Friday, January 29, 2016

246. online vs Offline




"මේ ඇහුනද... මේ"

මම මගේ දවසේ වැඩ එක්ක කුස්සියේ පොරබදනවා. ඉඳුල් පිඟන්, හිස් වෙච්ච වලං මගේ දිහා බලාගෙන ඔලොක්කුවට වගේ ඉන්නවා.

"... මේ.. පොඩ්ඩක් එන්ඩකෝ මේ..."

ඒ හඬ ඇහෙන්නේ සාලේ කෑමමේසේ කොනෙන්. එතැන මම කුස්සියට එනකොට ලැප්ටොප් එකක් තිබ්බා.



"ඇයි ? මම මේ වැඩක්.. ඇයි ?"
"මේක බලන්නකෝ... මේ අලුත්ම ධනංජයගේ එකක්"
"මොකද්ද?"
"මොකද්ද බලන්න මෙතනට එන්න එපැයි.. මගෙත් මෝඩකම ඕව බලන්න කියනවට. එහෙම එකක්වත් බලනවද ඔයා?"

තවත් දුරදිග ගියොත් කෙලවර වෙනතැන දන්නා හින්දම මම ඉඳුන් භාජනේ සින්ක් එකේ ඔබල සාලෙට ආව. එයා මාව දැකල නොදැක්ක වගේ අහක බලාගත්ත.

"මොකද්ද?"
සද්දයක් නැහැ.
"... මොකද්ද?.. දැන් ආවනේ. මොකද්ද කියන්නකෝ. මට වෙලා යනවා. ඉක්මනට කුස්සියේ වැඩ ඉඅවර කරලා නිදාගන්න ඕනේ"

තව විනාඩි කීපයක පෙරැත්තයකින් පස්සේ යන්තම මගේ දිහාට ලැප්ටොප් එක හරොල එයා නිහඬවම එහාට උනා. ධනංජය හෙට්ටිආරච්චිගේ අලුත් වීඩියෝ එකක්. ( නොදන්නා අය මෙතන කොටන්න)

සුපුරුදු ආකර්ශනීය හැඳින් ඔහු කතා කරනවා. කුස්සියේ වැඩ මතක් උනත් මම අවධානයෙන් අහගෙන ඉන්න පොළඹව ගන්න පුළුවන් ඔහුට.

'.. ඔබේ සිහින හඹාගෙන යන්න... ඒවා සැබෑකරගන්න.......'

මට මතක් වෙනවා එක එක ජාති. මාව වෙනත් ලෝකෙකට අරන් යනවා ඔහු.

අදාළ වීඩියෝ එක ඉවර වෙනවා. මම තවත් ඒ දිහා බලාගෙන ඉන්නවා.

"ශෝක් නෙහ් ?"
"හ්ම්ම්..."
"මාර වොයිස් නේද? මිනිහා කියන දේවල් ඇත්තටම ඇත්ත නෙහ් ?"
"හ්ම්ම්..."
"මොකද හ්ම්ම් හ්ම්ම් ගාන්නේ?"

"නෑ මේ...... මම ඔයාට ඉස්සරත් කියල ඇති මට හීනයක් තියෙනවා කියල සෝෂල් ඩාන්සින් ඉගෙන ගන්න"
"මොකක්?"
"ධනංජයත් ඩාංසර් කෙනෙක් නේද? ඇත්තටම ඒක මාරම මාර කලාවක්. පිස්සුවෙන් නටන එක නෙවෙයි. ලස්සනට නටන එක... නේද?"
"................."
"මටත් ආසයි ඒ වගේ ඉගෙනගන්න. ඒක හරිම සුන්දරයි"
"මොකක්? අනේ මේ.... පිස්සු නැතුව ඉන්න.. මදැයි මමත් පෙන්නුවා වීඩියෝ.... හා හා දැන් දෙන්න මගේ ලැප්ටොප් එක"

ආයෙත් මම හෙඩ් ෆෝන් ගලවලා කුස්සියට ගියා. මුණුපොතේ තියෙන ජෝක් වීඩියෝ එකක් බලමින් හිනාවෙන එයාගේ සද්දේ මට කුස්සියට ඇහෙනවා.


