Saturday, February 14, 2015

153. පිස්සු නැත්තම් ෂෝක් !



බස්සි ලියපු වැලන්ටයින් කාඩ් පෝස්ටුවකට උත්තරයක් ලියනකොට මටත් මගේ පරණ වැඩ ටිකක් මතක් උනා. ඒ තමයි මම ඉස්සර කරපු එක එක වැඩ. අනේ ඉතින් ඕකනේ කියන්නේ... එහෙම වැඩ නෙවෙයි අනේ, මම කිව්වේ නිර්මාණාත්මක වැඩකටයුතු.

ලියන්න වැඩිය මනාපයක් නැහැ. මොකද මම පින්තුර ටික දාන්න විතරයි දැනට හිතන් ඉන්නේ.


1. මට තිබ්බේ Cross Stitch mania එකක්. රෑ  12 පහුවෙනකල් පවා මහපු කාලයක් තිබ්බ. මේ ඒවායින් කීපයක්.

විධිමත්ව මහපු පලවෙනි එක 


දෙවැනි නිර්මාණය  - යාලුවෙක්ට දුන්නා තෑග්ගකට 


පැන්ට්‍රි ඒරියා එකට හැදුවේ.





මම ආසම ඒවා අතුරින් එකක් 


A Table runner


මගේ කාමරේට 

යාලුවෙක්ට දීපු තෑග්ගක් 




2. අපේ අම්මගෙන් සහ අන්තර්ජාලයෙන් ඉගෙනගත්ත බ්‍රසිලියන් එම්බ්‍රොයිඩින්.


මේක නම් කාටවත් දෙන්නේ නැතෝ 


3. Flower arrangements (මල් සැකසුම් ?)

පළවෙනිම එක -  අන්තිමයි 

දෙවැනි එක - නැන්දා කෙනෙක්ගේ ඇඟේ ගැහුවා.. හි.. හි..




යාළුවෙක්ට තෑග්ගක් 



මම මේවා ඉගෙනගත්තේ අන්තර්ජාලයෙන්. තව තියෙන එව්වගේ පින්තුර හොයන්න කම්මැලියි. කාඩ් නම් පින්තුර ගන්න ඕනේ...







39 comments:

  1. උපේක්ෂටත් තියෙන්නෙ ඔය වගේ ෆට්ට අයිටං විකුණන කඩයක් දාගන්ට...

    ReplyDelete
    Replies
    1. ඕක මටත් හිතිලා තියෙනවා අනේ අනන්ත වතාවක්. මොකද මෙව්වගෙ සීත කාමර වලට වෙලා කෝඩ් සහ ටෙක්නොලොජි එක්ක ගුස්ති අල්ල අල්ලා ඉන්නවට වඩා දන්න සාස්තරයක් කරගෙන යසට ඉන්න තිබ්බ. කෝ කොහෙද කුඩැල්ල මෙට්ටේ තියන්ටද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. සමාවෙන්න ඇනෝ මිත්‍රයා. පොඩි ඉඩක් දුන්නම ඔහොම කරන එක හරි නැහැනේ.

      තමුන්ගේ අදහස දැම්මාට කමක් නැහැ කවුරු විදියට හරි, නමුත්...........

      -------------------------- මෙහි කුණු දැමීම තහනම්.! ----------------------------

      Delete
  2. නියමයි........... සුපර්................

    ReplyDelete
  3. ඔය "අත්කම් මැහුම් ගෙතුම්" කියල එෆ්බී පේජ් එකක් තීනව. අන්න ඔය වගේ පිස්සන්ට නියම තැන, සෙට් වෙන්න.

