Tuesday, June 9, 2015

182. දැන් මටද පිස්සු? උන්ටද?





මේක හැබැයි ගොඩක් කාලයක් තිස්සේ ලියන්නම් කිය කියා හිටියා මිසක් ලිය උනේ නැහැ. හේතුව ඉතින් මුලිකවම කම්මැලිකම.  අනිත් එක මේ සිංහල කොටන එක ඔෆිස් එක අමුතු කෙලියක් වෙලා නිසා අනිත් උන් සෝමාලියාවෙන් ආපු තරබාරු එකෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න පටන් අරගෙන. ඉතිං අලුත් තැනකට මාරු වෙනකල් එක දිගට ලියාගෙන යන දෙයක් පටන් ගන්න තිබ්බ නොහැකියාව.

ඔන්න මම ගැලවිජ්ජාවට අවශ්‍යටික උඩ ජේදේ ලිව්වා, මේ ජේදේ ලියන්නේ පුරසාරම් ටික. ඒ කියන්නේ මම පොඩි කාලේ කොරපු...

අනේ අම්මප කොතරම් කිව්වත් මේ පුරාජේරුව අඩුවක් නැති හැටි? කොයි වෙලෙත් පොඩි කාලේ එව්වා ලියනවා කියනවා මිසක්ක ලොකු කාලේ එව්වා ලියන්න හිතෙන්නෙම නැති හැටි? ඒකත් එහෙම වෙන්නේ පොඩි කාලේ මක්කා කොලත් ලොකු කාලේ කරපු කියපුවයින් සායම ඔක්කොම දියබත් වෙලා ගොහින් තියෙන නිසා ජාමේ බේරගන්න පොඩි කාලේ එව්වා කියන්නම වෙනවා. එව්වා ඔක්කොම කිව්වත් අන්තිමට 'අනේ ඇත්තට ඒවා කලේ උඹමද හැබෑට? කොහොම හිටපු එකෙක්ද නේද? දැන් මේ විදියට ඉන්නේ?' වගේ අදහස් දැක්වීමකින් නතර වෙනවානම් හොඳයි. ලොකු කාලේ කරපුව ඉතින් මෙව්වගෙ තැනක කොහොමත් ලියන්න අමාරුයි. මොකද බැරිවෙලාවත් අපේ උන්දලා සර්ච් කරන සර්ච් කිරිල්ලේ තරමට වැරදිලාවත් මේවා අහු උනොත්, තක්කෙටම දන්නවා මේ කියන්නේ මම ගැන කියල, මොකද උන්ට මතක හිටින විදියට වැඩේ කරන්න මම හැමවෙලේම වගකියනවා. හරි හරි දැන් ආපහු පුරාජේරු ජේදේ !



..... කීපයක් පිස්සු වැඩ අතරේ ඔය සින්දු/කවි ලියපු එක නම් නැගලම ගියා. මම මේ කියන්නේ මගේ ස්කොලශිප් එකෙන් ගියපු ඉස්කෝලේ කාලේ ගැන. මම මගේ සින්දු ලිවිල්ල පටන් ගත්තේ වයස 11-12 වගේ කාලේදී. මුලදී මුලදී නම් ලිව්වේ මටවත් තේරෙන්නේ නැති අමුතු වචන වලින් හදපු නිසඳැස්. දැන් මතක් වෙනකොට යටසාය උඩින් ඇඳන් හිටියා වගේ දැනෙනවා. ( ඇයිද මන්ද)

පස්සේ පස්සේ මම සඳැස් වලට වැටුන. වැටුනා කියන්නේ නිකන්ම නෙවෙයි, මාව ඒ පැත්තට තල්ලු වෙලා ගොහින් එකපාරටම වැටුන නිසයි. අපිට ඉතින් උපමාවක් කියන්න කිව්වම මට නම් මතක් වෙන්නෙම ඔය බස්, කෝච්චි වගේ එව්වා සම්බන්ධ උපමා. සමහර බස් වලට අපි නගින්න ඕනේ නැහැ, අපිත් එක්ක බස් එකට පොරකන සහෝදර ජනතාව විසින් අපිව ඔවුන්ගේ ආදර කරුණාව නිසා නග්ගවනවා. සමහර වෙලාවට ආදරේ තරම කියන්නේ, බැහැලා යන්න යන උන් පවා ආපහු නග්ගවනවා, මම හිතන්නේ යන්න දෙන්න හිතෙන්නෙම නැතුව ඇති. අන්න එහෙම බස් එකට පොරකන එකියක්ව නෑ නෑ  ඒ දවස්වල නවකතා ( හැක්.. මොකට කියනවද ඒ කතා ගැනනම්...  කියෝපු එකියක් හදිස්සියෙවත් පබ්ලික් ප්ලේස් එකකදී ඔය නවකතා කතාව මතක් කලහම මම දැන් කුඩුකාපු එකා පිට්ටුත් කෑවා වගේ විපරීත විසුළු මුහුණකට උරුමකම් එක්කම ටුක් ගාල මාතෘකාව 'වැදගත්' එකකට මාරු කරනවා) පොත් ලියනකොට මැද්දෙන් මැද්දෙන් මම සින්දුත් එකතු කළා. ඒ වගේමයි මම විසින් ලියපු සඳැස් , නිසඳැස් ආදියත් දැම්මා. ඒකෙන් කික් එකක් ආව කියල මම මාර විදියට ඔලුව උදුම්මාගෙන හිටිය. හැබැයි වැඩේ පොඩ්ඩක් විතර චොර උනා...

ඒ කියන්නේ හදිස්සියේ දවසක මගේ සිංහල ගුරුතුමී ඇයට අදාළ නැති කාලපරිච්ජේදයක අපේ පන්තියට ආව.

පන්තියේ ඒ දවස්වල නස්පුට් ( රවියාට අනුව නස්පුක්) චරිතයක් වෙලා හිටපු මගේ ඔලුවේ එකපාරටම මගේ ළඟකදී මම කරපු ඇට්ටර වැඩ ලිස්ට් එකේ පොයින්ටර් එක එකපාරටම උඩට පහලට ගියා. ගුරුතුමීට මාට්ටු උනේ මොකද්ද කියල මගේ පොයින්ටරේ පෙන්නුම් කරන්න කලින් මම කඩදාසි මුණක් දාගෙන පිටිපස්සේ පේළියේ කොනකට උනා.

"කෝ උපේක්ෂා?..."

හරියට හරි.... දැන් උඹ ඉවරයි...




වැරැද්ද මොකද්ද කියල හරියටම හොයාගන්න බැරි උනත්, මගේ කුඩා මොලේ මට රතුපාට එළියක් දල්වලා දුන්නා. මම කලිනුත් කියලා ඇති මගේ මේ සිංහල ගුරුතුමීලා ගැන වතාවක. මම මේ කියන ගුරුතුමී ඒ පුරුකේ මුල් කොටසේ හිටියේ. ඒ කියන්නේ එයාගේ නීරස සිංහල පාඩමේ එකම ප්‍රේක්ෂිකාව මම වෙච්ච කාලේ , නොදන්නා අමුත් හිතවත්කමක් ඈ මට දැක්වුවා. ඒ මම සිංහල පාඩම හොඳින් අහගෙන හිටපු හින්දම නෙවෙයි. ඒ උනාට මගේ නස්පුට් වැඩ නිසා ඈට මට කෙලින්ම හොඳයි කියන්න හැකියාවක් නැහැ.

