Friday, May 31, 2013

05. හිතේ තියෙන දේවල්..


කියාගන්න බැරුව හිතේ තියාගෙනම ඉන්න පුළුවන් ජාති කීයක්  තියෙනවද?
1. ආදරයක් 
2. වෛරයක් 
3. පිළිකුලක් 
4. අතිශය භයංකර රහසක් ( කීමෙන් පිහිඇනුමක් , ජිවිත හානියක් ඇතිවියහැකි)

තව මට මතක් වෙන්නේ නැහැ නේ.......
මම අංක දැම්මේ හේතුවක් ඇතුව. මොකද ඒ තියෙන පිළිවෙලට තමයි මගේ ලිස්ට් එක නම්.

කියාගන්න බැරුව හිතේ තියන් හිටපු සහ තියන් ඉන්න ආදරයන් ගැන නම් ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ. 

වෛරයක් ගැන උනත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිතේ තියාගෙන ඉන්න වෛරයන් එලියට එනකොට එක එක හැඩතල ගන්නවා. කැපිලි, හින්ට් ගැහිලි වගේ...

පිළිකුල උනත් එක එක හැඩරුව ගන්නවා හිතේ තියාගෙන හිටියොත්. ගොඩක් වෙලාවට මම දැකල තියෙන දෙයක් තමයි සේවා ස්ථානයේ තියෙන සදාකාලික 'බොසා විසින් පිළිකුල් කරන සේවකයා' සහ 'සේවකයා විසින් පිළිකුල් කරන බොසා' (ඉදල හිටලා ඊට වෙනස් කතා තියෙනවා)

මම බය මේ අන්තිම ජාතියේ එකට! කව්රුහරි ඔයාට කිව්වොත් ඒ වගේ රහසක්???? එහෙම නැත්තම් ඔයාට ඒ වගේ රහසක් තියෙනවා නම්????? අපොයි දෙය්යනේ.... නින්ද යන්නේ නැහැ අප්පා..........

3 comments:

  1. ෂාහ්! තව පෝස්ට් එකක් දාලනේ.

    ඔය අන්තිම එක දැනගත්තාම, අපරාදේ දැනගත්තේ කියලා හිතෙනවා. යුතුකමයි, රහස් ‍රැකීමයි අතරේ හිරවෙලා හරි වැ‍රැද්ද හිතාගන්න බැරුව අසරණ වෙනවා. මට ඔහොම වෙලා තියෙනවා. එක පාරක් අපේ යාලුවෙක් එක කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන. ඒකාගේ වයිෆ් ඇවිත් අපිත් දොස් කියලා ගියා එයාව දැනුවත් කලේ නෑ කියලා.

    One more!

    ReplyDelete
  2. ඒ වගේ රහසක් තියෙනවා නම් පොලවේ වලක් හාරලා, ඒ රහස වලට කියලා, එතන පැලයක් ඉන්දන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි කකා... අහල තියෙනවනේද අර ලස්සන වසිලිස්සා ගේ කතාවල්?? ඇයි අනේ ඒවගේ එහෙම හිටවන ගස් හුළගට වැනෙනකොට රහස කියනවා නේ.....
      අපෝ මම එව්වා තාමත් විස්වාස කරනවා....
      ස්තුති කොමෙන්ටුවට.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...