    ReplyDelete
    Replies
    1. මම ඔය ගොඩක් උපදෙස් කියවන්නේ ජාලයෙන් තමයි. මේවට අතිදක්ෂ අය විසින් නිරන්තරව අප්ඩේට් වෙන බ්ලොග් පවත්වාගෙන යනවා. කියෝනකොට පිස්සු තද වෙනවා. හි.. හි.. ඔය ගොඩක් මම එහෙම නොමිලේ ගත්ත දේවල්. මීට අමතරව රිබන් එම්බ්‍රොයිඩරි වලට, පැච්වර්ක් වලට තදින්ම ඇලිලා හිටියා. ඒවගේ පින්තුර ටිකකුත් දාන්නම්. හැබැයි බොලේ මම මුණු පොතේ නම් වැඩිය වසන්නේ නැති කෙනෙක්. ඉඩමක් තියෙනවා, බලන්න යන්නේ කණකැස්බවා වියසිදුරෙන් අහස බලනවා වගේ. ස්තුතියි ඔත්තුවට

      Delete
  4. මේවා හරි ලස්සනයි නේ... ඉස්සර අපේ අම්මා කුමරි ද මොකක් ද කියල පත්තරේක තිබිච්ච ඔය වගේ දේවල් මහනවා මට මතකයි .. මම ඉස්සෙල්ලම චිත්‍ර අඳින්න පටන් ගත්තේ ඒ පත්තර වල තිබ්බ කාටුන් රුප බලල .. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්.

      අපේ අම්මත් ඉස්සර ඉඳන් ඒ වගේ පත්තර එකතු කරනවා. ගොඩක් කාන්තා පත්තරවල මේ වගේ දේවල් උගන්නනවා. නමුත් දැන් නම් ජාලෙන් තමයි බලන්නේ. ඒ බලනකොට තමයි තේරෙන්නේ ඒ පත්තරවල එයාල හොයාගත්ත වගේ ලියල තියෙන්නේ මේ දේවල්නේ කියල... අපේ අම්මට මම ජාලෙන් ගෙනිහින් දෙනවා පින්තුර. එයා තමයි මට මැහුම් ගැන මගේ උනන්දුව ඇතිකළේ ( cross stitch /patch work / bazillion embroidery / ribbon work etc..) පස්සේ මම ජාලෙන් බලන් ගිහින් අලුත් දේවල් බෙදාගත්තා. ඇය ඒ වගේම දක්ෂ විදියට ගොතන්න දන්නවා. බීරළු දන්නවා.. මට නම් ඒක තාම කරගන්න බැරිඋනා. මමත් ඉස්සර ඒ පත්තරවල තියෙන පින්තුර පිලෝ කේසස් වලට පේන්ට් කරනවා. ( Fabric paints)

      Delete
  5. ඔයාගෙ වැඩ ලස්සනයි...අපේ අම්මගෙ නංගි ඔය Cross Stitch වලට ගොඩාක් දක්ෂයි...එයාගෙ ගෙදර බිත්තියෙ එයාගෙ වැඩ කිඩ රාමු කරලම ගහලා තියෙනවා...ගෙදරට එන කෙනෙක්ට පේන්න....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මේවා කරනකොට කාලේ යනවා දැනෙන්නේ නැහැ. ඒ වගේම නිමකරපු නිර්මාණයක් හිතට ගේන සතුට හරිම සුන්දරයි. මමත් මේවා බිත්තියේ ගහලා තියෙන්නේ. කීපයක් ඇරෙන්න ගෙදරට එන අය ඉල්ලුවොත් ඒවා දෙනවා. ඒ කීපය සන්ධිස්ඨාන නිසා පමණයි තියන් ඉන්නේ. අලුතෙන් මහන්න ආසයි. මම නම් ගොඩක්ම ඒවා රාමු කරන්නේ නැතිවෙන නිසා. නැත්තම් කොහෙහරි අමතක වෙනවා.

      Delete
    2. ගෙදර ආවා නම් එකක් ඉල්ලගන්න පුලුවන් වෙයි නේද හිටං....

      Delete
    3. සමහර වෙලාවට ඔව්...

      :-)

      Delete
    4. නුවර පළාතෙ එන්න හිතාගෙන ඉන්නෙ...ඒ එන වෙලාවට සමහර වෙලාව ඇවිල්ලා තිබුනොත් සෝයි...