ඔක්කොගෙම මුණු ටික එකපාරටම මම ගුලි වෙලා හිටපු මුල්ල පැත්තට හැරුනේ එක ක්ෂණයෙන්. මට තේරුනේ එකපාරටම කැමරාවට ෆෝකස් වෙනකොටම නැටුම වැරදුන එකම එකාට දැනෙන හැඟීම. කිසි දෙයක් කතා කරන්නේ නැතුව මම මගේ පොලොස් මුණට පුළුවන් තරම් අසරණ පෙනුමක් ගෙන්න හැදුවත්, මම දන්නවා මම විසුළු පෙනුමක් දරන්න ඇත්තේ කියල. ඔය අනිත් එවුන්ට පුළුවන්නේ ඕනෙම නසරානි වැඩක් කරලා, කන් දෙක පාත් කරලා හා මුණක් මවාගන්න? අනේ අම්මප, අවන්කෙන්ම මම ඇත්තටම අවන්කෙන් අහිංසක උනත් මම එහෙම මුණක් හදාගත්තාම මට වෙන්නේ ඇත්තටම එහෙම කරපු එකා ඇස් ඉදිරිපිට ඉද්දි මට බඩු ලැබෙන එක.

"... අනේ පුතා"

කියාගෙන මගේ ගාවට දුවන් ආපු ගුරුතුමී මට ඒ වෙලාවේ පෙනුනේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් වගේ.. ඇයිද මන්ද මට මහා බයක් දැනුන. හැබැයි මගේ ළඟට ආපු ගුරුතුමී මගේ උරහිසෙන් අල්ලලා මගේ අතේ තිබ්බේ හිස් A4 කොලයක්.

ඔහොම අමුතු දෙයක් උනහම මට වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කියන කිසිම දෙයක් ඔලුවට නොයා තට්ටේට වක්කරපු පොල්තෙල් වගේ ඔලුව දෙපැත්තෙන් වැක්කෙරෙන්න ගන්නවා. අනිත් එක අමුතු ආංගික අභිනයන් ඉබේම දැක්කවෙනවා !

ඔන්න දැන් ගුරුතුමී මොකද්ද වාක්‍ය වගයක් කියල මගේ ප්‍රතිචාරය බැලුව. මොන? මම ඉන්නවා පිට්ටු කාපු රිලවා වගේ අමුතු මුණක් දාගෙන. ආයෙත් ඔන්න ගුරුතුමී කිව්වා... කෝ? තාම ඉන්නවා ඒ විදියටම... ඔන්න එතකොට මගේ මේ රෝගාබාධේ ගැන දන්නා මගේ අල්ලපු ඩෙස්කුවේ යාලුවා මගේ කොහෙන් හරි පොඩ්ඩක් විතර කොනිත්තනවා. ඔන්න එන්ජිම පොඩ්ඩක් ගැස්සිලා වැඩකරන්න ගන්නවා!

"... මම එනවා අන්තිම පීරියඩ් එකේ අරගෙන යන්න. හොඳ ළමය වගේ ලියල දෙනවද?"

ඔන්න මට ඇහුන ටික.. දැන් ඉතින් මක් කොරන්නද? ලියන්නය කියලනේ කියන්නේ...

"හා මැඩම් "

ලොකු ජයග්‍රාහී හිනාවකුත් එක්ක බස බස ගාල ආපහු ගුරුතුමී වෙන පන්තියකට දුවනවා. හිස් කොලේ අතේ තියන් මම ඈ දිහා බලන් ඉන්නවා. ගුරුතුමී කොරිඩෝවේ කොනෙන් අතුරුදහන් වෙනකල් ඉඳල සිහි එලවා ගන්න මම මගේ කොනිත්තපල්ලා යාලුවා දිහා බලනවා.

"මොකද්ද හලෝ කිව්වේ? මට හරියට තේරුනේ නෑ "

"කවියක් ලියල දෙන්න කිව්වා... "

"ආ...."

එහෙම කියලම මම වාඩිවෙනවා. හිස් කොලේ ඩෙස්ක් එක උඩට විසි කරනවා.

".... ආඃ ... ඈ ??"

පස්ස පැත්ත පුටුවේ වදිනකොට ආයෙමත් නැගිට්ටවෙනවා. දැන්නේ තේරුනේ.... මොකක් කිව්වා? මොකක් ලියන්න කිව්වා?

"ආ නෙවෙයි.. ඔව්... "
"මැඩම් කොහොමද දන්නේ මම කවි ලියනවා කියල"

ටියුබ් උනත් මම හොඳ ජාතියේ බල්බ් එකක් හරිද? රහස් පරීක්ෂණ චින්තනයක් තියෙන්නේ. ඔන්න එතකොට මගේ සුට්ටන් මොලේට තේරුනා සිද්දිය. දාඩිය එහෙම දාල පොඩි කලන්තේ ගතියක් දැනෙනවා. ඒ කියන්නේ එක්කෝ මම ලියන එව්වා මැඩම් කියෝලා, නැත්තම් කවුරුහරි කියෝපු එකෙක් මැඩම්ට කියල.... නවනින්ගිරාවයි! ( ඕකනේ කියන්නේ ලියන දෙයක් ලියල කෝට්ටේ අස්සේ ගහගන්නේ නැතුව වෙන අනම් මනම් නොකර ඉඳපං බළලෝ කියල!)

"හික් හික්..."

මාව දැන් මගේ යාළුවන්ට ජෝක් එකක් වගේ වෙලා.

".. එව්වා දන්නේ නැහැ. අන්තිම පීරියඩ් එකට කලින් ලියල දෙන්න කිව්වා. මැඩම් එයි. ලියල තියන්න."

ඔන්න යාලුවෝ! අම්මප මම හා කියනකල් කට පියන් ඉඳල, එනවා මට ඩෙඩ් ලයින් එක කියන්න!

මම බැලුව වෙලාව. ඉන්ටවල් එක ඉවර උනා විතරයි. දැන් තියෙන්නේ විද්‍යාව. අපෝ ෂුවර් එකට මේ කපේදී නිවාඩු නැහැ, එනවා ඇති බන්සන් දාහකේ කිහිලි ගන්නගෙන විද්‍යාව මැඩම්.  කියනකොටම ඔන්න ආපි!

දැන් සිංහල මැඩම් දීපු කොලේ මේසේ උඩ මගේ දිහා කින්ඩියට බලාගෙන හිනාවෙනවා. විද්‍යාව මැඩම් ඇවිත් ඔන්න පුරුදු පරිදි එයාගේ මාස්ටර් පීස් පොත දිග ඇරගත්තා. ඔය පොත නැතිදාට මැඩම්ට අබ සරණයි. ( එහෙම දවසක් දැකලා නැත!) අනිත් එක පුර්ණ අවදානය පාඩමට නැත්තම් පිදේනි නැතිවෙච්ච යකදුරා වගේ පරල වෙනවා මේ මැඩම්. ඒ හින්ද අපි හැමෝම ඉන්නේ සීරුවෙන්.

ඒත් මේ අභියෝගය මාව නොසන්සුන් කරලා. කතා කරන වෙලාවට කියන දෙයක් අහගෙන හිටියේ නැතුවට මම ඒ වගක් පෙන්නුවේ නැහැ. කොහොමත් ඈට හිටිය ෆෑන් ක්ලබ් එකක්. ඒ කෙල්ලෝ අපි වගේ නෙවෙයි ඒ වෙනකොට විද්‍යාවට ටියුෂන් දෙකක් විතර යනවා. මම ටියුෂන් දන්නෙත් නැහැ ඒ කාලේ. මම හිතන් හිටියේ පට්ට පොෂ් වැඩක් කියල ටියුෂන් යනවා කියන්නේ. මොකද ඒ වෙනකොට අපේ අක්කවත්, අය්යාවත් ගණන් වලට ටියුෂන් යවනවා, මාව යවන්නේ නැති නිසා මම උපකල්පනය කළා ටියුෂන් තියෙන්නේ පොෂ් උන්ට කියල.

