Thursday, June 6, 2013

09. බස් කතා......



බස් එකේ යද්දී වෙන කතාවක් ලිව්වා නිසා මට මතක් උනා තව බස් කතා ටිකක්...

මට ඉන්නවා යාලුවෙක්... කිව්වට විශ්වාස  කරන්න.... එයත් එක්ක බස් එකේ ගියොත් ටික දුරකට හරි... මොකක් හරි අටමගලක් වෙනවා වෙනවමයි.....

ඔන්න එකෝමත් එක දවසක අපි දෙන්න ගියා පොඩි වැඩකට බස් එකේ... යන්න තිබ්බේ හෝල්ට් 3ක් විතර... මම බස් එකට නගින්න යනකොටම එයාගේ අතට ගමන් ගාස්තු වලින් මාරු ටිකක් දුන්නා  එයාගේ අතේ තියෙනවා කිව්ව  හින්ද.

ඔන්න අපි ඉතින් බස් එකේ ඉඩ තිබ්බ නිසා වාඩිත්  උනා  හැබැයි තැන්  දෙකක..... දැන් හොදටම traffic එක... හෙමින් හෙමින් බස් එක ඉස්සරහට යනවා... 

හෝල්ට් එකායි ...... හෝල්ට් දෙකායි ... ඔන්න යන්තම් බහින හෝල්ට් එක පේන  මානයට ආවා. පුදුම traffic  එකක්.... move  වෙන්නෙම නැති තරම්. හිටියා  හිටියා... යන්නෙම නැහැ. අපි දෙන්න මූණෙන් මුණ බලාගත්ත.... 

"බහිමුද?"

මම හෙමින් ඇහුවා. මෙයත් ඉතින් ඔලුව වැනුවා....

traffic  එකේ බස් එක තිබ්බ නිසා අපි දෙන්නා බස් එකෙන් බැස්සා. මට නම් නිතර පලදෙන සත්‍යයක් තියෙනවා.. ඒ තමයි.... පැයක්  කල්පනාකරලා ගන්න තීරණේට  වඩා ටුක් කියල කරන වැඩේ හරි යනවා. උදාහරණයක් කිව්වොත්... bank  එකකට ගිහින් ගොඩක් කල්පනා කරලා කරලා move  වෙන පෝලිමකට එකතු උනොත්...... එකතු උන මොහොතේ පටන් අනිත් සියලුම පෝලිම් අපි එකතු උන පෝලිමට වඩා ඉක්මනින් move  වෙන්න පටන් ගන්නවා! බොරුද කියල බලන්නකෝ මට නම් ඒක  90% සත්‍යයි!!


ඔන්න ඉතින් සුපුරුදු පරම න්‍යාය අනුව.. අපි බැස්ස ගමන් මෙතෙක් වෙලා traffic  හිර වෙලා තිබ්බ බස් එකත් ඔන්න ඉතින් move වෙන්න පටන් ගත්ත... අපි යන ගානටම ඔන්න බස් එකත් යනවා... බස් එකේ මිනිස්සුන්ට ඉතින් වටපිට බලන්න තහනමක් නැහැ නේ... ගොඩ දෙනෙක් බිම බලාගෙන යන අපි දිහත් බලන් ඉන්නවා අපිට දැනුන.. ඒ අතරේ ඉස්සරහ දොරේ එල්ලිලා හිටපු කොන්දත් හිටිය..... 

එකපාරටම සු... සු... ගාන  සද්දයක් ඇහුන.... 

ලොකුකමකට කියනවා නෙවෙයි.. මම නම් සු... සු.... ගාවට කිසිම දවසක බලන්නේ නැහැ...... ඔය වැඩේ හින්ද මම සමහර යාලුවන්ගෙන් බනුමුත් අහල තියෙනවා ලොකු කමට බලන්නේවත් නෙතුව ගියා  කියලා.
මම බැලුවේ නැතුවට මගේ යාලුවට බැලිල.... මට ඇහුන කියනවා..

"සල්ලි දුන්නේ නැහැ නේද ?"

දෙය්යනේ..... ඒ කොන්දොස්තර....!!! බස් එකේ ඉදගෙනම කියනවා ඇහෙනකොට මට මගේ යාළුවගේ මුණ බැලුන..

"එයි... තමුසේ සල්ලි දුන්නේ නැද්ද?" මම මගේ යාලුවගෙන් ඇහුව...

"අහ් ... මට අමතක උනා ..." ඒකි  කිව්වා.... මම දැක්ක මම දීපු සල්ලි ටික තාමත් එයාගේ අතේ තියෙනවා....

අපොයි.... වස ලැජ්ජාවයි...!! බස් එකේ මිනිස්සු ඔක්කොම ඒ පාර අපේ දිහා බලන් ඉන්නවා... අපි යන ගානටම බස් එකත් traffic එකේ ඇදෙනවා.. 

