Monday, July 15, 2013

23. ඇඩ්ඩින් , සයිමොන්, සියදෝරිස් ...

මම වැඩ කරපු ඔෆිස් ඔක්කොටම පොදු එක දෙයක් කියන්නද? ඒ තමයි පිස්සු කෙලීම !! එකම එක ඔෆිස් එකක් ඇරෙන්න, අනිත් ඔක්කොම ඒ වගේ පිස්සු තැන් ! තැනේ වැරද්දක් නෙවෙයි... ඒවාට ගන්නේ අපි වගේ පිස්සෝ වෙන්න ඇති හැක් .. හැක් ....
ගොඩක් වෙලාවට මම කල්ලියකට සෙට් වෙනවා හරිම අඩුයි.. එන එන විදියට කට්ටිය එක්ක ඉන්න මට පුළුවන්... (පුළුවන් කියල හිතන් ඉන්නවා වෙන්න ඇති..... හි හි..) ඒ කියන්නේ... කන්න යන්නේ එහෙමටමත් සෙට් එකක් එක්ක නෙවි.... කන්න යනකොට ඉන්න කට්ටියත් එක්ක කන්න වාඩි වෙනවා.... එලියට යනකොට යන කව්රුහරි එක්ක යනවා... හැබැයි ඉතින් මට වැඩිය දිරවන්නේ නැති අය එක්ක නම් වැඩිය බජනෙට යන්න නැහැ... මොකද මගේ කට මොනා හරි පිට කලොත් එක නරකට හිටින්න පුළුවන් නේ....


මගේ අතිජාත ඔෆිස් මිත්‍රයෝ (මිත්රියෝද මන්ද...) කීප දෙනෙක් ඉන්නවා...  ඒ අතුරින් දෙන්නෙක් ගැන තමයි මම මේ අද කියන්න යන්නේ.... එක්කෙනක් මම මිට කලින් කියපු යාලුවෙක්. අර කඩෙන් ඩු ගත්ත ඒ වගේම අර බස් කතා ගොඩකට හිමිකම් කියන ගෑනු දැරිවි.... අනිත් එක්කෙනා නම් අලුතෙන් හඳුන්වල දෙන්න වෙනවා.... අපි එයට කියමුකෝ 'වත්සලා' කියල... මේ අර සොඳුරු සිත ලියන වත්සලා නම් නෙවෙයි ඔන්න! හි හි... මේ වත්සලා නම් පිස්සු කෙල්ලෙක්... ඒ කියන්නේ අමුම අමු පිස්සු... හොඳම එක...

අර පහුගිය කතාවල කිව්වා වගේ අපි අර යාලුවට මේ පාරත් 'අමාලි' කියමුකෝ... ඔන්න දැන් කතාවේ ඉන්නේ මන් තුමියි, අමාලියි, වත්සලායි. අපි තුන් දෙනා අර පොඩි පහේ ගැන්සියක් ගහගෙන හිටියේ... සාමාන්‍යයෙන් මම ගැන්සියක් එක්ක හිටියේ නැතුවට මේ ඔෆිස් එකේ එහෙම නැතුව බැරි උනා... එකට හේතු ගොඩයි අප්පා... පස්සේ ඒ ගැන වෙනම ලියන්නම්කො... අපි තුන්දෙනා ගේ පෙනුම කිව්වොත් ඔයාලට හිත ගන්න පුළුවන් මාතෘකාව...

අමාලි  - මහතයි , නිතර අමතකවීම් සහ අර බස් වල යාම් ඊම්  වලදී වගේ නොමිලේ ඇඩ්  ලබාදීමට රුසියෙකි 
වත්සලා - කණ්ණාඩි දමයි, කෙට්ටුයි, උසායි..... බුද්ධිමත් වගේ උන්නට ඉතිං ... නෑහ් .... එක්කෝ ඕනේ නැහැ..... 
මම - මොකක් හරි බාල්දියක් පෙරලෙයිද... මම එතන, එහෙමත් නැත්තම් ඒ අසලින් හෝ ගමන් කර ඇත.... එතරම් උස මහත නැත...