පාඩම ටිකක් කියල දීල ඉවර වෙලා ඔන්න ගුරුතුමී පටන් ගත්ත සටහන කියවන්න. ඉස්සර දැන් කාලේ වගේ නෙවෙයි සටහන ගුරුතුමී කියෝනකොට, අපි ලියාගන්නවා. ඔන්න දැන් සටහන ලියනවා.

"...... උෂ්ණත්වය වැඩිවනවිට..............."

ඔන්න ආව මට අයිඩියාර් එකක්... ලියන්න ඕනේ ඒ ගැන කවියක්.... ඉක්මනට මම විද්‍යාව පොතේ අන්තිම පිටුව පෙරලුව. පලවෙනි කවියේ පලවෙනි පදපේලිය ලියාගන්නකොටම

".... ඉටිපන්දම් කිරි දැමු පිහිතලයේ......."

විද්‍යාව පොතේ පුරුදු ස්ථානයේ එහෙම ලියල, අන්තිම පිටුවට පෙරලලා පලවෙනි කවියේ දෙවැනි පදපේලිය ලිව්වා. ඔන්න ඔහොම සටහන ලියන කොළයත් , විද්‍යාව පොතේ අන්තිම පිටුවේ කොළයත් අතරේ මගේ අත විදුලි වේගයෙන් එහාට මෙහාට ගියා.



පොඩ්ඩක් විතර එහාට මෙහාට උනහම යාළුවගේ පොතෙන් හොරෙන් බලල සටහන ලියාගත්ත. සටහන කියෝලා ඉවර වෙනකොට මම සඳැස් කවි පද හතර ගානේ තුනක් ලියාගත්ත.

ඉතිරි ටික නම් පද ආවේම නැහැ. තැටමුව, තැටමුවා.. ම්හුහු.... විද්‍යාව ඉවර කරලා ගුරුතුමී ගියා.

යනකොටම ඔන්න අපේ සමාජ අධ්‍යනය කොටසේ සිතියම් පාඩමට ඉන්න මැඩම් දුන්නෙන් විදපු කොක් මොටයක් වගේ වෙලාවටම කඩන් වැටුන. වැඩේ කියන්නේ එතකොටම ඔන්න ආයෙත් මගේ කවි සිතුවිලි මල්ල හිල්වෙලා බස බස ගාල කවිපද ගලාගෙන ආව... ගුරුතුමීට ආයුබෝවන් කියන මොහොතේ පටන්ම මම සටහන් ලියන අතරෙත් ලියාගෙන ලියාගෙන ගොහින් සැනසුම් සුසුමකුත් එක්කම අන්තිම පද පේලි දෙක ලියලා ඉවර කලේ ආණ්ඩුව පිහිටවනකොටම බැසිල් රටින් පැනගත්ත වගේ සැනසීමකින් !

සිතියම් පාඩමේ ඉතිරි කොටසේදී මට පුළුවන්කම ලැබුන, විද්‍යාව පොතේ අග පිටුවේ ඉඳන් , ගුරුතුමී දීපු A4 කොලයේ මැද්දට මගේ කවි පද ටික පිටපත් කොරන්ට!

කිව්වට විස්වාස කොරන්ට, නන්දිකඩාල් කලපුවේදී පිරිබාහරන් වෙඩි කාල හුස්ම යන්ටත් කලියෙන් මහරජතුමා ලංකාවට සැපත්වුනා වගේ... අර කියපු පීරියඩ් එක ඉවර වෙන්නත් කලින් මගේ සිංහල ගුරුතුමී පෙනී හිටියානේ පන්තියේ දොරකොඩ!

"ලිව්වද?"

මම මුකුත් නොකියා මගේ කවි පංතිය ගුරුතුමිගේ ඉහේ මල් විදියට පලන්දවලා ඇගේ ජාමේ බේරුවා වෙන්ට ඕනේ. යන්තම් පන බේරගත්ත කියල සැනසුම් සුසුමක් මම හෙළුව.

ප.ලි. 
ගුරුතුමී එදා මට කවි ලියන්න කියලා කියනකොට මහා ඇහුනේ නැති කොටසේ කියවිලා තියෙනවා මේ කවිය යවන්නේ කවි තරඟයකට කියල. මට ඇහුනේ නැහැ නොවැ !

කවි තරඟෙට ක්ලෝසින් ඩේට් එක තිබිලා තියෙන්නේ එදා. ඇයට ඒ ගැන කියන්න අමතක වෙලා. ඒ නිසා තමයි හදිස්සියෙන් මගෙන් කවියක් ලියෝගෙන ගියේ. 

එදා සඳුදා දවසක්. ඉස්සර අපේ ගෙදර වරද්දන්නෙ නැතුව ගෙනාපු ඉරිදා පත්තරයක් තමයි ලංකාදීප. ඒකෙ 'මඩිස්සලේ' කියල විහිලු කතා යන කොටසක්/පිටුවක් තියනවා. මගේ මතකය හැටියට නම් සඳැස් කවියකුත් යනවා. මම ඔය ඔක්කොම කියෝනව. එදා ඒ කතාවලින් එක විහිළු කතාවක් මගේ හිතේ රැඳුන. මගේ තියෙන නොහොබිනා කමට මට මතක හිටියේ නොහොබිනා කතාවක්මයි. ඒ කතාවේ හැටියට බස්රථයක එකිනෙකා තෙරපිලා යනවිටදී, මගින් නැගුන 'පොෂ්' විදියට ඇඳගත් කතක් පිරිස අතරේ ඉන්නකොට ඈට 'වාතයක්' පිටවෙනවා. පොෂ් ගෑනුකෙනා ඉතින් ලජ්ජාවෙන් බේරෙන්න ආපහු තමුන්ගේ කටින් 'පුක්' කියල සද්දයක් නිකුත් කරනවා, නැත්තම් වැඩේ මාටු වෙන නිසා. එතන හිටපු එක මනුස්සයෙක් කියනවා 'නෝනා සද්දෙට සද්දෙනම් ඉතින් ගැලපෙනවා... ඒ උනාට ගඳ තමයි ඉවසන්න ඉන්න බැරි' කියල...

ඔන්න මගේ ප්‍රස්තුතය!
මම අර කවි තරඟෙට ඉදිරිපත් කරන්න කියල ලියලා දුන්නේ මේ කතාව. මම ලිව්වා කවියෙන්! මුළු කවියම නම් මට මතක නැහැ. අවසන් පද දෙක නම් අදටත් මතකයි 

".....
.....
සද්දෙට සද්දේ නම් ගැලපෙනවා නෝනා 
එනමුත් ගඳත් ඉවසාගන්නට ඕනා"


ප.ප.ලි.
මට මේ කතාව මතක් උනත් ලියන්නම ඕනේ කියල හිතුනේ ම වගේ එක එක කතන්දර අරගෙන ඒකට පද්‍ය රචනා ( සඳැස් ) ලියලා තියෙන මේ මදාවි.. සොරි... මඩවී.. සොරි... මද-වී.. සොරි ( ඔන්නොහෙ!) මෙන්න මේ ඇත්තිගේ කවි ටිකක් කියෙව්වම!

මදැයි නේද, අවුරුදු 11කට කොරපු නස්පැත්තිය!



ප.ප.ප.ලි.
මගේ කවිය ගෙනිච්ච ගුරුතුමී මට ඒ ගැන ආයේ කිසිම දවසක සඳහන් කලේ නැහැ. ( අන්න පේනවනේ මගේ හැකියාව.... ආය ලොවෙත් නෑ , ලොවි ගහෙත් නෑ , ගහත් නෑ )

ඒ උනාට ඔන්න එකෝමත් එක දවසක උදෑසන පාසල් වැඩසටහන යද්දී, 

"......... විද්‍යාලයේ ලේඛිකා සංගමය මගින් සංවිධානය කරන ලද...."

