Friday, July 10, 2015

192. ~~ අපරාදෙ මම ආවේ







වෙලාවට
ඇරෙන -
හඬනගන -
වැසෙන  -
දොරක් ළඟ
උඹ කොහොම ඉන්නවද
කියල හිතමින්ම
දසවසරක්ම ගෙවිල!



ඒ එනකොටත්
විදුරු දොර ළඟ
කොක්හඬ නගන - කුරුල්ලන්ට
වී ඉහලා
අහක බලාගෙන
ඉන්න උඹ  දැකල
'අපරාදේ මම ආවේ'
කියා උනා - තමයි මට






5 comments:

  1. අපරාදේ මම ආවේ මේ පැත්තෙ....

    ReplyDelete
    Replies
    1. සිරාවටම මම මේ කියන්නේ... මට පෝස්ටුව දානකොටම හිතුනනේ කොබා ඔය උත්තරේ දෙයි කියල!

      Delete
    2. හිතුනට කමක් නැ. අපේ කොමෙන්ට් එහෙමත් දා ගන්නවා එහෙමෙ නෙමේ..

      Delete
  2. එහෙම නොකියන් අපෙ කොල්ලාට හිහි

    ReplyDelete
    Replies
    1. හුහ්.... අපේ කොල්ල... හුහ්

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...