Friday, October 16, 2015

223. තන්වැසි නොවූ..







වැනීම තහනම්ය
පස්ස
වැඩිපුර නොවේ කොහෙත්තම...

හිර වෙච්ච හැට්ටද
වම් කොනේ පොඩියට
- ලියපු වැකි ඇති කමිසද
අසාත්මිකය

කොට සාය
තඹ කොණ්ඩ ,
උල් වෙච්ච අඩි වලින්
හිල්වෙලා හැමතැනම -
මගේ පපුව

හවස වෙන කාගේහෝ
වෙලා උඹ ,
වෙඩි කන්ඩ බලාගෙන
හිටගනින් මගේ ගාව
ලිෆ්ට් එකේ
හැමදාම....


47 comments:

  1. වැනීම තහනම්ය
    පස්ස
    වැඩිපුර නොවේ කොහෙත්තම...

    ස්වභාව ධර්මයා විසින් මවන ලද ආශ්චර්‍යමත් දේවල් අවශේෂ මනුස්ස ප්‍රාණීන් විසින් තහනම් නොකළ යුතුය.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගේ වැනීමක් කෙසේවත් තහනම් නොකළයුතු? ( මෙහි වැනීම , යනු වැනීම මිස වැනීම නොවේ...)

      Delete
  2. වෙඩි තියලා දාපන් අක්කේ

    ReplyDelete
    Replies
    1. හිටහන් මල්ලියේ....
      ආ... හරි..

      ආන්න අතනින් හිටගන්ට..

      Delete
  3. කොමන්ටුවක් දාන්න එනකොට අලුත් පෝස්ට් එකක් දාලානේ.ඔහොමත් එකවරම පෝස්ට් දානවද අප්පේ.......
    මේ කවියේ කියවෙන විදියටම ජීවත් වෙන්න වෙන කෙල්ලෝ ඉන්නවා..පුදුම අසරණකමක්,පීඩාවක් ඒකනම්...

    ReplyDelete
    Replies
    1. මේ කූර ලෝකේ??
      අවසාන වාක්‍ය.......

      මම යමක් කියන්න කැමතියි ඒ ගැන. ඔන්න හිතමු අපි එහෙම 'පට්ට කෑල්ලක්' දැක්කා කියල. ඔන්න ඉතින් කොල්ලෝ ටික මීපැණි හට්ටියක් දැකපු වලස් තඩි වගේ දිවත් දොට්ට දාගෙන බලන් ඉන්නවා. බලනකොට කාගේත් එක්ක හරි කොල්ලෙක් එක්ක යනවා දකිනකොට හුල්ලනවා.
      සිරාවටම ඒ කෙල්ලගේ වැරැද්දද?

      Delete
  4. ඇත්තටම මට පිස්සු තමයි... ඇයි යකෝ මේවා තහනම් කරන්නෙ මෙහෙම...?

    ReplyDelete
    Replies
    1. පිඩිත පන්තියේ ඉල්ලීම්?
      අපි FB තහනම් කරන හේතුවටමයි මේකත් තහනම් කරන්නේ.

      Delete
  5. වනන්න එපා කිව්ව එක ඇර වෙන මොකුත් තේරුන්නෑ දෙයියනේ...........

    ReplyDelete
    Replies
    1. අවන්කෙන්ම වෙන්න ඇති කියන්න ඇත්තේ නේද? වෙන්න ඇති, මමත් වෙන දෙයක් කිව්වේ නැහැ. වනන එක නතර කලානම් ඔක්කොම සාමකාමී...

      Delete
  6. වෙඩි කෑමට නියමිතයි.
    - දන්න එකෙක්

    ReplyDelete
  7. මුල් කාලේ
    -----------------
    සායමුත් එපා, කොට ඇඳුම් එපා
    හිර ඇඳුම් එපා, හැඩ වෙන්න එපා
    චාම් වෙන්න මම ආදරෙයි..

    ඊට පස්සේ
    ---------------
    කවුද අරූ තෝ එක්ක හිනාවෙන?
    මොකද තමුසෙ ලයික් කළේ උගෙ එකට?
    මොකාට පේන්නද තමුසෙ ඔය
    හිර කරලා ඇඳගෙන වනවනා යන්නේ?
    මොකද ඔය හැටි නහස්තිය සල්ලි
    කඩනවද ගස්වලින් වැවෙනවද වැල්වල?

