Monday, May 11, 2015

172. හැබෑම බොරු උමතුව




වෙලාවකට මට හිතෙනව මම ඉන්නේ උමතුවකින්ද කියල..

වෙන්නත් බැරි නැහැ..

පොඩිම පොඩි උමතු ගතියක් මට කොහොමත් දවල් වෙනකොට දැනෙනවා. වැඩිපුරම එහෙම වෙන්නේ කාමරේ උණුසුම් තත්වය අයහපත් උනහම. අයහපත් උනහම කියන්නේ පොඩ්ඩක්වත් යහපත් කමක් නැතිකමට නෙවෙයි. පොඩිම පොඩි යහපත් කමක් තියෙනවා, හරියට අයහපත් කියලා ලියනකොට මුලින්ම 'අ' යන්න ලියනවා වගේ යහපත් කමක් ගැනත් අගට ලියවිලා තියෙනවා. ඇත්තටම යහපත්කමක් ඇත්තෙම නැති වෙලාවට අපිට බැරිද අයහපත් කියල ලියන්නේ නැතුව 'යහපත්' කමකට පොඩ්ඩක්වත් සම්බන්ධයක් නැති වචනයකින් ඒ ගැන ලියන්න? එතකොට අපිට සහතික වෙන්න පුළුවන් එතන යහපත්කමක් ඇත්තෙම නැහැ කියල... නැද්ද? එක අතකට එහෙම ලියන එක වැරදියි නොවැ ... පොඩ්ඩක් වත් යහපත් නැති, අයහපත් දේවල් තියෙනවද හැබෑටම?

හැබෑටම.....



බොරුවටත් ඒ වගේම 'හැබෑම බොරුවක්' වෙන්න පුළුවන් නේද? හරියට විලවුන් තවරපු මෘදු සිරුරකින් විහිදෙන පිටරට සුවඳක් එක්ක හැබෑම බොරුකාරියක් ඇවිදගෙන එනවා වගේ.. නෑ නෑ ආදරයක්ම නෙවෙයි. ඒකට කියන්න හරියටම වචනයක් නැහැ. අර අයහපත් කියන එක විස්තර කරන්න හරියටම වචනයක් නැතුවා වගේ මට නම් හිතෙන්නේ මට වචනයක් එකපාරටම ගොඩනගන්න අමාරුයි. තනි වචනයකින් කොහොමද හැඟීමක් විස්තර කරන්නේ? එය විඳිල්ලක්. සමුදායක්... වෙන් වෙන් වචන වලින් කියන්න ගියොත්

ස්පර්ෂ දාමයක්... චුම්බන රාශියක්.... රිදුම් පොදියක්... තෙරපීම් , සැපුම් අතරින් පතර තියෙන ඒකාකාරී නැති දෙහෝරාවක්.....

ඔව්... එය නොරිසි රතී කෙලියක්!

දවල් තියෙන උමතු බවට අයිස් මෙන් සීතල චොක්ලට් බීම එක උල්පන්දන් දෙන එක වලක්වන්න බැරි නිසා , පිටරට සුවඳක් තියෙන උණුහුම් ඈට මම ඇබ්බැහිවෙන එක වලක්වන්න පුලුවන්ද? ඊටත් පිටරට සුවඳක් තිබ්බත් සුද්දියක් නොවී, ටෑන් පාට වාත්තුකරපු සිරුරක් තියාගෙන වහන් වෙලා ඉන්න ඈට මට ඉඩදෙන්න අමාරුයි. ඒ හැමටත් වඩා මගේ සිත්ගන්නේ දෙහෝරාවක් තිස්සේ නොතිබෙන සන්සුන් කමකින් ඈ දොරපියන් වසාගෙන යන විදියට....

උමතුවක් වගේ හිතුනට, හැම වෙලේම නැති නිසා උමතුවක් වෙන්නත් බැහැ... අයහපත් උනත් හැබෑම බොරුවක් වෙන්නත් බැහැ...

18 comments:

  1. උමතු වෙලා සීත උමතු වෙලා....
    කුමාරිගේ සීත උමතු වෙලා.......

    ReplyDelete
  2. //විලවුන් තවරපු මෘදු සිරුරකින් විහිදෙන පිටරට සුවඳක් // මාර වචන සෙට් ඒකක් නොවැ.....

    ReplyDelete
  3. උමතු සිත තරං ගතික නෑ කිසිම හිතක් උපේක්ෂෝ..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට උමතු නොවිල්ලෙත් පොඩි උමතු ගතියක් තියෙනවා නැද්ද?

      Delete
  4. රති කෙලි රමණී
    සිහිකර පැරණී
    යමුනා නදියම
    කැලඹී...

    ReplyDelete
    Replies
    1. එවන් රස කැලතී
      ගෙතෙනු ඇත යලි
      නිමක් නැති කව් මිහිරි...

      Delete
  5. "සබ්බේ මනුස්සානං උන්මත්තකෝ " ලුනේ











    '

    ReplyDelete
    Replies
    1. එහි අදහසයි මේ අදහසයි එකමයි කියල ඔබට විශ්වාසද?

      Delete
  6. රති පිටියේදී ශූර සෙබළියක වූ ඇය දොර පියන් හැරි කල භාවනානු යෝගියෙකු සේ වෙස් වලා ගන්නේ කෙසේද? තැන්පත් ගැහැණු සිත ඇවිස්සී ඈ නුරා ජාලාවේ නර්ථනය කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. එකිනෙකට ප්‍රතිවිරුද්ධ රූප ඇති කාසියක් එකිනෙක ඇලි තිබෙන්නේ යම්සේද... එසේමයි

      Delete
  7. ඔය සියලුම උමතු වලින් මිදීම කොච්චර ආතල් ඇති ද?

    ReplyDelete
    Replies
    1. මිදීම දක්වා ඇත්තේ ආතල්ය... මිදීමෙන් ආතල්ද නැතිවේ

      Delete
  8. මාන්දමික උමතුවක් හිහි

    ReplyDelete
    Replies
    1. කෙනෙකුට තවත් කෙනෙකුන් පුදුම උපදවනසුළුය

      Delete
  9. මෝල් අයියෝ......

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...