Friday, July 3, 2015

190. දුම ( කෙටි කතාව) - 3






මුල් කොටස 
දෙවන කොටස 




"ලියුම් ටික තෝරලා ඉවරද ජානක ?"

තමන් අසලින් කිහිප විටක් සිය සුපුරුදු විලාසයට වඩා වෙනස් ආරකින් ගමන්ගත් කමල්ගේ හඬට යන්තමට සිය උරහිස ඉහලින් බැලු ජානක

"නෑ සර්...."

කියද්දී ඔහුගේ ලියුම් ගණන නැවතත් වැරදි ගියේය.

මෙය නම් හරියන රාජකාරියක් නොවේ. නමුත් කරන්නට යමක් නැත. කමල් මහත්තයා බාරදුන්නු වැඩක් නොකර බැරිය.

ඒ ප්‍රතිචාරයෙන් ඉදිරිපස කවුන්ටරයට ගමන්ගත් කමල්, ලියුම් බාරගන්නා මේසයේ ඉහල ලාච්චුව බියපත් කමකින් මෙන් විවෘත කර, එහි වූ ලියුම සිය කබායේ ඇතුල් පැත්තෙහි වූ සාක්කුවේ රුවා ගත්තේ වටපිට කිසිවෙකුත් නොමැතිව උනත් හාත්පස බලමිනි.

'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යනුවෙන් ලිපිනය යොදා තිබුණු ලිපියේ මුද්දර ගසා නොතිබිණි. නිර්මලාට එහි මුද්දර ගසන්නට මුදල් දෙන්නට නොහැකි වුයේ අදත් එය ගස් බෙනය තුලින් ගන්නට සිදුවූ බැවින් වුවත් මුදල් අවශ්‍ය නොමැති බව කමල් කිහිප විටක්ම නිර්මලාට පවසනවිට ඇගේ මුහුණේ ඇඳුනු ස්තුතිපුර්වක සිනහව කමල්ගේ හිත පුරා විහිදී ගියේ සුර්ය කිරණක් පරිද්දෙනි.

තද හිසේ කැක්කුමක් ඔහුගේ සිතුවිල්ලට බාධා කරමින් නැගී එන්නට විය.

'කෑම කෑවනම් හරි' යයි සිතමින් කමල් ජානක කොතනදැයි හිස පොවා බැලිය. වරුවක් ගතවී ඇතත් තවමත් ඔහු ලිපි තෝරයි. කට තිබුනාට ජානකට සුළු වැඩක් හෝ කරගත නොහැක. සියුම් තරහක් නැගී එනවිටම කමල්ට සිහි වුයේ නිමල් පිටවී යනවිට කියා ගිය වදන්ය.

"..... මේ කැලෑ අස්සේ ලැගල අහවල් සේවයක් කොරන්ටද මලය? හුනා කියන්නැහේ කියන්නං , මේ කඳු බඩගාන එක උඹට තව තුන් මාසෙන් එපා වෙනවා. තනියෙන් ඉඳල එපා උන දවසට කසාදයක් කොරන් තොලොංචි වෙනවා ඇරෙන්න... හැක් !"

"ජානක.... මම කඩේට යනවා කන්න. මතක ඇතුව පස්ස දොරේ පොල්ල දාල යන්න. ඉස්සරහ මම වහගෙන යනවා"



එසේ කියාගෙන ඉදිරිපස දොරටුවට අගුල දමද්දී කමල්ගේ සිරුර එක්වරම වෙව්ලා ගියේය. අවට සියල්ල කැරකෙනවා ඔහුට දැනුනි.

************************************



"මහත්තය ඉන්න , මම අද ගෙනියන්නං.."

ජානක කොතරම් ඇවිටිලි කලත් 'රාජකාරිය' ඉටුකිරීමට කමල් සිය බයිසිකලයද තල්ලු කරමින් පාරට පිවිසියේය. ජානකට පෙනෙන ඉසව්ව වනතුරු පාපැදිය පැද ආ කමල්, නොපෙනන මානයට එනවිටම බිමට බැස අසල ගලක් මත හිඳ තදින් හුස්ම අල්ලන්ට වුයේය. වෛරස් උන හැදී දින අටක් තිස්සේ යහනටම සීමාවී උන් කමල් අද දින තැපැල් කාර්යාලය විවෘත නොකර වුවද ලිපි බෙදීමට පිටත් වීම ගැන උදව්වට සිටින ජානක තදින්ම විරුද්ධ උනත් දින අටක් පුරා කුමකුන් කුමක් වන්නට ඇතිදැයි බියක් කමල්ගේ හිතේ නිරන්තරව හොල්මන් කරන්නට විය.

වංගුව පෙනෙන මානයට එත්ම ඈතින් ඇසෙන කාලගෝට්ටියක් ඇසුනෙන් කමල් පය ඉක්මන් කරන්නට වුයේ ක්ලාන්ත ගතියද අමතක කර දමමිනි. වංගුවේ වෙනදා නැති බලු රෑනක් නොසන්සුන් බැවින් ඒ මේ අත ගමන් කරනු පෙනේ. ඊට මදකට ඔබ්බෙන් ඔවුන් දෙසට සෙමෙන් පියමනින බැල්ලියක් වටා ඔවුන් රොද බැඳී එකිනෙකාට ගොරවමින් සිටී.

කාලගෝට්ටිය ළඟ ළඟම ඇසේ.. ඒ වෙනත් තැනකින් නොවේ. නිර්මලාගේ නිවසිනි. කමල් ඉක්මන් ගමනින් වංගුවේ නිවස දෙසට සිය උපරිම වීර්යයෙන් ගමන් අරඹනවාත් සමඟම පාරේ උන් බලු රෑන එකවරම උනුන් කෙරෙහි ආක්‍රමණ ශීලි බවින් බුරා හැලෙන්නට විය.