කියලා ප්‍රතිපල සටහනක් කියෙව්වා.
"... ද්‍ය රචනා - දෙවන ස්ථානය - උපේක්ෂා.........."
කියාපි!

ඒ වෙලාවේ පන්තියේ හිටපු උන් ඔක්කොම එකපාරටම හුරේ පාරක් දැම්ම! 

මම හොල්මන්ද පොල්කොළ, නිල්කොල වෙලා ගියා. මට ඒ වෙනකොට මම මේ කරපු නස්පුට් වැඩේ මතක බැරි වෙලා. අනිත් එක මම ලියපු දේවල් වල හැටියට මේක මතකයේ කොහොමත්ම තිබ්බෙත් නැහැ. මම පොඩිහරි මතකයක් ඒ ගැන ආවම හිතෙන්නෙම කොයි වෙලේක හරි මාව පන්තියේ කොනකට කරලා හිටෝලා අර තොප්පියක් දම්මලා තියාවිදෝ කියන බය විතරයි. මොකද ලියල දෙනකල් මට ලිව්වදේ ගැන වැඩි බරපතලක් හිතල තිබ්බේ නැහැ. නැත්තම් හත්වලාමේ තරගේකට යවන්න පුලුවන්ද මේ වගේ අවලන් ප්‍රස්තුතයක් තියෙන කවිපන්තියක්?

මම එහෙම හිතුවට, උන්ට එහෙම හිතිලා නැද්ද කොහෙද නේ? දැන් මටද පිස්සු. උන්ටද?



53 comments:

  1. දවස් ගානක් බෙ** දාන්නෙ නැතුව ඉදල තටමල තටමල ඔක්කොම නිදහස් කළා වගේ ඔක්කොම කතා ටික එක දවසේ දාන ලෙඩේ නම් හොද වෙලා නැ වගේ..

    ඇත්තටම මේ කතාව කියෙව්වහම මට හිතුනෙ අංගොඩ නැති පිස්සො නුවර ඉන්නවද කියල. දැන් ඉන්න හැටි බලන්නත් එක්ක දාමුකෝ ලේටස්ට් ස්ටොරියක් .. .

    ReplyDelete
    Replies
    1. දැන් මෙතැන කොතනද බොලේ කතා දෙක තුනක් තියෙන්නේ? මම මේ හෙන ගේමක් දීලා එකයි ලිව්වේ.... අම්මප මම දැන් එකක් ලිව්වම දෙකක් පෝස්ට් වෙනවද ඈ ? නියමයිනේ

      දැන් කවුද බොලේ කිව්වේ නුවර පිස්සෝ නැතිය, ඔක්කොම ඉන්නේ අංගොඩය කියල? කවුද ඔය බේගල කිව්වේ? ( රවියා වෙන්න බෑ , ඌ බේගල් කියන්නේ නැහැනේ, ටොම් පච මිසක්ක) අංගොඩ ඉන්නේ අහුවෙච්ච උන් ටික විතරයි. අනිත් උන් නිදැල්ලේ..... හොරු ඉන්නේ හිරගෙවල්වලද හා කියමු බලන්න? අන්න ඒ වගේ තමයි. ලේටස්ට් ස්ටොරියක් කිව්වා නේද? දැන් රට්ටු කියන කතන්දර ඇහුවොත් ආයේ මේ බ්ලොග් එක බලාගෙන බල්ලෙක්ට බත්දෙන්නේ වත් නැති වෙයි, අනේ ඔව්.. ඒ හින්ද දෙය්යනේ කියල මගේ පරණ කතා ටිකක් ලියාගෙන, දෙය්යනේ කියල කාට හරි හොරිගෙඩියක් නොවී ඉන්නම්කො නේ?

      Delete
    2. බුඩු සංතෝ.. එන්කු මාරි දන්න දේවල්.. ඇත්ත තමයි ඔය ලොකු ලොකු කුඩ්ඩොත් ඉන්නෙ නිදැල්ලේ... හා හා හොරිකඩයක් නෙමේ හොරි ගෙඩියක් නොවී ඉන්නකෝ එහෙනම්.

      පොස්ට් දෙකක් එක දවසෙම ඇද බාන එක ගැන තමයි කිව්වේ.. එක පොස්ට් එක දෙක වෙනවා ඇයි කොමෙන්ට් දන්නෙත් පොස්ට් දානවා වගේනෙ :P

      Delete
    3. ආ... අර කවිය ගැන වෙන්ට ඇති ඔය කියන්නේ..... මම දැන් උපලක්පනය කරගෙන ඉන්නේ කවියක් ( නිසඳැසක්) කියන්නේ පොස්ටුවක් නොවේයය, නිකම්ම නිකම් එකක් විතරක්ය කියල. එකනේ අර බස්සිත් හිතේ හැටියට කවි ලියන්ට වෙනම ගෙයක් අටෝගෙන ඉන්නේ. එකක් තියාගෙන මෙහෙම කරදරයක් නම්, මම කොහොමද අනේ තව බ්ලොග් එකක් තියාගන්නේ. ඔක්කොමත් හරි ඔෆිස් එකේ තියෙන මුරපද කන්දරාවේ ප්‍රමාණයට දැන් මගේ ඔලුව උතුරලා ගොහින් එව්වට දාන මුරපදයක්වත් මතක් වෙන්නේ නැහැ.
      ඒ කවි එතරම් ගණන් ගන්ට එපා අනේ. දැක්කේ නැහැ වගේ යන්ට. මමත් එහෙමයි! හික්..

      Delete
  2. කවුද බං උඹට උපේස්සා කියල නම දැම්මේ... උඹ දැන් කරන්නෙම අපේ උපේස්සාව චැක් කොරන එක.. හැබෑට මෙහෙම පිස්සු පෝස්ට් ඔෆීස් එකේ ඉඳන් හිනා නොවී කියවන්න මාර එව්ව එකක් තියෙන්න ඕනි. නැත්තන් උඹටවත් උන්ටවත් නෙවෙයි මුන් හිතන්නේ මට පිස්සු කියල..
    මඩිස්සලේ දයා රාජපක්ශ ගේ කවි කොලම.. මං කැමතිම. කාලයක් තිබ්බ මුළු ලංකාදීපෙන්ම කියවන්නේ මඩිස්සලේ විතරයි.

    නෝනගේ කතාවට අර මනමාලියෙක් බලන්න ගිහින් වාත ඇරපු ඇම්ඩගේ කතාව මතක් උනා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ෂ් ..... ෂ් ... කට කට! අපේ අප්පච්චිට ඇහුනොත් ඉවරයි. මගේ උපන් වෙලාවට සහ එයාගේ නිර්මාණශීලි මෙව්වා එකට පින්සිද්දවෙන්න මේ නම ලැබුනා මිසක්ක... ආ මේ.. ඒක නෙවෙයි කොහෙද හලෝ නමට ගැලපෙන උන් ලෝකේ හිටියේ. සුමුදු කියල නම් තියෙන උන් 'සුමුදු' ද? ඈ ?? කියාපන් බලන්න... ආව මෙතැන ! ( අර පින් මාළු වලේ සින්දුව අහල තියෙනවා නේද? ආන්න ඒ වගේ!)

