Wednesday, August 27, 2014

72. බීරිවෙන නිහඬබව



සද්ද බද්ද නැති දහවලක්
තියෙන දවසක
සවසක...
ඉරක් විතරක්
තිබ්බ අහසක
වෙරළක...



පොඩි
සිමෙන්ති බංකුවේ
ඉඳගෙන හිට
ගෙහුං ගෙදරට....

මහා ගෝසාවක් මැද
නිදාගත හැකිද මට...
මේ පෙම්බර
සඳ තියෙන වෙලාවක .....

14 comments:

  1. ගෝසාවක් මද නිදාගත්තත් පෙම්බර සඳ තියෙන වෙලාවක නම් බැරිවෙයි

    ReplyDelete
  2. Sound of silence කියන එකට කනක් ඇහිලා ඉන්න බෑ බං මටත්.
    ඕක ඉවසන්න බැරි ලයිට් හෙන නැතුව ගිය වෙලාවට. කන් දෙක පසාරු කරගෙන යන හූ හඬක් ඇහෙන්නේ. මට පිස්සු(ද මන්දා)

    ReplyDelete
    Replies
    1. හරියට හරි හෙන්රි.....

      හිතන්න හඳ හොඳට පායලා තියෙන දවසක ලයිට් ගියහම?

      Delete
  3. අනේ මටනං ඔය නින්දවල් ගැන කිසි ප්‍රශනයක් නෑ වැටෙන පමා, හඬ පායුවත් එකයි බල්ලෝ උඩු බිරුවත් එකයි, අල්ලපු ගෙදර එකට හෙන ගැහුවත් එකයි මම නිදි, (මගේ සිහිනය මට බලන්න නින්ද යන්න) :D

    ReplyDelete
    Replies
    1. හික්..... මෙලෝ රහක් නැති කතා කියන්න එපා අනේ

      Delete
  4. වෙලාවට මට ඔය ප්‍රශ්න නැත්තේ :D

    ReplyDelete
    Replies
    1. මෙව්වා හෙන රොමැන්ටික් කතා හරිද? හි.. හි...

      Delete
  5. ට්‍රයි කරලම බලන්න ඕන එහෙම වෙලාවක නිදාගන්න පුළුවන්ද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මිට කලින් ඇහැරිලා ඉඳල

      Delete
  6. හිකිස්...

    කුණු වෙන්න හොදට නිදිමතත් තියේ නං...
    හොදට පත බෑවෙන්න ඇදකුත් තියේ නං..
    හීතලට පොරවන්න රෙද්දත් තියේ නං..
    අනෙ මට මොකද බෝම්බත් පුපුරපං

    ReplyDelete
  7. කෝච්චියේ ඩක ඩකය උඩ
    මහා පාරෙ හෝන් හඬ මැද
    පතබෑවී බුදියන මට
    නොව අවුල් පෙම්බර සඳ

    ReplyDelete
    Replies
    1. මටත් වතුරේ උනත් නින්ද යනවා... හැබැයි මේ වගේ වෙලාවට බෑ

      Delete
  8. මටත් කෑගහන නිහඬතාවය දරාගන්න අමාරුයි සමහර වෙලාවට.
    හැබැයි හෙමි හෙමින් ලොකුලොකු කතා මුමුණන නිහඬතාවයටනම් මම ආසයි.

    ReplyDelete
    Replies
    1. කසුකුසු කුට්ටම් නේද? අනේ මට එව්වා ඇහෙන්නෙම නැහැ නේ... චෙක්

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...