Friday, May 29, 2015

180. මොණර ගීතය




කඩදාසි රුවකි මා
ගිනිගොඩක් මුරකරන
පොඟන අත්දෙකෙන් යලි
දර කැබලි ලංකරන....

විතකි මීවිත කැවුණු
රෝසකටුවෙන් අනින
බරැති තටු පිරිමදිමි
ඔබේ පිහියට කැපුන.....

17 comments:

  1. දැන් මේකට මක්කෙයි මම ලියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මක්කා වත් නැතුව , නොදැක්කා සේ යන්ට

      Delete
  2. කවි ලියනවූන්ට
    මෙලෙස පද බඳින්නට
    සිතුවිලි කෙලෙස පහළ වන්නේදැයි
    සිතා ගන්නටවත් බැරිය

    දන්නේ එලෙස
    ලියවෙන කවි පද
    රස විඳින්නටම පමණි

    ReplyDelete
    Replies
    1. විඳිය හැකිනම්
      රසය
      අගෙයි මනරම්
      නොකිය

      Delete
  3. මන්දා මොනා කියන්නද කියලා මේවට..

    ReplyDelete
    Replies
    1. කිසිවක් නොකිව්වත්, හදබසම අමතත්

      Delete
  4. 'ගිනි ගොඩක් මුර කරන කඩදාසි රූපය' මෑත කාලේ කවියක දැක්ක අපූරුම රූපකයක්.. (කොහෙන් එනවද දන්නෑ අෆ්ෆා මුන්ට මේ අදහස් :)

    ReplyDelete
  5. මාරයි ඈ.....බාබකිව් දැමිල්ල ගැන වුනත් කවියක් ලියන්ට උඹට පුදුම හැකියාවක් බං තියෙන්නෙ...

    / විතකි මීවිත කැවුණු
    රෝසකටුවෙන් අනින /

    රයිට් අතකින් මිවිතකුත් ගෙන ගෑරැප්පුවෙං ඇනල සීසන් කරන එක ගැනයි මේ කියන්නෙ....ගෑරුප්පු තුඩ වෙනුවට උපමාව රෝස කටු....නියමයි...

    / බරැති තටු පිරිමදිමි
    ඔබේ පිහියට කැපුන… /

    බාබකිව් දැළ උඩට දාන්ට ඉස්සෙල්ල චිකන් විංග්ස්වල අර සෝස් එහෙම දාල හදපු පේස්ට් එක ගාන එක ගැනයි මේ කියන්නෙ. උපමාව නම් එළකිරි සහ ජලය...දෙයියම්ප

    හැබැයි උඹට තද වෙන්ට එහෙම ඔට්ටු නෑ.. සුට්ටං වැරැද්දක් කියන්නද?...විංග්ස් හරියන්නෙ නෑ බං බාබකිව් වලට….ලොකු එව්ව ගන්න ඕන…

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සු නෑ රවියෝ..... මෙව්වා ලියල දානවට වඩා හොඳයි අම්මප කනේරු කාල, සීනි බොනවා!

      Delete
    2. අඩේ බොලේ...සිත් රිදීමක් වූවානම් බැගෑපත්ව සමාව අයදිමි!!..:(

      Delete
    3. හික්.... පිස්සුද හලෝ... ( උඹට පිස්සුද කියන්න මට පිස්සුද?)

      මම මෙහෙ පාලු ගෙදර වලන් බිඳිනකොට ඇවිල්ල ටොක්කක්වත් ඇනලා යන එකම මදිද. මම කිව්වේ මගේ අන්දොස් කවි හරියන්නේ මටම තමයි. ඔව්ව මේ බ්ලොග් වල එහෙම ලියන්න යන එක ඇඟට ගුණදායක නැහැනේ. නැද්ද? හික්...

      Delete
  6. Hey Upeksha. I saw in a comment you made in Ravi's blog you had mentioned "The Gods Must Be Crazy". I was so happy to meet another fan of that movie. We watched both part 1 and 2. Wasn't it great?

    ReplyDelete
    Replies
    1. Its not a movie... It was a CRAZY for me lolz.... Still I can recall all the moments of those movies, awesome ne?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...