      ඇත්තටම කියන්න මේකේ හිනාවෙන්නම කියල තියෙන්නේ එකම කොටසයි. ඒ කොටස තමයි තෑග්ග ලැබුණු කොටස. එතකල් කියෝගෙන ගිහෑකි නේද අවුලක් නැතුව? මම ලියපු කවිය කියෙව්වා නම් එහෙනම් උඹ මට කොකා ගස්සයිනේ එහෙනං ඈ !!

      අනිත් එක කොම්පැනියේ සේෆ්ටියා ( මම හිතන් ඉන්නේ ඔය එහෙම කෙනෙක් කියලලු ඈ ) මොනිටරේ දිහා බලන් හිනාවෙනකොට අනිත් මිනිස්සු බය වෙන එක අහන්න දෙයක්ද... උන් හිතන්නේ මහා ලොකු අබග්ගයක් වෙන්ට යනවා කියලනේ. මොකද සේෆ්ටියා හිනාවෙනවා දකින එකම මහා අබග්ගයක්! නැද්ද?

      Delete
    2. සේෆ්ටියා.. කඩනව අඬු.. නැත්නම් ගහනව දඩයක් 'හෝර්ස්ප්ලේ' නැත්නම් 'ඇබියුස් ඕර් මිස්යූස් සේෆ්ටි ප්‍රොවිශන්ස්' කියල.. හැක්.
      අපෝ මෙහෙ කට්ටිය සේෆ්ටියා හිනා වෙනවෙලාවලට බය වෙන්න ගත්තොත් බය වෙලාම තමයි ඉන්න වෙන්නේ. මොකද සේෆ්ටියාගේ වැඩේ දවසම බ්ලොග් කියව කියව හිනා වෙන එකනේ. මෙහෙ අය බය වෙන්නේ සේෆ්ටියා සීරියස් මූඩ් ඉන්නවනම් විතරයි.. ඒ කියන්නේ දැන ගන්නව මූට කියවන්න බ්ලොග් එකක් අප්ඩේට් වෙලා නෑ ඉතින් මූ කම්මැලිකමට සයිට් එක පැත්තෙ ඇවිදින්න ගියොත් ලෙඩක් වෙනවනේ.. හැක්..
      අර නම් වල තියරියමයි හලෝ.. සේෆ්ටියෝ කවදදා සේෆ්ටි ගැන බලන්නේ.. උඹල මැරෙන්න අකමැතිනම් පරිස්සමින් වෑඩ කරපල්ලා කියල උදේට කියල ඇවිල්ල ආතල් එකේ බ්ලොගක් බලාගෙන ඉන්නව මිසක්.. හැක්.

      Delete
    3. මං කිව්වේ... සේෆ්ටියා ඉන්නේ අනිත් උන්ගේ අඬු කඩන්න, දඩකොල දාන්න... උගෙන් බේරෙන්න වෙනම සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගන්න වෙලා ඇති ඉන්න උන්ට! මෙව්වා ඉතින් කොහොම මේවා කරන්නද මන්ද....

      Delete
  3. ඔක්කොම ලියන්න මතක් වෙලා තියෙන්නේ පස්සට නොවැ.

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ, මම ඊට උඩින් දත කට පූට්ටු කරගෙන ලියපුවා කියෙව්වේ නැද්ද?

      Delete
  4. ශුවර් එකටම කවි පන්තිය කියවපු ඒ විනිශ්චය මංඩලේ උන්ට පිස්සුද කොහෙද.... :D

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් මේ වගේ කවි ලිව්වට තෑගී දෙනවා ඇහුවමයි. නැත්තම් ඔය මද .. සොරි, මදාවි.. සොරි.... අර මම කියාපු බ්ලොග් එකට ස්වර්ණ පුස්තකේ ලැබෙන්න එපැයි ? ඕකනේ කියන්නේ පිරිහීම හැම පැත්තේම, ඒ කාලෙත් එහෙමයි!

      Delete
  5. කරකෝල ඇතෑරිය වගේ බොලං.

    ReplyDelete
    Replies
    1. සංචාරය කොරනකොට ඔහොමද බොලේ පාරවල් හොයාගන්නේ? හැම හන්දියක් ගානෙම ගිහින් 'කරකෝල අතාරියා වගේ බාන්...' කියනවද? මෙතරම් ලස්සනට ලියල තියෙද්දිත් එහෙම කිව්වනේ මෙයා... මට දැන් ඉදල වැඩක් නෑ.. දේශපාලනේටවත් එන්ට ඕනේ..

      Delete
  6. අප්පට සිරි. මම මෙච්චර කල් හිතං හිටියෙ හෙන අහිංසක ඩෑල් එකක් කියලා :D. නියමයි ඈ. ලියල තියෙනවා මැවිලා පේන්න. නුවර කොයි ඉස්කෝලේද දන්නෙ නෑ ඔය නේද :D.

    ReplyDelete
    Replies
    1. ආන්න... ආන්න....
      ඕකනේ මම කලිනුත් කිව්වේ... අවන්කෙන්ම අහිංසක උනත්, අවන්කෙන්ම මදාවියෙක් , හොරෙක්, මංකොල්ලකාරයෙක් ගණයට වැටෙනවා කියල. දැන් මෙතන මොකද්ද බොලේ මගේ අහිංසක බව අහෝසිවෙන්ට මම කරපු වරද?
      (රුක්මනී දේවිගේ හඬින් ) "අය්යා... මම නිර්දෝෂී ස්ත්‍රියක් අය්යා... මට කමා කරන්ට අය්යා.... අය්යා... අය්ය්යා....."

      නුවර ඉස්කෝලේ නේද අහන්නේ..... ඇයි එන්නද අහන්නේ?

      Delete
    2. //නුවර ඉස්කෝලේ නේද අහන්නේ..... ඇයි එන්නද අහන්නේ?//

      මට පිස්සුයැ ඔය ඉස්කෝල ගානෙ එන්න :D. නිකං ඇහුවෙ ප්‍රසිද්ධ බාලිකා කීපයක් තියෙන නිසා ;)

      Delete
    3. හා එහෙනම්.. ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා හත්අවුරුද්දක් වෙලා, බැඳලා ළමයින්ටත් ළමයි ඉන්න අම්මලා "back to school.... " කියල ආයෙමත් ඉස්කෝලේ එන එක දැන් පිස්සුවක් කියලද කියන්නේ? මම හිතුවේ මාර පොෂ් කියලනේ.... ස්තුතියි අනේ මගේ ඇස්දෙක පෑදුවට !

      නුවර තියෙන ප්‍රසිද්ධ බාලිකා පාසලක් තමයි ඉතින්. එහෙමෙයි කියල මගේ තියෙන නොසන්ඩාල කමට මගේ ඉස්කෝලේ පලි නැහැනේ නේද? අපි තව හිටියා නම් ඉතින්, තව නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධ වෙන්ට තිබ්බ. වෙලාවට 13 වසරෙන් පස්සේ එලියට දැම්ම... ඒකෙත් හැටි නේද?

      Delete
    4. අපෝ කවදාවත් ඉස්කෝල පලි නෑ අපි ඉස්කෝල කාලෙදි කරන කියන දේවල් වලට :). මම නිකං ඇහුවෙ ඉස්කෝලෙ ගැන හොඳේ.

      තමන් ගියපු ඉස්කෝලෙ බලන්න යන්න ඕනෙ. යන එක හොඳයි තමා. ඒත් දැන් ඒක රැල්ලක් වෙලා නේ? බලන බලන ඉස්කෝලෙ ඉස්කුල් කිට් ගහ ගත්ත තාත්තලා/අංකල්ලා /අම්මලා/ආච්චිලා වැහි වැහැල හික්..:D.

      මොනව උනත් ඉස්කෝල කාලෙට ආයෙ පාරක් හීනෙන් හරි යන්න තියෙනවනම් කියලත් හිතෙනවා.