ප.ලි:
වඩා හොඳින් හඳුනාගන්න මම දෙබස් පාට දෙකකින් පාට කරනවා.

34 comments:

  1. ධනංජය පට්ට.. මන් ඒ Accent එකට මාර කැමතියි.. හවසට ඇවිදින ගමන් තනියම කියෝනව ඒ විදියට (කාටවත් මීටර් නැති වෙන්න)

    අම්මප අපි දවසෙම ඔෆිස් එකේ මැරිලා මැරිලා ඇවිල්ල රැට පොඩ්ඩක් ලැප් එක දිග ඇර ගත්තම මේ ගෑනුන්ට පුදුම කෙන්තියක්නේ එන්නේ.. :p

    ReplyDelete
    Replies
    1. මම ධනංජය ගැන මිට කලින් ලිව්වා.

      අම්මප??? නැචුව නැචුව

      Delete
  2. මදැයි මමත් පෙන්නුවා වීඩියෝ//
    ඕක තමයි කියන්නේ මචන් ගෑනු උදවියගේ හැටි. මොනවත් හරියට තේරුම් කරලා දෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඔයාට නෙමෙයි කිව්වේ..

      Delete
    2. හි හි.. පස්සේ කොමෙන්ටුව අදාළ නැත... එව්වා මම මතක තියාගෙන සිටිමි.

      Delete
  3. මදැයි වීඩියෝ පෙන්නන්න ගියා.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ.... පොඩ්ඩක් ඉඩ දුන්නම එනවා මෙතැන !

      Delete
  4. අම්මේ...වීඩියෝ එක නැවතුනේ ගිහින් සෝෂල් ඩාන්සින් වලින්....අනේ මේ ඔය පිරිමි ඇත්තන්ට ඕව තේරෙන එකක්ද... :D :D

    ReplyDelete
    Replies
    1. මේ බලහන්කෝ...
      ගිම්මිට විතරයි මෙව්ව තේරෙන්නේ...

      Delete
    2. එහෙනම් ධනංජයට තේරෙන්නේ???

      හි හි.. සෝෂල් ඩාන්සින් ගැන අදහස් ලියන්න මම ආසයි. විවේචන වලට බයක් නැහැ. තව කරුණු මදි

      Delete
  5. මාරයි පුරුස ආදිපත්‍යද මේ?

    ReplyDelete
    Replies
    1. ඒකද ?? වෙන එකක්ද? එහෙමත් නෙවෙයි නේද?? ගෑනු දැන් ඕනෙවට වැඩියි නේද?

      Delete
  6. ආ...හ්? කුස්සුයෙ වැඩ... ඩාන්සිං... හීන..... ෆේස්බුක්....හැලි වලං....=ජීවිතේ...?? බය හිතෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය සමිකරණේ සුලුකරන්න කලින් කොටස. ප්‍රසාරණේ කලොත් ඔයාට පිස්සු ඩබල් වෙයිද මන්ද

      Delete
  7. කෑමට කෑදර බව දැනහෙන හිටියට උයන්න දන්නව කියල දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. උයන්න දන්නේ නැති වුනත් කොහොමහරි උයා ගන්න එපායැ.
      නැත්නම් පෙරේත උනත් කන්නේ මොනවැයි...

      Delete
    2. ඉයන්:
      හප්පෙයි, ( ඉතින් අම්මේ ඉඳල මොටද.. කියල නෙයින පැන විගහට... : උපුටා ගැනීම නෙයිනගේ සුදුව) ඔය මම කිව්වේ... කොතන ගියත් ටික දොහකින් මගේ කෙරුවාව එලියට එනවා කියල. මම බ්ලොග් ලෝකේ සත්ගුණවත් ළමයෙක් විදියට ඉන්න පොරොන්දු පිට ආවේ.... අය්යෝ......