"සල්ලි දෙන්න සල්ලි දෙන්න....." කොන්දොස්තර බෙරිහන් දුන්න..... මට නිකන් කන් දෙකෙන් දුන් පිටවෙනවා වගෙත් දැනුන...

අපේ man ට කිසි අවුලක් නැහැ... එයා අතේ තිබ්බ සල්ලි ටික ගිහිං  මෙලෝ ගානක් නැතුව අර කොන්දොස්තර අතට දීල ආවා !!!

"මට අමතක උනා අනේ"! ඔන්න උත්තරේ!!! 

මල් පොකුරු පොකුරු ඈ  යනමග ඈ  දෙසටම නැමියන් !!!!! (පසුබිම් ගීතය)
---------------------------------------------------------------------------------------------------------------------------
ආයෙත්  එක දවසක මෙයාගේ මේ බස් සමග තියෙන සදාතනික බැදීම ගැන අපි දැනුවත් වෙලා හිටපු නැති කාලෙක මෙයත් එක්ක බස් එකේ ගියා.. 

වැඩිය සෙනග හිටිය නැති නිසා පිටිපස්සේ දොරෙන් බස් එකට නැගල අපිටවත් අල්ලගන්න වෙලාවක් ලැබුනේ නැහැ.... බස් එක අර ගාල කඩාගත්තා  වගේ එකපාරට ඇද්දුව ..... මාවත්  කැරකිලා  ගිහින් වෙන තැනකට විසික් උනා . මම බැලුව මගේ යාලුවට මොකද උනේ කියල... එයා පේන්න  නැහැ... බිම පොදියක් වගේ එකක් නම් තියෙනවා.... හපොයි දෙය්යනේ මේකි බිමට වැටිලා! බස් එක ඇතුලේ පොට්ටනියක් වගේ (මෙය පොඩ්ඩක් මහතයි...)

මිනිස්සු කෑ  ගහන්න ගත්ත. මිනිස්සුන්ගේ කෑගැහිල්ල කොහේ ඇහෙන්නද බස් එක පස්සපැත්ත  ගිනිඅරන් වගේ කඩාගෙන යනවා... මෙයා  බිම දොයි!! කොන්දොස්තරත් ඉස්සරහ හිටියේ... ඔන්න යන්තම් හෝල්ට් දෙකක් විතර ගිහින් මිනිස්සුන්ගේ විලාපෙ  කන වැටුන ඩ්‍රයිවර් උන්නැහේ ගැහුවා break  පාරක්!.... බිම දොයියගෙන හිටපු මෙය බස් එකේ බාගයක් දුරට ලෙස්සල ගියා  හරියට නිකන් අර typewriter  එකක් වගේ... මට ඔක්කොටම වඩා හිනා.... මිනිස්සු වට වෙලා දහසක් ප්‍රශ්න අහනවා! 

"වැදුනද වැදුනද...... කොහෙද වැදුනේ...... තුවාලද...කෝ මොකද උනේ..."

මේ බඩුවට මේවට උත්තර දෙන්න විදියක් නැහැ හොදටම හිනා! වැඩියම හිනා උනේ ලජ්ජාවට! දැන් මතක් උනත්  හිනා  යනවා.... (ඔයාලට හිනා ගියේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැතෝ....)

--------------------------------------------------------------------------------------
මේ කියන සිද්දියේ කතානායිකාවත් මගේ මේ යාළුවම තමයි.... මෙයාට  හිටපු ගමන් වෙන සිහියෙන් වැඩ කරන මූඩ් එකක් එනවා ..... කොයි වෙලේ මොකට එනවද කියල ඉතින් දෙය්යෝ තමයි දන්නේ...


ඔන්න ඉතින් වෙන සිහියකින් ඉන්න දවසක මෙය බස් එකට නැගල වාඩි වෙලා හොදට මනෝපාර  ගහගෙන ඉන්නවලු. ඒ අතරේ ඔන්න බස් එකට හිගන්නෙක් නැගල ඔන්න යාදින්නක්  එහෙම කියාගෙන ඉස්සරහ පැත්තෙන් එනවලු... මනෝපාර අතරේ මෙයාට  එකත් ඇහිලා මෙය හිගන්නට දෙන්න සල්ලි ටිකක් එහෙම අතට අරගෙන 

එත් එක්කම වගේ සෙනග අතරින් සල්ලි ඉල්ලන අතක් ඇවිල්ලා .. මෙය හිගන්නට දෙන සල්ලි ටික දීල. එකපාරටම...

"මේ කොහෙට යන්නද...." කියල අහුනලු. එතකොට තමයි මනෝ පාර බිදිලා මෙයාට පොඩ්ඩක් සිහිය ඇවිත් තියෙන්නේ....