      Delete
    5. ඉස්කෝලේ කාලේ රසවත් නැතිනම්, මම හිතන්නේ බ්ලොග් අවකාශේ ලියන්න දෙයක් ඇත්තෙම නැති තරම් වෙනවා. මොකද ඒ කාලේ එව්වා තමයි වැඩිපුරම අපිව මත් කරවන්නේ..

      Delete
  7. අම්මාපල්ල බොල ඇස්වහක් කටවහක් නෑ උඹේ උපමා නං මල් මසුරං...

    1. අනිත් උන් සෝමාලියාවෙන් ආපු තරබාරු එකෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න පටන් අරගෙන.

    2. දැන් මතක් වෙනකොට යටසාය උඩින් ඇඳන් හිටියා වගේ දැනෙනවා. ( ඇයිද මන්ද)

    3. සමහර බස් වලට අපි නගින්න ඕනේ නැහැ, අපිත් එක්ක බස් එකට පොරකන සහෝදර ජනතාව විසින් අපිව ඔවුන්ගේ ආදර කරුණාව නිසා නග්ගවනවා. 

    4. මම දැන් කුඩුකාපු එකා පිට්ටුත් කෑවා වගේ වි

     5. මට තේරුනේ එකපාරටම කැමරාවට ෆෝකස් වෙනකොටම නැටුම වැරදුන එකම එකාට දැනෙන හැඟීම.

    6. මම මගේ පොලොස් මුණට

    7. කන් දෙක පාත් කරලා හා මුණක් මවාගන්න

    8. ගුරුතුමී මට ඒ වෙලාවේ පෙනුනේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් වගේ.

    9. ඔලුවට නොයා තට්ටේට වක්කරපු පොල්තෙල් වගේ ඔලුව දෙපැත්තෙන් වැක්කෙරෙන්න ගන්නවා

    10. පිට්ටු කාපු රිලවා වගේ අමුතු මුණක් දාගෙන.

    11. ඔන්න එන්ජිම පොඩ්ඩක් ගැස්සිලා වැඩකරන්න ගන්නවා!

    12. පිදේනි නැතිවෙච්ච යකදුරා වගේ පරල වෙනවා මේ මැඩම්.

    13. දුන්නෙන් විදපු කොක් මොටයක් වගේ වෙලාවටම කඩන් වැටුන. 

    14. අන්තිම පද පේලි දෙක ලියලා ඉවර කලේ ආණ්ඩුව පිහිටවනකොටම බැසිල් රටින් පැනගත්ත වගේ සැනසීමකින් !

    15. නන්දිකඩාල් කලපුවේදී පිරිබාහරන් වෙඩි කාල හුස්ම යන්ටත් කලියෙන් මහරජතුමා ලංකාවට සැපත්වුනා වගේ

    16. මගේ කවි පංතිය ගුරුතුමිගේ ඉහේ මල් විදියට පලන්දවලා 

    එක ප්‍රශ්නයක් ...කොක් මොට කියන්නෙ මොනවද බං?

    ReplyDelete
    Replies
    1. රවී, අපි ඉස්සර තාත්තගේ ගමේ, ඒ කියන්නේ නවගමුවේ (කඩුවෙල කිට්‍ටුව) ඉන්න කාලෙ එහෙ තිබ්බා ඇලක්. ඒකේ වැවෙන ජලජ පැලෑටියක් තිබ්බා වතුරෙන් උඩට සුදුපාට ප්‍රශ්ණාර්ථ ලකුණක් වගේ මලක් (දළුවක් වෙන්නත් පුලුවන්) හැදෙන. අන්න ඒ මල් නැතිනම් දලු තමයි අපි නම් කොක්මොට කියලා හැඳින්වුනේ. ඒවා කඩලා උයන්න පුළුවන්. මට රහ නම් මතක් නෑ.

      Delete
    2. [img]http://www.lassanaflora.com/media/wysiwyg/wholesale/kokmota-l.jpg[/img]

      Delete
    3. රවී :
      ඔන්න කොක්මොට පින්තුරයක් දැම්ම. දැන් උඹ ගමේ එකා වෙච්චි... මඩක්කුවත් දන්නවා, ඇළවේලි ඔක්කොමත් දන්නවා, කුඹුරත් දන්නවා, කුඹුරේ ඔක්කොම වන්හුනුත් දන්නවා.... ඒ මදිවට වෙන දේස දිපන්කරේකින් යවපු 'හබල්' වත් දන්නවා.... උඹ කුඹුරේ හැදෙන කොක්මොට දන්නේ නෑ ??? අම්මප පුදුම වැඩක්නේ...

      ඉස්තුතියි උපමා හොඳයි කීවට. ඒවා ගැලපෙනවා කියල හිතනවා. ඇත්තටම කතාකරනකොට ඔයිට වඩා ඒවා හිතෙනවා. නමුත් ලියන වේගේ වෙනස් වෙනකොට ටිකක් අඩු වෙනවා.

      මම මේ බඩේ ගින්දරෙන් හිටියේ, වෙලාවට රවියට තිබ්බේ එකම එක පුරස්නයයි. ඒකත් මම එන්ට කලින් ඩුඩ් ගොඩදාල .

      ඩුඩ් :
      ස්තුතියි පැහැදිලි කිරීමට. ඔන්න මම පින්තුරයක් දැම්ම. කොක්මොට මම උයලා කාල නම් නැහැ. නමුත් මම ඉස්සර ඕවයින් Greeting Cards හදනවා. මගේ hand made wedding cards වලට මම කොක්මොට වලින් තමයි decorations කලේ. මෙන්න ඒවායින් එක කාඩ් එකක්.
      [IMG]http://i62.tinypic.com/2hp80p4.png[/IMG]
      ඒකෙ මැද්දේ තියෙන මලේ මැද කොටසට ගත්තේ කොක්මොටයක් දෙකට කපලා, එක අර්ධයක්. වටේ පෙති ටික කැකිරි ඇට

      Delete
    4. //ජලජ පැලෑටියක් තිබ්බා වතුරෙන් උඩට සුදුපාට ප්‍රශ්ණාර්ථ ලකුණක් වගේ මලක්//
      ඔය කියන පැලෑටිය දැකලත් තියෙනවා,කාලත් තියෙනවා.හරියට නිකම් කංකුන් තෙල් දාලා කනවා වගේ තමයි.හැබැයි නම නම් "කොක්මොට" නෙමේ "කෙකටියා" කියලායි කියන්නේ අනුරාධපුර පැත්තේ එහෙම.

      හැබැයි උපේ දාලා තියෙන පින්තුරේ වගේ නෙමේ එක.

      ප.ලි : කෙකටියා ගුගල් සර්ච් කරද්දී මේක දැක්කේ.

      http://sinhalabojun.blogspot.com/2013/02/blog-post.html

      Delete
    5. කෙකටිය කියන්නේ වෙන දෙයක්. ඒක උඩින් කොම්බුවක් වගේ ඇකිලිලා. එව්වා නම් කනවා තමයි. මේ තියෙන්නේ. [img] http://ramlaassociates.com/wp-content/uploads/2014/09/2.jpg [/img]

      ඔබ කියන්නෙත් කෙකටිය ගැනම තමයි. ඒකතමයි මමත් බැලුවා කොක්මොට උයලා කනවද කියල. මොකද එව්වා මෙලෝ වැඩක් නැහැ.

      Delete
    6. හුටා හුටා. මමයි නාගත්තේ. මම කොක්මොට කිව්වේ කෙකටිය වලට තමයි. සමාවෙයල්ලා. කොක් මොටත් එතනම වෙලේ තිබුනා. ඒවා කන්නේ නෑ.

