Monday, January 19, 2015

134. ~~~~ වපසරිය ~~~~



පෙම් කවිය
ඉරා යමි - කුස්සියට


කරපිංචා
කොළ දමමි
හොද්දකට...


සාලයේ හඬ මකමි
බ්ලෙන්ඩරේට..


අමුත්තන් නොපතමි
අද රෑට....



17 comments:

  1. පෙම් කවිය හා
    කවි හිත
    රස කෑමකට
    රැවටුනිද?

    ReplyDelete
    Replies
    1. කියන පෙම් කවි
      නොහැගෙනා සිතුවිලි..

      Delete
  2. අනාරාධිතවම පැමිණෙයි
    අමුත්තෙක්
    හිත අද්දරට

    ReplyDelete
    Replies
    1. ඉඩකඩ ඇතත් මුත්
      නොකලෙමි අවසරත්..

      Delete
  3. Replies
    1. දොරපියන් පතෙහි නැත්
      හඬයි දුරබනුව , රූ වාහනියත්
      කොයින් කොයි ලෙසට ආවත්
      අමුත්තනි සිත තවන මොහොතත්

      Delete
  4. කෝ හටන 2 ?

    ReplyDelete
    Replies
    1. :-) හි.. හි... හරි හරි එවන්නම්... මම හිතුවේ ඒක පට්ට බෝරින් ඇති කියල...

      Delete
  5. කාලය වෙනස් ව්ද්දී එහෙමත් වෙනව තමයි..

    ReplyDelete
    Replies
    1. හිතක් හා පොරබදන
      වසර ගණනක් නොමදැන
      නොවී වියපත් මන
      අදහම්ද මේ යොවුන් පතියක් වෙන

      Delete
  6. හරි මචං....
    ඩිනර් කැංසල්

    ReplyDelete
    Replies
    1. කඩිමුඩියෙ සකසා
      මුත් නැත රසය ඉවසා
      නැත එක බැල්ම පවසා
      නොම වරද දෙමි බොජුන් විගසා

      Delete
  7. කෝ යකූ අරකෙ පාර්ට් 2?

    ReplyDelete
    Replies
    1. හරි හරි ලියන්නම්.... කම්මැලියි අනේ.. මම හිතුවේ ඔයාලටත් ඒක බෝරින් කතාවක් වෙන්න ඇති කියල...

      Delete
  8. හෙට රෑට ආවොත් ??

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...