ඔන්න ඉතින් අපිට එක එක නම් පට බන්දන්න කොතරම් කට්ටිය හිටියද අප්පා..... කට්ටියක් අපිට '3 ඉඩියට්ස්'  වගේ පොෂ් නම් දැම්මට අපි නෙවෙයි සැලුනේ! කොහොමින් කොහොමහරි ඕක කෙලවර උනේ අපි විසින්ම 'ඇල්වින් ඇන්ඩ් ද චිප්මුන්ක්ස් ' වගේ සුවීට් නමක් දමා ගැනීමයි.

මිට කලින් අපි සියදෝරිස් ... නෑ .. නෑ  වැරදුනා අමාලිගේ කතා කීපයක් කියල තියෙන හින්දා මම හිතුව මේකෙදි මම සයිමොන් හෙවත් වත්සලාගේ කතාවක් දෙකක් කියන්න...

මේ සයිමොන් නෑ ... නෑ .. වත්සලත් ටිකක් විතර.. නෑ ... නෑ ... ගොඩක් විතර සිහිය මඳ  කෙල්ලෙක්.... කොයි වෙලෙත් වලිගෙ පාගාගෙන වගේ මාර බිසී විදියට තමයි පෙන්නන්නේ.... එත් හිටපු ගමන් ඔක්කොම වයර් ටික ඩිස්කනෙක්ට් වෙලා බර නින්දකට වැටෙනවා... කොහොමද අහන්න එපා...එයා එහෙම කරනවා... මගෙන් අහන්නේ ඇයි  අප්පා.... මෙයාගේ මේ වැඩ ගැන එයාගේ අල්ලපු කියුබිකල් එකේ ඉන්න බෝයි දන්නා හින්ද මෙයාව බයිට් කරනවා හිටපු ගමන්. 

ආ.. තව එකක් කියන්න ඕනේ... මේ කාලේ අපේ රිපොර්ටින් මැනේජර් හිටියේ එතරම් වයසක් නැති, ඒ උනාට තැන්පත් ගතිගුණ තියෙන කෙනෙක්. අපි කියමුකෝ එයාට 'ප්‍රසාද්' කියලා... බොරු කියන්නේ මොකටද ඉතින් අපි කෙල්ලොත් ඉතින් අර ප්‍රසාද් කාරයට පොඩ්ඩක් විතර බැල්මක් ගෙන හිටියේ... අනේ වෙන මොනවටවත් නෙවෙයි අප්පා.. සහෝදර කමට! ඒ මනුස්සය පවුල්කාරය වෙච්චි.... අපි ඉතින් ඔව්වට නැහැ නේ අය්යෝ.. මොකද කෙල්ලෝ අතේ ඇඟිලි ගානට හිටියට ඒ ඔෆිස් එකේ කියල කොල්ලෙක් හොයා ගන්න එකත් අර මොකද්ද එකක් හොයනවා වගේ!!! ඔක්කොම් හිටියේ මෙලෝ රහක් නැති.... ඒ මදිවට යාලුවෙන්න කෙල්ලෝ හොයන අයනේ අප්පා....
අනේ කිව්වට විස්වාස කරන්න... අර ප්‍රසාද් නම් ඔලුව උස්සල බලන්නේ නැති තරම්! ( අපි බලන වෙලාවට විතරයි....) කතා කරන්නෙත් හරිම තැන්පත් විදියට (අපි ඉන්න තැන විතරයි...) අපේ පිස්සු වැඩත් ඉතින් හරිම මැදහත් සිතින් ඉවසනවා... හැබැයි ඉතින් ඔෆිස් වැඩ වලට ගියාම එයා විතරක් නෙවෙයි අපිත් සීරියස්.... ඒ හින්ද වැඩකට කතා කරාම අපි ප්‍රසාද් ගාවට යන්නේ ඒ මූඩ් එකෙන්....