    පහුපහුවෙද්දී
    -----------------
    කවුරු දන්නවද තෝ මොනවා කරනවද
    එහා කෑල්ලේ එකෙක් පස්සේ වැටිලලු නේද?
    නිකන් එනවද පිරිමි අකමැතිම නම් ගෑණු
    තමුසෙත් යන්න ඇති පැනලම දෙන්න ඕකුන්ට

    එක ඉර පෑව්ව දවසක
    -----------------------------------
    ඔව් ඔව් මම අද පැය 8ම හිටියේ නිදි වැදි වැදි
    ඇයි තමුසෙගේ කරේ තඹ පාට කෙස් ගහක්?
    හිර කරලා ඇඳගෙන වන වනා ගියේ අද
    මොකද තමුසෙගෙ ෆෝන් එක හංගගෙන
    හෙට යනවා මම ෂොපිං හම්බුණා බෝනස්
    බුරන්න අයිතියක් නෑනේ මේවා මම හම්බුකරපු මගෙ සල්ලි
    ෆෝන් එක බිසී ඔව් මම මල් කැඩුවා
    තමුසේ කාටද චැට්වල තොත්තු දුන්නේ දිගට හරහට?

    -අද වෙඩි තැබීම මෙතෙක් කල් වෙඩි කෑව එකීගෙන්

    ඔහොම මොංගල් උන් එක්ක යාළුවෙන කෙල්ලෝ පව් බං

    ReplyDelete
    Replies
    1. කවුද ඩො මේ තනි තරුව කියන පිස්සා

      Delete
    2. ඌ ද? පොළොවේ ඉන්න අහසේ එකෙක්..! :P
      කයිය සැරයි..ඒත් ඉතින් ඇත්තයි නේද? කතාවක් හිතට ආවා..ලියන්නම් ඉක්මණටම..

      Delete
    3. ඇයි බං ඕකෙ අනික් පැත්ත? බලපං ඒකත්... මට මල පනිනවා චාමර..

      Delete
    4. ඔව් ඒකත් එහෙම තමයි ගස්..ඒ පැත්තත් බලන්න ඕන. :P
      ඔය ඇහෙන් වැටෙන හැම කඳුළකටම කවුද වගකියන්නේ චාමර..?

      Delete
    5. ගුටි කෙලිය ඉවරයි? කවුද හලෝ මේ චාමර???

      කය්ය නම් නියමයි තරුවා. ඔය ජාතියෙන් හිටපු කොල්ලෙක් අපේ ඉස්කෝලේ හිටපු දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක් බැන්දා. කැම්පස් එකට එනකොට එයා බැඳලා. කැම්පස් ආවේ මයිල් ගහක්වත් පේන්නේ නැති වෙන්න ඇඳගෙන. හරි අමුතුයි. මොකද ඒ දවස්වල නෙට්බෝල් ගහන්න එයා අඳින සායවල් වලින් අපිත් කොයිල් වෙලා හිටියේ.

      දැන් මම හිතන්නේ ඒ දෙන්නා දික්කසාද වෙලා.

      ඇඳුම කියන්නේ මාරාන්තික දෙයක්නේ බොලේ

      Delete
  8. ඇත්තට ම අරක ලියන එක නතර කරා ද?

    ReplyDelete
    Replies
    1. අරක කිව්වේ?? වැස්සද? පබ්ලිෂ් කරන එක නතර කළා... මම කියලම තියෙනවා නේ , කවදාද වහින්නේ කියල දන්නේ නැහැ කියල..

      Delete
  9. මමත් දැක්කා දවසක් පාර අයිනේ කෙල්ලට ගහනවා යාලු වෙලා ඉන්න කොල්ලා..ආයමත් අත් අල්ලගෙන යනවා..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා මක්කද කලේ?වීඩියෝ කරලා දෙන්නේ එපැයි නිවුස් වලට... ලංකාව කේතුමතිය නේ, වෙන ප්‍රශ්න නැහැ.

      Delete
  10. ගියපාර පොස්ට් එකේ ඩුඩ්යියන්ඩිගේ කමෙන්ට් එකට උඔ උත්තර දිලා නෑ. ගිහින් උත්තර දිලා වරෙන්

    ReplyDelete
    Replies
    1. ඔන්න උත්තර දුන්න. ඩුඩ් එනකොට මෙතන ඔක්කොම උස්සවේ ඉවරයි, අපි පිකර් අකුලනවා

      Delete
  11. තන්වැසි එහ්?.......එක වචනයක්ද වචන දෙකක්ද?

    කවදාද ඒ තන්වැසි වසින්නේ නොදනිම්.....:)

    ReplyDelete
    Replies
    1. නොදෝමකින්... ඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඕන්න කිව්වා!

      තන්වැසි කියන්නේ රවියා Modern man...
      Modern Man ට සිංහල වචනේ 'තන්වැසියා'.