උපතින්ම බල්ලන්ට ඇති භීතිය නිසාම ආපසු හරවාගත් සයිකලය මතින් කෙසේ ඔහු නැවත තැපැල් කන්තෝරුවට පැමිණියාදැයි ඔහුටද හිතාගත නොහැකි විය. නමුත් හිත ඊට වඩා රිදුම් දෙන කාරනාවකින් පෙළෙන්නට විය.

ජානක සාදාදුන් තේ කෝප්පය පිලේ සිට බොමින් කමල් එකවරම නැගිට්ටුනේ ගුරු පාර දිගේ පහලට දුවන පිරිසක් දැකීමෙනි.

කෙනෙකුන් විසින් ඔසවාගෙන යනු ලබන රෝගියෙකු හෝ තුවාලකරුවෙකු පසුපසින් තවත් කිහිප දෙනෙක් කෑකෝ ගසමින් දුවනු දුටු කමල් සහ ජානක එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තේ විශ්මය නිසාමය. ඒ ක්ෂණයෙන් පඩිපෙල් බැස ඒ දෙසට දිවගියේ ජානකයි. බොමින් සිටි තේ කෝප්පය කමල්ගේ අතින් ගිලිහි වැටුනේ, ඔසවාගෙන යනු ලබන්නේ අන් කිසිවෙකුත් නොව නිර්මලා බව ඇයගේ මල් වැටුණු චිත්ත ගවුමින් හඳුනාගත හැකිවූ බැවිනි.

*******************************

මතු සම්බන්ධයි ....

19 comments:

  1. ඔන්න ඔය ලියලා හංගගෙන ඉන්න ඊගාව කොටසත් දාහන්කෝ මට හාර්ට් ඇටෑක් හැදෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. මමත් හෙව්වා හෙව්වා... හොයාගන්න බැරි උනා බස්සියෝ. කොහෙද ඒකත් වැඩි පරිස්සමට හංගපු තැන මතක බැරි වෙලා.

      Delete
  2. හය්යෝ තවත් දාසක් හිටාන්කො ඉතිං සෙක්
    >_<

    ReplyDelete
    Replies
    1. ඉවසන්ට අය්යා.. ඉවසන්ට.... ශාන්ති... ශාන්ති....

      Delete
  3. මොකක්ද අර ගස් බෙනෙන් සල්ලි ගන්න කතාව?

    ReplyDelete
    Replies
    1. ඔහ්. දෙවෙනි කොටස දැක්කේ පස්සෙ. ආයෙ ගිහින් ඒක කියවලා ආවා.

      Delete
    2. ඕකනේ ඉතින් දෙබස් මැද්දෙන් පැනලා ලයිව් ෂෝ එක කනවා... අලි අලි.. දැන් හරිනේ?

      Delete
  4. හ්ම් කොටස් තුනම කියෙව්වා.කෝප්‍රල් මිලින්ද නිර්මලාගේ ලව් එක වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඇති.. වෙන්ට ඇති...

      Delete
  5. මේ කඩන විදිහට කතාවෙ රසයට බාධාවක් වෙන බව නම් කියන්න ඕනෙ.අපරාදෙ..

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ට ඕනේ... මක් කොරන්නද.. වෙලාව තියෙන හැටියට එපැයි ලියන්න!

      Delete
  6. දිග..අ..අ..අ.. කෙටි කතාවක් වගේ මෙච්චර කෑලි වලට කඩන්නේ මොකෝ බං.. ඉක්කණට දාහන්කෝ.. මටත් නිකං කැරකිල්ල වගේ.. වෛරස් උණක්වත්ද මංදා..

    ReplyDelete
    Replies
    1. දිග... නෙවෙයි නව - කෙටි කතා. අනේ මන්ද අප්පා.. මම කෙටි කතා ලියන්න දස්ස නැහැ... තාම කිරි දරුවෙක්නේ

      Delete
  7. දාපං යකොව් ඉකමනට අනික් එක

    ReplyDelete
    Replies
    1. බය බෝයි හාන්දුන්නේ.... ඔන්න දැම්ම... ඇහැක් විදියට බලන්ට

      Delete
  8. අප්පා..... දැන් ඉතින් ආයි මුල ඉදන් කියවන්න එපැයි.. ඉතුරු ටික දාද්දි මුලටික මතක නැ නොවැ. . දාන කෙන්ගෙඩියක් ඉක්මනට දැම්මොත් නරකද හිටං ..

    ReplyDelete
    Replies
    1. මට දැන් දවස ගානේ පාඩම් ගන්ට වෙයි වගේ.
      ( ඔයාට කියන්ට, මමත් ආයෙම කියෝලා තමයි ඉතිරි ටික ලියන්නේ. එකනේ වෙලා යන්නේ. මටත් මතක නැහැ මම මොනවා ලිව්වද කියල. ඉතින් මුල ඉදන් කියෝලා එනකොට ලියන්න තියෙන වෙලාව/ ෆ්‍රී ටයිම් ඉවරයි. ආයෙමත් දවසක් ගන්න වෙනවා. ඔන්න ඕකයි සිද්ධිය!)

      Delete
  9. මම කොටස් තුනක් යනකම් ඉඳල කියෙව්වේ ඉවර ඇති කියල හිතාගෙන. හයියෝ

    ReplyDelete
    Replies
    1. කෙටි කිව්වට ඒවයෙත් පිළිවෙලක් තියෙන්ට එපැයි පැතුමෝ.... මගේ නැහැනේ ඔය පොඩි වැඩ, ඔක්කොම තියෙන්නේ මෙගා වැඩ!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...