Friday, June 19, 2015

184. නොකී කවියක - තනුව






ඉතා ලස්සන කොලයක
පාට පාටින් ලියා තිබුනද
එකවරක්වත් නොකියවූ
කවියක් තිබේ - ඔබ ගැන

හොරෙන් අත අල්වා
පූසියක සේ ගුලිවී
ලාවා කන්ද අවුලා
අතුල්පහරින් සිහිකැඳවන...



දැවෙන මා සිත නිවමින්
වියත් බස් මුත් දොඩවන
උරහිසට විත් නවතින
කඳුළු දැරුවෙමි අනුන් නොදකින...

දනිමි කිම මා පසෙකින්
ආ නමුත් මග නැවතුන
ඔබ නොකී කවියක පදට
තනුව සඟවා ආමි
ඔබ මිරිවැඩි තුල......




සෙරෙප්පු 

26 comments:

  1. මේවා පොස්ට් නෙමෙයි කිව්වනේ. කොමෙන්ට් කරන එකත් අපරාදෙනෙ.. නෙහ්..

    ReplyDelete
    Replies
    1. පෝස්ට් නෙවෙයි කිව්වා? කෝ කොහෙද... අල්ලපියව් දේශද්‍රෝහියෝ.... හුප්! ( කට කට!)

      Delete
    2. උපේක්ෂාJune 10, 2015 at 11:48 AM

      "මම දැන් උපලක්පනය කරගෙන ඉන්නේ කවියක් ( නිසඳැසක්) කියන්නේ පොස්ටුවක් නොවේයය, නිකම්ම නිකම් එකක් විතරක්ය කියල."
      ............................................................

      කව්ද කියන්නෙ මම දේශද්‍රෝහිය කියල.උපෙක්ෂගේ ප්‍රශ්නෙම දේශද්‍රෝහී ප්‍රශ්නයක්.කෝ කොහෙද ලියල තියෙන්නෙ. කොහෙවත් ලියල නැ.. . මේක දේශද්‍රෝහියෝ, දේශප්‍රේමියෝ, දේශපාලුවෝ එකට ඉන්න රටක්. . .

      Delete
    3. ඔයා දේශද්‍රෝහියෝ දන්නවා... දේශපාලුවොත් දන්නවා... මේ දෙබස දන්නේ නැහැනේ?? අනේ අනේ...

      හික්... කිව්වා කියල කොතරම් සාක්ෂි තියෙන දෙයක් උනත් නැහැ කියන්න පුළුවන් රටක් මේක... මට මතක නැහැ... ( ඔයාව අවුස්සගන්න කිව්වේ.. ආයේ ඉතින් වෙන කවුරුත් එනවෑ මේ පැත්තේ.. හික්...) හිත මෙව්වා උනා නම් මෙව්වා වෙන්ට..

      Delete
  2. //තනුව සඟවා ආමි
    ඔබ මිරිවැඩි තුල......//
    සිහි වූවාද පයට පෑගෙන විට
    මේ මා වෙනුවෙන් දැවුන
    ආදර හදවතක මිමිනූ
    මා නොකියවූ ඒ තනුවම බව..

    ReplyDelete
    Replies
    1. පයට පෑගෙන බැවින් එය
      දමා ආයෙමි 'නිසිතැන'

      Delete
  3. මට නං තේරෙන්නෙ නෑ ඒයි මේව...........

    ReplyDelete
    Replies
    1. රවියා කියයි.... ඔන්න බලහන් නැද්ද කියල

      Delete
  4. තබන හැම පියවරක්
    පියවරක් ගානේම
    කෑ ගසා පවසනා
    තනුව...
    ඔබම ගුලිකර සඟවගත්
    පදවැලට පමනි ගැලපෙන

    ReplyDelete
  5. අපරාදේ තනුව..

    ReplyDelete
  6. පද ටික හංගලා තනුව ගේන්න තිබ්බෙ. ඕනි පදයක් ගහගනිං කියලා.

    ReplyDelete
    Replies
    1. පදේ ගැහුවත්
      නටන්නේ නැතුව ඇඹරෙන?

      Delete
  7. ලස්සනයි බං මට නං ඒක ටිකක් විකාරයි
    මොකද අර සෙරෙප්පු කතාව

    ReplyDelete
    Replies
    1. විකාර වීම තමයි නියම අදහස!

      ඒ සෙරෙප්පු කතාව මේකට සම්බන්ධයක් නෑ කියල කිව්වොත්, ගහනවා සෙරෙප්පුවෙන්

      Delete
  8. මොකුත් තේරැනෙ නැතුවට.... චෝක් කයිය

    ReplyDelete
    Replies
    1. හි හි හි
      අන්න සම්භාය්ය විචාරය.... ඔබතුමා විශිෂ්ඨ විචාරයක් නේ දුන්නේ...

      Delete
  9. මගේ මිරිවැඩි සඟල
    පසුගිය දාක
    පන්සලට ගිය විට
    නැති විය බෝ මලුව අසල

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ මිරිවැඩි තුල
      සැඟවූ රහස්
      සොරකම්කළ...
      අනුන්ගේ ආදරයට හඬන
      කෙනෙක් හමුවුනිද
      මම හැර?

      Delete
  10. මේක අහන්න
    කවියක් වගේ විඳිනවා...
    පවනක් වගේ දැනෙනවා...
    මුහුදක් වගේ කැළඹිලා..
    සුවඳක් වගේ ආදරේ...//

    සුවඳයි වදන්- අරුතක් නැතත්...
    බොලඳයි නමුත්- සොඳුරුයි හැඟුම්..
    සොඳුරුයි හඟුම්...

    කවියක් වගේ.....

    කඳුළුත් පිරෙයි...හස‍රැල් ගලයි..
    ඉවසුම් නොවෙයි..සොඳුරුයි හඟුම්...
    සොඳුරුයි හැඟුම්...

    කවියක් වගේ....//

    ගායනය අසංක ප්‍රියමන්ත
    https://www.youtube.com/watch?v=5uZBmFD4BWs

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....

      බොරු කියන්නේ මොකටද.. අසංග ප්‍රියමන්තගේ සින්දු දෙකක් ඇරුණුකොට කිසිම සිංදුවකට මම ආසා නැහැ. සමහරවිට හඬේ ඇති අවුල වෙන්න ඇති. නැත්තම් අපුරු පද බැඳීමක් නේ.
      ( පැහැසර අරුණක සහ සෙනෙහසකට අරුතක් කියන සින්දු දෙක ඇරුනම)
      හඬේ තිබ්බ අවුල නිසා මේ පද බැඳිල්ල මගෑරිලා. ස්තුතියි.

      මේ.... ලියන්නේ එහෙම නැද්ද? අම්මප මුන්ටත් දෙනවනේ සම්මාන! ( ජනප්‍රිය කුපන් එකේ මගේ නම ඊළඟ පාර දාපන් හොඳේ!)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...