Thursday, July 2, 2015

188. දුම ( කෙටි කතාව) - 1






කමල් වෙනදා මෙන් නොවී, ගල්පඩියෙන් ඉහළට එසවුණු ඒ නිවස අසල නැවතී පැහැදිලි, උස් හඬක් නංවන පරිදි සිය පාපැදියේ සීනුව තෙවරක් නාදකළේය.

'ට්‍රින්... ට්‍රින්... ට්‍රින්'

සීනුව දෙවන වරට හඬනගද්දී වෙනදා මෙන්ම අඩක් අඩවන් කරනලද ජනෙල් පියන මුළුමනින්ම ඇරී යනවාත්, ඒ සමගම ජනේලයේ ආවරණය කරනලද තිරරෙදි තීරයේ ඉහල කොටසින් මතුවෙන තරු යුවලක් වැනි දෙනෙත පෙනීමත් යන කාරනා දෙකම සිදුවුවත් වෙනසක් නොපෙන්වා තෙවන වර සීනුව නාදකරන්නට කමල් පසුබට වුයේ නැත.

'ලියුම්... ලියුම්'

කමල් උස්හඬින් කියද්දී ඈතින් පෙනුනද ඒ ඇස්වල ඇතිවුණු දීප්තිය වසන් කල නොහැකි විය.

"අපිටද............? කාටද...........?"

වෙනදා මෙන්ම ඒ තරු නෙතැත්තිය උස්හඬින් අසද්දී, කමල්ගේ උගුර සිරකර දමන ලද කලෙක මෙන් බොල් බවින් සිරවී ගියේය. එකවරම හඬක් නිකුත් වුයේ නැතියෙන් තරු නෙතැත්තියගේ කුලී නිවසින් වෙනදා එලියට පනින රුව එකවරම දොර අසලින් මතුවිය.

"අපිටද? "
හැඩිදැඩි සිරුරැති මිනිසා බැරැන්ඩි හඬින් අසනවිටම කමල් සිය උගුර පාදා ගන්නට සමත්විය.

"නෑ නෑ ...... එහා ගෙදරට.... 23 න් 3 ගෙදරට "

එසැනින් තරු දෙනෙත් ජනේලය අසළින් අතුරුදහන්ව ගොස්, වේගයෙන් ඇරුණු දොරෙන් එළියට පනින කෙල්ලෙකුත් දර්ශනය වනවිට කමල්ගේ සර්වාන්ගයම ගල්වී ගොස්, බයිසිකලයේ හැඬලයට දෙඅත් කිටිකිටියේ තදවුයේ නිරායාසයෙනි.



දෙකට බෙදා පීරන ලද ඉනක් දක්වා වූ කෙස්වැටිය ලෙලවමින් කිසිසේත්ම අපරික්ෂාකාරී අඩිවලින් නොයායුතු ගල්පඩි දිගේ , කිසිම පරිස්සමක් නොමැතිවම ඔහු වෙත දිව ආවේ ඔහු හිතාසිටියාට වඩා අතිශයින්ම රූමත් තරුණියකි. කමල් අසලින්ම අවසන් ගල් පඩිය පිම්මකින් නිමකළ ඒ යුවතිය හෙලු දිගු සුසුම ඔහුගේ මුවේ වැදුනා සේ කමල්ට දැනුනද සිහිය එළවාගන්නට ඉන් තව මිනිත්තුවක් ගතවන්නට ඇත.

ඈ ඔහු පෙරදින යටලීයෙන් දුටුවාට වඩා බෙහෙවින්ම ලාබාලය, නයන යුග්මයේ කාන්තිය ප්‍රභාෂ්වරය! කමල් ගිනිකන වැටෙන්නට ආසන්න විය.

"... කෝ... කෝ... මොකද්ද? ලියුමක්ද?"

සිය ලියුම් මිටියෙන් අදාළ ලිපිය උදුරවා ගන්නට සමත් නොඉවසිල්ලකින් තරුණිය කමල්ගේ බයිසිකල හැඬලයේ එල්ලුනාය. කමල් ලියුම් මිටියේ ඉහලින්ම පරිස්සමට තබා තිබුණු සුදුපාට ලියුම් කවරය ඉවසිලිවන්තව සිය දකුනතට ගෙන නොසැලකිල්ලෙන් මෙන් නැවත ලිපිනය කියවන්නට උත්සහ කළේය.

"නිර්මලා පතිරණ.... 23 න් 3.... දවටගහ..."
"ඔව් ඔව්.. මට තමයි... කෝ කෝ දෙන්න...."

කිසිදු අවසරයකින් තොරව සිය ලිපිය ඩැහැගත් තරුණිය එකවරම හැරී ඉහලින් ඇති සිය නිවස වෙත බියපත් බැල්මක් හෙළුවද, එහි හැමදා සේම කිසිවකුත් නොසිටියේය. නමුදු ඒ බැල්ම බලාසිටි සිය අසල්වැසියාගේ උකුසු රුදුරු ඇස් යුග්මය දුටුවේ නිර්මලා නොව කමල් පමණක්ය.

වෙනසක් නොපෙන්වා සිය සිත හා දැවැන්ත පොරයක නිරතවෙමින් කමල් සිය පුරුදු මාර්ගයට බයිසිකලය හරවා පැදීම ඇරඹුවේ මෑතකදී සවිකරනලද සිය පැති කණ්ණාඩියේ දර්ශනය වූ 'නිර්මලා' පිටුපා යන ගමන විඳිමිනි.