බලනකොට හිගන්නාගේ සල්ලි දීල තියෙන්නේ කොන්දොස්තරට.... මෙය ගත කටටම....

"ඕක අර හිගන මනුස්සයට දෙන සල්ලි" කිව්වලු (කට පියන් ඉන්න බැරි කමට!)

"එහෙනං  ඒ මිනිහට දෙනවා! මට දෙනවා බස් එකට සල්ලි" කිව්වලු  කාරුණික කොන්දොස්තර...

මෙයත් ඉතින් අතෑරල  නැහැ....

"එහෙනම් දෙනවා ඕක මෙහාට" කියල ඒ සල්ලි ටික අරගෙන . වෙන සල්ලි ටිකක් දුන්නලු..... 

"පිස්සු case " කියල ගිහින් ඒ කොන්දොස්තර....
----------------------------------------------------------------------------------------------------------

ආයෙත් දවසක මෙයාගේ මනෝ ගහන දවසක් උදා වෙලා..... බස් එකට සුපුරුදු විදියට නැගල වැඩි වෙලා මනෝපාර  ගහගෙන ඉන්නකොට කොන්දොස්තර ඇවිත් සල්ලි ඉල්ලලා... 
රුපියල් 50 කොලයක් දීල 

"අඹගස් හතර එකයි.." කිව්වලු.... ඉතින් කොන්දොස්තර සල්ලි ටික අරගෙන ඉතුරු ටික මෙයාගේ අතට දීල ඉස්සරහට ගියාලු...

කොන්දොස්තර ඉතින් කොයි  වෙලෙත් "ටිකෙට්... සල්ලි.."ගගා බස් එකේ පිස්සෙක් වගේ එහෙට මෙහෙට දුවනවා නේ....

ඉතින් සුපුරුදු විදියට මේ කොන්දොස්තරත් ආයෙත්  "සල්ලි ගන්න...." කියාගෙන ආවලු..... මෙයා ලගට ආපු ගමන්..

"අඹගස් හතර එකයි...." කියල ඉතුරු උන සල්ලි කොළෙත් දික් කරලා ආයෙත් ticket  ගත්තලු......

කොන්දොස්තර එකපාරටම ඩිම් වෙලා ගිහින්...... ඒත් ticket එකට සල්ලි අරගෙන!!


බැහැල කඩේට යන්න හිතාගෙන බලනකොට තමයි ඉතින් මෙයා දන්නේ!... මදැයි නේද!!!

මෙයාගේ තව පිස්සු වැඩ කීපයක් තියෙනවා.. පස්සේ ලියන්නම්කො...

15 comments:

  1. මම මේකට දාපු කමෙන්ට් එකට මොනවා වුනාද මන්දා. මම කිව්වේ, ඇයි මේ කතා ඔක්කොම එක පෝස්ට් එකේ දැම්මේ කියලා. ඔයාට පුලුවන්නේ මේවා වෙනම, එක එක කතාව හැටියට තව ලුණු ඇඹුල් දාලා ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් හෙන්රිට උනා නම් මම දන්නවා ඔයා එහෙම තමයි කරන්නේ කියල මොනා කරන්නද අනේ මම කම්මැලි නේ.....

      හිකිස්.....

      Delete
  2. උපේක්ශාගේ යාලුවා බස් එකේ ගියා වගෙයි කියල පිරුලක් හැදෙයි මෙහෙම ගියෝතින්! අපි නම් මේ ආත්මෙට බස් එකට සල්ලි දෙන්න අමතක උනා කියල බැස්සට පස්සේ නම් දෙන්න යන්නේ නෑ! පට්ට කතාව මම කිචි කිචි ගාද්දී අම්ම කුස්සියේ ඉඳන් මොනා හිතුවද දන්නේ නෑ.! හිනා කාල මැරෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.... මේ යාළුවා ගැන නම් ඉතින් තව කතා ගොඩායි .... ඉන්නකෝ මම ලියන්නම්.....

      Delete
  3. අපොයි
    පණ නැහැ හිනාවෙලා

    ReplyDelete
  4. බස්සිගේ පෝස්ට් එකෙන් පාර හොයාගෙන මේ පොස්ට් එකට ආවේ... හි..හි.. ඔපීසියේ කට්ටිය බලනවා මොකද මම තනියම හිනා වෙන්නේ කියලා ... :D

    ReplyDelete
    Replies
    1. උන්ට ප්‍රින්ට් අවුට් එකක් අරගෙන පෙන්නන්න. මෙව්වා මම ලිව්වා කියලනම් කියන්න එපා බුදු තුෂානියෝ....

      Delete
  5. හික් හික් .. . .

    ReplyDelete
  6. යාළුවා පන්නිපිටියෙද ඉන්නෙ

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...