"දදා ජන්....!"
"ආ.. ජානු...."
"නසීම් කා මත්ලබ් ක්යා හෝතා හේ?"
ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේදී වගේම මැදදී හා අගදී අපෙන් අහනවා උනත් 'දාදා' උත්තර දෙන ප්‍රශ්නේ. ඒ මොහොතේම මම ඒ සංවාදයේ කොටසක් උනා වගෙයි.
නසීම් කියන්නේ මලක් වගේ මුහුණක් තියෙන ඊට කලින් මම බොළඳ ප්‍රේම ජවනිකා වලින් දැකල තිබ්බ කෙල්ලක් හින්දා මගේ හිතපසුබාගෙන ගියත්, එය පවතින්නේ පලවෙනි විනාඩි තුන හතරේ විතරයි. ඊට පස්සේ නසිම්ගේ පස්සෙන් වැටීගෙන යන මාව නසීම් එයාගේ 'දාදා' ගේ කකුල් දෙක ගාව බිමට දානවා.
දාදා ( සීයා ) තමයි ඇත්තටම අතීතයේ සලකුණ. මේ ගෙදර නසීම් එක්ක ජීවත්වෙන ඔහුත් ඔහුගේ පවුලේ අයත් මුස්ලිම් බව තේරුම් ගන්න මට ගොඩක් වෙලා යන්නේ දාදා හින්දම වෙන්න ඇති. මොකද කියනවා නම් , ඔහුත් ඔහුගේ පවුලේ , නසිම්ගේ අය්යා ඇරුණුකොට අනිත් අයත් එක්ක නළලේ මොට්ටු තියාගත්ත ගැහැණුන් කිසි වෙනසක් නැතුවම මිශ්‍ර වෙන හින්ද වෙන්නත් පුළුවන්. නසිම්ගේ අය්යා තමයි එතන වතුරේ දියවෙන්නේ නැති නුතන පරපුර නියෝජනය කරන්නේ.