Wednesday, August 13, 2014

62. මගේ හැටි



කිසිවක්
එක ලෙසකට
කරගත නොහැකි

පුදුමාකාර නැට්ටුක්කාරකමක්
මට
ඇත !!!


35 comments:

  1. මාද
    නැට්ටුක්කාරයෙක්
    බව
    නොදන්නෙහිද
    ඔබ

    කිසිවක් නොව
    මොකවත්ම
    එකලෙස
    නොකරන

    ReplyDelete
    Replies
    1. නටපන් නැට්ටුවෝ
      හෙට අනිද්දාම
      පස්සට දෙකක්
      වදිනතුරු!

      Delete
  2. එකතැන ඉන්නට බැරි
    ඇග කසන ගතියක්..
    එක දෙයක් එක දිගට
    කරගන්න බැරි
    අමුතු කැසිල්ලක් මටත් ඇත..
    හිහික්

    ReplyDelete
    Replies
    1. ගමේ වෙදා (ග.වෙ)
      වෙද හාමිනේ (වෙ.හා)

      ග.වෙ - 'මමයි ගමේ වෙදායා ...
      මමයි රටේ වෙදායා ...
      මමයි බම්බු වෙදායා....
      එක බේතක් දුන්නොතින්
      ලෙඩේ සුවවෙය්යා
      මිනිසුන් ඉබේ මැරෙය්යා '

      ---------- මහේෂ් කස කස එයි------------

      ග.වෙ - 'වෙද හාමිනේ.. වෙද හාමිනේ මෙහෙට වරෙන්නේ'
      වෙ.හා - 'මේ එනවා මේ එනවා මොකද බොලන්නේ?'
      ග.වෙ-' මුට කසන ලෙඩේ ලු '
      වෙ.හා - ' ඉතින් මම මොකක් කොරන්නේ?'
      ග.වෙ- ' හොඳට කොටපු කහඹිලියා ඇඟේ උලාපන්'
      වෙ.හා - ' හොඳා මම ඒක කරන්නං '

      වෙදහාමිනේ මහේෂ්ව අල්ලා කහඹිලියා ගායි..
      -------- මහේෂ් මරු විකලෙන් කෑගසමින් දුවයි ---------

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය වයසට ඔහොම තමා,පස්සේදී තැන්පත් වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද? නැත්තම් ඔයාට වෙච්ච දේ වෙයිද? හෑ ???

      Delete
  5. උඩරට නැටුම් ද?

    ReplyDelete
  6. උපතින් ලැබුණි මහා නැටුමක් මටත්
    වුනේය කොල්ලන් තිදෙනා ලොකු මහත්
    අවැසියි දෙන්න ඔවදන් උන් හටත්
    දෙන්නේ කෙසේ ඔවදන් නටමින් මමත්.

    ReplyDelete
    Replies
    1. නටමින් උන්නු උඹටත්
      කීමට දෙයක් නොමදත්
      ඔන්නොහෙ කොල්ලෝ දෙන්නටත්
      නටපන් කියා වහපන් දොරත්!

      Delete
  7. අදද දන්නේ............

    ReplyDelete
  8. අතපය නටනකොට
    උඩරට බෙර පදයකට
    මොළේ උඩපනිනව
    හිපොප් බීට් එකකට

    කොහෙද එතකොට හදවත?
    ආන් ඌ බාල් නැටුමක
    :P

    ReplyDelete
    Replies
    1. උන් කොහේ යන්නද
      මෙන්න මෙහෙ බස්සි උයනකොට
      දීපන් උන්ට කන්නට
      ඉදින් ඉවරයි නැටුම මිහිපිට!

      Delete
  9. හැ යකෝ ඔක්කම කවි කමෙන්ට් ! මම වාක්‍ය රචනයක් ලියනවා එහෙනම් ^_^ හිකිස් ! 

    ReplyDelete
    Replies
    1. වාක්‍ය රචනයේ තිබ්බ මෙව්වා ගතිය මැකෙන්න අඩු තරමේ හිකිස් ගාපු එක මදෑ !

      Delete
  10. නුවර පෙරහර ඉවරයි නේද? දැන් මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ .....

      පෙරහැර ගිහින්...
      මම තාම සොවින්
      කෝ මුන්ගේ පවින්
      මම එපෑ නහින්ට විහිං !!

      Delete
  11. Replies
    1. කෝ එන්ට බලන්ට......

      ඔය ඔලුව වටේ බුල් ටික කුරිච්චියක් බැඳගමුකෝ එහෙනම් !

      Delete
  12. අපි හිතුවා ලගදිම හොද අඩව්වක් අල්ලයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇල්ලුවා අනේ... කෝ... ලිස්සුවා නේ...

      Delete
  13. Vermox හෝ
    mebendazole
    හරී හොඳයි
    ඔය ලෙඩේට.

    වැඩිදූර
    උපදෙස් දෙන්නේ
    ඉල්ලුවොතින්
    පමණකි සඳ

    ReplyDelete
    Replies
    1. ආහ් උපේක්ශාට පණු අමාරුවද?

      Delete
    2. වෙන්නත් පුලුවන් රංගි. එහෙම නැතිනම් තුත්තිරි ගාල්වල වනපු ඇඳුම් ඇන්දාමත් ඔහොම වෙනවා. ඇයි කූඹි ගුල් උඩ! :D

      Delete
    3. ඔන්න ඔන්න හෙන්රියයි, රන්ගියි එකතු වෙලා මගේ කලාකාමී නැටුම් නැති කරන්නද හදන්නේ?

      Delete
  14. ජ්වලිත කිහිර'ඟුරක්
    නලියන සෛල අහුරක්
    ගිණි හිරු කිරණයක්
    නොවෙද සැදුවේ ලොවට දරුවෙක්..?

    එකෙළ මෙකෙළව නැගි
    සිතුවිලි හඳුන ගන් සකි,
    එවන් ගති ඇති අපි
    නොවෙද කෙරුවේ ලොවට වෙනසක්.!

    ReplyDelete
    Replies
    1. එහෙම නලියන දෙයක්
      මෙහෙම එක විදියක්
      කරනු බැහැ මොහොතක්
      සොබාදම් කරනු වෙන කුමක්?

      ලෙසම කරමින් උන්නත්
      අලුතක් නැතුව බැරුවත්
      නොකෙරෙනම දේ කොරතත්
      උන්ට අඳුකොළ වගේ මේ මැට්ටිත් !

      Delete
  15. පස්සේ හරියාවි..

    ReplyDelete
    Replies
    1. නිවාඩු දාල ගිහින්වත් බලන්න වෙයි

      Delete
  16. මැදියමේ කුරුලු ගී මුමණන
    මද්දහන සීතලෙන් නහවන
    හීනත් සිතුවමක රඟදෙන
    හදවතකි මායිම් නොහදුනන

    ReplyDelete
    Replies
    1. සීතලේ ගින්න නොදකින
      නිකම්ම පිස්සුවෙන් උඩපනින
      මේ මැන්ටලේ ඉවසන
      කෙනෙක් නැත ඔබ මෙන

      Delete
  17. බම්බලපිටියෙ ඩොක්ට ගාව ඔකටත් හොද බෙහෙත් තියෙනවලු

    ReplyDelete
    Replies
    1. තිබ්බද? ඇයි අනේ ඔයා ගිය වෙලාවේ මටත් එක්ක ඉල්ලගෙන ආවේ නැත්තේ? සැක් !

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...