙවෙයි..... මැණිකේ කියල බලෙන් කියෝ ගන්න මට කොහොමත් ඕනේ නැහැ.. මට ලොකු සීන් දාන්න වැඩක් නැහැ නේ....
      හා එහෙනම් කියන්නකෝ හොද නමක්..... මම ඉතින් එතරම් නිර්මාණශීලි නැහැ නේ අප්පා...

      Delete
    2. හරි හරි තරහ අවසර කුමරියනි..ගැත්තාට සමාවනු මැන...:)

      තද වෙනවනං අනිවාර්යයෙං උඩරටම තමයි.....අත්දැකීමෙන් පවසන්නෙමි...හෙහ්, හෙහ්,

      අනික මටයි පොඩි වැරදීමක් උනේ...උඩරට කුමාරිහාමිලත් ඉන්නවනෙ. හාමි කපල දැම්මම ඉතිං කුමාරි තමයි..සමාදිය බාජනේට දමන සේක්වා!!!

      Delete
    3. අපොයි අපොයි.... මදි මදි....
      ඔහොමද රණ්ඩුවක් වත් වෙන්නේ ආඃ ??? මම මේ අහස්කුරු, ගිනිකුරු එහෙම අරන් සටනට ලෑස්ති වෙනකොට මෙයා සාමෙට !!!

      අන්න මම හිතන්නේ අදුර ගත්තා.... 'සුදාගේ කොක' පේන්නේ ඉගිලෙනකොට කියනවා නේ......

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...