ඔන්න එක දවසක් වත්සලා නෝනා සුපුරුදු විදියට ..  ඇවිත්.වෙලාව කියන්නේ එයා උදේට නාලා ඇවිත් හිටපු හින්ද කොන්ඩෙත් පොඩ්ඩක් ලෙහාගෙන ඉඳල තියෙන්නේ. මමයි වත්සලයි දෙන්න වෙන වෙන ටීම් වල හින්දා මම එදා නම් හරි බිසී වෙලා හිටියේ. ඒ උනාට වත්සලට වැඩිය වැඩ තිබිල නැහැ. අපේ ෆීල්ඩ් එකේ හැටි තමයි වැඩ තියෙනකොට පොරි හැලෙන්න වැඩ... සමහර දවස් වලට රෑ  එලි වෙනකල්, සති අන්තෙත් එක්ක වැඩ වැටෙන්නේ... දවස් කීපයක් වැඩක් නැතුව ඉන්න පුළුවන් වාසනාවක් පැදෙන්න ඉඩකුත් තියෙනවා.... මෙයාට ඉතින් අර පින පල දීලා නිවාඩුවක් ලැබුන... මම ඉන්නේ එයට පිටුපාල... මට පෙන්නේ නැහැ මිනිහගේ වැඩ...
කොහොමහරි මේ කෙල්ලට ඔහොම නින්ද ගිහිං !! මේ මහා දවාලේ! හි... හි..... වැඩි අව්ලක් නැහැ කියුබිකල් හින්දා... ටික වෙලාවකින් මහා සද්දෙකින් පුටුවත් තල්ලු කරගෙන වත්සලා නැඟිටිනවා ඇහිලා මම ආපහු හැරිලා බැලුවා....
මෙන්න මෙය අර කොන්ඩෙත් කඩාගෙනම යනවා.... ප්‍රසාද් ගේ ටේබල් එක දිහාවට.... මට සකෙට මම අල්ලපු කියුබිකල් එකේ බෝය් දිහා බැලුව... වත්සලා ඈතට යනකොට උගේ මොනේ තිබ්බ සීරියස් මුඩ්  එක වෙනස් වෙලා ලොකු හිනාවක් ඇදෙනකොට මම  තේරුම් ගත්ත මොකක් හරි වෙලා ඇති කියලා...

"ඒයි .... රෙජි.... මොකද අර වත්සලා එක පාරට පෙට්රෝල් ගහපු පුසා වගේ දිව්වේ?"

"හෙහ්... හෙහ්.... මම කිව්වා ප්‍රසාද් කතා කළා කියලා.... මෙතන කුණු කෙලත් පෙරාගෙන ගොරවන්න ගත්ත හින්ද...."

කියලා රෙජි කියුබිකල් එකට මුවා උන සිද්දිය ඉස්සි ඉස්සි බලන ගමන් හිනා උනා..
මමත් ඉස්සිලා බැලුව....
වත්සලාගේ කොන්ඩේ හොදටම කැරලි කැරලි... කපුටු කුඩුවක් වගේ ලෙහුවම... මට මතකයි ඉස්සර එක දවසක් අර කව්දෝ 'බබෙක්' වගේ කියලත් එයාට කට්ටිය විහිළු කළා....

මම බලාගෙන ඉන්නකොටම මේ කෙල්ල කඩාගෙන බිදගෙන ප්‍රසාද් ගේ ටේබල් එක ගාවට යනකොට මම දැක්ක ප්‍රසාද් බය බිරාන්ත වෙලා බැලුවා..... වත්සලා මොනාදෝ අහනකොටම එක පාරටම 'බකස්' ගාල ප්‍රසාද් ගේ කටින් අලිම අලි හිනාවක් එලියට පැන්නා ..... තප්පර කීපයක් ගත උනා... එතන ගල් ගැහිලා හිටපු වත්සලා හැරුනේ විදුලි වේගෙන්..... 

බස බස ගාලා ආපු වත්සලා ආපු ගමන් කලේ එයාගේ ටේබල් එක උද තිබ්බ සොෆ්ට් ටෝය් එකෙන් රෙජිට 'ඩොන් ..' ගාල ගහපු එක...

හිත ගත්ත හැකි නේ වෙච්ච දේ...?
වත්සලා නිදාගෙන ඉන්නකොට එකපාරට අහරවපු රෙජි කියල ප්‍රසාද් කතා කරනවා කියලා....  මෙයට හිටපු තැන මතක නැතුව කොන්ඩෙත්  ලිහාගෙන දුවගෙන ගිහින් තියෙන්නේ සෙරෙප්පු දෙකත් නැතුව!!! එන වේගේ දැකල ප්‍රසාද් බය වෙලා..... ඔන්න අපේ සයිමොන් ළමයාගේ බුද්ධිමත් කම! ඉස්සෙල්ල මම මුකුත් කිව්වේ නෑ නේ?