      Delete
    7. ඔක්කොම කෙකටිය තෙල් දාල කෑවට ,කෙකටිය අල තම්බල කාල නෑ වගේ. ඒකත් මසුරං කෑමක්.

      Delete
    8. ඩුඩ් : ඒකනේ මම බැලුවේ... ඒ උනාට උත්සාහයට ස්තුතියි.
      කම්මල: ඈ ? ඇත්තද? අනේ මන්ද කන්න දෙයක් නැතුවටද කියල.. හි.. හි.... හොයාගන්න නැහැනේ නේද? මම හිතන්නේ ගමකට ගිහින්ම ගලවන් ආවොත් මිසක් කඩෙන් නම් ගන්න නැහැ මම හිතන්නේ.

      තවත් එකක් තියෙනවා කැරන් කොකු කියල. ඒකත් රස කන්කුං වගේ තෙල්දාළ. මම නම් කිරටත් හදනවා, හැබැයි ටිකක් සේවලයි වගේ නිසා ඇඹුල් දාල හදන්න ඕනේ.

      මීවන ගහක එන දළු කොළ වගේ ඇතුලට කොම්බුවක් වගේ ගුලිවෙච්ච දල්ලක්. මම හැදිලා තියෙනවා දැකලා නැහැ. ගෙදර මිටි ගෙනාවම දන්නවා.
      http://www.webdesginottawa.me/paris/index.php?option=com_content&view=category&layout=blog&id=76&Itemid=252&lang=en&limitstart=48

      Delete
    9. උඹලා දන්නවද කෙකටිය මල් පිපෙන්නේ ඇයි කියලා.

      Delete
    10. දන්නෙ නැහැ නෙව.. ඇත්තටම මක්කෙයි?

      Delete
    11. මමත් දැනගෙන හිටියේ නෑ මුලින්ම, ගස් ලබ්බ.

      කෙකටිය මල් පිපෙන්නේ මොහිදීන් බෙග්ගෙයි සහාය ගායිකාවගෙයි අතරෙ තිබිච්ච පලහිලව්වක් නිසාලු.
      එයාලමයි කිව්වේ

      'දැනගෙන රහස අපේ
      කෙකටිය කැකුලු පිපේ'

      Delete
    12. අඩේ ඒකත් එහෙමද? ඒක තමයි ප්‍රශ්නාර්ථ ලකුණක් වගේ පිපෙන්නේ.... ඇති යන්තම්, ලෝකයේ නොවිසුඳුණු ගැටළුවක් ඩුඩ් විසඳලා දුන්න. මමත් මේ හිත හිතා හිටියේ මොකද කියල ඒක ප්‍රශ්නාර්ථයක් වගේ හැදෙන්නේ...

      Delete
    13. ඒ සහාය ගායිකාව ලතා වල්පොලද කොහෙද ඩුඩ්යියේ.

      Delete
    14. නෑ නෑ .. ඒ සිංදුව කියන්නේ G.S.B රානි පෙරේරා

      http://sinhalajukebox.org/lyrics/php/A01270014C05.html

      Delete
  8. මැඩම් හොඳයිනේ බං. මම හිතුවේ එයා උඹට කියලා කවියක් ලියෝගන එයාගේ නමින් තර‍ඟෙකට ඉදිරිපත් කරන්න හදනවා කියලා.

    පලි. මට නම් කවදාවත් කවි හැකියාවක් තිබුනේ නෑ කියලා පාපෝච්චාරණය කරනවා.

    ReplyDelete
    Replies
    1. මට වෙලා තියෙන අලකලංචි දන්නා එකෙක් විදියට ඩුඩ් එහෙම හිතපු එකේ නම් අමුත්තක් මට පේන්න නෑ. වැඩේ කියන්නේ ඔහොම ඉන්ස්ටන්ට් ලියන කවි සාර්ථකයි තටමලා තටමලා වරුවක් තිස්සේ ලියන එව්වට වඩා. ඕක තේරුම් අරගෙනද කොහේදෝ ඒ ගුරුතුමී මගෙන් ඔක්කොම ගත්තේ ක්ෂණික ක්‍රමයට. අනේ මන්ද සමහර දවසට හොඳයි, අනිත් දවසට ගුරුතුමිගේ ඉඟ නෙරියේ රැලි බිඳෙනවා මම ලිව්ව ඒවා දැක්කම. හෙහ්...

      පාපොච්චාරණය නේද? මටත් ඔහොම එකක් තියනවා. මෙහෙම බෑ , පඳුරු දෙක තුනක් තලලා පොස්ටුවක් කොටලා ලස්සනට බෙර ගහලා එව්වා කරන්ට ඕනේ. නැත්තම් අර වෙලේ සුදා දුන්න සාක්කි වගේ වෙනවා. මේ කිව්වා, කිව්වේ නෑ.... හරියට ඇහුනේ නෑ... හරියට ඝන පිහිටුවලා කිව්වේ නෑ... කෙලින් බලාගෙන කිව්වේ නෑ... වගේ සුරතල් කතා අහන්නේ මොකටද පාපොච්චාරණයක් කරලා.. නැද්ද? ආයේ ඒක තියෙන්න ඕනේ වෙඩි වගේ... ඊටපස්සේ මට බැරිය හොස්පිටිතාලෙකට වෙලා ඉන්ට. ඔයාලා මට දොඩම්, ඇපල් අරන් එන්ට ඈ... ඔන්න මම පෙයාර්ස් නම් කන්නේ නැහැ, අනිත්වා අවුලක් නෑ

      Delete
  9. // දැන් මටද පිස්සු? උන්ටද? //
    ඌ පිස්සා ... ඌ පිස්සා ...ඌ පෙස්සා ..... ඌ පෙස්සා... ඌ පේස්සා..... ඌ පේක්ෂා .. උ පේක්ෂා... උපේක්ෂා...

    කාටද පිස්සු.?

    ReplyDelete
    Replies
    1. අඩෙයි ... එව්වා තහනම් හරිය... මේක මගේ ඒරියල් එක....

      Delete
  10. ඉස්කෝලෙ යන කාලෙදි කවි ලියනවා කියන එක ගැණු ලමයි කරන වැඩක් වගෙ අදහසක් තමයි මගෙ හිතේ තිබුනෙ. හැබැයි කැම්පස් එකේදි ඒ අදහස වෙනස් වෙලා කැලැ පත්තර, මඩ වලට කවිලිවීමේ හැකියාවක් මට ඉබේම වර්ධනය උනා.

    මටත් ඉස්කෝලෙ යන කාලෙ පීන්න බැරි වැඩක් තමයි එක පීරියඩ් එකක් ඉවරවෙලා අදාල චීචර් එළියට බහින්න කලින් අනික් එක්කෙනා පොතත් අරගෙන පන්තියෙ දොරකඩ ඉන්න එක. හැබැයි එක ටීචර් කෙනෙක් හිටියා අපිට 7 වසරේ විද්‍යාව උගන්වපු. එයා අපි වගේම කම්මැලියි පන්තියට එන්නෙ පිරීයඩ් එකෙන් බාගයක් ගියහම ඇවිත් "ආපෝ ළමයිනෙ ඉස්කෝලේ අනික් කෙලවරේ ඉදන් හැතැම්මයක් විතර එන්නත් එපායැ, හොද ගනන්. මම ප්‍රින්සිපල්ට කිවුවා මාව මේ පොඩි පන්ති වලට දාන්න එපාය කියලත්, කෝ ඇහුවයැ " කියල කියනවා

    ReplyDelete
    Replies
    1. GM : මේ මොනවා කියනවද. මම ලියපු ඔක්කොම කතා, කවි ආදිය 'ටොයින් ටොයින් ' ජාතියේ මල් මල් කතන්දර. ඉතින් මෙලෝ යකෙක් එව්වා මම ලිව්වා කියල හිතන්නෙවත් නැහැ. උන් හිතින් මාවන් ඉන්නේ එව්වා ලියන්නේ හෙනම ගර්ලිෂ්, මාර ලස්සන , මාරම රොමැන්ටික් කෙල්ලෙක් කියල. උන් මාව දැක්කම
      "අඃ ? මෙයා? මෙයාද ඒක ලිව්වේ? නෑ , බොරු නේ?" වගේ දේවල් කියනවා. මම ඉතින් පෝස්ටර් හිරවෙච්ච එළුවා වගේ ඉන්නවා.