      මට ඔය වචනේ තදටම වැදුන එකක්. මතකද 'ඇසළ කළුවර' ටෙලිය? ඒකෙ කමල්ට කියන්නේ තන්වැසියා කියල.

      උඹ ඉතින් ඔය වැස්සකට අහු උනත් ඉතින් ලෙඩේ හොඳ වෙන එකක් නැහැ මයේ හිතේ. අර කියන්නේ රත්තරන් වැස්සක් වැටුනත් මිනිස්සුන්ගේ ආශාව අඩුවෙන්නේ නැහැ කියල. හික්..

      Delete
  12. උඹල වගේ උන්ට කමෙන්ට් කොටන්න ගිහින් තමයි අපේ බ්ලොග් මැස්සෝ ඇහිරෙන ගාණට පාළු වෙලා ගිහින් තියෙන්නේ...
    ඉවරයක් නැහැනේ මේ පෝස්ට් දැමිල්ල...

    මමනම් කියන්නේ කෙල්ලෝ ඔය ඕනේ මගුලක් ඇන්දට පැලැන්දට කමක් නැහැ, ඒක උන්ගේ කැමැත්ත සහ අයිතිය...
    හැබැයි ඉතින් එහෙන් මෙහෙන් පේන ඒවාට වැරදි කාරයෝ අපි නොවෙන බවටත් උන්දලා තේරුම් අරගෙන ඉන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පාලුවට ගොහින්ද? හපොයි.. මම වගේ ඔය මොකක් හරි නොහොබිනා කතාවක් දෙකක් ලියල බැරි උනාද ජාමේ බේරගන්න?

      වඩා වැදගත් වන්නේ අවසන් ජේදයයි. වැඩේ කියන්නේ ඔහොම පෙන්නාගෙන යන කෙල්ලොන්ට නෙවෙයි, වටේ ඉන්න උන්ට තමයි කරදර වෙන්නේ. නැද්ද?

      Delete
  13. බලහත්කාරි ආදරය.

    ReplyDelete
  14. තවත් ඇයි ගුටි කාගෙන දුක් විඳින්නෙ ...අතහැරල දාන්නෙ නැතිව .........

    ReplyDelete
    Replies
    1. අය්යෝ එතකොට කිසි ලල් එකක් නැහැනේ.. මේ මොනවා කියනවද?

      Delete
  15. එතකොට ආදරයද මේ .............?

    ReplyDelete
    Replies
    1. නෑ , උඹේ කුකුල් මස් ක්‍රෂ්, ක්‍රෑෂ්

      Delete
  16. Replies
    1. හෙහ්.. හෙහ්... පැතුම් මොකද? කොර උනාද?

      Delete
  17. කොට සාය
    තඹ කොණ්ඩ ,
    උල් වෙච්ච අඩි වලින්
    හිල්වෙලා හැමතැනම -
    මගේ පපුව

    අපි අකැමැති දේ ආදරය කරන කෙනා කැමත්තෙන් කරනකොට පපුව හිල්වෙනවා වගේ හැඟීමක් දැනෙනවා තමා

    ජයවේවා නුවර!

    ReplyDelete
    Replies
    1. අපි කැමති දේ? එයාත් කැමති දේ? එහෙම දේවල් කීයද ?

      Delete
  18. දැන් ඔය කාටද වෙඩි තියන්නේ යන්නේ...????

    ReplyDelete
    Replies
    1. උඩ නාඩියා කැමති උනා වෙඩි කන්න, ඔයත් එනවද? පෝලිම ඔතන. කරුණාකර මොබයිල් එක ඕෆ් කරගන්න. ස්තුතියි

      Delete
  19. හුරතල් වෙලා ඉන්න තියෙන වෙලාව නාස්තිකරන මෝඩයෝ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආන්න දැක්කද? කාල කළමනාකරණය

      Delete
  20. ෂෙෆාකි කියපු එක නොවේනම් අයිසිස් ප්‍රේමය.

    ReplyDelete
  21. වෙඩි කන්ඩ බලාගෙන
    හිටගනින් මගේ ගාව
    ලිෆ්ට් එකේ
    හැමදාම.

    හැමදාම වෙඩි කන එකා කව්ද ?

    ReplyDelete
    Replies
    1. මම අදහස් කලේ හැමදාම ලිෆ්ට් එකේ ඔහු ළඟින් හිටගන්න එක ගැන. එවිට ඔහුට ඈට වෙඩි තියන්න හිතෙනවා කියන එක. මගේ වරද, ඊට වඩා පැහැදිලිව ලියන්න තිබ්බ. ස්තුතියි

      Delete
    2. හරි හරි ඉතින් අඩන්න ඕනේ නැනේ.... . . .

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...