පිතුරේ නම් අපි ගත්ත එකක් වෙන්න පුළුවන් නේද? හැක් ... 

22 comments:

  1. කස්ටිය ටිකක් හුරු වෙනකං ජේද ජස්ටිෆයි කරල ලස්සනට පිළිවෙලට වැඩේ කරන්න.. ඩයලොග්ස් වෙන පාටකින් දානවනං හොදා.. මොකද ටික දවසක් කියවල තමා රසය හොයාගන්නේ. අපි කියවන අයට උදව් කරන්න එපායැ. නේද

    ReplyDelete
    Replies
    1. එපා එපා .......ජේද ජස්ටිෆයි කරන්න එපා ... එතකොට කියවන්න අමාරුයි බං.. මැගසින් එකක් අරන් බලපං .... දිගට ලියාගෙන ගියපු එකක් කියවන්න අමාරුයි ජස්ටිෆයි කලාම ......
      කථාව නං එල

      Delete
    2. හොදයි... දෙබස් එහෙනම් වෙන පාටකින් දාමුකෝ . ඉස්තුති මේ පැත්තේ ආවට

      Delete
  2. narakama ne wage ...digatama liyamuko

    ReplyDelete
  3. ඉතින් ඊට පස්සේ ප්‍රසාද් ට තොවිලයක් අරින්න උනාද?

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ එයාට අපේ පිස්සු පුරුදුයි කියලා..... ඔය ඉන්නේ එයා අපුරුවට අප්පා.... ( ටිං .... ටිං .. ලු ඈ හි හි හි....)

      Delete
  4. නුවර කුමාරි එක්ස්ප්‍රස් කියවනකොට මතක් උනේ මියුරුගෙ ලෝකේ ,
    අදයි මුලින්ම ආවේ.හොඳට ලියනවා, ලස්සනයි.

    අර ප්‍රසාද් හිතන් ඇති මේකනම් මහ පිස්සු කේස් එකක් කියලා

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට ....
      සාදරයෙන් පිළිගන්නවා

      හාහ්... හාහ්... මිට වැඩ දේවල් වෙලා තියෙනවා අප්පා.... පුදුමයි ඒ මනුස්සයා අපි හින්ද පොලිසි ගියේ නැතුව.. හාහ්.. හාහ්...
      කෙල්ලෝ උනාම අපිටත් කියල ජොලියක් තියෙන්න එපෑ ... අපි නම් අහිංසක විදියේ සතුටක් වින්දා... ඔහුත් ඒක දන්නවා මම හිතන්නේ..

      Delete
  5. මටත් මතක් උනේ මියුරුගේ ඔෆිස් එක තමයි.... අපේ ඔෆිස් එකේ තිබ්බ එකම ලෙඩේ කොල්ලෝ හැටමුටාමාරක් හිටියට කෙල්ලො නෑ... හරියටම තුන්දෙනයි ... අනිත් කීප දෙනා ඇන්ටිලා... 90 ගානක් හිටපු ඔෆිස් එකේ ගෑණු පරාණ හිටියේ 10යි.... හිතාගන්නකෝ ඉතිං තත්වේ..... හි හි....

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා... හිරු....
      මම ගිහින් බැලුව මියුරුගේ ගෙවල් පැත්තෙත්..... ඔව් ඔව්... ඒ වගේ තමයි...

      Delete
  6. අඩේ මාර කේස් එක කියන්නේ මට නිකන් සිද්දි දාමයම මැවිලා පේනවා පේනවා වගේනේ ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දැන් පෙන්නනවා... දැන් පෙන්නනවා......
      ස්තුති කොමෙන්ටුවට

      Delete
  7. බුහහා... සිරා කට්ටියක් වගේ නේ :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ස්තුති...
      රජ සැප නම් කියල වැඩක් නැහැ...

      Delete
  8. පව් අප්පා වත්සලා නෝනා.... නිදා ගන්න එකෙක්ටවත් නිදා ගන්න දෙන්නේ නැති හැටි....

