Thursday, May 9, 2013

04. පල්ලෙහා ගෙදර නංගිගේ රෙකොර්ඩ් පොත


අපේ ගෙදරට පහළ ගෙදරට අපි හැමෝම විතරක් නෙවෙයි අහල පහළ හැමෝමත් කිව්වේ "පහළ ගෙදර " කියලා. ඒකෙ ඉතින් අමුත්තක් නැහැ නේ.

ඒ ගෙදර ගැන නම් ඉතින් ලියන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද අපේ ගෙදරට නිතර ආව ගිය අය  වගේම එයාලගේ ගෙදර අපිත් ඉස්සර නිතර යනවා එනවා.

මම මේ කියන දවස් වල ඒ ගෙදර හිටියා නංගි කෙනෙක්, අපිට වඩා අව්රුදු පහක් විතර බාල. එයාට ගෙදර කිව්වේ "බර්නි" කියල.

ලංකාවේ අයගේ තියෙනවා නේ විකාර පුරුද්දක්.. ගන පිහිටවලා... වෙලාව බලලා ... දන්නා සුත්තර ඔක්කොම කරලා උප්පනෙට දාල නමක්... ඒකට පොඩ්ඩක්වත් ලගින්වත් යන්නේ නැති විකාර නමක් කියල ගෙදරට කතා කරනවා!


කොහොම හරි මේ නංගි හිටියේ එයාගේ ආච්චි අම්මත් එක්ක. මොකද එකාගේ අම්මා කසාදෙට පයින් ගහලා පිටරට ගිහින් තිබ්බ නිසා. තාත්ත කෙනෙක් ගැන නම් අපි කවදාවත් දැකල තිබ්බේ නැහැ.

මේ නංගිට හිටියේ එයාගේ පුංචිලා, ලොකු අම්මල මැද්දේ. පොඩි එකාට හිටිය එකම යාලුවෝ අපි  දෙන්න තමයි , මගේ අක්කි, මමයි. අසරණ උනාට මේ කෙල්ල හරිම සුත්තරකාරි. ඉගෙන ගන්න කිසිම උත්සහයක් නැහැ.

අපි ඉස්කෝලේ යන කාලේ, නිවාඩු දෙන දවසේ පන්තියේ රෙකොර්ඩ් පොත එවනවා ගෙදර අම්මලට කියල අත්සන දම්මගෙන එන්න කියල.

මේ කෙල්ල ඒක අරං මුලින්ම දුවන් එන්නේ අපේ ගෙදර! ඇත්තම කියනවා නම් මාව හොයාගෙන.... ඒ මොකද දන්නවද..

එකේ තියෙන ලකුණු ටික එහෙ මෙහෙ කරගෙන වැඩේ ගොඩ දාගන්න. මම කවදාවත් යාලුවෙක්ට නැහැ  බැහැ කියන්නේ නම් නැහැ බෙල්ල ගහල යන වැඩක් කිව්වත්...

මගේ තියෙන ෆිට් එකට මම ඉතින් පුළුවන් ශිල්ප දාල
1 -> 7  ,
3 ->8
1 ->4

වගේ වෙනස්කම් කරලා දෙනවා. හැබැයි ඉතින් වැඩේ මාට්ටු වෙන්නේ ආපහු ඉස්කෝලේ ගෙනියන දවසේ තමයි!

මොකද ලකුණු එකතුව ඔක්කොම අංජ බජල් ................

8 comments:

  1. කියවන්න අමාරුයි අකුරු ලොකු කරන්න

    වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා ...
      ස්තුති!
      කාරණා 2කට..
      1. මගේ පාලු බ්ලොග් එකට එකම එක කොමෙන්ටුවක් දැම්මට..
      2. ඒ දාපු කොමෙන්ටුවත් උපදෙසක් උනාට


      සමාවෙන්න හොදේ... මම තාම බ්ලොග් වලට කිරිකොඩුකාරියක් !

      Delete
  2. බලං ගියාම මේකි උපේක්ෂාවෙන් කරලා තියෙන්නේ බ්ලොග් පෝස්ට් ලියන එක විතරයි. පළතුරු කන හැටිත් මම ඉතින් දන්නවනේ.

    ඔය වගේ වංචාවල් නම් මං තුමත් හරීයට කරනවා ඉස්සර. චිත්‍ර අඳින්න පුලුවන් කිව්වාම හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙනවා හොර අස්සං ගහන එකත් පැකේජ් එකේම කොටසක් කියලා.

    2009 ඉඳලා බ්ලොග් ලියන එකී කිරිකෝඩු නම් අපි මොක්කුද?

    ReplyDelete
    Replies
    1. හි හි හි..... 2009 පටන් ගත්තට ඉතින් පේනවා නේ ලියල තියෙන තියෙන පොස්ට් ගාන ... එව්වත් වැඩිපුර මෙලෝ රහක් නැතුව ලියපුවා.... ඇත්තටම හිතට අරන් ලියන්න හිතල දැන් සතියක් වෙනවා.... බලමුකෝ....

      මේ කියන නංගි නිසා මගේ සැගවුණු දක්ෂතා ඔක්කොම වගේ එලියට ආවා... ඒ ගැන මම ලියන්නම්කො පස්සේ....

      comments වලට ස්තුති Dude !

      Delete
    2. You're welcome. බල බල ඉන්නේ මොනවද ලියමු.
      කෝ බොල ඉතිං මේ වර්ඩ් වෙරි‍ෆිකේෂන් අහවල් එක තාම එහෙමමනේ.

      Delete
  3. හප්පේ මේ සෙල්ලම ගැස්සෙන්නේ නැතුව කරන්ට ඕනෑ, අපේ එකෙක් වැඩ වරද්දගෙන මාර පරිප්පුවක් කෑවා. අම්මා දොස්තර කෙනෙක්,අම්මා කොහොම පාරේ බැහැල ගියාද මන්ද පුතණ්ඩියාගේ සෙල්ලම ඉස්කෝලෙම දැනගත්තට පස්සේ :(

    ReplyDelete
  4. මං හතරේ පන්තියේ ඉඳිද්දී නම් රිපෝට් එකේ ලකුණු මාරු කරලා දෙන්නේ අපේ ටීචර්මයි!

    ReplyDelete
    Replies
    1. මක් කිව්වා?? ඒ මොකද ඒ?
      ස්තුති කොමෙන්ටුවට.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...