      මහේෂ්:
      හැක්.. මගේ ඉවුම් පිහුම් ගැන දන්නෝ දනිති. නොදන්නෝ පවා දනිති

      Delete
  8. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අනුභව කළ යුතුයි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. කරපිංචා අහුලලා

      Delete
  9. මෙව්ව මෙහෙම වෙනවට තමයි මේ ඇන්ටි තවම තනියෙන් කඩව ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. "මේ ඇහුණද?" කියල ආමන්ත්‍රණය තනිකඩ අයට වෙන්නේ නැහැ. බඳින්න ඉස්සෙල්ල ඔය පැණි රස කෑම ජාතිවල නම් වලින් නෙ අමතන්නේ. මම හිතන්නේ උපේක්ශා අර "ළමයින්ගේ අම්මේ" ආමන්ත්‍රණයට යන්න කිට්ටුයි. අර මායා දේවියගේ හීනෙන් සුදු අලියෙක්ගෙන් ගැබට ඇතුල් වුනයි කියනවා වගේ, උපේක්ෂත් තායිලන්තයේ කලු අලියෙක් ගෙ කකුලෙන්.. නෑ ඕන නෑ.

      Delete
    2. සුරංග:
      ෂ්.. ෂ.. කට කට!!! අර රවියාගේ උපදෙස් පරිදි මම ඔය බස්වල සිට් යට පවා විමසිල්ලෙන් යන්නේ මගේ කරුමක්කාරයා සොරි ඉරනම්කාරයා කොයි වෙලේ හරි පාත් වෙයි කියල. ඒම කියාන්ට යෙපා අප්පා...

      ඉයන්:
      අනේ මේ... හුහ්... ආව මෙතන සුදු අලි මෙව්වා කොරන්ට! හුහ්... අපිට දැන් අලි කිව්වොත් පඳුරකට ගැහුවොත් ඕනේ තරම්! එනවා මෙතැන !!

      Delete
  10. මාත් ඔව බල බලා ඉම්පෘව් වෙන්න හිතාගන්නව හරියන්නෙ නෑ..public speaking තාම ටිකක් අවුල් වගෙ


    ReplyDelete
    Replies
    1. එහෙම ඉතින් බලල ඉම්පෘව් වෙන්න පුළුවන් නම් ඉතින් හෙහ් හෙහ්.... අපිත් ඉතින් පොරවල් තමයි අප්පා.. ( පොරවලේ එකේ ගෑනු සතා පෙරියන් ද ආ?)

      Delete
  11. සොරි තමයි ...

    මදැයි වීඩියෝවක් පෙන්නන්න ගියා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. කුස්සියේ ඉන්න උන් මෙට්ටෙට ගන්න ගියාම වෙන අනතුරු.. නැද්ද?

      Delete
  12. උපේක්ෂා කතාව කියන කොට එයා අපි කියන කොට මෙයා වෙන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කෙරුවේ හිටං.

    ReplyDelete
    Replies
    1. එයා මෙයා කුචු කායි හින්ද මෙයා...
      ඔය 'එයා මෙයා කුචු කායි' කතාව දන්නවද? ඉස්සර නන්දන වින්දන කියල රුපවාහිනියේ වැඩසටහනක් තිබ්බ. ඔය ඇනෙස්ලි , බර්ටි, සැමුවෙල් තුන්කට්ටුව ගොඩක් ජනප්‍රිය කාලේ වෙන්න ඕනේ. අපේ අප්පච්චි ඕව රෙකෝඩ් කරලා තිබ්බ හින්ද මටත් බලන්න වාසනාව ලැබුනා. ඒකෙ ඔය කරාටි පන්තියක් කරනවා. පන්තියේ නම 'එයා මෙයා කුචු කායි'.. නියම කතාව!

      Delete
  13. කවුද අප්පේ ඒ???
    රැප් කරන කෙනෙක් නෙමෙයි නම් මම දැන ගන්ට විදිහක් නෑ...

    ReplyDelete
  14. කෙල්ලොන්ට ඉතිං දකින දකින හැම මගුලම කරන්න ඕනෙනේ . පෙන්නන්න හොද නෑ වීඩියෝවක් වත් :)

    ReplyDelete
    Replies
    1. බුදුඅම්මේ... කොමෙන්ටුව මගෑරිලා...

      මගුල් නේන්නම්! පෙන්නන්න එපා.... ඕව Occupational Hazards වෙනවා

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...