****************************************


මතු සම්බන්ධයි .......

21 comments:

  1. පාස්පෝර්ට් පෝලිමෙ ඉඳන් කියෙව්වෙ....තව ටිකක් දිග ඇරියානම්නේ වටින්නෙ...මේ පෝලිමේදිම ඊලඟ කොටස කියවන්න පුලුවන් වෙයි වගේ..මගෙ නොම්මරෙට කලින් තව 116ක් නොම්මර......කමල්ගෙ හිතට එන ඒවාම තමයි මෙහෙම පෝලිමක ඉන්නකොට හිතට එන්නෙත්.....uncertainty.....

    ReplyDelete
    Replies
    1. සොරි ඈ ... මේ ටික ලියල දැන් මාසෙකට වඩා වැඩියි. ඔන්නොහෙ කියල දැම්ම

      Delete
  2. "... කෝ... කෝ... මොකද්ද? ලියුමක්ද?"

    සිය ලියුම් මිටියෙන් අදාළ ලිපිය උදුරවා ගන්නට සමත් නොඉවසිල්ලකින් තරුණිය කමල්ගේ බයිසිකල හැඬලයේ එල්ලුනාය. "



    පොඩි ගැණු ලමයෙක් නං ඔයටික කරයි.

    ReplyDelete
    Replies
    1. පොඩි? පොඩි කියන්නේ සාපේක්ෂව නැද්ද? ඔන්න ඔයත් එක්කම බැලුවම නම් පොඩි තමයි .. හි.. හි..

      Delete
  3. මේ ටිකත් ඊලඟ කෑල්ලටම දාල එකටම 'කොටසක්' දාන්න එපැයි බං.. බඩගින්නෙ ඉන්න උන්ට කෑම පෙන්නලා ගන්නෙක හොඳයිද ඔහොම? හ්ම්ම් හ්ම්ම් හරි අප්.. හරි අප්..

    ReplyDelete
    Replies
    1. සොරි ඈ..... ඉතිරි ටික ලියවෙන්නෙම නැති නිසා තියෙන ටික දැම්ම

      Delete
  4. ඊළග එක දානකං බලං ඉන්ට වෙනව.
    මේ ලියුං සීන් එක අර ටැමිල් ෆිල්ම් එක්ක තිබ්බ සීන් එකක් වගේ වෙයිද දන්නෑ.
    ඒ පිලුමෙ නම මතක නෑනෙ. සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. ටැමිල් ෆිල්ම් බලනවා වගේ ඕසෙට ? දාමුකෝ නම

      Delete
  5. //"පෙරදින යටලීයෙන් දුටුවාට වඩා"// මේකෙන් කියන්න අදහස් කලේ මොකක්ද? ඇත්තටම මට ඒවාක්‍යයේ නොගැලපීමක් දැනුනා

    ReplyDelete
    Replies
    1. ඉවාන් ට මේක තේරුනේ නැද්ද ? නැත්නම් මට වැරදියට තේරිලා ද ? යටලියේ නාරිලතා මල් පුදිනවා කියන එකේ අදහස මෙතන තියෙනවා කියලයි මම හිතන්නේ. කෝ උපේක්ෂා පැහැදිලි කරන්න බලන්න. නැත්නම් අපි නරක ළමයි වෙනවා වැරදි විදියට මේවා තේරුම් අරන්.

      Delete
    2. එකනේ පැතුම්... තේරුණේ නෑ කිව්වා? දැන් මේ ඔයාට තේරුනා කියන්නේ ඕනේ එකෙකුට තේරෙන්නේ එපැයි ! හික්.. හික්... අපෝ ඔය නරක ළමයා වෙනවා? අම්මෝ

      Delete
  6. ඊගාව එකත් දාමුකෝ බලන්න..

    ReplyDelete
  7. කෙටි වැඩියි අප්පා. බොම්බයි මොටයි වගේ. සුටුස් ගාල ඉවර උනානෙ. ඉක්මනට ඊළඟ එක දාන්න ඈ :D.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ට මෙයා. ප්‍රැක්ටිකල් ඩිෆිකල්ටි එකක්

      Delete
  8. ඇත්තෙන්ම මෙච්චර ලඟ ලඟ කතාව කඩන්නේ උඹේ කවි ලියන පුරුද්දෙන් ආපු ආභාෂයක් වෙන්නැති.

    ReplyDelete
  9. ගේ දිහා බියපත් බැළුම් හෙලන්නේ ගෙදරට හොරෙන් යන සම්බන්ධතාවයක් නිසාය. ඔය කියනා විදිහිටනං අයිශ්වර්යා රායි බච්චන්වත් විය යුතුය. මේල් මෑන් මේ කතාව අවසානයේ ඇගේ හදවත දිනාගන්නේය. ඔන්න මං ඉවර කලා.

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් ගේ නංගිගේ, බාප්පාගේ අල්ලපු ගෙදර පුතා වගේ.... හරියට හරිය!

      Delete
  10. මෙහෙම ගියොත් මෙගා නාට්ටියක් වගේ වෙයි වගේ.. මේක මැද්දෙන් අද දෙක තුනකුත් දැම්මනම් තව ටිකක් දික් කර ගන්න තිබ්බ..

    ReplyDelete
    Replies
    1. කෝ එකෙක්කත් මට දුන්නේ නැහැනේ ඇඩ් ! දැන් නම් ඉතින් මැතිවරනේත් ළඟ එකේ.. මගේ එකෙත් මකුළු දැල් කඩලා ගන්න ඇහැකි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...