      කැම්පස් කාලේ නම් කවි ලිව්වේ නැහැ. එකම එක මඩ කොලයක් ලිව්වා. ඒකත් පත්තු උනා.

      ඉතින් ඔයාලට තිබ්බේ ඒ ගුරුතුමිව බයිසකලයේ පොල්ලේ තියාගෙන එන විදියේ ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යන එකයි.

      Delete
  11. පිස්සු නම් ඉතින් වෙන කාටද.... මම කිව්වේ මේ වෙන කාට ද
    මම නම් කවි ලියන්න ගත්තේ ඒ.ලෙවල් කාලේ. ඊට කලින් මට ලිවිම ගැන කිසි උනන්දුවක් තිබුනේ නෑ. ඉස්කෝලේ රචනාවක් ලියන්න කිව්වත් අක්කාගෙන් බැනුම් අහ අහ ඔය එකම මාතෘකාවක් ගැන තමයි හැමදාම ලියන්නේ. කවි නම් මලාට ලියල නෑ.

    එකටත් එක්ක උ.පෙ කාලේදී කවි සිතිවිලි දොරේ ගල ගල තිබුනේ..



    ReplyDelete
    Replies
    1. වෙන කාටද....

      ඔය වයස තමයි වයස... හුහ්... නිකමට තාලෙට අප්පුඩියක් ගහගන්න බැරි උන් සංගීත ඔස්තාර්ලා වෙනවා. සීපදයක් කතන්දරයක් වගේ කියන උන් ගීත කොවුලෝ වෙනවා. නැද්ද?

      අනේ ඔයාගේ කවි ලිවිල්ල නම්... මොකටද මගේ කට! අර ලියලා තිබ්බේ දෙතුන් දොහකට කලින් එකක්... බඩ කපාගෙනම කීයක් මලාද මන්ද. මේ අබග්ග පරිසර තත්වයත් ඒ හින්දද මන්ද.. අන්න නේපාලේ භූමිකම්පා වෙලා, ඉන්දියාවේ මිනිස්සු මැරිලා, ලංකාවේ රජෙක් පුටුවෙන් වැටිලා ඒ මදිවට ඔටුන්න උඩ ඉන්දවෙලා... පෙනේද ඒ කය්ය කරලා තියෙන විනාසෙක තරම? ඒක නිසා පැතුමෝ... ඉන්න විදියට ඉන්නෙකම ඇති, වෙන පිනක් ඕනේ නැහැ..

      Delete
  12. මාත් ඔහොමයි ඉස්කෝලෙ යන කාලෙ හරිම හොද ශිශ්‍යය. පන්ති කවයක් කියල උසාවි දවසක් මාස තුනකට විතර සැරයක් තියනව. හැමදාම " "අයියගෙ අහලකින්වත් තියන්ඩ බෑ " කියන ගුන කථනය අහගෙන මව් තුමී සතුටින් ගෙදර එනව.
    /කිසි දෙයක් කතා කරන්නේ නැතුව මම මගේ පොලොස් මුණට පුළුවන් තරම් අසරණ පෙනුමක් ගෙන්න හැදුවත්, මම දන්නවා මම විසුළු පෙනුමක් දරන්න ඇත්තේ කියල. ඔය අනිත් එවුන්ට පුළුවන්නේ ඕනෙම නසරානි වැඩක් කරලා, කන් දෙක පාත් කරලා හා මුණක් මවාගන්න? අනේ අම්මප, අවන්කෙන්ම මම ඇත්තටම අවන්කෙන් අහිංසක උනත් මම එහෙම මුණක් හදාගත්තාම මට වෙන්නේ ඇත්තටම එහෙම කරපු එකා ඇස් ඉදිරිපිට ඉද්දි මට බඩු ලැබෙන එක./

    මෙන්න මේ ටික තමයි නියම, මට මැවිල පේන අපේ පංතියේ කොනේම හිටිය 'සතේ ' ඒ මැරෑටිය කං පාත් කරල ඇස් බෝල පාත් කරල අහිංසක වෙනව ඉබ්බ කට්ටට යනවට වැඩිය වේගෙන්

    ReplyDelete
    Replies
    1. ආන්න දැක්කද.... කම්මලයට විතරයි මම මෙතන හොඳ ශිෂ්‍යාවක් කියල තේරුනේ. එකෙක් ඒ ගැන කතාකලාද බලන්න? එක්කෝ කොක්මොට ගැන ලියයි, නැත්තම් ඉස්කෝලේ වංහුං හොයයි.... ඔයා නම් හරිඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ ෂෝයි මෙයා...

      ඔය පන්ති කව කියන්නේ උසාවි දවසක් තමයි. කතා ටිකක් ඇත ඒ ගැන නම්... ලියන්නම්කො.. ඔන්න ඊට පස්සේ ඔට්ටු නැහැ කතන්දර හදන්න මට හරිද? මම හිතන්නේ කොයි පන්තියෙත් ඔය කන් පාත් කරලා 'හා මූණු' දාගන්න උන් ඉන්නවා.

      Delete
  13. හෙහ් හෙහ්... පණ පිහිටවලා ලියල තියෙනවා... රහට කියෙව්වා..
    ජයවේවා..!
    (සැ.යු: මෙය පිස්සුවෙන් දමන ලද කොමෙන්ටුවකි.)

    ReplyDelete
    Replies
    1. අනේ ඒකෙත් හැටි නේද? පිස්සුවෙන් දාපු කොමෙන්ටුවක්ද මෙතරම් හොඳයි කියල තියෙන්නේ... ඔහොමත් අනිනවද හැබෑට හොම්බට?

      Delete
  14. හි..හි.... උපමා ටිකත් ගානට හොයාගෙන ...

    මම මේ කල්පනා කලේ කවි ටික කියෙව්වහම ටීචට මොනා හිතෙන්න ඇත්ද කියලා... :D

    ReplyDelete
    Replies
    1. හි හි...
      මට සාධාරන සැකයක් දැන් ඇතිවෙනවා ගුරුතුමී කියවන්නේ නැතුවම දුන්නාදෝ කියල...

      Delete
  15. අඩේ උපමා ටික මරු ඕයි!

    නැවුම් කියන්නේ පැකින් පිටිං..

    අර මක්කටෙයි අපි තාමත් නා දළුයි රන් හංසයන්ටයි හිර වෙලා ඉන්නේ, දෙන්නකෝ මෙව්වා ලෙසටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හොඳ කිව්වට.

      නා දළු කතාව නොතෙරුනෝය !

      Delete
  16. ෂැක්... මාව කාලා මේ කෙල්ල.

    ReplyDelete
    Replies
    1. ඔහ් කෑවා කිව්වා? කොහෙද කෑවේ ? කොතනද?

      හරියට කාපු තැන කියන්න මිස්... කාපු තැන සහ වෙලාව අනුව ඉන්ජෙක්ෂන් එක වෙනස් වෙනවා...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...