      Delete
    5. අපේ අය්යාගෙන් පර්මිෂන් අරගෙන ආවොත් තමයි ගෙට ගන්ට අවසර තියෙන්නේ. පොඩි කියන්නේ සුට්ටන් අව්ලක් තියෙනවා... උගෙන් අවසර ගන්න එක ලේසියි ඉස්සර යුද්ධ කාලේ උතුරට යනවට වඩා. කිසි කමකට නැහැ..

      Delete
    6. සිරා කොලුවා නුවර යන්නද කල්පනාව... හික් හික් මට මැවිලා පේනවා අයිය සිරා කොලුවා පස්සෙන් පන්නනවා . සිරා කොලුවත් කන්දක් දිගේ බඩ ගානවා බේරෙන්න.. නුවර කුමාරිත් කැ ගහනවා "නහි බයියා නහි.... චෝඩෝ සිරා චෝඩෝ .."

      Delete
    7. සිරා කෑගහනවා..

      "බචාවෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ "

      Delete
  6. පට්ටයි ඈ! වසීකෘත වුනෙමි.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි ඈ.... අනේ මෙව්වා මොනාද අනිත් අයගේ නිර්මාණ දැක්කනම්..

      Delete
  7. ක්‍රොස් ස්ටිච් ටික අපේ නෝනා දැක්කනම් මට නුවර කුමාරිගේ ගෙදර එක්ක යන්න වෙනවා.. . ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද? එයා ආසද? මහන්න කියන්න. X stitch නම් මම හරියට මහන්සි වෙලා මැහුවේ. නුල් හොයන්න පුදුම කට්ටක් කෑවේ. ඒ උනාට ඉවර කරපු නිර්මාණයක් දැක්කම හරිම සතුටුයි.

      Delete
    2. ආසදත් අහනව. . මගේ Birth Day එකට දෙන්නෙ එයා මහපු x stitch එකක් තමයි..

      Delete
    3. මමත් ඔහොම දුන්නා මගේ යාළුවන්ට ඩෙස්ක් එකේ තියන්න පුළුවන් සයිස් එකේ x stitch නිර්මාණ. ඇත්තටම ඒවායේ වටිනාකම වැඩියි ඔවුන් වෙනුවෙන්ම කරන දෙයක් නිසා.

      Delete
  8. Cross Stitch mania එක මටත් ඉස්සර තිබුනා. හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම මේ කියන රෝගයේ ජොලිය හොඳින් අඳුනනවා නේ? හි.. හි... මට ඒක Seasonal disease එකක් වෙලා දැන්.. හි.. හි... ඉඳල හිටලා ආයෙත් රෝගලක්ෂණ පහල වෙනවා.

      Delete
  9. අපූරු mania එකක්.. consequences ඊටත් වඩා අපූරුයි නේ.. අනේ අපිට ඔහොම යාලුවෝ නෑනේ තෑග්ගක් දෙන්න.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් අවසන් result මිසක් අවශේෂ results නෙවෙයි අනේ. මේ ප්‍රතිපල වලට අමතරව පාට පාට නූල් කන්දක්, ඉතුරු වෙච්ච කෘතීම මල් පොකුරු ( කවදාවත් ඉවර වෙන්නේ නැහැ ) සහ කපපු රිබන් , රෙදි කෑලි අතරේ ඉන්න වෙනවා. මොකද වැඩේ ඉවර වෙනකල් අයින් කරන්නත් බැහැ. ඊටත් වඩා ඉතුරුවෙන කෑලි කොහේ දාන්නද. මම වෙනම කාමරයක් තියන් ඉන්නේ හැඩිකරන්න මට! හි.. හි...

      ආ... ඒකනේ... වාසනාව තිබ්බොත් මම වගේ යාළුවො ලැබෙයි. හික්..

      Delete
  10. නියමයි උපේක්ෂා...මගෙ බොක්කෙන්ම හදපිරි මෙව්වා එක හොඳේ..දිගටම මහන්න. නතර කරන්න එපා.අපරාදේ..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි.... දැනට ඇණහිටලා තියෙන්නේ වැඩේ නම්. ආයෙත් පටන් ගන්නවා

      Delete
  11. It is very beautiful.I read ur blog.this is first time commenting.keep it up.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...