Thursday, February 12, 2015

151. මොන්ටිසෝරියේ 'කොන්සට්' ( After the Nursery Concert)





අම්මේ මම
රහස් සියල්ලම දැනගතිමි...
ඔබ කී බොරුද හසුවුනි.

පාටක් නැති කියූ
පාට පාටයි කියූ
සියල්ලටම 'පාටක්' ඇත..

සුරංගනාවන් , කුමරියන්
කැරලි කොණ්ඩා තියෙන
සුදුම සුදු අය (පමණක්) බවද,

රකුසන්, මන්තරකාරියන්
වැද්දන් හෝ දුෂ්ඨයන්
කළුම කළු අය ( පමණක්) බවද ,


දැනගතිමි....

රහස් සියල්ලම දැනගතිමි...
අම්මේ මම.......!



2 comments:

  1. හුටා.................

    සමහර විට ඉන්න පුලුවං
    සුරංගනාවක් වගේ
    සුදු මන්තරකාරියොත්
    දුෂ්ට

    ReplyDelete
    Replies
    1. කවදාහරි දැකල තියෙනවද කොන්සට් එකකදී එහෙම කෙනෙක්? පොඩි ළමයින්ගේ කොන්සට් එකකදී????

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...