    ඉස්සර 8 වසරේදී මමයි මගේ යාළුවො දෙන්නයිත් හැම තිස්සෙම එකට. කොහෙ ගියත් එකට. මොනවා කලත් එකටමයි. ඒ නිසා ඒ දවස් වල අපේ සයන්ස් උගන්නපු මිස් අපි තුන්දෙනාට කිව්වේ රජතුන් කට්ටුව කියල.....

    ReplyDelete
    Replies
    1. මට හිතිලා තියෙනවා සාමාන්‍යයෙන් සෙට් ගොඩනැගෙන්නේ ඔත්තේ ගණන් වලින් කියලා. ඔය 'ෆැන්ටස්ටික් ෆෝ' වගේ එව්වා ඇරුණුකොට.. සංගීත කණ්ඩායම් පවා මම හිතන්නේ ඔත්තේ සංඛ්‍යා වලින් තමයි කල්ලි ගැහෙන්නේ නේද? මමත් ගොඩක් වෙලාවට එහෙම ඔත්තේ සංඛ්‍යා කණ්ඩායම් වල සාමාජිකයෙක්

      Delete
  9. මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා. ඔයාට ආවේනික ශෛලියකින් ලිව්වොත් හොඳයි. මෙතන වෙනත් අයගේ වචන සහ ශෛලීන් තියෙනවා. බලන අයට මේවා පට ගාලා මීටර් වෙනවා. මම හිතනවා ඉදිරියේදී ඔයා අපේ බඩ පැලෙන්න ලියයි කියලා.

    ReplyDelete
    Replies
    1. කිසිම තරහක් නැහැ... සමාවෙන්න....
      සමහර වෙලාවට වෙන්න ඇති... මම ලියන විදි කීපයක් තියෙනවා... කතාවේ හැටියට තමයි තෝර ගන්නේ මොන විදියෙන්ද ලියන්නේ කියල . මම හිතල කාගෙවත් විදියක් නම් කොපි කලේ නැහැ.... මම උත්සහ කරන්නම්...
      (මම බ්ලොග්කාරියක් නෙවෙයි හොදේ.... නිකන් ලියනවා මිසක්...)

      Delete
  10. ඔව් ඔව්, ත්‍රී ඉඩියට්ස් ට වඩා හොඳයි ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස්. හනේ අර වගේ ඩිපොසිට් (තැන්පත්) බුවෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි මේ කෙල්ලෝ!

    ඔය ත්‍රී ඉඩියට්ස් කියන එක ගැන හැමෝම කතාවෙන නිසා මම ඕක පෙන්ඩ්‍රයිව් එකට කොපි කරගෙන ඇවිත් දවල්ට කන වෙලාවට බලන්න තියාගත්තා දීපයි මායි. හයියෝ සබ්ටයිටල්සුත් නෑ. දැන් දවස් හතරක් විතර ටික ටික බලලත් තවත් බාගයක් විතර ඉතුරුයි. සති දෙකකින් විතර බැරි වුනා තව කෑල්ලක් බලන්න.

    ReplyDelete
    Replies
    1. අනේ කියල වැඩක් නැහැ එයාගේ ඩිපොසිට් කම නම්! ඒක තමයි මම කිව්වේ අපි ඉන්න වෙලාවට විතරයි කියලා එයාගේ තැන්පත්කම!

      අය්යෝ ඩුඩ් .. ඒ වගේ මුවී එකක් බලනකොට සබ්ටයිටල්ස් එක්ක බලන්න එපෑ... මම හරි කැමති මුවී එකක්.... හිනා වෙලා යමක් ඉගෙන ගන්න පුළුවන්, හිතන්න දෙයක් තියෙන මුවී එකක්...

      Delete
    2. අන ඒකටත් එක්ක Three Stooges. බැලුවද ඒක? මම ඒක මේ වනකොට තුන්පාරක් බලලා තියෙනවා මේ අවුරුද්දට විතරක්.

      Delete
    3. නෑ අනේ... මේ දවස් වල මුවී මූඩ් එකක් නැහැ.. බලන්නම්කෝ එහෙනම්. ලඟදි මුවි මූඩ් එකක් එයි වගෙත් හිතෙනවා.. හි... හි...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...